(අත්භූත වලව්ව 52).........................................දවසින් දවස අපේ නිවාඩුකාලෙ ගෙවිල යන බව තේරුනා...මටයි නාමල්ටයි යන්න වෙන්නෙ අපේ පැරනි බෝඩින් වලට නෙවෙයි...මට යන්න වෙන්නෙ නයෝමි හිටිය බෝඩිමට....එහෙ තත්වය කොහොමද දන්නෙ නෑ...මේ ගැන නාමල් එක්ක කතාකරන්න ඕනැ කියල හිතාගත්ත මම නාමල්ට කතාකලා....මගෙ බෝඩිමේ හිටිය දෙන්න ඔයා අදුනනවනෙ ගීතානියි තාරුකයි නෙ මගෙ රූම් එකේ හිටියෙ.....නාමල් කිව්ව. එහෙනම් කමක් නෑ මට ඒ දෙන්න එක්ක ඉන්න පුලුවන්.... මම කිව්ව. වෙන කවුද එහෙ ඉන්නෙ..මම ඇහුව.....එයාල හිටිය කියල ඔයාට අවුලක් වෙන්නෙ නෑ....ඔහු කිව්ව. ...දැන් ඔයාට ඉන්න වෙන්නෙ මගෙ කාමරේනෙ....මම කිව්ව...ඒක ගැටලුවක් කරගන්න එපා එහෙ ඉන්නෙත් ඔයා ආස්සරේ කල යාලුවො සෙට් එකනෙ....මට උන් එක්ක ඉන්න පුලුවන්.....නාමල් කිසි ගානක් නැතුව කිව්ව.....අපේ බෝඩින් තියෙන තැන ඇද තිබෙන තැන ගැන අපි දෙන්න. දැනගත්ත....මම නැවත කැම්පස් යනදවසෙ අම්ම මට වැලිතලප පාර්සලයක් හදල දුන්න.....ලොකු අයිය වියදමට සල්ලි දුන්න......පොඩි අයිය මොකුත් දුන්නෙ නෑ එයා මාව හොඩට සිපගත්ත.....තාත්ත මාව වාහනෙන් බස් එක ගාවට එක්ක ගියා.....මම ආපහු යනකොට ගෙදර ඔක්කොටම දුකක් දැනුන කියල මට තේරුනා....මෙහාට ඇවිත් සුලුදවසක් උනත් දැන් මෙයාල මගෙ අම්ම තාත්ත සහෝදරයො කියල හැගීම මා තුල ඇතිවෙන්න ගත්තා....මගේ හිතටත් ලොකු දුකක් ඇතිවුනා....මම බස් එකේ යනකොට නාමල්ගෙන් කෝල් එකක් ආව....ඔයා කොහේද ඉන්නෙ...නාමල් ඇහුව....තාම මග එනව අනේ....තව පැය භාගයක් විතර යයි... මම කිව්ව.....එහෙනම් මල්වත්ත ගාවින් බහින්න අපේ යාලුවො සෙට් එකත් එතැනට එනව කිව්ව.....ගීතානිලත් එනව කිව්වද මම ඇහුව.....ගීතානි නැතුව ඔයා මම හිටිය බෝඩිම දන්නවද....ඇහුව නාමල්....පොඩ්ඩක් ඉන්නකො මම ඒ ඔක්කොම ගානට සෙට් කරන්නම්....නාමල් කිව්ව....නාමල් කියන එකත් ඇත්ත දැන් නාමල් යන්න ඕනැ පිරිමි යාලුයො එක්ක මට යන්න වෙන්නෙ නයෝමිට හිටිය යාලුවොත් එක්ක....ගීතානි තාරුකා ආවොත් මගේ ගැටලුව විසදෙයි....මම කල්පනාකලා......මම මල්වත්ත ගාවින් බැස්ස.....කොහේද ඉඩල ගීතානි දුවගෙන ඇවිත් මගේ අතේ එල්ලුනා.....මොකක්ද බන් උබ මෙතෙන්ට එනව කියල කෝල් එකක්වත් දැම්මෙ නෑනෙ....නමල් තමා කිව්වෙ...ඇය කිව්ව.....මොකක් වෙලාද මන්ද බන් පෝන් එකේ නොම්මර ටික මැකිලනෙ...