(සිහිනය 13)....................... ...................මෙම දින කීපයේම මා පාසැල් කාලයේදී පමනක් තාරුක ලෙස සිටි අතර ඉතුරු කාලය මුලුල්ලේම තරින්දි ලෙස ජීවත්වුනෙමි. තරින්දි ලෙස වැඩිපුර මගේ නිවසට නොගිය මම කාලය ගතකලේ පාඩම් වැඩ කරමිනි.තරින්දිගේ දඟකාරකම් දැන් මා තුලින් දිස්නොවුනු නිසා තරින්දිගේ අම්මාද මට වැඩිපුර ආදරය කලබව වැටහුනි.මේ වෙලාවට තරින්දිගේ තත්වය සම්භන්දව කිසිම සාක්ෂියක් සොයාගැනීමට නොහැකි වූ අතර. මා මගේ සිරුර තුලින් නැගිටින හැම අවස්තාවකම මා මගේ ඇදෙහි නිදා සිටිබව පමනක් සිහිවිය....පසුදින සෙනසුරාදා දිනයක් බැවින් මට හෙට දිගටම තරින්දිලෙස සිටීමට හැකිවෙන බව තේරුම් ගත්තෙමි.....එය මා සිතූලෙසම සිදුවිය. මීලග සතියේද මුල් සතියේමෙන් මාව වෙනස්විය.....සිකුරාදා සිට පාසැල් නිවාඩුව පැමිනි බැවින් තරින්දිගේ අම්මා තරින්දිගේ සීයගේ ගෙදර යෑමට යොදා ගත් බව ඇය කීවාය....ආපසු පැමිනීමට දින කිහිපයක් ගතවන බැවින් ගෙය බලා ගැනීමට මගේ තාත්තාට කියන බව තරින්දිගේ තාත්තා කීවාය. සෙනසුරා දා පාන්දර ගමන පිටත්වෙන බව අම්මා පැවසූ අතර නිවස බලා ගැනීම දිල්හානි ඇන්ටිටිලාට පැවරූ බව තරුන්දිගේ මව මට කීවාය. පාන්දර ගමන සදහා අපේ ඇදුම් බෑක්වලට අසුරා නින්දට ගියෙමි....එක්වරම තද නිදිමත දැනුනු බැවින් මාව ආපසු යන බව දැනුනි....අපරාදෙ අද මොකද ඉක්මනට ආපහු ආවෙ ...මගේ පිරිමි සිරුරින් පිබිදී කල්පනා කලෙමි.....පසුදින එලිවිය.....පෙරේරා මාමාගේ නිවස වසා තිබෙන බව දුටු මට ඔවුන් පිටත් වී ඇතිබව වැටහුනි...අයියෝ දැන් මම කොහොමද තරින්දිගෙ ඇඟට යන්නෙ...මට දුකක් හිතුනි...මෙයාල කවද එයිද දන්නෙ නෑ...එතකන් මම කොහොමද මේ ජරා පිරිමි ශරීරයේ ඉන්නෙ....මගේ දුක වැඩිවිය කාමරයට ගිය මම ඇදෙහි දිගාවී ඇඩුවෙමි....මට තරින්දි වෙන්නෙ නැතුව ඉන්න බෑ....ඉකිගැසුවෙමි......ඇයග ේ සුන්දර ශරීරය ලස්සන ගවුන් මට සිහිවිය....ඇයි මාව එයාල යන දවසෙම මෙහාට ආවෙ.....මා අඩමින් කල්පනා කලෙමි...මම හිතන්නෙ මෙහෙම වෙන්න ඇත්තෙ මේ දවස් ගානටම නිදාගෙන ඉන්න වෙන හින්ද වෙන්න ඇති මෙහෙම වුනේ....මට සිතුනි...ටිකවෙලාවක් මෙසේ සිටිනවිට නැවත තද නිදිමත දැනුනි....මෙයාල නැතුව මොකද මේ වෙන්නෙ මට බයක් දැනුනි....මාව සිරුරින් පිට විය. ඇස් හැර බලනවිට මා ගවුමක් ඇද සිටින බව දුටුවෙමි වටපිට බැලුවෙමි දුම්රියක ඉදිරිපිට ආසනයේ පෙරේරා මාමාත් මා අසල ගීතිකා නැන්දත් දුටුවෙමි....මා දෙස නැවත බැලූ මම ආයෙත් තරින්දි වෙලා නේද......සතුටක් දැනුනි.....මට තරුන්දි ලෙස මෙම ගමන යෑමට හැකිවීම ගැන සතුටක් ඇතිවිය.අපි බදුල්ලට ලගාවනවිට සවස් විය. එතැන්සිට ත්රීවීල් රථයකින් ආච්චිගේ නිවසට ගියෙමු.....ගීතිකා නැන්දගේ අම්මා වන තරින්දිගේ ආච්චි අපිව පිලිගත්තාය .තරින්දිගේ මාමාද මෙම නිවසේ සිටියේය.....නන්ගිව ගොඩක් කලකින් දැක්කෙ මට වඩා වයසින් වැඩි ගැහනු ලමයෙක් මගේ අත්දෙකම අල්ලා ගෙන සතුටින් කීවාය. ඇය මගේ අතින් ඇදගෙන ඇගේ කාමරය තුලට එක්ක ගියාය.....ඉතින් කොහොමද නංගි තාම කොල්ලෙක් වගේද ඉන්නෙ...ඇසුවාය......