(අමුතු කැමැත්ත 9)........................ ......................මගෙ පපුව තාම තුනීනෙ.ඉස්සෙල්ල වගේ පපුවෙ කෙස් අහුවෙනව.මම මගේ ඇඟ දිහා හොදට බැලුව තාමස් කිසිම වෙනසක් වෙලා නෑ. මම මධූ දිහා බැලුව. ඇයත් පුරුදු විදිහට සරම ඇදගෙන නිදි...තාම වෙලාව උදේ හතරයි සමහරවිට උදේ හයෙන් පස්සෙ වෙනස්වෙයි. සිතුව මම නැවත් ඇලවුනා.නැවත මට ඇහැරුනේ මධූගේ කටහඩින්........සුපුන් අපිව වෙනස් වෙලා නෑනෙ ....මම ඇස් ඇරිය බව දැක්ක ඇය මට කිව්ව. මම වෙලාව බලනකොට උදේ හයත් පහුවෙලා . ඒත් අපිව වෙනස්වෙලා නෑ.........ඒක තමා මදූ මාත් බැලුවෙ....මම කිව්ව.....ශික්... මම ලොකු බලාපොරොත්තුවක හිටියෙ.....ඇය දුක්මුසු හඩකින් කිව්ව.....මදූ විතරක් නෙවෙයි මමත් ගැනියෙක් වෙන්න බලාගෙන හිටියෙ......මම හිතුව....දේවාලෙන් අපිව රැවැට්ටුවද?....මම ඇහුව....අනේ මන්ද කිව්ව මධූ.....මොකටද අපිව ඒවගේ රවට්ටන්නෙ මධූ කිව්ව. අපිට වැරදුනාද මම නැවත වරක් කැලැන්ඩරය බැලුව. අදට හරියටම මාස හයයි.කිසිම වැරැද්දක් වෙලත් නෑ. මොකක්ද මේවුනේ. අපිට හිතාගැනීමටත් නොහැකිවුනා.අනේ මන්ද සුපුන් අපිට කොහේ හරි වැරැඩ්දක් වෙලා තියෙනව.අපරාදෙ ඔයා ගැහැනුකම ඉගෙනගන්න ගොඩක් මහන්සිවුනා.මේක වෙන්නෙ නැත්නම් ඔයා මහන්සිවෙන්න ඕනැ නෑ අපි ඉස්ස්රවගේ ඉම්මු......මධූ මෙහෙම කියනකොට මට දුක හිතුන........මේ දවස් ටිකේම ගැහැනියෙක් විදිහට ඉන්න පුරුදුවුන මට ආයෙත් පිරිමියෙක් වගේ ඉන්න පුලුවන්ද.මම නම් ආශනෑ ආයෙත් කොල්ලෙක් වගේ ඉන්න....මට සෑහෙන දුකක් ඇතිවුනා.....දැන් අපිව වෙනස් වුනේ නැත්නම් මොකද කරන්නෙ මධූ... මම ඇහුව.....මොනව කරන්නද අපේ බලා පොරොත්තු අත හැරගම්මු....ඇය කිව්ව......අනේ මන්ද මම මේ ටිකට ගැහැණු ජීවිතේට ගොඩක් හුරුවුනා මෙටනම් අමාරුයි මේක අතහැරගන්න...... මම කිව්ව.අපි එදා සාප්පුවට ගියත් මට වැඩකරන්නත් එපාවෙලා තිබුනෙ..සමහර වෙලාවට මධූ මාලගට ඇවිත් දොස් කිව්ව.....ඒත් එයා ටිකවෙලාවකින් මා ළඟට ඇවිත්......මට සමාවෙන්න සුපුන්....මම දන්නව ඔයාගෙ හිතේතියන දුක....අපි ලබන සෙනසුරාද ආයෙත් දේවාලෙට ගිහින් අහමු....මධූ මගේ හිත සනසන්න ගොඩක් මහන්සිගත්ත..මම දන්නව මධූත් ඉන්නෙ ගොඩක් හිතේ අමාරුවෙන් බව ඒ වුනාට එයා ඒක පිටට පෙන්නුවෙනෑ......අද මොකද ලොකු සර් පැත්තකට වෙලා ඉන්නෙ.....මට ඇහුන අපේ වැඩකරන සේවිකාවක් මධූගෙන් අහනව....එයාට ටිකක් අසනීප වගේලු ඒකයි....මදූ උත්තර දුන්න මම අහගෙන හිටිය......අපි ගෙදර ගියා.....සුපුන් දැන් මම වෙනද වගේ සරම ඇන්ද කියල වැඩක් නෑනෙ. ගවුමක් ඇදන් මෙච්චර දවසක් ඔයා කල වැඩටික කරන්නම්....ඔයාට ඔනැනම් ඔය ගවුම ඇදන් ඉන්න ප්රශ්නයක් නෑ......මදූ කිව්ව.....ඕනැ නෑ මදූ අපි තව ටික දවසක් මෙහෙම ඉදල බලමු...........මම කිව්ව.....දැන් මට මේක වෙනස් කර ගැනීමට කොහෙත්ම අදහසක් නෑ කියල තේරුනා........අපි ආයෙත් දේවාලෙට ගියහම මොකක් හරි කියයිනෙ...මට හිතුනා......වෙනද වගේම එදා හවසත් මම ගැහැනියෙක් වගේ වැඩ කටයුතු කල අතර ඇය පිරිමියක් වගේ හිටියා....ඔයා ගෙන් කුස්සියෙ වැඩ අරගෙන මමත් කරගන්නෙ පවක්ද මන්ද.....මම කුස්සියෙ වැඩ කරන කොට මදූ ඇවිත් කිව්ව..නෑ නෑ ඔයා බයවෙන්න එපා අපි වෙනස් වෙයි....මම ඇගේ සිත සැනසුවා....අපි එදා රාත්රියේ නිදා ගන්න යනකොට සෙනසුරාදා දේ වාල ගමන ගැන තවදුරටත් සැලසුම් කර ගත්ත....මේ සැරේ ගිහින් ආවට පස්සෙ මොකුත් උනේ නැත්නම් අපරාදෙ....මධූ කිව්ව. අපි බලා පොරොත්තු කඩකරගෙන නින්දට ගියා. ඉස්සෙල්ල දවසෙ වාගෙම මට පාන්දර හතරට විතර ඇහැරුනා.පොඩි විදුලි බුබුලෙන් විහිදුන කුඩා එලියෙන් මම දැක්ක මධූ ආයෙත් මා ඇදන් හිටිය නයිට් ගවුම ඇදන් නිදා ඉන්නව....මට නින්ද ගිය අතරෙ එයා ඇදන් හිටිය සරම මට අන්දවල මම ඇදන් හිටිය ගවුම එයා ඇදගෙන.....මට මධූ ගැන ලොකු දුකක් ඇතිවුනා....පව් අහින්සක කෙල්ල කොල්ලෙක් වෙන්න මොනතරම් බලා පොරොත්තුවෙන්ද හිටියෙ. ඒ ඔක්කොම වතුරෙ ගියා වගේ වුනානෙ....මම හිතන්නෙ එයාගෙ හිතට දැනුන වේදනාවත් එක්ක බලාපොරොත්තු අයින් කරගන්න ඇති ඒකයි මටත් නොකිය ඇදුම් දෙක මාරු කරගෙන නිදා හිටිය පැත්තත් මාරුකරගෙන නිදා ඉන්නෙ.....මම දන්නව අද ඉදන් එයා මට ගැහැනියෙක් විදිහට ඉන්න දෙන එකක් නෑ.....මම කොහොමද හිත හදාගෙන ආයෙත් පිරිමියෙක් විදිහට ජීවත් වෙන්නෙ........මට විශාල දුකක් කනගාටුවක් ඇතිවුනා............
No comments:
Post a Comment