Tuesday, August 30, 2016


(නොපැතූ වාසනාව 14).........................................එම වෛද්‍යවරු පිටත්වුනාට පස්සෙ ඩොක්ට විජේසුන්දර මාව අල්ලල නැගිට්ටෙව්ව. ඇදෙන් බහින ලෙස දැන්වූවද යටි බඩ පෙදෙසේ රිදුමක් ඇතිවුන හින්ද මා එසේ කලේ නෑ.නැවත වරක් මට බහින ලෙස ඉල්ලා සිටියා. මම අමාරුවෙන් බිමට පය තිබ්බා. එවිටම ඇතිවුන කරකැවිලි ගතියක් නිසා නැවත ඇදෙහි වාඩිවුනා. .....ඔයා දවස් කීපයක් ඇදේම හිටිය හින්ද පොඩ්ඩක් කරකැවිල්ල එන්න ඇති...පොඩ්ඩක් ඔහොම ඉන්න.....ඩොක්ට කිව්ව. මිනිත්තු කීපයක් ගියා මගේ අපහසු ගතිය අඩුවුනා. ඩොක්ට නැවත්ත් මාව ඇදෙන් බැස්සීමට උත්සාහ ගත්ත. එවර කරකැවිලි ගතියක් ඇති නොවුනත් කකුල් අතරත් යටිබඩ පෙදෙසෙහිත් වේදනාවක් දැනෙන්ට ගත්ත.....මම මේ බව ඩොක්ට විජේසුන්දර ට කිව්ව......බයවෙන්න එපා හැකිලිලා තියෙන මස් ඇදෙන කොට ටිකක් රිදෙනව....බය නැතුව ඇවිදින්න.......එයා කිව්ව.....මම හිමින් හිමින් ඇවිදින්න පටන් ගත්ත. වේදනාව තිබුනත් පියවර කීපයක් ගියා......දැනට ඇති කිව්ව ඩොක්ට.....දැන් ඔයා ටික ටික තනියම ඇවිදින්න........උපදෙස් දුන්න. මේ අතර මගේ පුරුෂ ලිංගය බද්ධ කරවාගත් ඩැනියෙල් ගෙන් දුරකතන පනිවිඩයක් ආව....එයා කිව්ව එයාගෙ සැත්කම සාර්ථක වුනත් මූත්‍රා පිට කිරීමේදී යම් අපහසු තාවයක් ආව හින්ද නැවත සැත්කමක් කිරීමට අවශ්‍ය බව....මට තවමත් මුත්රා කිරීමට අවශ්‍යතාවක් ඇතිවුනේ නැති හින්ද මටත් එවැනි කරදරයක් වෙයිද?...මට බයක් හිතුන. රාත්රියේදී මට මුත්රා බර ඇතිවුන නිසා මේ බව අම්මට කිව්ව. සැත්කමින් පස්සෙ පලවෙනි පාරට මුත්රා කරන පලමුවෙනි වාරෙ හින්ද මට බයක් ඇතිවුනා. බයවෙන්නෙ නැතුව යන්න දුවේ අම්මා මාව දිරිගැන්නුවා. මම ඇතුලට ගිහින් කොමඩ් එකේ වාඩිවුනා. මට අවශ්‍ය තාවය තිබුනත් පිටකරන්න ටිකක් බය හිතුන. සුලු වෙලාවක් යනකොට ටික ටික පිටවෙන්න ගත්ත. කිසි ගැටලුවක් නෑ.....මට හිතුන.... ටික වෙලාවකින් හොදින් මුත්රා යන්න පටන්ගත්ත.....ඉස්සරට වැඩිය හොදට මුත්රා පිටවෙනබව මට තේරුනා.........මට පිරිමි ලිංගය තිබුනට වඩා හොදට දැන් පිටවෙනවනෙ........මට හිතුන. එහෙත් එම පිටවෙන මුත්රා ඉස්සරට වඩා ඇගේ ගෑවුනා. ඒ හින්ද ඒව හෝදන්න ඕනැවුනා. මම හෝදන ගමන් පලමුවරට එම ස්තානය අත ගෑව.හිස් බවක් මිස ඉස්සර තිබුනු විදියට අතට අහුවෙන කිසිදෙයක් දැන් එතැන නොමැතිබව තේරුනා. මා එම ස්තානය දිහා බලුවත් කිසිදෙයක් පේන්ට තිබුනෙ නෑ.......මොනවා එතන ගෑනියෙකුගෙ එකක්වත් නැද්ද? සැක හිතුන මම තවත් හොදින් අත ගෑව. ඉස්සර පුරුෂ ලිංගය තිබුනු තැනට වඩා යටින් අතගානකොට මස් වලින් හැදුනු කානුවක් වගේ දෙයක් තියෙන බව තේරුනා. මේක තමා ඩැනියෙල් ගාව තිබුනු ගැහැණු ලිංගය ඒක දැන් මගෙ ඇගේ.....මට කවදාවත් දැනුනෙ නැති සැහැල්ලුවකුත් සතුටකුත් දැනෙන්ට ගත්ත. මම එලියට යනවිට අම්මා දොර ගාව මම එනකන් බලාගෙන හිටිය බව දැක්ක. ........මොකද දුවේ ......අම්ම ඇහුව.......මොකුත් ප්රස්නයක් නෑ අම්මෙ.....මම උත්තර දුන්න. මම හිමින් ගිහින් ඇදේ වාඩිවුනා.....අම්මට පින්සිද්ද වෙනව මට මේ කරපු වැඩේට......අම්මාට එහෙම නොකියා හිතෙන් හිතුවා. පසුදා ඩොක්ට විජේසුන්දර මා අසලට ඇවිත් ගුන අගුන ඇහුව. කිසි ගැටලුවක් නැතිව වැසිකිලි යාහැකිබව කිව්ව මම ඇවිදින විට තාමත් රිදෙන බවත් දැන්වූවා.ටික දවසකින් එම රිදෙන බව අඩුවෙන බව පැවසූ ඔහු වැඩිපුර ඇවිදින ලෙසද දැන්වූවා.......ඩොක්ට ඩැනියෙල් ට පොඩි ගැටලුවක්ලු නේද.......මම ඇහුව.....ඔව් එයාගෙ මුත්රා පිටවෙන්නෙ නැති දෝසයක් තියෙනව. එයාට බද්ධ කලේ ඔයාගෙ ප්රොස්ටේට් ග්රන්තියනෙ ඒක ටිකක් ඉදිමිලා මුත්රා බ්ලොක් වෙලා......ඒක ගැන තාම හොයනව. ප්රස්නයක් වෙන එකක් නෑ මම හිතන්නෙ.........ඩොක්ට කිව්ව...අනේ එයාට කිසි ප්රස්නයක් නොවී හොදවෙන්න මම හිතින් ප්‍රාර්ථනා කලා....එයාව මට බලන්න පුලුවන්ද...මම ඇහුව. අද බෑ පරීක්සන වගයක් කරනව හෙට පුලුවන්වෙයි......ඩොක්ට කිව්ව.......අපිට තව කොච්චරකාලයක් මෙහෙ ඉන්න වෙයිද?.........අම්ම ඩොක්ටගෙන් ඇහුව...මම හිතන්නෙ තව ටික දවසක් ඉන්නවෙයි......මෙයාට බද්ධකල ගර්භාෂය හොදින් වැඩකරනවද කියල බලන්න ඕනැ.........ඩොක්ට තවදුරටත් කිව්ව.............තවත් දවස් දෙකක් පමන වෛද්‍යවරු මගේ ගැහැණු ලිංගය තුලට උපකරන ඇතුල්කර තවත් පරීක්ෂණ කලා. මේ අතර ඩැනියෙල්ට ඇතිවී තිබුන අපහසුතාවය මගහැරී ඇතිබව ආරන්චිවීම මගේ සිතට සතුටක් ඇතිවුනා. මාත් ඩොක්ටත් අම්මාත් ඩැනියෙල් බැලීමට ගියවිට ඔහු ඉතා සතුටින් සිටින බව දකින්ට ලැබුන. ඔහු මට සෑහෙන ලෙස ස්තුතිකලේ මා ඔහුට මගේ ලියනගේන්ද්රය ප්රිත්තාග කල නිසාය...ඔහු ගේ ලිංගයද මට දුන්න නිසා මමද ඔහුට ස්තූතිකලා. මට තව දුරටත් රෝහලේ නැවතීමට අවශ්‍යතාවක් නොමැති බැවින් හෝටල් කාමරයක සිට දිනපතා පැමිනෙන ලෙස වෛද්‍යවරු තීරනය කල නිසා අපිට රෝහලෙන් ලග තියෙන හෝටලයේ නැවතීමට සිදුවුනා. .................

No comments: