Thursday, August 18, 2016


(අත්භූත වලව්ව 41).........................................මට නමල් කියල තිබුන සාලෙ තියෙන පොටෝවලින් අයියල දෙන්න අදුන ගන්න කියල ලොකුඅයිය පොඩි අයියට වඩා කෙල්ලුයි කියල කිව්ව....දැන් ඒ දෙන්නම එනකන් ඉන්න වෙනව ඒදෙන්නව අදුන ගන්න...මම සාලෙට ගිහින් අයියලගේ පොටෝ දිහා බලාගෙන කල්පනා කලා....මම කුස්සිය පැත්තට යනකොට අම්ම තේ හදනව දැක්ක....තේ එකක් හැදුව දුවේ ආව ගමන් මහන්සිත් ඇතිනේ...අම්ම කිව්ව....අම්ම බිස්කට් එක්කතේ එකක් හදල දුන්න..මම තේ බොනකොට වහනයක හඩක් ආව..තාත්ත ආවවගේ කිව්ව අම්ම එලියට ගියා මාත් තේ බොන ගමන් අම්මත් එක්ක ගියා.....කෙස් සුදුවෙලා තිබුන තල එලලු ප්රසන්න පුද්ගලයෙක් වාහනයෙන් බැස්ස....මෙයා වෙන්න ඇති නයෝමිගේ තාත්ත...මට හිතුනා.... තාත්ත වහනයෙන් බැහැල......පාර්සල් වගයක් ගන්නව දැක්ක.....එක පාර්සලයක් මට දීල මගේ හිස අතගාල කොයිවෙලාවෙද දුවේ ආවෙ.....මගෙන් ආදරෙන් ඇහුව.....දැන් ටිකක්වෙලා තාත්තෙ.....මේ නයෝමිගේ තාත්තද වෙන කෙනෙක් ද දන්නෙත් නෑ ..ඒත් මට තාත්තෙ කියවුනා...වෙන කෙනෙක් නම් හරිවැඩේ වෙන්නෙ මට බයක් ඇතිවුනා...ඒත් ඔවුන්ගේ කිසි වෙනසක් තිබුනෙ නැති හින්ද තාත්ත බව මට වැටහුනා....අනිත් පාර්සල් ටික අම්මගෙ අතට දීල....කවද වෙනකන්ද කැම්පස් නිවාඩු ..මගෙන් ඇහුව....තව සති දෙකක් විතර නිවාඩු.....මම කිව්ව....අයියල එනකොට තවත් රෑවෙනව ඇති ...මම කල්පනා කලා......අම්ම කෙලින්ම කුස්සියට ගිහින් තාත්තට තේ හදන්න හැදුවා.....නයෝමි ගෙදර ඉන්නකොට කුස්සියෙ වැඩ කරන්නෙ නැද්ද දන්නෙ නෑ....පොඩ්ඩක් අහල බලන්න ඕනැ....මම පෝන් එක අරන් කාමරේ ඇතුලට ගියා....නාමල් තාත්තනම් ස්විප්ට් කාර් එකකින් ආව.....අයියල තාම නෑ.....මේ ඔයා ගෙදර ඉන්න කොට කුස්සියෙ වැඩ කරනවද....මම ඇහුව....අමට ටිකක් උදව්වෙනව...ඇයි...නාමල් ඇහුව...ඔයා ඒ දවස්වල වැඩ කරනවනම මට නිකන් ඉන්න බෑනෙ නාමල් මම කිව්ව.....මට නම් ටිකක් උයන්න පුලුවන් ඔයාට බෑ නේද....ඒහින්ද අම්මට ටික ටික උදව් වෙන්න....කිව්ව නාමල්....කෙල්ලො උනා ම ඔහොම තමා ගෙදර වැඩත් කරන්න වෙනව....පිරිමි අපි වගේ නෙවෙයි.....නාමල් මට විහිලු කලා.....දැන් ඔයාගෙ තත්වෙ කොහොමද.....තත්වෙ හොයාගන්න ගෙදෙට්ට යන්න ඕනැනෙ....