Tuesday, August 30, 2016


(නොපැතූ වාසනාව 17).........................................දැන් නංගි ඔයාලවගේ නෙවෙයි.එයා නියම ගැහැණු ලමයෙක්.......අම්මා කියනවිට මට සියුම් සතුටක් ඇතිවුනා. මාව පරීක්ෂා කරවාගැනීම සදහා සතියකට වතාවක් ඩොක්ට විජේසුන්දර ළඟට යන්න වුනා. මාසයකට පමන පසු මගේ ලේ සාම්පල් පරීක්ෂා කල ඔහු මගේ ශරීරයේ ස්වභාවිකව ස්ත්‍රී හෝමෝන නිකුත් කිරීමට පටන්ගෙන ඇතිනිසා පිටින් හෝමෝන ලබාගැනීමට අනවශ්‍ය බව කිව්ව. මගේ අලුත් ඩිම්බකෝශ සහ ගර්භාෂය හොඳින් වැඩකරන බව පැවසුවා. වෙනත් අපහසුවක් නොමැතිනම් නැවත හමුවීම අනවසය බවත් පැවසුවා. පුරුෂ හෝමොන්වලින් හිස්වූ මෙගේ ශරීරය තුල ස්ත්‍රී හෝමෝන පමනක් නිපදවන නිසා මගේ පියයුරු දෙක දවසින් දවස තවත් විශාල වෙනබව තේරුණා. මා ඒ බව අම්මාට නොකීවත් ඇඳුම් සාප්පුවේදී ඇය මට ලොකු කප් තියන බ්‍රා කීපයක් තෝරලා දුන්නා..මා කිසිවක් ඇයට නොකීවත් ඇය මාගැන කල්පනාවෙන් සිටිනබව මෙයින් තේරුම්ගියා.මගේ ශරීරයේ සම තවත් තුනී වූ අතර ඒවා තවදුරටත් පැහැපත්වුනා.උකුලත් තට්ටම් පෙදෙසත් මහත්වූ අතර හින පෙදෙස හීනිවුනා.රූමත් තරුනියකගේ තිබෙන සුන්දර පෙනුම මාතුල මතුවෙන්ට පටන් ගැනීම මට මහත් සතුටක් ගෙනදුන්න.අම්මාද දැන් ඉසරවගේ නෙවෙයි ඇය ගෙදර හැම කෙනාටම ඉතා කරුනාවෙන් කතාකිරීමට පටන්ගත්ත. ඇය ඉතාමත් සතුටින් සිටිනබව අපි කාටත් දැනෙන්න පටන්ගත්ත. ඇය පෙරට වඩා තාත්තගෙත් අයියලා දෙන්නාගේ කටයුතු හොදින් සොයාබලන්න වුනා.දැන් තාත්තත් අම්මත් ඉතා ආදරයෙන් සිටින බව පෙනෙන්න තිබුනා. .......බලන්නකො අපේ දුවගෙ හැඩ .......මාව පෙන්වමින් අම්මා තාත්තාට කියනව ඇහුනා......තාත්තත් එය අනුමත කර ඔලුව වනමින් මා දිහා බලා හිටියා.....තාත්තේ ඔයා මාත් එක්ක තාමත් තරහද.....දවසක් මම තාත්තගෙන් ඇහුව....අනේ නෑ මගෙ දුවේ.....කියමින් ඔහු මාව තුරුල්කර ගත්ත.....ඕක ඉතින් දුවගෙ කැමැත්තනෙ. අම්මත් දැන් ගොඩක් සතුටෙන් ඉන්නෙ.අපේ පව්ලේ සතුට ඔය ඔක්කොටම වඩා ලොකුයි මගෙ දුවේ........තාත්තා හැගුම්බරව කිව්ව.මේ අතර මගේ උපැන්නය වෙනස්කර ගැනීමේ කටයුතුද කර ගැනීමට අම්මත් තාත්තත් මහන්සිගත්තා.එහි ලිංගය සදහන් තැන ගැහැණු යනුවෙන් වෙනස් කර ගැහැණු නමක් දැමීමටත් ඉල්ලුම්කලා.මට දැනට නිරෝෂා යනුවෙන් ඇමතුවද එයට වෙනත් හොද නමක් දැමිම හොද බව අම්මගෙ අදහසවුනා. මගේ කලින් නම නිරෝෂ් නිසා නිරෝෂා කියන නම කියනවිට කලින් පිරිමි ජීවිතය මතක් වෙන නිසා මමද එම නම වෙනස්කරනවට කැමතිවුනා.අපි කාගෙත් කැමැත්ත පරිදි මගේ නම දිල්හානී ආශ්චර්යා ලෙස වෙනස්වුනා. මගේ උප්පැන්නය වෙනස් වුනාට පස්සෙ පුරුෂයෙකුට අයිති හැම දේම මට අහිමිවුන අතර ගැහැනියකට අයිති හැමදේම හිමිවුනා. අපේ අම්මාට වියාපාර කිහිපයක් අයිතිව තිබුනු අතර එයින් ඇගලුම් කර්මාන්ත ශාලාද වුනා. අම්මා එහි යනවිට මාවත් එක්කරගෙන යෑම පුරුද්දක් වුනා. ඒවයේ පලනය මාවෙත ලබා දීමට ඇගේ අදහසක් ඇතිබව මට තේරුනා. තරුනියන් වැඩිපුර වැඩකරන එවායේ වැඩ කිරීම මාද තරුණියක් බැවින් මට එම කටයුතුවලට සුදුසු බව අම්මාගේ අදහස වුනා.පිරිමින් අඩු එම ඇඟලුම් ආයතනවල කිසිම බියක් සැකයක් නැතුව වැඩ කිරීමට හැකිවුනා.ටික දවසකින් ඔව්න් මගේ සහෝදරියන්සේ සලකා කටයුතු කිරීම ඔව්න්ටද අස්වැසිල්ලක් වුනා. එහෙත් වැරැද්දක් දුටු තැන දඩුවන් කිරීම මගේත් අම්මගෙත් පුරුද්දක් වුනා. එම සේවිකාවන් සහභාගිවන වාර්ශික විනෝද චාරිකාවලදී එම සේවිකාවන් යන බස් රථවල ගොස් ඔව්න් සමග විනෝද වීම ඔව්න්ගේද මගේද සතුටට හේතුවක්වුනා.......ඇත්තටම ගැහැනු කියන්නෙ කොච්චර සතුටින් ඉන්න පිරිසක්ද.....මේ වෙලාවෙ මට හිතුන. ඉස්සර වගේ මම කොල්ලෙක් වෙලා හිටියනම් මේ සතුට කොහේද?......

No comments: