(අත්භූත වලව්ව 31)....................................මම දන්නව ඉස්සෙල්ලවගේ දැන්මට කොල්ලෙක් වගේ හැසිරෙන්න බෑ කියල....පුලුවන් තරම් නයෝමි වගේ හැසිරෙන්න ඕනැ....මම ඇයගේ චරිතය අනුගමනය කිරීමට උත්සාහගත්තා...මේ අතර නාමල් මගේ පිරිමි චරිතය අනුගමනය කිරීමට උත්සාහ ගන්නාබව දැකගන්න ලැබුනා...සමහර වෙලාවට මම කරන විහිලු ඔහු කරන බව දැක්ක....අපි දෙදෙනාගේ වෙනස්කම කිසිවෙකුට නොතේරීම අපේ වාසනාවක් වුනා....අපි තේබීල මිදුලේ තිබුන කොහොබ ගහයට පුටුතියාගෙන ඉදගෙන කතාකරමින් හිටිය....මචන් නාමල් මේ ගෙදර ඇත්තටම හොල්මන් තියෙනවද බන් ..අනුර මම වගේ ඉන්න නයෝමිගෙන් ඇහුව....නයෝමි මම දිහා අමුතුවිදියට බලල...තියෙනව........මම උබල බයවෙයි කියල කිව්වෙනෑ.....එකවරම කිව්ව...ඒකතමා මම කිව්වෙ මේක භූත බන්ගලාවක් කියල....ගීතානි කිව්ව.....ඒ උනාට මේක භූත බන්ගලාවක් නෙවෙයි භූතයො ටික මෙහාට ආවට පස්සෙයි භූත බන්ගලාවක් උනේ....ඒ කොහෙන්ද බන් ආවෙ...හේශාන් ප්රස්නකලා.....නයෝමි මම වගේ ඉදගෙන මොනවද මේ කියන්නෙ...මට ගැටලුවක් ඇතිවුනා...මම ඔහු දෙස බලාහිටිය....නුවර ඉදන් මෙහාට ආව භූතයො හින්ද තමා...ඒකට භුතියො තුන්දෙනෙකුත් එකතුවෙලානෙ..නාමල් සිනාසෙමින් කිව්ව.....එතකොට අපියි භූතයො.....අනේ පලයන් බන් යන්න....මෙහෙ ඇති බූතයෙක් නෑ අනුර...මම කිව්ව.....ඒ උනාට උඹල රෑට කොන්ඩෙ කඩාදාගෙන ගේ පුරා ඇවිදින්න එපා. අපේ කොල්ලො ටික බයවෙයි....නාමල් අපි දිහාබලාගෙන කිව්ව....මේකී කොල්ලෙක් උනාට පස්සෙ කෙල්ලො භූතයන්ට ගනන්ගත්ත නේද?...අශ්වයන්ට අන් ආවවගේ මේකිත් පිරිමිකම ආයුදයක් කරගෙන කෙල්ලො පහත්කරල සලකයිද දන්නෙ නෑ....මට සියුම් සැකයක් මතුවුනා.....මෙයා පිරිමියෙක් වෙලා තාම පැය කීයද මේ ටිකවෙලාවට මෙහෙමනම් කාලයක් යනකොට කොහොම හිටීවිද....මම කල්පනා කලා....ආපහු හැරෙන මන්තරේ කරල ආපහු මාරුවෙනවද....ඒත් මට එහෙම කරන්න හිතනෑ....මට දිගටම කෙල්ලෙක් වෙලා ඉන්න ඕනැ....මේ ජීවිතේ හරිම සුවදායකයි....මම ආපහු නොහැරෙන්න තීරනය කලා....මම නයෝමිගේ යෙහෙලියන් අතර සිටිනවිට අමුතුලොවක සිටිනවා සේ දැනෙන්න විය ....කවදාවත් මෙතරම් ලගින් ගැහැනු ලමුන් ඇසුරු කර නැති මට මෙය අලුත්ම අත් දැකීමක් විය.....සවස විනෝදයෙන් කෙලිදෙලෙන් ගතකල අපි රාත්රී කෑම ගත් පසු.....අපි හෙට යමුද දැන් දවස් දෙකක් විතර හිටියනෙ...ගීතානි...අපෙන් ඇහුව.....යමු නේද කොල්ලො ටිකත් එකඟවුනා.....මම දැන් කොහොමද ගෙදර යන්නෙ මට දැන් යන්න වෙන්නෙ නයෝමිගේ ගෙදර.....නයෝමිට යන්න වෙන්නෙ අපේ ගෙදර.....අපි දෙන්නට මේ ගැටලුව විසදගන්න වෙනව. එකපාරට හෙට ගියොත් ගැටලුවක් වෙනව....හෙට නාමල් එක්ක කතාකරගෙන මොකක් හරි කරනව....බැරිම උනොත් ආපහු මාරුවෙනව...හිතාගත් මම....හෙටත් මෙහෙ ඉම්මු බන්...මේ පරිසරය දාල යන්න හිතෙන්නෙ නෑ බන්..මම කිව්ව. හා හා අපි දන්නව උඹේ පරිසරය වෙනස්වීගෙන එනබව....තාරුකා කිව්ව...මොකක්ද ඒ කිව්ව එකේ තේරුම....තේරුමද තේරුම තමා නාමල් එක්ක ......ඇයට කියන්න ලැබුනේ එපමනයි .ඔය ඕනැ නැති කතා කියන්න එපා අපේ අතරෙ එහෙම එකක් නෑ....මම ඇයට කියනගමන් හිමින් ගැහුව....ඔව් ඌ ඉතින් උබේ ප්රැක්ටිකල් පාට්නර් නෙ මට හිතෙන්නෙ ටිකෙන් ටික ලෛෆ් පාට්නර්ත් වෙයි කියල.....ගීතානි සිනාසෙමින් කිව්ව....ඔව් ඔව් පාඩුනෑ ලොකු තේ වත්තක හිමිකාරිනියක්.....තාරුකා කිව්ව....උබලට පිස්සු බන්...... මම ඇදේ තිබුන කොට්ටෙ අරගෙන ඒදෙන්නට ගැහුව....මම හෙට යෑමට අකමැතිබව ගීතානි .අපේ පිරිමි යහලුවන්ට කිව්ව.....ඒ මොකද බන් නයෝමිට මෙහෙ නවතින්නවත් හිතිලද..හේශාන් ඇහුව. ආව එකේ දවස් දෙක තුනක් ඉදල යමුකො ....මම ඒකයි කිව්වෙ....අපිටනම් ගැටලුවක් නෑ....ගීතානි තාරුකා මොකද කියන්නෙ....කැමතිනම් ඉම්මු..තාරුකා කිව්ව..හෙට දවසෙත් මෙහෙ නවතින්න ඔවුන් කැමතිවීම ගැන මට සතුටක් ඇතිවුනා....හෙට මට නාමල් එක්ක කතා කරල මොකක් හරි තීරනයක් ගන්න පුලුවන්......එයාගෙ ගෙදර සම්පූරන විස්තරේ ගත්තම මට කෙලින්ම එහාට යන්න පුලුවන්...මම එසේ සිතාගත්ත.....මට මේ උදව්ව කලාට සීයට ස්තූති කරන්න ඕනැ කියල මට කල්පනාවුනා.....ඒකට සොල්දරේ උඩට යන්න ඕනැ කියල මම දන්නව....ඒත් සීය දැන් මාව අඩුනගනීද...මට සැකයක් ඇතිවුනා...ඒත් ගිහින් බලන්න ඕනැ....ලැට් එකට යනව කියල හිමින් යනව...ගීතානී මම ලැට් එකට යනව...මම කාමරෙන් පිටවෙන්න හදනකොට ඔහොම හිටහන් මාත් එනව....ගීතානි මාපස්සෙන් ආව....ඇයි උඹටත් යන්න ඕනැද....මම ඇහුව....නෑ මේ රෑවෙලා ගැහැනු ලමිස්සියො තනියම ලැට් ගානෙ යනවද?...ඇය ප්රස්නකලා...මට තනි නෑබන් මම තනියම යන්නම්....ඒත් ඇය මගේ තනියට පැමිනීම නිසා මගේ සැලැස්ම හරිගියේ නෑ.....
No comments:
Post a Comment