(අත්භූත වලව්ව 44)....................... ................දුව නයෝමී.....මට අම්මගෙ කටහඩ ඇහුනා......ඇයි අම්මා ...මම කතාකලා.....මම ඉක්මනට අම්මගාවට ගියා...අනේ දුවේ මේ පාන්ටික කපල තියන්න......තාත්තට යන්න පරක්කුවෙනවනේ......කාමරේ අස්කරන එක පරක්කුකරල උදේ කෑම මේසය පිලියෙල කලා.....තාත්ත කෑමකනකොට මමදැක්ක ලොකු අයිය නැගිටල මුහුන හෝදන්න යනව......මේගෙදර බාත් රූම් එක තිබුනෙ පිටිපස්සෙ.....පොඩි අයියත් ඇහැරිලා බාත්රූම් එකට ගියත් ලොකු අයිය ගියහින්ද එලියට වෙලා ඉන්නව දැක්ක.....ගෙදර කීපදෙනෙක් ඉන්නකොට බාත්රූම් දෙකතුනක් තියෙන්න ඕනැනෙ.....අපි තුන්දෙනෙක් හිටියත් අපේ ගෙදරනම් තුනක් තියෙනව.....මම කල්පනාකලා.....තව බාත්රූම් එකක් හදාගත්තනම් හරි නේද අම්මෙ......දුවේ ඕක අයියට කියන්න....අම්ම මට කිව්ව.....මම පොඩි අයියට කිව්ව.....බාස්කෙනෙක් හොයාගන්න ඕනැ නන්ගි ......එයාලවැඩනෙ...ඒකයි පරක්කු නැත්නම් වැඩේ පටන් අරගෙන....අයිය කිව්ව. මොකද දන්නෙ නෑ අම්ම මට කිව්වෙ අයියට කියන්න කියල.....අම්මට පුලුවන්නෙ අයියලාට කියන්න....මට ගැටලුවක් ඇතිවුනා......ඒත් මම අම්මගෙන් කිසිවක් අහන්න ගියෙ නෑ. ටික දවසක් යන්න වෙයි මේ ගෙදර අයගෙ හැසිරීම් රටාව අල්ල ගන්න ...මම කල්පනාකලා.....මම දන්නව මට තියෙන ගැටලුවම නාමල්ටත් තියෙන බව. එයාට මොනවද දන්නෙ නෑ මූන දෙන්න උන ගැටලු.....ලොකු ගැටලුවක් නැතුව ඇති එහෙම උනානම් මට කෝල් කරල අහනව......අයිය මූන හෝදගෙන යනගමන් මගේ හිස අතගාගෙන ගිය බව පිටිපස්ස හැරිල හිටිය මට තේරුනා......මම අයිය දිහබැලුව....මාදිහා බැලුව අයිය අනේ නන්ගි මගේ රෙදිටික හෝදල දෙන්නකො.......ලොකු අයිය මට වැඩක් පැවරුවා....ඊයෙ ආව ගමන් පොඩි අයියත් වැඩක් පැවරුව එයාගෙ කාමරේ අස්කරල දෙන්න කියල.......මම හිතන්නෙ නයෝමි ගෙදර ආවහම මෙයාල නයෝමිගෙන් ගොඩක් වැඩ ගන්නව ඇති..ඒකයි මට එක එක ඒව පවරන්නෙ......නාමල්ගෙන් මේ ගැන අහන්න ඕනැ......හිතාගත්ත මම නාමල්ට කතා කලා.......මේ නාමල් අයියලාගෙ වැඩකරල ඉවරයක් නෑ වගේ....අද ලොකු අයිය කියනව එයාගෙ රෙදිටික හෝදලා දෙන්න කියල...ඇයි අනේ මෙයාල ඔයාගෙන් මෙච්චර වැඩ ගන්නෙ.....මම ඇහුව. ....වැඩ ගන්නෙ නෑ ලමයෝ එයාල කිව්වත් නැත්තත් මම ගෙදර ආවම ඕව කරනව.....ඒ පුරුද්දට ඔය කියන්නෙ . එයාලට මොකුත් කියන්න එපා පව් අනේ....එයාල ඔයාට ගොඩක් ආදරෙයි නයෝමි.....ඔයා කියනවනම් මැරෙන්න උනත් ඔය අයියල දෙන්න යයි. ඕවගෙ සහෝදරයො හොයාගන්න අමාරුයි නයෝමි......නාමල් අයියල දෙන්න ගැන කිව්ව.....එක අතකට ගැහැනු ලමයෙක් උන මට මේවගෙ සහෝදරයො ඉන්න එක ලොකු දෙයක්...නාමල්ට කතාකලාට පස්සෙ මට හිතුනා.......මේ ඔයට තාම ගැටලු ආවෙ නැද්ද ...මම ඇහුව.....පොඩි පොඩි ගැටලු ආව මම ඒව විසද ගත්ත.....ලොකු දෙයක් ආවොත් කියන්නම්....ඔහු කිව්ව.....අයියල දෙන්න කෑම ගන්න අතරෙ....මොකද නන්ගි අද කන්නෙ නැද්ද.....පොඩි අයිය මගෙන් ඇහුව....පස්සෙ කන්නම් අයියෙ මම කිව්ව.....මොකද අද පස්සෙ කන්නෙ ..කනව කනව.....අයිය මට බලකලා.....මම හිතන්නෙ නයොමිත් කෑම කන්න ඇත්තෙ අයියලත් එක්ක එකට.....කල්පනා කල මම කෑම ටික බෙදාගත්තා......දුවේ මම යනවා...තාත්තගේ කට හඩ ඇහුන මම කෑම එක තියල තාත්ත ගාවට ගියා.....මගේ හිස අතගෑව තාත්ත පරිස්සමින් ඉන්න දුව....කියල වාහනේ නැග්ග.......තාත්ත ඇයි අයියලාට නොකිය මට විතරක් කියල ගියේ මගේ ගැටලුව උනා......අයියලා හැමදාම දකිනවනෙ නයෝමිව දකින්නෙ කලාතුරකින්නෙ ඒ හින්ද ආදරේට වෙන්න ඇති..මට හිතුනා.....අයියගෙ රෙදිටික දෙන්නකො.....කෑම කෑවට පස්සෙ ලොකු අයිය ගාවට ගිය මම කිව්ව......අයිය ඇදුම් කීපයක් දුන....ඊට පස්සෙ ගියේ පොඩි අයියගෙ කාමරේට......අම්මෝ ඒක පිස්සන් කොටුව වගේ තමා....මේක අස්කරන්න අද දවසෙම යයි....හිතුව මම ඓයගෙ ඇදුම් තියෙනවනම් හෝදල දෙන්නම් ...මම කිව්ව......අනේ සුදු නංගියෝ මගේ කාමරේ අස්කරල දෙන්නකො....එයාගෙ ඇදුම් කීපයක් හෝදන්න දෙන ගමන් කිව්ව.....අයිය මට ආදරෙන් කතා කලේ එයාගෙ කාමරේ අස්කරගන්න තියෙන ලොකු උවමනාවට බව මට තේරුනා.......දැන් විශ්මිත් එයි ඊට ඉස්සෙල්ල මගේ කාමරෙත් අස්කරගන්න ඕනැ ..මම ඇදුම් ටික පෙගෙන්න දාල මගේ කාමරේ අස්කරන්න පටන්ගත්තා.......නයෝමි අක්ක බරටම වැඩ වගේ ....මම පිටිපස්ස හැරිල කට හඩ ආව දිහා බැලුවා......අව්රුදු දහ අටක විතර ගැහැනු ලමයෙක් මාගාවට අවිත් මාව තදින් බදාගත්ත.....මොකද මේ මාත් ඇයව තුරුලුකරගෙන..කල්පනා කලා.......
No comments:
Post a Comment