Saturday, May 28, 2016

(සිහිනය 12)................................................නයිට් ගවුම ඇදගත් මා තරින්දි විදියට නින්දට ගියෙමි. පසුදින අහැරෙන විට එලිවී තිබුනි. මා නැගිට නාන කාමරය තුලට ගියා පමණි ආපසු යෑමේ සංඥාව දැනෙන්ට විය මා ඉක්මනින් ඇදේ ඇලවුනෙමි.මා තරින්දිගේ සිරුරින් ඉවත් විය. නැවත මගේ සිරුර තුලට ඇතුලුවූ බව දැනුනු මම ඇස් හැර බැලුවෙමි. සුපුරුදු පරිදි මා ඇදෙහි නිදා සිටි බව දුටුවෙමි. කැඩපත අසලට ගිය මම මගේ පිරිමි රුව නැරඹුවෙමි. එය වෙනස්වී නැතත් මා ඇඳ සිටි කලිසම මාරුකර ඇතිබව දුටුවෙමි.....කව්ද මේක මාරුකලේ .... කල්පනා කලෙමි....මම කාමරයෙන් එලියට ගොස් නාන කාමරයට ගියෙමි.මුහුන සෝදා එලියට පැමිනි විට මාව දුටු අම්මා ...අද දහම් පාසැල් නේද ඇසුවාය....එහෙත් ඊයේ මා නිදා සිටි ආකාරය ගැන කිසිවක් මතක් නොකලාය...ගෙදර කිසිවෙකුගෙන් මගේ වෙනස්වීම ගැන ඉගියක් නොමැතිවීම මට මහත් විමතියක් විය....මේක හීනෙකුත් නෙවෙයි ඇත්තට වෙනදෙයක් ඒත් මේක ගැන කවුරුවත් දන්නෙ නෑ.....පුදුමයක්නෙ.....උදේ ආහාරය ගත් මම නංගී සමග දහම් පාසැලට යෑමට පිටත් වුනෙමි.....තරින්දි පැමිනෙනු දුටු නංගී .....තරින්දි අක්කත් එනව නැවතුනාය...තරින්දි අපි අසලට පැමිනියද ඇගෙන් කිසි වෙනසක් නොදුටුවෙමි....අද උදේ තමයි මෙයා මෙයාගෙ ශරීරෙට ආවෙ ඒත් මෙයාට ඒක ගානක්වත් නෑ....මේකනම් මහ උභතෝකෝටික ප්‍රශ්නයක් මම කල්පනා කලෙමි. තරින්දි ළමා සාරියට හැඩට පෙනුනු බැවින් අනේ මම ආවෙ නැත්නම් මමත් මේ විදියට ළමා සාරිය ඇදගෙනනෙ දහම් පාසැල් යන්නෙ.....ඇය දෙස බලා කල්පනා කලෙමි. අපි දහම් පාසැල නිමවා ගැදර පැමින දහවල් කෑමගෙන කාමරයට ගියෙමි.ගතවූයේ සුලු කාලයකි නැවත මාව තරින්දිගේ සිරුර තුලය.....මේකනම් මහ පුදුමයක් දහම් පාසැල් යන්න විතරයි මම මගේ සිරුරට ගියේ.......අදත් ගෙදෙට්ට ගිහින් බලන්න ඕනැ මම නිදිද කියල.....මා ඊයේ මෙන් තුනට පමන ගියෙමි...මාව දුටු අම්මා දුවේ මේ තරින්දි අක්ක ඇවිත් අම්මා නන්ගීට කීවාය....ආ අක්කේ ...ඇය මා අසලට ආවාය...අදත් අයිය නිදිද....මම ඇසුවෙමි....ඔව් ...පැවසූ ඇය ඕනැද ඇසුවාය. එපා නංගි අම්ම කියල තියෙනව වැඩිවෙලාවක් ඉන්න එපා කියල....මම පැවසූ දේ ඇසුනු මගේ අම්මා.....ඒක හොදයි දුවේ මේ දවස්වල කල්පනාවෙන් ඉන්න ඕනැනෙ....ඒ මොකද.....මම ඇසුවෙමි.....ඔයාගෙන් කිරිබත් කෑල්ලක් කන දවස ලගයිනෙ.....අම්මා සිනාසෙමින් කීවාය....ඇගේ අදහස තේරුම් ගත් මාත් නංගිත් සිනාසුනිමු....සුලු වෙලාවක් සිටි මම නැවත ගෙදර ගියෙමි.....තාරක නිදාගත්ත කියල ගෙදර අයට කිසි ගානක් නෑනෙ....මම තරින්දිගේ ගෙදරට ගොස් කල්පනා කලෙමි......