(අත්භූත වලව්ව 21).....................................මම ගැහැනු කමට තිබුනු කැමැත්ත හින්ද ටිකවෙලාවක් යසුරි විදියට හිටිය .ඒ අතර එහාගෙදර තත්වය ගැන ජනේලෙ අතරින් බැලුව....මගෙ කාමරේ ජනේලෙට යසුරිගෙ ගෙදර පේනව...ඒ නිසා ඒ පැත්ත බලන්න පුලුවන්වුනා...ඒගෙදර ලයිට් නිවල තිබුන හින්ද ගෙදර කලබලයක් නෑ කියල තේරුනා.....යසුරි කලබල නොකලත් එයාට ගැටලුවක් වෙයිද කියල මගෙ හිත කියන්නවුනා....මම හින්ද ඒකෙල්ලට කරදරයක් වෙන්න ඉඩදෙන්න හොදනැති හින්ද නැවත වෙනස්වෙන්න තීරනය කලා....වතුර වීදුරුව පුරවගත්ත මම ඒකට මතුරල පානය කලා.....සුලුවෙලාවකින් මාව වෙනස්වෙන බව තේරුනා...මේ පාර මම යසුරිගෙ ඇදුන් කිසිවක් ඉවත් කලේ නැති හින්ද ඉක්මනින් වෙනස් වෙනබව තේරුනා....නැවත මා බවට පත්වුන මම. නින්දට ගියා....උදේ නැගිට්ට මට උවමනාවුනේ යසුරිගේ තත්වය පරීක්ෂා කිරීමටයි...මම සැරින් සැරේ ඒ ගෙදර පැත්ත බැලුව ඒත් යසුරි දැක්කෙ නෑ.....මම දැක්ක යසුරිගෙ අයිය මෝටසයිකලේ නැගල යනව....ඒ එක්කම යසුරි මිදුලට බහිනව දැක්ක...එයාගෙ මුහුනෙවත් වෙනසක් තියෙන බවක් තේරුනෙ නෑ...එයා මාව උනා කියල එයා දැනගත්තනම් නිකමට හරි මේ පැත්ත බලනව. ඒත් එයා මේ පැත්ත බැලුවෙනෑ....මම හිතන්නෙ එයාට මොකුත් වෙලා නැතුව ඇති....මම කල්පනා කලා....ඒත් හරියට දැනගන්නෙ කොහොමද?...මම එයා බවට පත්වුනාට පස්සෙ එයා දිහා බැලුවොත් හොයාගන්න පුලුවන්වෙයි.....ඒ වෙලාවට එයා මාවවෙලානම් අපි මාරුවෙනව කියල හිතාගන්න පුලුවන්......ඒක බලන්නෙ කොහොමද...ඒක ගැන හරියට දැනගන්නෙ නැතුව මට කෙල්ලෙක් වෙලා ඉන්න හිතදෙන්නෙ නෑ....මට දැන් ඕනැ කෙල්ලෙක්වෙලා සෑහෙන වෙලාවක් ඉන්න....කොහොමහරි මේ ගැටලුව විසදගන්න ඕනැ.....මම හිතාගත්ත.....දවස් දෙකක් විතර ගතවුනා.....අම්ම වෙනදට වඩා උදෙන් දවල්ට උයනව මම දැක්ක.....මාව දැක්ක අම්ම.....පුතේ අද මමයි තාත්තයි පොඩි ගමනක් යනව එනකොට ටිකක් හවස්වෙයි...කොහේවත් යන්නෙ නැතුව ගෙදරට වෙලා ඉන්න...දවල්ට කෑම උයල යන්නෙ....කෑම බෙදාගෙන කන්න....අම්මගෙ මේ වච්චනටික මගේ කන්වලට මීපැනි වත්කෙරුව වගේ මිහිරි වදනක් උනා....අද මට යසුරි වෙලා එයාට මොනව වෙනවද කියල බලාගන්න පුලුවන්.....දවල් නවය වෙනකොට තාත්තයි අම්මයි ගෙදරින් පිටවුනා.....මම දැක්ක යසුරි එයාගෙ අම්මත් එක්ක මිදුලෙ වඩවගයක් කරනව.....නියම වෙලාව වතුර වීදුරුව මතුරල බොන්න ඕනැ...හිතුව මම ඉක්මනට මතුරන්න ඕනැ දේවල් ලන්කරගෙන මතුරන්න පටන්ගත්ත. දැන් මතුරල ඉවරයි ...මේ වෙලාවෙ යසුරි ඇදගෙන ඉන්නව දැක්කෙ සායකුයි බ්ලවුස් එකකුයි....මම ඒ අදුම් හිතාගෙන මතුරුවෙ....වැඩි වෙලාවක් ගියෙ නෑ...මාව වෙනස්වෙන බව තේරුනා......මේ වෙනස්වීම අතර තුර යසුරිව දැක ගන්න ...ඒ නිවස දෙස බැලුව...ඒ වෙලාවෙයසුරි පේන්න හිටියෙ. නෑ. නමුත් එයාගෙ අම්ම තාම මිදුලෙ ඉන්නව කියල දැක්ක..මේ වෙලාවෙ..යසුරිට අමුත්තක් දැනිල ගේ ඇතුලට ගියාද දන්නෙ නෑ....මට පෙනුන මාව යසුරි බවට හැරීගෙන එනව කියල. ඇය ඇදගෙන හිටිය සාය මම ඇදගෙන ...එයාගෙ බ්ලවුස් එකත් මම ඇදගෙන.....මම අම්මගෙ කන්නඩි මේසෙ ගාවට ගිහින් සම්පූරන සිරුර නැරබුවා....දැන් මම ඇත්තටම යසුරි වගේමයි....කිසිම වෙනසක් නෑ කියල කන්නාඩියේ පිලිබිබුවෙන් දැකගන්න ලැබුන...මම නැවත යසුරිගේ නිවස දිහා බැලුව....යසුරි නැතත් අම්ම තනියම වැඩ බව දැක්ක....ශික්.. යසුරිට මොකද වුනේ කියල බලාගන්න බෑනෙ....මට දුකක් ඇතිවුනා...යසුරි දන් මාව වෙලා එයාගෙ කාමරේට රින්ගගෙන ඇති. එයාගෙ අම්ම මේ ගැන කිසිදෙයක් දන්නෙ නැතුව ඇති....මම ආයෙත් අනික් මන්තරේ කලොත් තමයි යසුරිට එලියට එන්න පුලුවන් වෙන්නෙ.....පව් ඒ කෙල්ලට කරදර කරන්න හොද නෑ. අනිත් මන්තරේ කරල ඒ කෙල්ලට එයාගෙ ගැහැනුකම ආපහු දෙනව....හිතුව මම අනිත් මන්තරේ මතුරන්න සූදානම් උනා.....මතුරල අවසන් උන මම ආයෙත් යසුරිගෙ ගේ දිහා බැලුව......කවුද ඒ යසුරිගෙ අම්මත් එක්ක කතා කරමින් ඉන්න කොල්ල. අනිත් පැත්තට හැරිල හිටිය හින්ද මූන පේන්නෙ නෑ....අනේ දෙයියනේ ඒ මමද. යසුරි මාව බවට පත්වෙලාද......
No comments:
Post a Comment