තරින්ද ිගේ ගතිගුන ඇයද දන්නා බව තේරුනු මම .....දැන් එහෙම නෑ...පැවසුවෙමි....කෝ මේ තරින්දි දුව අම්මා මාව හොයන බව තේරුනු මම එලියට ගියෙමි....දුව දැන් ලොකුයිනෙ මගේ හිස අතගෑ නැන්දා කීවාය.....දුවේ මේ නංගිට ඇදුම් මාරු කරගන්න ඔයාගෙ ගවුමක් දෙන්න....ඇය කීවාය....ඕනැ නෑ අපි ඇදුම් ගෙනාව. අම්මා කීවාය.....අපි ගෙන ආ නයිට් ගවුමක් සමග මම ඇදසිටි ගවුම මාරුකර ගත්තෙමි..රාත්රී කෑම ගත් පසු....නන්ගි එන්න මාත් එක්ක නිදාගන්න අක්කා මාව ඇගේ කාමරය තුලට එක්ක ගියාය. ඇය ඇද සකසා මටද කොට්ටයක් තැබුවාය.....ජීවිතේ පලමු වරට ගැහැනු ලමයෙක් සමග එක ඇදේ නිදා ගත්තෙමි......මාත් දැන් ගෑනුලමයෙක් නෙ..මට සිතුනි....අපී කතා කරමින් සිට නිදට ගියෙමු. අක්කා මාව තුරුලුකරගත් අතර මට මෙම පෙදෙසේ ඇති සීත කාලගුනයද සමග ඇගේ උනුසුම සැපදායක විය. මාව කෙල්ලෙක් උනේ නැත්නම් මේවගෙ සැපක් ලබන්න බෑනෙ ...මට දැඩි සතුටක් ඇතිවිය.....පසුදින ජැනෙල් කවුලුවෙන් පිටත බලූ මට එහි පරිසරය ඉතාමත් දැකුම්කලු බව දක්නට ලැබුනි.එදිනනත් පසුදිනත් එහි ගතකල මට අක්කා සමග සෑහෙන මිතුරුවීමට ලැබුනි ......නන්ගිගෙන් කේක් කනකොට මම එන්නම ඕනැ ...අක්කා පවසන විට ඔව් ඔව් ..ලගදිම කන්න පුලුවන් වෙයි.....අම්මා සිනාසෙමින් කීවාය......මීලගට අපිගියේ තාත්තාගේ තාතගේ එනම් තරින්දිගේ සීයාගේ ගෙදෙරටය...එය පිහිටා තිබුනේ නුවර එලියේ බැවින් අපිට බසයේ යෑමට සිදුවිය......කන්දක් උඩ පිහිටා තිබුනු එම නිවස වටා තේ ගස් වවාතිබුනි.....එලවලු වර්ග සහ ලස්සන මල් වර්ග වවා තිබුනු එහි වත්ත ඉතාමත් අලංකාරවිය. අපිව දුටු ආච්චිත් සීයත් අපිව පිලිගෙන ගේ තුලට එක්ක ගියේය.........ඔවුන් දෙපලගේ එකම දුව වන තරින්දිගේ නැන්දා මාව තුරුලුකරගෙන ආදරය කරන්ට වූවාය. ලගදිම අපිට ඒ පැත්තෙ එන්න වෙයි වාගෙ මාදෙස හොදින් බැලූ නැන්දා සිනාසෙමින් කීවාය.....තරින්දිව ලොකු ලමයෙක් වෙන එක ගැනමයි මේ හැමෝගෙම කතාව...මම සිතුවෙමි. .....නැන්දාට පුතාල දෙදෙනෙක් සිටි අතර දුවෙක්ද විය ඇය මට වඩා බාල බැවින් මා ඇයට නංගී කීවෙමි.දවස් දෙකක් පමන මෙහිද සිටියෙමු...මේ කාලය තුල නංගීද මා සමග බොහෝ හිතවත් වූවාය...... තාරුකට මොකක් වෙලාද දන්නෙ නෑ....මට එකවර මගේ පැරනි ජීවිතය මතක් විය. මෙහි තිබෙන සුන්දර පරිසරයත් ඇගට දැනෙන සිසිලසත් මෙහෙ අයගේ ආදර සැලකිල්ලත් නිසා මට තාරුක ගැන අමතක වී තිබුනි....දැන් දවස් කීයක්ද...තාම නිදිද දන්නෙ නෑ...මට සිතුනි...තරින්දිට මොකද වෙලා ඇත්තෙ දැන් දවස් කීයක්ද...මට තරින්දි ගැනද මතක් විය..........තරින්දි ලෙස ඉතාමත්ම සුන්දර නිවාඩුවක් ගතකල මා අම්මා තාත්තා සමග නැවත් නිවස බලා යෑම සදහා බසයට ගොඩවුනෙමු........ගෙදර පැමිනෙන විට රෑබෝවීම නිසා තාරුක ගැන සෙවීමට කාලයක් නොමැතිවිය.......හෙට පොඩ්ඩක් බලන්න ඕනැ.....ඇදුම් මාරුකල මා නින්දට ගියෙමි.......
2 comments:
mama oyage me kathawata godak asayi thawa me wage kathawak mekath akkama liyanna
thanks ...mama liyana siyaluma katha meke daanawa.
Post a Comment