Tuesday, August 30, 2016


(නොපැතූ වාසනාව 19)....................................අම්මා මට ඇයගේ ඇඟලුම් කර්මාන්තශාලාවල වගකීම මට පැවරූ පසු ඒවා දියුනු කර ගැනීම මගේ වගකීමක්වුනා. මා සේවිකාවන් සමඟ සුහදව වැඩ කරන බැවින් ඔවුන්ගේ සහයෝගයද මට ලැබුනු නිසා ඒවා දිනෙන් දින දියුනුවෙන්න පටන්ගත්තා.මේ අතර අපේ ආන්යන අපනයන අන්සයේ කලමනාකරු වශයෙන් සේවයකරන නිලන්ත බන්ඩාර මට හොඳ සහායක් දුන්නා. නිලන්ත බන්ඩාර වයස විසි ගනන්වල කඩවසම් තරුනයෙක් වුනා. ඔහු කෙතරම් කඩවසම් වුවත් මම දැනුවත්ව කිසිම ගැහැණු ලමයෙක් සමග ඇගලුම් කමක් තිබුනෙ නෑ. අපේ විනෝද ගමන් සංවිධාන කරනවිට ඔහු සම්බන්ධ කරගන්නා ලෙස අම්මා නිතර කියන්න වුනා . ඔහු එතරම් විස්වාසවන්ත බව අම්මා තේරුම් ගෙන ඇතිබව මට වැටහුනා. එම ගමන් වල සංවිධාන කටයුතු හොදින් කරන අපි සැම තේරුම් ගෙන තිබුනා. ඔහුත් ඔහුගේ සහායට තවත් පිරිමි ලමුන් කිහිප දෙනෙකුත් එක්ක යෑම ඔහුගේ සිරිත වුනා. මේ ගමන තර තුර මට ඔහුත් සමග පුද්ගලිකව කතාකරන්න හම්බවුනා....ඔයාට ග්ර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් ඉන්නවද නිලන්ත.......එම කතාව අතර තුර මම ඇහුව.... අනේ නෑ මිස්..... මට කිව්ව.දැන් නිලන්ත බදින්න ඕනැ වයසනෙ... මම කිව්ව..ඔහුගේ මුහුන අදුරු වුන බව මම දැක්ක......ගෙදර ප්රශ්න තියාගෙන කොහොමද මිස් ඕව ගැන හිතන්නෙ.....මොනවද ඒ.. නිලන්ත කැමතිනම් කියන්න.....මම ඇහුව. අකමැත්තක් නෑ මිස්...ඒත් මේව කිව්ව කියල වැඩක් නෑ නේද? මගේ මේ ගැටලු හින්ද මිස් ගෙත් හිත රිදෙනවට මම කැමති නෑ.......මගෙ හිත රිදෙන්නෙ නෑ කියන්න...මම කිව්වම ඔහු විස්තර කියන්න ගත්තා. ඔහු අනුරාධපුර ප්රදේසයේ බවත් තාත්තාගේ පපුවේ අසනීප නිසා වැඩක් කර ගැනීමට නොහැකි බවත් එකම නන්ගීටද රැකියාවක් නොමැතිව සිටින බැවින් එම සියලුම බර ඔහු මත පැටවී ඇති බවත් පැවසුවා. සෑහෙන දුකට පත්වුන මම ගෙදර ආ පසු මෙම කතාව අම්මට කිව්ව.....අපි ඒ දරුවට මොකක් හරි උදව්ව්ක් කරන්න ඕනැ...අම්ම කිව්ව........නිලන්ත මට ආශයි ඔයාගෙ ගෙදර පැත්තෙ යන්න.......මම වැඩපොලේදී නිලන්තට කිව්ව.....ගොඩක් දුරනෙ මිස්ස්......ඔහු කිව්ව....දුර උනාට කමක් නෑ සැටඩේ යමු....මම කිව්ව....මෙම ගමනට අම්ම්ත් ආව....අපි ගියේ ඔහුට වැඩපලෙන් ලැබුනු වාහනයෙනි.ඔහුගේ නිවස පිහිටා තිබුනේ ඉතා දුස්කර පලාතකවූඅතර එම නිවසද ඉතා කුඩා එකක් විය......මම ඔහුගේ නංගී සමග කතා කරන විට ඇය උසස් පෙල දක්වා ඉගෙනගෙන ඇතිබවත් මැහුම් හදරා ඇතිබවත් . ගෙදර කව්රුත් නැති නිසා වැඩකට යෑමට නොහැකි බවත් පැවසුවා.....ඔවුන්ගේ අසරන කමත් නිලන්ත දක්ස අවංක පුද්ගලයෙකුත් නිසා ඔවුන් අපේ වැඩපල කිට්ටුව නවත්වා ගැනීමටත් නංගිටත් රැකියාවක් දීමටත් අපි තීරනය කර ගත්තා. මුලදී ඔවුන්ට කුලියට නිවසක් ලබා දුන්නා නංගිට සුපවයිසර් තත්වයේ රැකියාවක් ලබාදුන්න. නමින් මිල්මිනි වූ ඇය අවංකව වැඩ කිරීමත් අහිංසක චරිතයක් වූ නිසාත් ඇයද මගේ වයසේ පසුවූ නිසාත් ඇය මගේ ලගම හිතවතිය බවට පත්වූයේ නොදැනුවත්වමය.......නිල්මිනි අයියට කියන්න මේ පැත්තෙන් හොද ගෙයක් හරි ඉඩමක් හරි බලන්න කියල.........අපිට ගන්න. දවසක් මම නිල්මිනිට කිව්ව....පහුවදා නිලන්ත මා ලගට ඇවිත්.....මිස් පචස් කීයක ඉඩමක්ද බැලුවෙ...මගෙන් ඇහුව...හොද ගෙයක් හදා ගන්න තැනක්....මම කිව්ව.පචස් දහයක්වත් තියෙන්න ඕනැ.. මම කිව්ව. ඔහු ඉඩම් කීපයක් බලල තිබුන අපි හොඳ ඉඩමක් තෝරගෙන ඒක නිලන්තගෙ නමට ගන්න තීරනය කලා නිලන්තවත් නංගිටවත් ඒ ගැන කිව්වෙ නෑ.....නිලන්ත ඒ ඉඩමෙ ගෙයක් හදන්න ඔයා කැමති විදිහට සැලැස්මක් හදාගෙන එනවද....මම නිලන්තට කිව්ව.....මිස් අයිය කියනව මැඩම්ල හදන ගේ අයියගෙ කැමැත්තට හදල හරියනවද කියල.....නිලන්තගෙ නංගි කිව්ව. මේක හදන්නෙ අපිට නෙවෙයි ලමයො ඔයාලට....මම කිව්ව.....මම දැක්ක නිල්මිනිගෙ අහින්සක මුහුණ ප්රීතියෙන් පිනායනව...ඔහු කුඩා නිවසක සැලැස්මක් ඇදගෙන ආ බව දැක්ක මම ඒක විසිකර දැම්ම.....මොකද්ද නිලන්ත ඕවෑ ඉන්න පුලුවන්ද අදු ගානෙ තට්ටු දෙකක් තියන ලොකු ගෙයක සැලැස්මක් හදන්න. හරියන්නෙ නෑ මායි ඔයයි නන්ග්යි තුන්දෙනාම සැලසුම් සිල්පියව හන්බවෙමු........මම කිව්ව....අපි ට ඇයි මිස් ඔය තරම් වියදම් කරන්නෙ....නිලන්ත ඇහුව....වියදම් ගැටලුවක් නෑනෙ ඔයලට ගෙයක්නෙ ඕනෙ...මම කිව්ව.මෙම නිවස ගොඩනැගීමට කොන්ත්‍රාත් දුන්න අතර එය බැලීම නිලන්තගේ තාත්තාගේ අතින් ඉටුවිය. මේ අතර අපේ ඇසුරද වැඩිවිය........නිල්මිනි ඇයි ඔයාගෙ අයියට තාම ග්ර්ල් ෆ්රෙන්ඩ් කෙනෙක් නැත්තෙ...අනේ මන්ද මිස් එයා කවදාවත් ඔවගෙ දේවල් වලට ගියෙනෑ....නිල්මිනි කිව්ව....අයිය විතරක් නෙවෙයි නංගිත් ඒ වැඩවලට කැමති නෑවගේ.....මම හිනාවෙමින් කිව්ව.....දැන් ඔයාලගෙ වයසත් හරි මොකක් හරි කරගන්නත් ඕනැ නේද.....මම එහෙම කියනවිට ඇය ලජ්ජාවෙන් ඇබරෙන බව දැක්ක. මට ජීවිත්යේ පලවෙනි සැරේට ගැහැනියක් වසයෙන් පිරිමි කෙනෙක් ගැන යම් හැගීමක් පහලවෙන්න ගත්ත. ඔහු මා අසල සිටිනවිට මට මහත් ආරක්ශාවක් ඇතිබව තේරුනා. එහෙත් මගේ හිතතුල ඇති හැගීම කියන්නේ කෙසේද?........දුව හැමදාම ඔහොම ඉන්නත් බෑනෙ ඩොක්ටත් කිව්වනෙ ඉක්මනින් දරුවෙක් හදාගන්නත් කියල මම කල්පනාකලේ ඔයාට කටයුත්තක් හොයල දෙන්න.... දිනක් අම්මා මට කිව්ව. නිලන්ත ගැන මගේ හැගීම අම්මට කියන්නෙ කෙසේද ඔහු අපේ සේවකයෙක් හින්ද මේකට කැමති වෙයිද?..මම කල්පනා කලා.ඔයා කැමති කෙනෙක් ඉන්නවනම් කියන්න.....අම්මා මෙහෙම කිව්වෙ මගේ හිත දැනගෙනද?...එහෙත් මම එකවරම කිසිවක් කියන්න ගියේ නෑ.අපේ වැඩපලේ නිලන්ත කියන්නෙ හොද අවංක වැදගත් කොල්ලෙක් දුව කැමතිනම් මම කතාකරන්නම්.......එගේ මෙම කතාව මගේ හිසේ මලක් පිපුනා මෙන් වුනා..අම්මගෙ කැමැත්තක් අම්මෙ...මම ලැජ්ජාවෙන් කිව්ව........පසුවදා මම නිදහස් වෙලාවක නිලන්තව හම්බවුනා.....නිලන්ත ඔයා කැමති නැද්ද ලස්සන සල්ලිකාර කෙල්ලෙක්ව බැඳගන්න.....මිස් මට විහිලු කරනව කවද මන් වගේ කෙනෙකුට ඕවගේ කෙල්ලො දෙන්නෙ. අයි ඔයාට මොනවද අඩු....මම කිව්ව. ඔව් ඉතින් මිස්ලට පින්සිද්ද වෙන්න ගෙයක් නම් හම්බවුනා.....ඉතින් කෙල්ලෙකුත් හම්බවෙයි....මම කියනවිට ඔහුට ලැජ්ජ හිතුන කියල දැනුන.....අපේ අම්ම කිව්ව ඔයාට මෙහෙ ඉන්න ලස්සන කෙල්ලෙක්ව කතාකරනව කියල....මම කිව්ව...මෙහේ එක්කෙනෙක්....පුදුමෙන් මා දිහා බැලූ ඔහු...කව්ද අප්පේ ඒ කෙල්ල.....කිව්ව. කතා කලාම බලමුකෝ...මම කිව්ව.....ඒ එක්කම නිල්මිනිද අපි ගාවට ආව.....නන්ගි මේ මිස්ස් කියනව මැඩම් මට මේ ෆැක්ට්රියෙ වැඩ කරන කෙල්ලෙක්ව කතා කරන්න යනව කියල....නිලන්ත කිව්ව. ඇත්තද මිස්...නිල්මිනි ඇහුව. නිලන්ත ගියාට පස්සෙ මම නිල්මිනිට කතා කලා....ඔයා දන්නවද අපේ අම්ම ඔයාගෙ අයියට කතා කලේ කාවද කියල...අම්ම ඇහුව මගෙන් නිලන්තට කැමතිද කියල. කැමතිනම් කතා කරන්නම් කියලත් කිව්ව. මම මොකුත් කිව්වෙ නෑ. අම්මගෙ කැමැත්තක් කිව්ව.....ඔයා දන්නවද ඔයාගෙ අයිය බැදගන්න කෙල්ල හරි වාසනාවන්තයි කියෙල.මම නොකියා ඇයගේ අයියට කැමති බව එසේ හැගවූවා.... අපේ අයිය ඒ තරම් වාසනාවන්තද මිස්.........ඇයට කිසිවක් කියා ගැනීමට නොහැකිව ටික වෙලාවකින් එසේ පැවසුවා.....

No comments: