Tuesday, May 24, 2016


(අක්කා 45)..................................................සිසිර අයියා මාසිටි ස්ථානයට පැමින.එහි තිබුනු ලස්සන මාල කරාබු පරීක්ෂා කරමින් මිලදී ගත්තේය.....අයිය මේව ගන්නෙ අක්කට වෙන්න ඕනැ නැතුව එයාට මේව දෙන්න වෙනකවුරුවත් නෑනෙ. අක්කට නම් තවත් වාසි.....මම එම ස්තානයෙන් ඉවත් වුනෙමි. මම අක්කා ඇදුම් තෝරන ස්තානයට ගියෙමි. ලස්සන ලස්සන ගවුන් තියෙනව.සල්ලි තිබුනනම් ගන්න තිබුන.....මම ගවුන් කීපයක් මගේ ඇගට තබා හැඩ බැලුවෙමි......ආසනන් ගන්න නන්ගි...අක්කා මාදෙස බලා කීවාය.....ඕනැනෑ අක්කෙ මට ඇදුම් තියෙනවනෙ....මම කීවෙමි......ගෑනු ලමයෙකුට කොච්චර ඇදුම් තිබුනත් වැඩිවෙන්නෙ නෑ කෙල්ලෙ....අක්කා කීවාය.....අක්ක කියන එකත් ඇත්ත....මට දැන් හිතෙනව මේ ඇදුම් ටික ඔක්කොම ගත්තත් මදි වෙයි කියල.....ඉස්සර මම කොල්ල කාලෙ කලිසම් කමිස දෙක තුනක් තිබුනත් ඇති මම ඇදුම් ගැන එච්චර හෙවුවෙත් නෑ....ඒවුනාට දැන් ...එක එක මෝස්තරවල ලස්සන ඇදුම් අදින්න. මාල කරාබු දාන්න කොච්චර ආශාවක් තියෙනවද....ඉස්සර නොතිබුනු ඇදුම්වලට තියෙන ආශාව දැන් ආවෙ කොහොමද?...මා කල්පනාකලෙමි..... හැම ගැහැනියකුටම වගේ පිහිටන ඇදුම් පැලදුම් වලට තියෙන ආශාව මටත් දැන් පිහිටල තියෙනව. මේක තමා නියම ගැහැනුකම කියන්නෙ........මමත් අනිත් ගැහැනු වගේ ගැනියෙක් වීම ගැන මට ආඩම්බරයක් හිතුනි......ඔය අල්ල අල්ල ඉන්නෙ නැතුව ගන්න නන්ගි මම සල්ලි දෙන්නම්....අක්කා කීවාය.....එපා අක්කෙ ලස්සන ගවුමක් හින්ද බැලුවෙ...ගන්න නෙවෙයි....මම එම ගවුම එතනම තබා වෙනත් තැනකට ගියෙමි.එතැන රූප ලාවන්ය දේවල් සහ සුවද වර්ග තිබුනි...මේවනම් ඕනැනැ....අක්ක ගාව තියෙනවනෙ.....එම ස්තානයෙන් වෙනත් ස්තානයකට ගියවිට එතැන සෙල්ලම් බඩු තිබෙනු දුටුවෙමි....ලස්සන බෝනික්කෙක්....මම එම බෝනික්කා වඩා ගත්තෙමි......අක්කා මා අසලට පැමිනෙනු දුටු මම....අක්කේ මේ බලන්නකො මෙයාගෙ ලස්සන...ඇත්ත බබෙක් වගේමයි.....නන්ගිට අරන් දෙන්නද ...සිසිර අයියා ඇසුවේය.....එපා අයියෙ නිකමට කිව්වෙ.....එහෙනම් මම ගන්නව.... එය මිලදී ගනීම සදහා තෝරාගත් අයියා එතන තිබුනු සුවයන් ක්රීය ගුවන් යානා වාහන ආදිය පරීක්ෂා කරන්ට විය.....අයියත් පොඩි ලමයෙක් වගේනෙ .....මම අයියට විහිලු කලෙමි.....ඇයි නංගි ආශනැද්ද මේවට....... මගෙන් ඇසුවේය.....ඕව පිරිමි ලමයි සෙල්ලම් කරන ඒවනෙ මම දැන් පිරිමි ලමයෙක් නෙවෙයිනෙ.....මම කීවෙමි......ඒකනේ ඇන් නංගිට ඕනැ බෝනික්කො ටෙඩිබෙයාල....නේද නන්ගි....අක්කා කීවාය....මම සිනාසුනෙමි......සාප්පු සවාරියෙන් පසු අපි කුලී වාහනයක නැගී නගරෙයේ ලස්සන ස්තාන කිහිපයකටම ගියෙමු....අපේ රටට ලන්වීමට බැරි තරමට අලංකාරව එම සුන්දර ස්ථාන ගොඩනගා තිබුනි.එහි තිබුනු වුද්යානයකට ද ගියෙමු.මම අක්කට සහ අයියාට නිදහසේ කතාකරමින් ඇවිදීමට ඉඩහැර බන්කුවක් මත වාඩිවුනෙමි....සුලුවෙලාවකින් මා අසලට පැමිනි තායි තරුනියක් ...එන්ග්රීසියෙන් මොනවද කියන්ට විය....කිසිවක් නොතේරුනු මම ඇගේ මුහුන දෙස බලා සිටියෙමි....ඇය ...යූ ආ වෙරි බියුටිපුල්....යනුවෙන් පැවසුවාය.....එම වචනය තේරුම් ගත් මම ඇයට තෑන්කිව් කියා...යූ බිවුටිපුල් කියා ඇයව පෙන්වූවෙමි....ඇය සිනාසී පොටෝ එකක් ගැනීමට අවශ්‍ය බව කීවාය.....එවිට අක්කා පැමිනෙනු දුටු මම ඇයට අඩගැසුවෙමි.....මෙන්න මෙයා මොනවද කියනව අක්කෙ පොඩ්ඩක් අහගන්න.....ඉන්පසු අක්කා ඇය සමග කතාකලාය.....එයා අහනව ඔයා රූප රැජිනක්ද කියල.....මම එයාට විස්තරේ කිව්වම. එයා කියනව මෙහෙ කැටෝයි රූප රැජින තරග තියෙනවලු ඒකට ඉදිරිපත් වෙන්නලු....කැටෝයි කිව්වෙ අක්කෙ ...මම ඇසුවෙමි. කැටොයි කියන්නෙ ඕවගෙ ඔපරේශන් කරගෙන කෙල්ලො වෙච්ච අයට....මෙහෙ කියන්නෙ ඒ නම.වෙන තැන්වල කියන්නෙ ට්රාන්ස්සෙක්සුවල්ල කියල.....ජපානෙ.. බෙට හාප්... කියල කියනව...ටීජී කියන්නෙත් ඔයාලට......ඇය විස්තර කලාය....මමනම් ඔය එක්කෙනෙක් වත් නෙවෙයි....මම කීවෙමි..............

No comments: