(අත්භූත වලව්ව 57).......................................නාමල් ඔහුගේ විභාගය සම්පූරන කර නොගැනීම හින්ද උපාදි ප්රධානෝත්සවයට සහභාගී වෙන්න නොලැබීම ගැන මට දුකක් ඇතිවුනා.....මගේ හොදම යෙහෙලියන් දෙන්න වන තාරුකා ගීතානී එක්ක මම උත්සවයට සහභාගීවුනා.....අව්රුදු ගානක් එකට හිටිය අපි තුන්දෙනා වෙන්වී යෑම ගැන දුකක් ඇතිවුනා.....ගීතානි මාව තුරුලු කරගෙන අඩන්න ගත්තා....මගෙත් ඇස්වල කදුලු පිරුනා අපි තුන්දෙනා එකට වැලදගෙන අපි සමුගත්තා......උපදියෙන් පස්සෙ මගේ පත්වීම වුනේ විදුලි උප පොලක විදුලි ඉන්ජිනේරු තනතුරයි....ගෙදර ඉදල ටිකක් දුර හින්ද බෝඩිමක් හොයාගන්න සිදුවුනා. ඒ ගෙදරත් උසස් පෙල ඉගෙනගන්න නන්ගි කෙනෙක් හිටිය. එයත් මා එක්ක යාලුවෙන්න වැඩිකලක් ගියේ නෑ.....මම ඉන්න හින්ද එයාගෙ පාසැල් වැඩවලටත් සහායක් උනා.....මම ගැහැනියෙක් විදියට එතැන හොදින් වැඩකරගෙන ගියා...මේ අතර නාමල් විභාගය සම්පූරන කල බව මට කිව්ව......එයාට විදුලි බලාගරයක රැකියව ලැබුන බව කිව්ව.....නාමල්ට එහෙ නිල නිවාස ලැබුන බවත් කිව්වා.....මගේ යෙහෙලියන් දෙදෙනාටත් විදුලි බල මන්ඩලයේම රැකියාවන් ලැබුනු බව ආරන්චි වුනා.....ටික දවසක් ගතවුනා.....මට සරත් කතාකලා.....එයාට සිස්සත්වයක් හම්බවෙලා අමෙරිකාවට ගිය බව කිව්ව.....එයා නාමල් ගැනත් මට කිව්ව.....බලන්න නයෝමි නාමල් දැන් පිස්සු වඩනෙ කරන්නෙ ..මම රටයනව කියන්න එයාගෙ කෝටස් එකට ගියා යනකොට මිනිහ නප්පියට බීල හිටිය....මම කවුද කියල මිනිහට අදුන ගන්නවත් බැරිවුනා.....එතැන හිටිය යාලුවෙකුගෙන් ඇහුවාම කිව්ව මිනිහ හැමදාම ඔහොම තමා කියල.....මට ඒ ආරන්චිය ඇහුවහම නාමල් ගැන ලොකු දුකක් ඇතිවුනා.....මම නාමල්ට කෝල් එකක් ගත්ත......ආ නොයෝමී කොහොමද..ඇහුව එයා.....මමනම් මෙහාට වෙලා ජොලියෙ ඉන්නව මම දැන් කොල්ලෙක්නෙ ඒ හින්ද ඕනැ තරම් නිදහස තියෙනව ....කෝ ඔයාට දැන් මට තියෙන නිදහස නෑනේ.....ඔහු මට අපහාස කර කතාකරන බව තේරුනා.....මේ නාමල් නිදහස හොදයි. ඔය ලැබුන නිදහස ඕනැවට වඩා පාවිච්චි කරන්න එපා....මට ආරන්ච්යි ඔයා ඔහාට වෙලා කරන දේවල් ...මම කිව්ව..මොනවද ආරන්චි මොනවද මම කරන්නෙ.....ඔයා හැමදාම බොනවලු නේද.....කවුද ඔයාට කිව්වෙ.....කිව්ව කෙනා ඕනෙ නෑනෙ... මම කිව්ව.....ඔව් මම වැඩ ඇරිල ගිහින් ටිකක් බොනව තමයි.....කොල්ලො උනාම කෙල්ලො වගේ ගේ ඇතුලට වෙලා ඉන්නද කියන්නෙ .එලියට ගිහින් සමාජෙ ආස්සරේ කරල අඩියක් ගහල ඉන්න ඕනැනේ....ඔයා දන්නවද සරත් ඇමරිකා ගියා කියල.....ඌ ඉතින් බ්රයිටනෙ අපි වගේ පිස්සු කෙලියෙ නෑනෙ.....ඔයා නෑ කිව්වට ඒදවස් වලත් ගන්ජ බිව්ව නේද....මම ඇහුව....දන්නෙ නැද්ද කොලුකමට ජොලියට බිව්ව....කොල්ලෙක් උනා කියල ඕව කරන්න එපා නාමල් ..හොදට හැදෙන්න..මම කිව්ව....හරි හරි ඔයා කියන හින්ද හැදෙන්නම් ......මට අපහාසෙට වගේ එහෙම කිව්ව කියල මට දැනුනා.....එදායින් පස්සෙ කීප දවසක් මම මේ සම්භන්දව කතාකලත් ඔහුගේ ගතිගුන වෙනස් කරන්න බැරිබව දැනගත් මම ඔහුට කතාකරන එක නැවැත්තුවා.....
මේ අතර අපේ ඒරියා එකේ කලමනාකරු මට මුනගැහුනා.....අපි මුනගැහුන මුල් දවසෙ ඉදන් ඔහු මාගැන උනන්දුවෙන් ඉන්නව කියල මට තේරුනා. නමින් විදුර වන ඔහු ප්රසන්න පුද්ගලයෙක් කියල මට තේරුනා....ඔහුගේ උනන්දුව තිබුනත් මම ඔහුගැන උනන්දුවක් දැක්වුවේ නැහැ. පිරිමි කෙනෙක් වගේ නෙවෙයි ගැහැනු කෙනෙක් වුනාම ටිකක් හොයල බලන්න ඕනැ කියල මට හිතුනා....ගැහැනුකෙනෙක් අමාරුවෙ වැටුනොත් ඒක හදාගන්න බෑ කියල මම දැනගෙන හිටිය....විදුර නිතර රාජකාරී කටවුතු පිලිබදව මට කතාකරන්න ගත්ත.....මම බොහෝවිට ඔහුට මිස්ට යන පදයෙන් කතාකල අතර ...නයෝමි ඔයා මට මිස්ට කියන්න ඕනැ නෑ ..රාජකාරී මටටමින් මිස්ට කිව්වත් අනිත් වෙලාවලට විදුර කියන්න...ඔහු මට කිව්ව.....ඒත් තාමත් මගේ හිතේ ඔහු නැති හින්දා මම එසේකලේ නෑ.....නයෝමි අපේ ගෙවල් තියෙන්නෙ නෙලුව කියන ගමේ ...ඔයා ගිහින් තියනවද මන්ද ඒගම හරි ලස්සනයි......ඔව් මිස්ට විදුර.... මම ගිහින්තියෙනව.....එක දවසක් ඔහු ගැන මට විස්තර කියන්න පටන්ගත්ත....එතකොට විදුරගෙ ගම නෙලුව මගේ ඉස්සර තාත්තගෙ ගමේ......ආච්චි ඉන්නෙත් එහේ...මම කල්පනාකලා......මම ඒපැත්තෙ යාලුවෙකුගේ ගෙදර ගිහින් තියෙනව..මම කිව්ව.....විදුරගෙ වාසගමත් නාමල්ගෙ වාසගමත් එකයි කියල මට තේරුනා.....එතකොට විදුර කියන්නෙ....නාමල්ගෙ නෑයෙක්ද.....මට ගැටලුවක් ඇතිවුනා.....මෙයා ගැන තවටිකක් හොයන්න ඕනැ සමහර විට දන්න කෙනෙක් වෙන්න ඇති....මට හිතුනා......
No comments:
Post a Comment