මම ඔයා කියපු විදියට තාම යනව.....නාමල් කිව්ව...දැන් ඇදිරි වැටීගෙන ආවත් එයා දැන් කොල්ලෙක් හින්ද ගැටලුවක් වෙන්නෙ නෑ....මම කල්පනා කලා....මට තමයි දැන් ඉතින් ඒවගේ වෙලාවලට තනියම කොහේවත් යන්න බැරි....ඒ වුනාට කමක් නෑ මම මේ ජීවිතේට කැමතියි......මම සතුටින් පපුව මත අත තියාගත්තා.....මම ආයෙත් කුස්සියට ගියා.....අම්ම රෑට උයන්න පොල්ගාන්න ලෑස්තිවෙනව දැක්ක.....දෙන්න අම්මෙ....මම හිරමනේ ඉල්ල ගත්ත......මම පොල්ගාන්න ලෑස්ති වෙනකොට....අනේ.. අනේ.. දුව කැම්පස් ගියාට පස්සෙ පොල්ගාන්න ඉදගන්න හැටිත් මතක නෑ නේද?...හරියට කොල්ලෙක් වගේනෙ ඉදගෙන ඉන්නෙ.....මට මතක් උනා ඉස්සර අම්මට පොල්ගාල දෙන්න ඉදගන්නෙ හිරමනේ කකුල් දෙක දෙපැත්තට දාගෙන කියල...අද කෙල්ලෙක්වුන මම ඉදගෙන ඉන්නෙත් ඒ විදියට කියල තේරුනා...මම ඉක්මනට කකුල් දෙක එක පැත්තට දාගෙන කෙල්ලක් වගේ වාඩිවුනා.....අම්මෝ තව මොන මොන වැරදි අහුවෙයිද මන්ද.....මම කල්පනා කලා.....අදුර වැටුනට පස්සෙ ඇයියල දෙන්න ආව බව තේරුනා..එයාල ආවෙ මෝට සයිකලේ..නාමල් කිව්ව වගේ එක්කෙනෙක් කෙට්ටුයි එයා තමා ලොකු අයිය මහත එක්කෙනා පොඩිඅයිය කියල මට තේරුනා.....නන්ගිත් ඇවිත් ඉන්නෙ.....ලොකු අයිය මා දිහා බලල කිව්ව.....නන්ගි එනකන් බලා හිටියෙ අපේ කාමර අස්කරගන්න....පොඩිඅයිය කිව්ව.....ඇයි ඔයාලට අස්කරගන්න බැරිද නන්ගිම එන්න ඕනැද.....අම්ම කිව්ව....ඉතින් නන්ගිගෙ කැමැත්තෙන්නෙ අම්මෙ ඒව කරන්නෙ....ඒවට ඉතින් අපි නන්ගිට සලකනවනෙ නේද නන්ගියේ.....පොඩි අයිය මා ගාවට ඇවිත් මාව තුරුල් කරගත්ත....අයියල දෙන්න නයෝමිට ගොඩක් ආදරේ ඇති කියල ඔවුන් ගේ හැසිරීමෙන් මට වැටහුනා.....දැන් ඉතින් මට වෙන්නෙ මෙයාලගෙ වැඩ කරල දෙන්න.....මොනවද දන්නෙ නෑ කරන්න ඕනැ...නාමල්ගෙම්ම තමා අහගන්න වෙන්නෙ.....මම කාටත් හොරෙන් නාමල්ට කතාකලා....ඔයාගෙ ගෙදෙට යන්තම් යාගත්ත නයෝමි....මොකද උනේ ගැටලුවක් උනේ නැද්ද....මම ඇහුව.....තාම නෑ ඔයාගෙ අම්මයි තාත්තයි යන්තම් සේප්කරගත්ත.....නාමල් කිව්ව....ගෙදරට එනකොට රෑවෙලා තිබුන අනේ...... ඉස්සරනම් මෙහෙම රෑවෙලා තනියම යන්න බයයි දැන් මම කොල්ලෙක්නේ....ඔහු කොල්ලෙක් වීම ගැන ආඩම්බරයෙන් කතා කරන බව මට වටහුනා...... 

No comments: