Thursday, August 4, 2016


(අත්භූත වලව්ව 23).....................................මම අද දවල්ට කෑම ගත්තෙත් යසුරි විදියටම ඉදගෙන..... අම්මල එන්න හවස්වෙනව කිව්වට ඉක්මනට ආවොත් ගැටලුවක් වෙයිද දන්නෙ නෑ....එයාලට ඉස්සරහ දොර ඇරගන්න පුලුවන් වෙන්න දොරේ අගුලු නොදැම්ම මම ..එයාල එනව දැක්කොත් මැතුරුවතුර ටික බීල සරීරය වෙනස් වෙනකන් බාත්රූම් එකට වෙලා ඉන්නව කියල හිතාගත්ත.... සවස තුන විතර උනා දැන් එයාල එන්න කිට්ටු ඇති ....කියල හිතුන මම වතුර වීදුරුව බිව්ව....වැඩි වෙලා ගියෙනෑ මාව හිටිය තත්වෙට පත්වුනා....අම්මල එනකොට හතරවිතර උනා....දැන් මට ඕනැ වෙලාවක ඕනැ කෙල්ලෙක් බවට පත්වෙන්න පුලුවන් කියල මම දන්නව...ඒත් ඒ කෙල්ලට ගැටලුවක් වෙන්නෙ නෑ කියල...දවල් සිද්දවුන දේවල් වලින් හිතාගන්න පුලුවන්වුනා....අදරෑටත් කෙල්ලෙක් වෙන්න කල්පනාකල මම කොයිවගේ කෙල්ලෙක් වෙන්නද කියල කල්පනාකලා.....ටී වී එකේ ඉන්න ලස්සන කෙල්ලෙක් තෝරගෙන එයා ගැන හිතාගෙන මතුරනව කියල හිතාගෙන. හැදෑවෙ රූපවාහිනිය බලන්න පටන්ගත්ත...ඒකෙ පෙන්නුව ඉන්දියාවෙ නිලියක් ගැන මගේ හිතගියා...අද මම එයා වෙනව කියල හිතාගත්ත....හැමෝම නිදාගත්තට පස්සෙ ...මම මතුරූ වතුර ටික බිව්ව....අද වෙනද වගේ වැඩි වෙලාවග් ගත්තෙ නෑ කියල මට තේරුනා....ඇගට එච්චර අපහසු ගතියක් දැනුනෙත්නෑ.....එකවරම ඒ නිලිය බවට පත්වුනා කියල තේරුනා.....ඒ නිලිය ඇදගෙන හිටිය දිස්නෙ ගහන සාරිය මම ඇදගෙන ඉන්නව කියල දැකගන්න ලැබුන......කන්නාඩියෙන් මුහුන බැලුව....නලලෙ රතිපාට පොට්ටුවක් තියල. බෙල්ල පුරාම ලස්සන මාල ...කන් පෙතිවලට විශාල එල්ලෙන කරාබු ජෝදුවක් පලදවල තිබුනා....නහයත් විදල එතැනටත් රත්තරන් රින් එකක් දාල තිබුන...අත් දෙක පුරාම ලස්සන වලලු වලින් සරසලා.....අල්ලෙ ගුරුපාටින් ලස්සන රටා වගයක් ඇදල තිබුන....හිස වහෙන්න දාල තිබුන සාරිපොට අයින්කලාම....දිග කොන්ඩෙ ගොතල ලස්සන මල්වලින් සරසලා තිබියෙනව දැක ගන්න ලැබුනා......ඉන්දියන් ගැහැනු ඇදගෙන ඉන්න විදිය දැක්ක මට ඒකෙල්ලගෙ ලස්සන තවත් වැඩිවෙලා තියෙන බව තේරුනා....කෙල්ලන්ට ඇදගෙන ඉන්න කොච්චර ලස්සන ඇදුම් පැලදුම් තියෙනවද....කොල්ලන්ට මේවගේ වාසනාවක් නෑනෙ....මාත් දිගටම කෙල්ලෙක් උනොත් මේවගේ ලස්සනට ඉන්න පුලුවන් වෙයි.....කෙල්ලෙක් බවට පත්වීමට මගේ හිතේ තිබුන කැමත්ත තවත් වැඩිවුනා....මේ ඇදුම් ගලවන්න නරකයි මේව ගැලෙව්වොත් මට මේව ආයෙත් ඇදගන්න බැරිවෙයි.....මාවගෙ ඇදගන්න පැලද ගන්න...සෑහෙන වෙලාවක් යනව ඇති..මගෙ හිතේ පැය තුනහතරක්වත් යනවද දන්නෙ නෑ....මට හිතුන.....මම ඒ නිලිය වගේ ටිකවෙලාවක් කමරේ ඇවිද්ද....හැඩබැලුව.....මේ ඇදුම් ඇදගෙන නිදාගන්න බැරිහින්ද ...මෙ කෙල්ල වෙනුවට සාමාන්ය ගවුමක් ඇදගෙන ඉන්න කෙල්ලෙක් වෙලා ඉන්න ඕනැ.....එහෙම කරගන්න ආයෙත් මාව බවට පත්වෙන මන්තරේ කරගෙන...වෙන කෙල්ලෙක් ගැන හිතාගෙන වතුර ටික බොන්න ඕනැ.....මම වතුර පුරවගෙන මතුරන්න පටන්ගත්ත......වතුර ටික බිව්ව ගමන්ම මාව කොල්ල බවට පත්වුනා.....පුදුමයි දැන් ඉස්සරට වඩා ඉක්මනට සිද්ධ වෙනව වගේ....මට මතක් උනා මේක කල පලවෙනි දවස. එදා මට සෑහෙන්න වෙලාවක් ගතවෙනකන් ඇගේ අමාරුව හැදුන...දැන් එහෙම ඇගට අමාරුවක් හැදෙන්නෙ නැතුව ඉක්මනින් වෙනස් වෙනව.....මම පුදුමයෙන් වෙනස්වුන මගෙ පිරිමි ශරීරෙ දිහා බැලුව....මීලගට මම හිතාගත්තෙ නයිට් ගවුමක් ඇදගෙන ඉන්න ලස්සන ගැහැනු ලමයෙක් බවට පත්වෙන්න.....මම එහෙම එක්කෙනෙක් ගැන හිතාගෙන....මැතුරුව.....වතුර වීදුරුව පානය කරල සුලුවෙලාවකින් මම ඇදගෙන හිටියෙ...නයිට් ගවුමක් කියල පෙනුන.....බ්රෙසියරය ඇදගෙන හිටියෙ නැති හින්ද පපුව ටිකක් පහලට බරවෙනව වගේ දැනුන. කෙල්ලෙක් උනාට පස්සෙ දැනෙන සැහැල්ලු ගතිය ආයෙත් දැනෙන්න ගත්ත....අද මේ විදියට නිදාගන්නව පාන්දරට වෙනස්වෙනව....හිතාගත්ත මම වතුර වීදුරුවක් මතුරගෙන ...පීරිසියෙන් වහල පාන්දරට බොන්න මේසෙ උඩින් තියාගත්ත....ඇදේ ඇලවෙලා ඉන්නකොට කෙල්ලෙක් උනාට පස්සෙ ඇගට දැනුන සැහැල්ලුවත් එක්ක හොදට නින්දගියා.....ඇහැරෙන කොට එලිය වැටීගෙන එනව කියල....තේරුනා...දැන් වතුර වීදුරුව බොන්න ඕනැ.....මම වතුර වීදුරුව බොන්න වීදුරුව අතට ගත්ත.....පුදුමයි ....මේ මොකද වතුර වලට වෙලා තියෙන්නෙ.

No comments: