(අත්භූත වලව්ව 40).................................මම නයෝමි වගේ ඇද පැලද ගත්තහම ලස්සන කෙල්ලෙක් වගේ හැඩයි කියල තේරුණා ..කන්නඩියෙන් ඇගේ හැඩ ටිකක්වෙලා බැලුව....අද මට කෙල්ලෙක් විදියට ඕනැතැනක යන්න පුලුවන් මගේ හිතට අමුතු සතුටක් දැනෙන්න ගත්තා....අපි තුන්දෙනා ලෑස්තිවෙලා එලියට යනකොට කොල්ලොටික ඇදගෙන අපි එනකන් බලා ඉන්නවා දැකගන්න ලැබුනා....අපෝ ඔයාලට ලෑස්තිවෙන්න ගියාම කොච්චර වෙලා යනවද...අනුර කිව්ව. ....කෙල්ලොනෙ බන්.....නාමල් අපිට අපහාසයෙන් වගේ කියනව ඇහුනා....ඒකට කොල්ලො හැමදෙනාම හිනාවුනා.....නයෝමි කොල්ලෙක් උන මේ ටික කාලෙට මුල අමතක වෙලානෙ මෙයා හිතාගෙන ඉන්නෙ එදා ඉදම්ම කොල්ලෙක් වෙලා හිටිය කියලනෙ....මම නයෝමිගේ වෙනස්වීම ගැන කල්පනාකලා.....එක අතකට ඒකත් හොදයි එතකොට එයාගෙ අතීත ගැහැනුකම අමතක වෙනව. මමත් එහෙම අතීත පිරිමිකම අමතක කරගන්න ඕනැ....අපි පිටත් වීමට ලෑස්තිවෙලා ආච්චිට වැදල ආච්චිගෙන් සමුගත්ත.....පාරට යන්න කිලෝමීරරයක් විතර පයින් යන්න උනා.....අපි සතුටින් ය්නකොට වැඩි මහන්සියක් නැතුව පාරට ලගාවුනා.....නෙලුව ටවුමට යන්න බස් එක එනකන් බලා හිටියා.....ටිකවෙලාවකින් බසෙක ආව. සෙනග හිටිය හින්ද අපිට යන්න උනේ හිටගෙන.....ටිකක් දුර යනකොට නාමල් ගාව සීට් එක හිස්වුනා....නයෝමී....නාමල් මට කතා කරනව ඇහුනා....මෙතැනින් වාඩිවෙන්න...ඔහු මට කිව්ව...අපි හැමෝම හිටගෙන යන හින්ද ඉදගන්න කැමති වුනේ නෑ...ඒත් නාමල් මට ඉදගන්න වද කලා... මම වාඩිවුනා.....නාමල් දැන් කොල්ලෙක් හින්ද එයා මම වගේ කෙල්ලෙකුට සීට් එක දෙන්න ඇති කියල ....සීට් එකේ වාඩිවුන මම කල්පනා කලා.....ටික වෙලාවකින් මම ගාව සීට් එකත් හිස් උනා. නාමල් ගීතානි හරි තාරුකා හරි හොයනබව තේරුනා...ඒ දෙන්නම වාඩිවෙලා කියල දැක්ක ඔහු මාගාවින් වාඩිවුනා.....දැන් අපිට ගෙවල් මාරුකරගන්නනෙ වෙන්නෙ.....කොහොමද ඒක කරන්නෙ....ඔයාට අසනීප උන හින්ද ඒ මාර්ගයෙන් මම ඔයව මගේ ගෙදරට එක්ක යන්නම්. ..එතකොට ඔයා අපේ ගෙදර යන්නෙ කොහොමද...මම ඔයාගේ ගෙදර දැන් දන්නවනෙ අවුලක් වෙන එකක් නෑ...ඔහු කිව්ව....ගැටලු ඇතිවුනොත් අපි දෙන්න කතා කරගම්මු....ඔයා පෝන් එක නිතර ලගින් තියාගන්න....මාත් තියාගන්නම්....ඔහු කිව්ව....මට අම්ම තාත්ත ආයෙත් හම්බවෙන්නෙ නැති එකට හිතට දුකක් ඇතිවුනා....ඒත් මට ලැබුන ගැහැනු කම ගැන හිතෙනකොට ඒ දුක තුනීවුනා.....නෙලුවෙන් බැස්ස අපි රත්නපුරේ බස් එකේ නැග්ග. රත්න පුරේදි අපි කිහිපදෙනාට වෙනවෙනම බස්වල යන්න සිද්ද වුන හින්ද අපි එකිනෙකාට සමුදුන්නා.....නාමල් මාව ඇරලවන්න යන බව කිව්වම හැමෝම අපිට විහිලුකලා.....ඒත් නාමල් මාත් එක්ක ආව.....නයෝමි ජීවත් උන ගේ අපේ ගෙදර තරම් ඇති කියල මට තේරුනා....අපි ගෙදරට යන්න ඉස්සෙල්ල ගෙවල්වල විස්තර දෙන්නම හුවමාරු කරගත්ත....එයාගෙ ගෙදර විස්තර අයියල ගැන අම්ම තාත්ත ගැන සම්පූරන විස්තරයක් දුන්න....අමතක වෙයි කියල සමහර දේවල් ලියාගන්නත්වුනා....ඒ අතරෙ අපේ සමානය පුරුදුත් හුවමාරු කරගත්ත......මාව ගෙදරටම ගිහින් ඇරලුවෙ නැතත් නාමල් මාව ගේ ගාවට ගිහින් ඇරලුවා......නාමල් අපේ ගෙදෙට්ට ගියගමන් කෝල් එකක් දෙන්න කියල මම කිව්ව......මම නයෝමි වගේ නයෝමිගේ ගෙදරට ගියා......නයෝමිගේ අම්ම දොර ඇරිය.....ඇය සුදු මිටි තැනැතියක් උනා....ඇයත් නයෝමි වගේ හැඩයි කියල මට හිතුන. කොටිම්ම කියනවනම් ඇය මගේ අම්මට වඩා ලස්සනයි කියල මට තේරුනා.....කවද්ද දුවේ නිවාඩු දුන්නෙ....ඊයෙ අම්මෙ....අද උදේ ඉදම්ම බස්වල එනව හරි මහන්සියි අම්මෙ...කිව්ව මම නයෝමි කිව්ව විදියට මගේ කාමරේ හොයාගත්ත.....ඒකෙ දොර ඇරගත්ත මම ඇතුලට ගියා.....නයෝමි නිදා ගත්ත ඇදේ බෙඩ් සීට් එකක් නැතිබව මම දැක්ක මේකෙ බෙඩ් සීට් කොහේද දන්නෙ නෑ ඇත්තෙ......ඇදගෙන ආව ඇදුම් ගලවන ගමන් කල්පනා කලා.......මම දැක්ක නයෝමිගේ නයිට් ගවුමක් රාක්කෙ වනල තියෙනව....මම ඒක ඇද ගත්ත......අල්මාරිය ඇතුලෙ තව ඇදුම් ඇති කියල හිතුව මම අල්මාරිය ඇරියා.....ඇදුම් වගයක් තියෙනව දැක්ක ....මොනවගේද කියල රෑවෙලා බලනව හිතාගත්ත මම අල්මාරිය වැහුව.....ටික වෙලාවකින් රෙදිවගයක් අරගෙන අම්ම කාමරේට එනව දැක්ක.....මේ බෙඩ් සීට් එකයි කොට්ට උරටිකයි දාගන්න දුවේ.....ඇය කතාකරන කොට මගේ අම්මට වඩා කරුනාවන්ත බවක් දැනුනා......හොදයි අම්මෙ කිව්ව මම තාත්තයි අයියල දෙන්නයි තාම ආවෙ නැද්ද අම්මෙ මම ඇහුව......එයාල එනකොට රෑවෙනවනෙ දුවේ.....අම්ම කිව්ව.....ඊයෙ සුදු පුන්චිල ආවනෙ.....දුව ඇහුව ....මම කිව්ව හෙට එයි කියල.....සුදු පුන්චි දුවව බලන්න ඉන්නත් හදල මොකක්ද වැඩක් කියල ගියා.....කාලෙකින් දැක්කෙ නැති හින්ද එයාට ඔයාව බලන්න ආස හිතෙන්න ඇති.....හෙට අනිද්ද එහාට ගිහින් එමු...අම්ම යෝජනා කලා......කවුද මන්ද මේ සුදු පුන්චි.....නාමල්ගෙම්ම තමා අහගන්න වෙන්නෙ....මම කල්පනා කලා.......
No comments:
Post a Comment