මම මේකෙ අභිරහස කොහොම හරි හොයා ගන්න ඕනැ..... සිතා ගත්තෙමි. දැන් ඉතින් මාව ආයෙත් තාරුක වෙන්නෙ හෙට උදේ එතකම් මට ජොලියෙ ඉන්න පුලුවන්...කල්පනා කල මම කන්නඩිය අසලට ගොස් ගවුමෙත් තරින්දිගෙත් හැඩ බැලුවෙමි. අනතුරුව ඇගේ පොත් ගොඩ පරීක්ෂා කරන්ට වුනෙමි. වැඩි හරියක් කතා පොත් විය මම පාඩම් කරන අතර තුර එම පොත්ද කියවන්ට වූවෙමි.....මා හැද සිටි පෑන්ටියේ වර්නය බැලීමට එකවරම කල්පනාවිය. කැඩපත අසලට ගිය මම ඇද සිටි ගවුමේ සාය ඉහලට ඉස්සුවෙමි. කකුල් වල වාටියේ මල්වැලක් වැනි රේන්ද පටියක් අල්ලා තිබුනු පෑන්ටිය කිරි සුදු පාටින් දිස්විය. කකුල් අතර තිබුනු හිස්බව නිසා පෑන්ටිය හොදින් ඇගට තදවී තිබුනි. එය මසා තිබුනු සිනිදු රෙද්දෙන් සුවදායක හැගීමක් දනුනි. මට තිබුනු පිරිමි ලිංගය නොමැතිවීම කෙතරම් සැහැල්ලුද.....මම ඒ දෙස බලමින් කල්පනා කලෙමි. ....එදින සවස අම්මා බුදුන් වැදීමට සූදානම් වූ අතර මමද ඇය සමග එකතු වී බුදුන් වැදීමට එක්වූවෙමි. බුදුන් වැද අවසන් වූ ඇය භාවනාවකට සූදානම් වන අයුරු දුටුවෙමි. දුව භාවනා කරන්නෙ ඇදට ගිහින්නෙ.....මා දෙස බලා පැවසූ ඇය ඇස්වසාගෙන නිස්සබ්ද වූවාය. එතකොට තරින්දිත් භාවනා කරනවද....මා කල්පනා කලෙමි. රාත්‍රී කැමගත් මම නයිට් ගවුම ඇදගෙන ටික වෙලාවක් පාඩම් කර නින්දට ගියෙමි. හෙට උදේ ස්කෝලෙ විභාගෙ උදෙන් නැගිටල තව ටිකක් පාඩම් කරන්න ඕනැ සිතාගත් මම නින්දට ගියෙමි. මා නැවත නැගිටින විට දවල් වී තිබුනු බැවින් පාඩම් කිරීමට නොහැකි විය....දැන් මට යන්න වෙයි එහෙම නැතිවුනොත් සුදුපාට පාසැල් ගවුම ඇදගෙන ස්කෝලෙ යන්න වෙයි....මෙසේ සිතමින් සිටිනවිට නැවත තරින්දිගේ සිරුර හැර දමා යෑමට කාලය පැමින ඇතිබව තේරුනි. මම සුපුරුදු පරිදි මගේ සිරුර තුලින් පිබිදුනිමි. පාසැලේ දී තරින්දි කිසිම වෙනසක් නැතුව සිටින අයුරු දුටු මම.....මොකද ඈලිමෑලි වෙලා වගේ ඊයෙ රෑ නිදි මැරුවද....ඇගේ එවැනි වෙනසක් නොමැති බව දුටුවද රාත්‍රියට වෙන සිදුවීම දැනගැනීමට තිබුනු උවමනාව නිසා එසේ ඇසුවෙමි......මොන නිදි මැරීමක් ද හොදට නිදාගත්ත ඒ උඹට පේනහැටි වෙන්න ඇති.....ඇය මාව එතරම් තැකීමක් නොකරම පැවසුවාය.......මම මෙයාගෙ ඇගට ගියහම මෙයා කොහොමද නිදා ගන්නෙ....මගේ ගැටලුව විය....හැකිතරම් හොදින් විභාගයට පිලිතුරු ලිව් මම ගෙදර ගොස් සුලු වෙලාවකදී නැවත තරින්දී බවට පත්විය.....දැන් මට හැමදාම ගෙදර ඉන්න වෙලාවට තරින්දි වෙන්න ලැබෙනව......කොච්චර ලොකු දෙයක්ද. මම ආශාවෙන් තරින්දිගේ රුව දෙස බැලුවෙමි. තාරුකගෙ ගෙදර යන්න ඕනැනෑ ...ඊට වඩා හොදයි ගෙදර ඉදගෙන පාඩම් කරනව. ...සිතූ මම මගේ ගෙදර නොගොස් තරින්දි ලෙස ඇගේ ගෙදරම සිටියෙමි. කොයි වෙලාවෙ හරි මගේ ඇගට යයිනෙ එතකොට යන්න පුලුවන් ...මා සිතාගත්තෙමි.

No comments: