Monday, August 15, 2016


(අත්භූත වලව්ව 39)..................................අපිත් නැගිටල ගීතානි එක්ක එලියට ගියා......මොකක් ඊයෙ රෑ දැක්කෙ අනුර මගෙන් ඇහුව.......අනේ මන්ද එලියට යනව විතරයි මට තේරුනේ....මම කිව්ව....මගේ ඉතුරු දේවල් කිසිවක් කියන්න ගියේ නෑ. මොකක් හරි බයවෙන දෙයක් දකින්න ඇති.....කිව්ව අනුර...මේ නාමල් උබගෙ ආච්චිගෙ ගෙදරනම් භූත බන්ගලාවක් ම තමයි බන්.......ඔහු නාමල් දිහා බලාගෙන කිව්ව. මේ කිසිවක් නොදන්නා නාමල් පුදුමයෙන් මෙන් අපි දිහා බලන බව දැක්ක.....නාමල් මුන සේදිමට පැමිනියත් රැවුල කපීමට රේසරය ගෙනත් නැති බව මම දක්ක....මම ඔහු ගාවට ගියා.....ඔයා රැවුල කපන්නෙ නැද්ද රැවුල වැවිල...මම කිව්ව.ඒකනම් ඇත්ත ඒත් මට තේරෙන්නෙ නෑනෙ නයෝමි....මට බයයි...ඔහු කිව්ව.....බයවෙන්න දෙයක් නෑ මූනෙ හොදට සබන් ගාල රේසරේ අතුල්ලන්න....මම කිව්ව.....උත්සාහ කරල බලන්නම්...ඔහු කිව්ව....අපි මුහුන හෝදගෙන ගියාට පස්සෙ මම දැක්ක නාමල් රේසරෙත් අරගෙන ලිද ගාවට යනව.....රැවුල කපා ගනීද මූන කපාගනීද දන්නෙ නෑ....මම හිතින් සිනාසුනා.....අපි කෑම කන්න ගියත් නාමල් පරක්කු බව අපිට තේරුනා....මොකක්ද නාමල් ලිද ගාවට වෙලා කරන්නෙ...තාරුකා ඇහුව....මිනිහ තාම රැවුල කපනව බන්.....අද මෝස්තරයක් වත් දානවද මන්ද....ටික වෙලාවකින් නාමල් අපි ගාවට ආව...මොකද බන් මූන හැම තැනම කපාගෙන....කොල්ලොටික ඇහුව....අනේ මන්ද රේසර් එකේ අව්ලක්ද කොහේද....නාමල් කිව්ව........නටන්න බැරි මිනිහට පොලව ඇදවගේ දැන් නාමල්ටත් රැවුල කපාගන්න දන්නෙ නැතුව රේසරේ හොද නැතිවෙලා වගේ.....මම කල්පනා කලා....කොයි තරම් කැමැත්ත තිබුනත් එකපාරටම ලින්ග මාරු වුනා කියල ඒ ජීවිතේට ඉක්මනින් හුරුවෙන්න බෑ.....ඒක තමා දැන් අපි දෙන්නටම වෙලා තියෙන්නෙ.....මම කල්පනා කලා....මට වටහුනා නයෝමි නාමල්ගෙ ජීවිතේට කැමතියි කියල...ඒවගේම මාත් නයෝමිගේ ගැහැනු ජීවිතේට කමතියි......අපිට දැන් තියෙන ගැටලුව මේ ජීවිත වලට හුරුවෙන එකයි...අපි දැන් ගෙදර ගියත් අපේ ගෙවල් දෙක මරුකරගන්න ඕනැ ඒක තමා ඊලගට ඉතුරුවෙලා තියෙන ලොකුම අභියෝගය....අපි කෑම කාල ගෙදර යන්න ලෑස්තිවෙන්න ගියා....ඊයෙ තෝරල තිබ්බ නයෝමිගේ ඇදුම් එකින් එක ඇන්ද.....හොද වෙලාවට මීට ඉස්සෙල්ල කෙල්ලො වෙලා කෙල්ලන්ගෙ ඇදුම් ඇදල පුරුදුවෙලා තිබුනෙ....මට ඒ ගැන සතුටක් ඇතිවුනා.....දැන් තියෙන්නෙ කොන්ඩෙ පීරන එක.....දැන් මේක කෙල්ලෙක් වගේ ලස්සනට පීරගන්න ඕනැ....අතේ කැක්කුම ගත්තොත් නයොමිට හරි තාරුකාට හරි කියල පීරව ගන්න පුලුවන්......තාම අත රිදෙනව අනේ....මම පනාව අතට අරගෙන කෙල්ලො දෙන්නට ඇහෙන්න කිව්ව.....තාම ඕක හොද නැද්ද....ටිකක් බලල බේතක්වත් ගනින්...කිව්ව තාරුකා මම ගාවට ඇවිත් මගේ අතේ තිබුන පනාව ගත්තා......ඇය මගේ කොන්ඩෙ පීරන්න පටන්ගත්තා.....ඇත්තටම කෙල්ලෙක් වෙලා මේවගේ හිතවත් කෙල්ලොත් ඉන්න කොට කොයිතරම් සතුටක්ද හිතට දැනෙන්නෙ....ඇය කොන්ඩය පීරනකොට මම කල්පනා කලා....කොල්ලෙක් වසයෙන් මේ සතුට කවදාවත් බුක්තිවින්දෙ නෑ කියල මට වැටහුනා.....මෙහෙන් ගියාම සීයගෙ කරදරෙත් ඉවරයි.....ආයෙ ඉතින් මට මෙහාට එන්න වෙන්නෙ නෑ....ඒත් මා නමින් ඉන්න නයෝමිටනම් නිතර මෙහාට එන්න වෙනව.....එතකොට සීය එයාට මොන උප්පරවැට්ටියක් කරයිද දන්නෙ නෑ.... හොදයිද බලපන් කොන්ඩය පීරා අව්සන් කල තාරුකා කිව්ව...ඔය ඇතිබන් මම කිව්ව....මගේ මීලග අභියෝගය මුහුනට මේකප් දැමීමයි....රැවුල කපාගන්න බැරිවුන නාමල්ට හිනාවුනත් මටත් දැන් එයාට වගේ මුහුනෙ ප්‍රශ්නෙම ඇතිවෙලා.....කෙල්ලො දෙන්න කරනව බලාගෙන මාත් ඒ විදුයට කරන්න ඕනැ.....මම ඒදෙන්න මූනට මේකප් දානව බලා හිටිය.....මොකද නයෝමි බයවෙලා වගේ දැනුත් මොකක් හරි දැක්කද....ගීතානී ඇහුව....මම තොල් ආලේපය අරගෙන එයාලවගේ තොල් වල ඇතුල්ලුවා.....මොකක්ද බන් මා දිහා බැලුව තාරුකා ඇහුව....මොකද....මම ඇහුව....උබ තාමත් බයවෙලා ද බන් ඉන්නෙ බලහන් කො තොල් වල නෙවෙයිනෙ ගෑවිලා තියෙන්නෙ පිටනෙ......කෝ මෙහාට ඩියන් කිව්ව ඇය මගේ තොල් ආලේපය අරගෙන තොල් දෙක හැඩකලා.....මාත් දන් කෙල්ලෙක් උනාට තාම ආදුනිකයිනෙ.....මම කල්පනා කලා.....

No comments: