Wednesday, August 24, 2016


(අමුතු කැමැත්ත 15).....................................මල් ටිකත් සැහැල්ලු බෑක් එකත් මම ගත්ත අතර බර බෑක් එක සුපුන් ගත්ත.ඉස්සර බැරි උනාට දැන් එයා සක්තිමත් පිරිමියෙක් ඒ වැඩ ලෙහෙසිවෙලා හින්ද.අපි කන්ද නගින්න පටන්ගත්ත.ඉස්සර මම වාගෙ දන් සුපුන් කිසි මහන්සියක් නැතුව කන්ද නගිනව.ඒත් මට අමාරුබව තේරුනා එදා මධූ වගේ මගේ ගමනත් මන්දගාමීවුනා.....ටිකක් දුර ගිය සුපුන් ........මහන්සියි නේද ඔහොම තමයි ගැහැනියෙක් වුනාම.....ඒ දැවස් වල මාත් ඕවගේ තමා මේ ගමන ගියේ.......සුපුන් සිනාසෙමින් කිව්ව.මම එතන තිබුනු ගල් පොත්තක් උඩින් වාඩිවෙලා ටිකක් මහන්සි ඇරිය. ඉස්සර මම ඇන්දෙ කලිසම් ඒව ඇදත්තම මේවගෙ ගමන් වලට ලෙහෙසියි.දැන් මම අදින දිග සාය තියෙන ගවුම හින්ද එය සකස්කරමින් යන්න ගියහම ටිකක් අපහසු බව තේරුනා.........අපි දේවාලයට ගියහම වෙනදට වඩා සෙනගක් ඉන්නව දැක්ක.එයාල දෙවියන්ට බාරවෙන්නත් පූජාවට්ටිත් පූජාකරන්න ඇවිත් තිබුන බව දැක්ක.මා ගාවට ඇවිත් වාඩිවුන මැදිවියේ කාන්තාවක් නංගිලා කොහේද?...කියල ඇහුව. මීට පෙර මට මල්ලි කියල කතාකල මේ වයසෙ අය දැන් මට කතාකරන්නෙ නංගි කියල....නන්ගි කියන්නෙ කොච්චර සුන්දර වචනයක්ද?.....මට සතුටක් දැනුන....හිනාවෙලා ඇයව පිලිගත්ත මම ඇයත් එක්ක කතාවට වැටුන....බලන්නකො අනේ අපි දවස් කීපයක් මෙතැනට ආව එක දවසක් වත් සාත්තරයක් අහගන්න බැරිවුනානෙ.අදත් බැලුවෙ අදවත් කියයිද කියල.....ඇය කනගාතුවෙන් කිව්ව....ඔයා ලට කිව්වද ඇය ඇහුව....අපිටනම් කිව්ව..මම කිව්ව......ඉතින් කියපු දේවල් හරිද?..ඇය නැවත ඇහුව......අපිට කිව්ව දේවල් හරිගියා අද ආවෙ ඒ බාරය ඔප්පු කරන්න...මම එහෙම කිව්වම....ඇය හිනාවෙලා.......ඔයාලනම් ලකී අනේ කියල මගේ උරහිසට අතතිබ්බ.....කවදාවත් වෙනත් කාන්තාවක් මගේ ඇඟට අතතියල නැතිහින්ද?..මට ලජ්ජාවක් බයක් වගේ ඇතිවුනා....මම දැන් මොකට ලැජ්ජවෙන්න බයවෙන්නද?..මාත් මෙයාවගේ ගැහැනියෙක්නෙ.මට දැන් ප්‍රශ්නයක් වෙන්නෙ වෙනත් පිරිමියෙක් මගේ ඇගට අත තිබ්බොත්නෙ.....මට හිතුනා.සෙනග අඩුවෙනකම් අපිට ටිකවෙලාවක් ඉන්නවුනා. මේ අතරතුර එම කාන්තාව මාත් එක්ක දිගටම කතා කරන්න ගත්ත.අපි ඇදුම් ගැන උයන දේවල් ගැන වගේ කාන්තාවන්ට උරුමවුනුදේවල් ගැන කතාකලා.ටිකක් වෙලා ඉන්නකොට මට තේරුනා මගේ ගතින් විතරක් නෙවෙයි හිතෙනුත් පිරිමිකම සම්පූරණයෙන් ඉවත්වෙලා කියල.ඇය කෙතරම් මාත් එක්ක හිතවත් වුනාද කියනවනම් ඇය මගේ අත්වලින් අල්ලගෙන කතාකලේ.ගැහැනියෙක් මේ විදිහට මගේ ඇඟට අත තබාගෙන කතාකලත් මගේ හිතේ ලිංගික හැගීමක් ඇති නොවුනේ මා කවදාවත් ගැහැනියෙක් කෙරෙහි නොතිබුන හැගීමුත් ඒසමග මා දැන් ගැහැනියෙක් බවට පත්වීමත් නිසාය.සෙනග අඩුවුන හින්ද අපි පූජාවට්ටි සකස් කරල පූජාව තබන්න ලෑස්තිවුනා. ඒ එක්කම මගේ හිතවතියද පූජාවට්ටිය සකස්කලා.ඇයගේ පූජාවට්ටිය මුලින් ගත්ත කපුමහත්තයා ආරූඩවෙන බව අපිට තේරුනා.මම දැක්ක ඇය මාදිහා බලල සතුටින් සිනාසෙනව.ඉන් පසු කපු මහතා ඇගේ ගෙදර ප්රස්න වගේකට විසදුම් ලබාදුන්න.ඒ සත්තරෙන් පස්සෙ කපුමහත්තයා ආරූඩයෙන්ම අපිට කතාකලා......පූජාවට්ටිය බාරගත්ත ඔහු....දැන් ඔය දරුවන්ගෙ බලාපොරොත්තුව ඉටුවුනා නේද?....අපෙන් ඇහුව...මම... ඔව්..සාමි කිව්වම.....පිරිමි දරුව මේක හොදට අහගන්න....කිව්ව.....මම එහෙමයි සාමි..... කිව්වම.....ඔය දරුව දැන් ගැහැණු දැරිවියෙක්නෙ මම මේක කියන්නෙ පිරිමි දරුවට....ඔය දරුව මේ දැරිවිව ප්රිස්සම් කරගෙන ආදරයෙන් ඉන්න ඕනැ.ඔය ලැබුනු පිරිමිකම අයුතු විදිහට පාවිච්චි කරන්න එපා....අවවාදයක් දුන්න....එහෙමයි සාමි...සුපුන් පොරොන්දුවුනා.....සාමී අපිට දරුසම්පත් කොහොමද............මම ඇහුව ටිකක් වෙලා හිටිය ඔහු ..බය වෙන්න දෙයක් නෑ ලගදිම ලකුනු පහලවෙයි.......ඒ පනිවිඩය ඇහුනම මට ලොකු සතුටක් ඇතිවුනා........මේ කල උදව්වට අපි මොකද කරන්න ඕනැ....මම ඇහුව.......ඔය දරුවන්ගෙ කැමැත්ත අපි ඉටුකරල දුන්න. ඔය දරුවො ගොඩක් පින් කරන අය අපිට මිලමුදල් මොකුහ් එපා අපිට ඕනැ පින් විතරයි..ඒ හින්ද පින්කරන කොට ඒපින් අපිට අනුමෝදම් කරන්න.....මේ ගැති දරුව වෙනුවෙන් පුලුවන් ආධාරයක් කරන්න.....කිව්ව කපුමහත්තය පරලයෙන් මිදුනා............මම දැක්ක මගේ හිතවතිය මාඑනකම් බලා ඉන්නව.මම ඇය අසලට ගියා..නන්ගි ඔයානම් හරිම පින්වත් කෙල්ලෙක් නන්ගි...ඔයාලගෙ පිනට මටත් අද අහගන්න පුලුවන්වුනා.. ඇය ඉහවහා ගිය සතුටින් මාව තුරුල් කරගෙන පැවසුවා.ඉස්සර මෙහෙම ගැහැනියෙක් මාව තුරුල්කර ගත්ත නම් මට කොච්චර ලැජ්ජ හිතෙයිද?..දැන් මමත් ගැහැණියෙක් .......කපු මහත්තය වෙනුවෙන් සෑහෙන මුදලක් පිරිනැමූ අපි ගෙදර යෑමට පිටත්වුනා.....මගේ හිතවතියද?..අපි සමග ඒම අපේ තනියට පිටුවහලක් වුනා......

No comments: