(අත්භූත වලව්ව 37)....................... .................ආපහු අපි කාමරේට ආවට පස්සෙ මම දැක්ක කෙල්ලො දෙන්න එයාලගෙ ඇදුම් බෑක් වලට අසුරනව....නයෝමිගෙ බෑක් එකේ මොනව තියෙනවද දන්නෙ නැති මම ඒක ඇදල බලන්න හිතුනා. මම එයාගෙ ඇදුම් බෑක් එකේ තිබුන ඇදුම් එකින් එක එලියට ඇද්ද. මම දැක්ක නයෝමි එනකොට ඇදගෙන ආව ඇදුම් ටික වෙනම දාල තියෙනව....ඒ ටික එහෙමම බෑක් එකට දැම්ම.....හොදට නවල තිබුන ඇදුම් ටික එලියට ගත්ත. දිග ඇරල බැලුව. සායකුයි බ්ලවුස් එකකුයි තිබුන....ඒ එක්කම බ්‍රා එකක් යට සායක් තිබුනා...මෙයා මේටික තමා යනකොට අදින්න කිව්වෙ කියල මතක්වුනා...ඒ ඇදුම් ටික පැත්තකින් තියාගත්ත....තව අදිනකොට ඉටි උරේක දාල තිබුන යම් දෙයක් දැක්ක.. ඒක බැලුවම ගැහැනු අයට අවශ්‍යය පෑඩ් වගයක් කියල තේරුනා....දැන් කොයි වෙලාවෙ හරි මටත් මේව ඕනැවෙයි....මට හිතුනා.....බෑක් එක අදින කොට මට තේරුනා ගැහැනු කෙනෙක් ගමනක් යනකොට පිරිමියෙකුට වඩා ඇදුම් ඕනැකියල. සියල්ල පරීක්ෂා කල මම බෑක් එක ලෑස්තිකරගත්ත. මීලගට මට පරීක්ශා කිරීමට අවශ්‍යය උනේ නයෝමිගේ අත්බෑක් එකයි....එය අතට ගත්ත මම ඒකෙ තිබුන දේවල් එලියට ඇද්ද...සල්ලි පර්ස් එකත් ඒකෙ තියෙන බව දැක්ක..ඒක බැලුවම සල්ලි වගයක් තියෙන බව දැක්ක...නයෝමිගේ මග වියදම් වෙන්න ඇති හිතුව මම ඒ මුදල් ගනන් කලේ නෑ....ඇගේ අයි ඩී එක කැම්පස් අයි ඩී එකත් තිබුනෙ ඒකෙ. පර්ස් එක නැවත බෑක් එකට දාල තවත් පරීක්ෂා කලා . ඇගේ කොන්ඩයට අවස්ය කටුවර්ග පනාව.අත් කන්නාඩිය දාල තිබුනෙ ඒකෙ....තව පැනඩෝල් වගේකුත් ඒකෙ තිබුන...නයෝමිට නිතර අසනීප වෙනවද දන්නෙ නෑ බේත් දාගෙන තියෙන්නෙ...මම කල්පනාකලා....මූන ලස්සන කරන්න අව්සය පවුඩර් වගයකුත් තිබුන....අනේ මන්ද මේව කොහොම පාවිච්චි කරනවද කියල....දැන් බලනකොට කෙල්ලෙක් වෙන එකත් ලේසි නෑ...කොල්ලන්ටනම් ඇදුම් කෑලි දෙක තුනක් තිබුනනම් හොදටම ඇති....ඒත් දැන් කෙල්ලෙක් බවට පත්වෙලා ඉන්න මට කොල්ලො වගේ ඉන්න බෑ.....දැන් නයෝමිටනම් මට තියෙන ගැටලු නැතුව ඇති.නාමල් කාලෙ මට එච්චර ඇදුම් තිබුනෙ නෑ කොල්ලන්ට මේකප් ඇත්තෙත් නෑ....ඒත් එයාට මුහුනෙ රැවුල කපාගන්න එක ගැටලුවක් වෙයි කියල හිතුනා..මම පාවිච්චි කල රේසරය ඇති ඒකෙන් එයාට රැවුල කපාගන්න පුලුවන් වෙයිද. රැවුල කපන්න ගිහිල්ල මූනත් කපාගනීද දන්නෙ නෑ....මට යම් බයක් හිතුන.මොකක් හරි ගැටලුවක් ආවොත් එයා මට කතාකරයිනෙ....මම කල්පනා කලා......මේ ඔක්කොම ගැටලු ඇති වෙන්නෙ සීය මොකුත් කලේ නැත්නම් කියල මට හිතුනා....අපි රෑ කෑම අරගෙන නිදාගන්න කාමරවලට ගියා....මට අදත් නිදාගන්න ලැබුනේ ඇදේ එලියේ කෙලවර.ගීතානි මගෙ ගාව නිදාගත්තා....දැන් නිදා ගත්ත වගේ නෙවෙයි....සීයගෙ ගැටලුව විසදගන්නත් වෙනව කියල කල්පනාවුනා....ඉස්සර උඩ කාමරේ හිටිය කොල්ලට වගේ මටත් සීය අනතුරක් කරයිද දන්නෙ නෑ....ඒ හින්ද මේ දෙන්නට නින්ද ගියාට පස්සෙ සීය හම්බවෙන්න හිතාගත්තා......ඉස්සෙල්ල දවසෙ වගේ රෑ එකොලහ විතර උනා....කෙල්ලො දෙන්නට නින්ද ගිහින් වගේ කියල දැකගන්න ලැබුනා...මම හිමින්සැරේ ඇදෙන් නැගිට්ට....එයාල ඇරෙන පාටක් නෑ කියල දැක්ක.....කාමරේ දොර ඇරගත්ත....උඩ තට්ටුවට යන්නෙ නැතුව කාමරේ පිට ඉදන් සීයේ කියල හිමින් කතාකලා.කිසිම හඩක් ආවෙනෑ....ආයෙත් කතාකලා...කිසිම ප්‍රතිචාරයක් නෑ කියල තේරුනා.....උඩ තට්ටුවට යන්න වෙයිද කියල හිතුනා....මම අඩ අදුරෙම තරප්පු පෙල ගාවට ගියා.....ඒත් උඩට යන්න බය හිතුනා. ඉස්සරනම් උඩට යන්න එච්චර බයක් දැනුනෙ නෑ...ඒත් දැන් මම කෙල්ලෙක් හින්ද අමුතු බයක් හිතට දැනෙන්න ගත්ත....කොයි තරම් බය හිතුනත් මම කරන්න ඕනැ දේ සීයගෙන් අහගන්න වෙනව....මේ කරුවලේ උඩට යන්න බැරි හින්ද නයෝමි පාවිචිචි කල පෝන් එක අතට ගන්න ආයෙත් කාමරේට ගියා... පෝන් එක අතට ගත්ත මම ආයෙත් කාමරෙන් එලියට ගියා......පෝන් එකේ එලියෙන් තරප්පු පෙල නැග්ග....ඒත් වෙනදට වඩා හිතට බයක් දැනුනා.....තරප්පුව නගින ගමන් සීයට කතාකලා ඒත් හඩක් ඇහුනෙ නෑ.....උඩ තට්ටුවට නැග්ග....අර ගැහැනු ලමය මැරිල හිටිය කාමරේ ඇතුලට යන්න ඕනැ කියල මට හිතුනා.....මොකටද ඒකට යන්නෙ කියල හිතුනත් මා නොදැනුවත්වම කාමරේ දිහාට යැවුනා.....කාමරේ දොර ඇරියා......කෙල්ල මැරිල හිටිය හැටි මගේ ඇස්දෙක ඉදිරියේ මැවෙන්න උනා.....මොකක්ද මට මේ වෙන්න යන්නෙ......
No comments:
Post a Comment