මම කිව්ව...නාමල්ගෙ නොම්මරේනම් මැකෙන්නෙ නෑ නේද....ඇය මට විහිලු කලා.....ටික වෙලාවකින් නාමල් ආව....නාමල් අලුත්ම කලිසමකුයි කමිසෙකුයි ඇදගෙන ඉන්නව මම දැක්ක....ශා අලුත්ම ඇදුම් ටිකක් අරගෙන තියෙන්නෙ මම කිව්ව.....ඔව් ඉතින් තාත්තට පින්සෙන්ඩු වෙලා ගත්ත....නාමල් එහෙම කිව්වම දැන් නාමල් ගේ තාත්ත බවට පත්වී ඇති මගේ තාත්ත ගැන මතක් උනා....ඔහු සාමාන්යෙන් අරපිරි මැස්මෙන් වැඩ කරන කෙනෙක් උනා....අතයාවස්ය දේකට හැර ඔහුගෙන් සල්ලි ගැනීම ඉතාමත් අමාරු කටයුත්තක් උනා....ඒ නිසා මටත් ඒ දවස්වල ගැටලු ඇතිවුනා....මම ආසකරන දේවල් මට ලැබුනෙ නෑ....මාව විශ්වවිද්‍යාලයට තේරුනාට පස්සෙ තමා ටිකක් හරි වියදම් කරන්නෙ.....ඒ අතින් ගත්තම නයෝමිගේ ගෙදර අය කොච්චර හොදද.....මට හිතුනා...තව කාලයක් යනකොට නාමල් ට අපේ ගෙදර එපාවෙයිද...මට ගැටලුවක් ඇතිවුනා.....කොල්ලො ටික තාම නෑනෙද....නාමල් නියම කොල්ලෙකුගේ හැසිරීමෙන් ඇහුව....මුන්ට වෙලාවට එන්න බෑනෙ....ඔහුකිව්ව....පොඩ්ඩක් ඉන්න එයි...මම කිව්ව...උබ මෙහාට වෙලා ලව් කරනව අපි අරහෙට වෙලා ඉන්නව....කොල්ලො ටික අපි අසලට ඇවිත් කිව්ව..ඒ අතරෙ තාරුකාත් හිටියා...හරි හරි දැන් යමු.මම ගීතානි තාරුකාට එකතුවුනා....නාමල් කොල්ලො ටිකත් එක්ක ගියා.....අපේ බෝඩිමට ගියගමන් නාමල්ගෙ විස්තරේ අනුව මම හොයාගත්තේ මගේ ඇද....මම කෙලින්ම ඒ ඇද උඩින් බෑක් එක තියල අනිත් අයගේ මුහුනු දිහා බැලුව....ඔවුන්ගේ මුහුනු වල වෙනසක් නැති නිසා මම තෝරගත්ත ඇඩ හරි බව වැටහුනා.....උදේ ඉඩන් ඇවිල්ල හරි මහන්සියි බන් නාගම්මුද....ඒකනම් හොද අදහස මම කිව්ව....ඒත් බෝඩිමේ බාත් රූම් එක කොහේද තියෙන්නෙ කියල මම දැනගෙන හිටියෙ නෑ....නාන ඇදුම් ටික තෝරගත්ත මම කෙල්ලො දෙන්න ඇදුම් මාරුකරන දිහා බලා හිටිය....මාත් දැන් මෙයාල වගේ කෙල්ලෙක් හින්ද කෙල්ලො ඇදුම් මාරු කරන දිහා බලා ඉන්න එක සාමාන්‍ය දෙයක් විදියට හිතුනා.....නයෝමිටයි තාරුකාටයි ඉස්සෙල්ල යන්න ඇරල මම පස්සෙන් ගියා.....ඒ දෙන්න එකටම බත්රූම් එක ඇතුලට ගියා මාත් එයාල අනුගමනය කලා....මේ ඔක්කොම එකට වෙන්න ඇති නාන්නෙ....මට හිතුනා......කැම්පස් එකේ කොල්ලොනම් නාන්නෙ ඇදුම් මොකුත් නැතුව...මෙයාල කොහොම නානවද දන්නෙ නෑ....ඔක්කොම ගලවන්න වෙයිද...මට ලැජ්ජාවක් ඇතිවුනා....
No comments:
Post a Comment