Tuesday, May 24, 2016


(අක්කා 43)..........................................මගේ මූත්‍රා බටය ඉවත් කලත් මූත්‍රා කිරීමේ අපහසු තාවයක් ඇතිවූ බැවින් නැවත එය සවිකලේය.....වෛද්යවරයා දිනපතා මාව පරීකශා කිරීමට අමතක නොකලේය.මගේ පුරුෂ ලිංගය නැතිවීමත් පියයුරු දෙක විශාල වීමත් ගැන මා සතුටින් ගත කලෙමි.වරින්වර වෙදනාව සහ අපහසුතා ඇතුවුවද මා කෙල්ලෙක් වීමගැන ඇතිවූ ප්‍රීතිය නිසා දැනුනු සියලුම වේදනාවන් අමතක කර දැමීමට හැකිවිය.තවත් දවස් දෙකකට පමන පසු මුත්‍රා බටය ඉවත්කලේය.......මට පලමු වරට කාන්තාවක ලෙස මුත්රා කිරීමට හැකිවූයේ එදාය. එය මාලද අමුතුම අත්දැකීමක් විය.මා කොමඩයේ වාඩිවී ටිකවෙලාවක් සිටියෙමි.මුත්රා කිරීමට අවසය තාවය තිබුනත් එය පිට කිරීමට අපහසු තාවයක් ඇතිවිය. නැවෙත බටය දමා ගැනීම කරදරයක් බැවින් එය නැවත දැමීමට සිදුවෙයි දැයි බියක් ඇතිවිය.මා ටික වෙලාවක් වාඩිවී සිටියෙමි....සුලුවශයෙන් පිටවෙනු දැනුනු මට සතුටක් ඇතිවුය.එය ක්රමයෙන් වැඩිවන්ටවිය.....මගේ සතුට තවත් වඩිවිය....මට දැන් කෙල්ලෙක් විදියට මූත්‍රා කරන්න පුලුවන්....මාසතුටින් ඒ දෙස බැලුවෙමි....තවමත් ඉදිමී රතුවී තිතිබුනු එමපෙදෙස මුත්රාවලින් පෙගුනු බව මට තේරුනි.....කොල්ලන්ට වගේ දැන් මට බටයක් නෑනෙ ඉතින් ඒව ගෑවෙනව...කෙල්ලො හැමෝටම මෙහෙම වෙනව ඇති....ඒත් අවුලක් නෑ ඒව පිහදා ගන්න පුලුවන්....තිබුනු එක නැතිවුන එකම කොච්චර දෙයක්ද....මම කල්පනා කලෙමි.ඉන් දවස දෙකකට පමන පසු මට රෝහලෙන් යෑමට හැකිබව දන්වීය.එහෙත් දිනපතා වෛද්යවරයාව මුන ගැසීමට පැමිනෙන ලෙස දැන්වීය.....අපිට තව ටික දවසක් මෙහෙ ඉන්නවෙනව නංගි....හෝටලේ කාමරේ ඉදන් උදේට එමු....කී අක්කා රෝහල් කාමරයෙන් පිටවීමට සියල්ල ලෑස්තිකලාය........අපි සිසිර අයියා සමග නැවත නැවතී සිටි හෝටලය වෙත ගියෙමු.සිසිර අයියාද නැවතී සිටියේ එම හෝටලයේම වෙනත් කාමරයක වීම අපේ වැඩවලට පහසුවක් විය.....අපි උදේ වරුවේ ඩොක්ට හමුවීමට ගිය අතර සිසිර අයියා සවසට අපේ කාමරයට ඇවිත් අපිත් සමග කතාකරමින් විහිලු තහලු කරමින් සිට පිටවීම අපේ පාලුවට පිලියමක් විය.සිසිර අයියා හොද ගතිගුන ඇති විහිලු තහලුවෙන් දවස ගතකිරීමට කැමති කෙනෙක් බව අපිට අවබෝධ විය......බලන්න නංගි මෙච්චර දවසක් සිසිර අයිය මෙහෙ ඉන්නව..ඒත් මේ වෙනකම් මට අයුතු යෝජනාවක් කලේ නෑනෙ....අඩුගානෙ අතින්වත් අල්ලපන්...ඒත් නෑ...අයියෝ දුක් වෙන්න එපා මම අයිය ආවහම කියන්නම් අක්කට අයුතු යෝජනාවක් කරල අතින් අල්ලන්න කියල.....මම අක්කාට විහිලුවට කීවෙමි....ඒකනෙවෙයි මෝඩියෙ මම කිව්වෙ...එයා එහෙමවත් නොකලෙ එයා ගොඩක් හොදකෙනෙක් කියල......හොද කෙනෙක් කියලද ...අක්කගෙන් කනේ පාරක් කන්න වෙයි කියල බයේද දන්නෙ නෑ.....මම සිනාසුනිමි....මෙච්චර උදවුකරපු එයාට එහෙම කරනවද ....අක්කා කීවාය....ඒක ඉතින් අයිය දන්නෙ නෑනෙ.....මගෙ මෝඩි මොනවද මේ කියන්නෙ....අක්කා මගේ කන සෙමින් මිරිකුවාය.....පසුදා අයියා කාමරයට ආවිට මම අයියාටත් අක්කාටත් මා අසලට අඩගැසුවෙමි.....අවුන් දෙදෙනාගේ අත්වලින් අල්ලාගත් මා අයියටයි අක්කටයි ගොඩක් පින්සිද්දවෙනව මට මේ කරන වුදවුවලට කියමින්....මා අයියාගේත් අක්කාගෙත් අත්දෙක එකට තැබුවෙමි.....අක්කා ලැජ්ජාවෙන් බිම බලාගත් අතර අයියා මා දෙස බලා සිනාසුනේය.......මා ඔවුන්ගේ අත් බලෙන් තබාගෙන සිට අත ඇරියෙමි....එහෙත් ඔවුන් එසේම අල්ලාගෙන සිටින බව දුටු මට සිනා ගියෙමි....මම අත්වල ගම්ගාල ඇලෙව්වෙ නෑ අක්කෙ....මම කීවිට අයියා අක්කාගේ අත අතහැරියේය.......නන්ගිත් කරන විකාර වැඩ......අක්කා මගේ කම්මුල මිරිකුවාය.....විකාර නෙවෙයි නේද නන්ගි....අයියා කීවේය.....ඒක නෙවෙයි අර ලෙසර් වැඩේ කරන්නෙ නැද්ද අයියා ඇසුවේය.....කරන්නත් ඕනැ...මේ හැමදේකටම ඔයානෙ ගෙවන්නෙ ඒකමගෙ හිතට හරි නෑ....අක්කා කීවාය.....කොහොමත් ඉස්සරහට ඔයාට හොදට ගෙවන්න වෙනව....බැන්දට පස්සෙ නේද නංගි ...අයියා මගෙන් ඇසුවේය.......ඒ ඉතින් අක්කටනෙ මට නෙවෙයිනෙ....මම කීවෙමි.....අක්ක මොකද නන්ගි මොකද.....අයියා කීවිට....ආ එහෙමද හිතාගෙන ඉන්නෙ..ඒවකොහෙද මාත් එක්ක......අක්කා කීවාය......විහුලු නෙවෙයි ඒවැඩේ ලෑස්තිකරගන්න...අයියා කීවේය. අපි පසුදා රෝහලට ගියවිට අක්කා ලේසර් ප්රතිකාර ගැන වෛද්‍ය වරයාගෙන් විමසුවාය....එය කරගන්න ආකාරය පැහැදිලි කල ඔහු ඒ සදහා අපිව යොමුකලේය....දිනපතා සවස ඒසදහා ගිය අතර පලමුව මුහුනේ රැවුල ඉවත් කිරීමේ ප්රතිකාර ක්රමය ඇරබීය....එයද තරමක වේදනා කාරී වූ අතර.මෙතෙක් විඳ තිබුනු වේදනාවල් තරම් දැඩි නොවීය.දිනෙන් දින මා ස්ත්‍රීත්වයට ළඟාවූ අතර........පිරිමි කම මගේ සිරුරෙන් පලායන්ටවිය..........

No comments: