Saturday, August 20, 2016

(අත්භූත වලව්ව 47)..................................සීතල වතුර ඇගට වැටෙනකොට හරිම සනීපයක් දැනුනා.....පිරිමි කාලෙට වඩා දැන් සනීපද මන්දා...මම නානගමන් කල්පනා කලා....නාගෙන ඉවරවුන මම ඇදුම් ටික ඇදගෙන උදේ ඇදගෙන හිටිය ගවුමයි යටසායයි හෝද්ලා වැනුවා.....කොන්ඩෙ තෙත හින්ද මම දකල තිබුන කෙල්ලො කොන්ඩෙට සාලුව ඔතාගෙන ඉන්නව මමත් ඒවගේ ඔතාගත්තා.....බත් කමු දුවේ ..අම්ම කිව්ව....අම්ම තාම කෑවෙ නැද්ද ...මම ඇහුව...ඔයා එනකන් හිටියෙ.....අම්ම මටත් එක්ක බත් බෙදුවා.....බත් කෑවට පස්සෙ මම කාමරේට ගියා.....උදේ ඉදන් වැඩකරල දැනුයි යන්තම් ඉවර උනේ ඇදේ වාඩිවෙලා සැනසුම් සුසුමක් හෙලුව.....නාමල් ට කතාකරන්න පෝන් එක ගත්ත....විශ්මි ගැන නාමල්ගෙන් අහනවද කියල මට හිතුන ඒත් ඕව පෝන් එකෙන් අහන්න බෑ කැම්පස් ආවම අහනව....මම හිතාගත්තා.....ඒත් පෝන් එකේ ඉන්න අය ගැනනම් අහන්න ඕනැ කියල හිතුනා....කොහොමද නාමල් අද මොකද කලේ...මම ඇහුව.....මොකුත් කලේ නෑ ඔයාගෙ කාමරේ ටිකක් බැලුව....මම මේ බැලුවෙ ඔයාට කෙල්ලො දීපු ලියුම් එහෙම තියෙනවද කියල.....මම ඒ සබ්ජට් එකේ හිටියෙ නෑ කියල ඔයා දන්නවනෙ ....මම කිව්ව.....දැන් මොකද ඔයාගෙ තත්වෙ....නාමල් ඇහුව....අම්මෝ වැඩ වැඩ ඉවරයක් නෑ දැන්තමා ඉවර උනේ...මම කිව්ව. කෙල්ලො උනාම ඔහොම තමයි ...මමනම් චූන් එකේ නිදහසේ හිටියා.....අම්ම තේ හදල දුන්න උයල දුන්න මාත් ඔහේ කකා බිබී ඉන්නව....නයෝමි වෙලා හිටියනම් මටත් වෙන්නෙ ඔයාට වගේ වැඩකරන්න...අම්මට කියන්න පුලුවන්යෑ තේහදල දෙන්න කියල.....නාමල් පැවසුවා......මට තේරුනා එයා මට තිබුනු නාමල්ගෙ ජීවිතේ හොදින් ගතකරනව කියල....කොච්චර වැඩකලත් මටත් නයෝමිගේ ජීවිතේ හොදයි කියල හැගෙන්න ගත්තා......මේ විශ්මි ගියාද?....නාමල් ඇහුව...උදේ ගියා....ඒ කෙල්ල කොච්චරවත් ඇගේ ඇතිල්ලෙනවනෙ.....මම ඇය ගැන හැගෙව්ව.....ඉතින් කොච්චර සෝක්ද කෙල්ලෙක් ඇගේ ඇතිල්ලෙනවනම් හොදයිනෙ....නාමල් එසේ කියමින් හිනාවුනා.....ඒ ඉතින් කොල්ලන්ටනෙ මම දැන් කෙල්ලෙක්නෙ....මම කිව්ව....හා හා ඔයාට දැන් ඕනැ කොල්ලෙක්ගෙ ඇගේ ඇතිල්ලෙන්න නේද.....එයා ආයෙත් හිනාවුනා...අනේ විහිලු කරන්නෙ නැතුව ඉන්න නාමල්....මම කිව්ව......මේ ඔයා ඉන්න කොටත් විශ්මි එහෙමද.....මම ඇහුව.....එයා මගේ ගර්ල් ප්රෙන්ඩ් ලමයො......ඒකිව්වෙ ...මම ඇහුව.....ඔය බෝයි ලට ගර්ල් ප්රෙන්ඩ්ල ඉන්නෙ ඒවගෙ තමා....නාමල් කිව්ව....ඉතින් ඔයා බෝයි කෙනෙක් වෙලා හිටියෙ නෑනෙ....මම ඇහුව.......මම බෝයි කෙනෙක් නොවුනට හිතෙන් බෝයි කෙනෙක් විදියට තමා එයත් එක්ක හිටියෙ......නාමල් එහෙම කියන කොට මේදෙන්නගෙ සම්බන්දෙ මොනවගේද කියල මට හිතාගන්න පුලුවන් උනා....නයෝමි ඔයත් එයාට ඔන්නම් සෙට් වෙන්න නියම කෙල්ල.....නාමල් එහෙම කිව්වම මට තරහක් ආව.... මේ නාමල් මට ඔය ජරාවැඩ ඕනෙ නෑ.....කිව්ව මම මේ පෝන් එකේ ඉන්න අය ගැන විස්තරයක් කියන්න...මම ඒ අයගෙ නම් කියන්න ගත්තා.....සමහරු ගැන නාමල්ටත් මතක තිබුනෙ නෑ කියල තේරුනා...අනිත් ගැටලුව තමා ඉරිදට ඔයාගෙ සුදු පුන්චි කියන කෙනෙක්ගෙ ගෙදර යන්න හිතාගෙන ඉන්නෙ...ඒ කවුද.....එයා තමා අම්මගෙ නංගි එයාට දරුවො තුන් දෙනෙක් ඉන්නව දෙන්නෙක් කෙල්ලො පොඩි එක්කෙනා කොල්ල ලොක්කිගෙ වයස දාසයයි අනිත් එක්කෙනා ලොකුලමයෙක් උනේ ලගදි දහතුනක් විතර ඇති පොඩ්ඩට දහයයි......තව කවුද එහෙ ඉන්නෙ ..මම ඇහුව....ඇයි සුදු පුන්චි....කිව්ව ඔහු හිනාවුනා....එයා කොහොමත් ඉන්නවනෙ වෙන අය කවුද ඉන්නෙ...බාප්ප ඉන්නව....එයා මොකද කරන්නෙ....මම ඇහුවම ....නාමල් ඒ ගෙදර ගැන සම්පූරන විස්තරයක් කියන්න ගත්තා....කියපු ඒව මතකත් නෑ ගිහින්ම බලනව මම හිතාගත්තා....පෝන් එක තිබ්බට පස්සෙ මම කල්පනා කලේ නයෝමි ගැන ..එයාගෙ රහස් ජීවිතේ දැන්තමා එලියට එන්නෙ.....මටත් ඒවට මූන දෙන්න වෙයිද දන්නෙ නෑ....මෙහෙ විශ්මි වගේ කැම්පස් එකේ තව කෙල්ලො ඉන්නවද දන්නෙ නෑ....ගියාට පස්සෙ හොද කල්පනාවෙන් ඉන්න ඕනැ....මම හිතාගත්තා.....ඇද උඩ ඇලවෙලා හිටිය මට දන්නෙම නැතුව නින්ද ගිහින් තිබුන....දුව තේ බොන්න එන්න...අම්ම ඇවිත් ඇරවන කොටතමා මම නැගිට්ටෙ....කුස්සියට යනකොට අම්ම හඩපු වැලිතලප තියල කෙසෙල් තියල මට කන්න කිව්ව.....මම ආසාවෙන් වැලි තලප කෑව...ඇතිවෙනකන් කන්න දුවේ.......අම්ම මට බල කලා.....මේ ගෙදර අය නයෝමිට පුදුම ආදරයක් නෙ තියෙන්නෙ ....නයෝමිගෙ රහස් ජීවිතේ මොනව උනත් ගෙදර අයට හොද ඇති ඒකයි මේ විදියට ආදරේ කරන්නෙ....මම කල්පනා කලා.....

No comments: