(නොපැතූ වාසනාව 15)....................... ....................හෝටල් කාමරයේදී අම්මා මාව එයාගේ උකුලේ නිදිකරවගෙන මගේ මුහුණ ඉඹල අනතුරුව මගෙ ඔලුව අතගාන ගමන්.......මගේ සිහිනය සැබෑ වුනා මගෙ මගෙ රත්තරන් කෙල්ලෙ..... කිව්ව අම්මා ....ඔයා දැන් නියම කෙල්ලෙක් මගෙ දුවේ....දැන් කාටවත් කියන්න බෑ ඔයා කෙල්ලෙක් නෙවෙයිකියල....මම ඔයාට ගොඩක් ආදරෙයි මගෙ චූටි දුවේ.....කියන ගමන් මගෙ මුහුණ කිහිප විටක් සිපගත්ත......අම්මගෙ සීනෙ මොකක්ද අම්මෙ .....මම එයාගෙ ආදරය විදිනගමන් ඇහුව......ඔයාගෙ අයියල දෙන්න හම්බවුනාට පස්සෙ මට ආශාවක් හිතුන දුවෙක් හිටියනම් හොදයි කියල.ඒත් ඔයත් පුතෙක් කියල දැනගත්තම මගේ බලාපොරොත්තු හේදිල ගියා. මම තාත්තට කිව්ව ඊලගට දුවෙක් හම්බවෙයි කියල ඒත් කොල්ලො තුන්දෙනෙක් ගාවට දුවෙක් හොදනෑ කියල හැමෝම කියන්න ගත්ත. ඒ හින්ද ඒ බලාපොරොත්තුවත් නැතුව ගියා.මට දවසින් දවස දුවෙකුගෙ අඩුපාඩුව දැනෙන්න ගත්ත. කොච්චර සල්ලි තිබුනත් දුවෙක් නැතුව වැඩක් නෑ කියල දැනුන. ඔයාගෙ තාත්ත කිව්ව දුවෙක් අරන් හදාගම්මු කියල ඒත් මට ඕනැ වුනේ මගේම බඩෙන් බිහිවුන දුවෙක්.මට ඔයාව ඒ දවස් වල පෙනුනෙ මගෙ හතුරෙක් මා ගාවට ඇවිත් කියල. ඒ වෙන මොකුත් හින්ද නෙවෙයි ඔයා පිරිමි ලමයෙක් වෙලා උපන්න හින්ද.මට ඔක්කොම එපාවෙලා ඉන්නකොට... අහම්බෙන් දැක්ක පිරිමි ළමයි ගැහැණු ළමයි බවට පත් කරන්න පුලුවන් දොස්තරල ඉන්නව කියල. මම ඒගැන තව දුරටත් හොයල බැලුව. එයාල කියල තිබුන කෙල්ලො වෙන්න කැමැත්තෙන් ඉන්න අයට එහෙම කරන්න පුලුවන් කියල. ඒත් මම දන්නවද ඔයා කෙල්ලෙක් වෙන්න කැමතිද නැද්ද කියල. මම ඔයාගෙන් ඒක ගැන අහන්න ගියෙ නෑ. ඒ වෛද්‍යවරු කියල තිබුන කෙල්ලෙක් වෙන්න ප්‍රතිකාර ගන්න ඉස්සෙල්ල අවුරුදු දෙකක් විතර කෙල්ලෙක් වගේ ජීවත්වෙන්න පුරුදු වෙන්න ඕනැ කියල.ඊට පස්සෙ මට හිතුන ඔයාව කෙල්ලෙක් වගේ ජීවත් වෙන්න පුරුදු කෙරුවොත් කවද හරි කෙල්ලෙක් කරගන්න පුලුවන් වෙයි කියල. අන්න ඒ හින්ද තමයි මම ඔයාට පිරිමි ඇඳුම් අඳින එක තහනම් කරල ගැහැණු ඇඳුම් විතරක් අඳින්න නියම කලේ. මේ විදිහට ඔයාට පාසැල් යන්න බැරි හින්ද ගෙදර තියාගෙන ගැහැණු ලමයි කරන වැඩ කරන්න පටන් ගත්ත.මම දැනගත්ත හැමෝම මේ වැඩේට විරුද්ධ වෙයි කියල.ඔයත් මුලදි කැමතිවුනේ නෑනෙ ඒ වගේ ඔයාගෙ තාත්ත මේවැඩේට තදින් විරුද්ධවුනා. මම හිතා ගත්ත කව්රු විරුද්ධවුනත් මේ වැඩේ කරනව කියල. ...අම්මා ඇගේ අතීත කතාව පවසා.........මගෙ ඒ හීනෙ සැබෑවුනා මගෙ මැනිකෙ....අම්මා ආදරයෙන් මගේ ඔලුව අතගෑව. අම්ම දුක් වෙන්න එපා අම්මට දැන් දුවෙක් ඉන්නවනෙ......මම කියනවිට අම්මා සතුටින් හිනාවුනා...දැන් වගේ නෙවෙයි අම්මා ඒ දවස්වල ඉතා නපුරු තදබල තීරනය ගන්නා තැනැත්තියක් වීම නිසා අපි සැවොම ඇයට බයෙන් ජීවත් වෙන්න සිදුවෙලා තිබුනෙ. මා ගැහැණු ළමයෙක් බවට පත්වූ දින සිට ඇය ඉතා කරුනාවන්ත ආදරනීය අම්මා කෙනෙකු බවට පත්වීම මට හිතා ගන්නවත් බැරිවුනා.මොනව වුනත් අම්ම දුවෙක් නැති වේදනාවෙන් ඉදල තියෙන්නෙ මම එයාට පිහිට වෙලා එයාට තිබුන වේදනාව අයින් කලා.මගෙ අම්ම හරි හොදයි එයා අපිට ආදරෙයි ......මම අම්මගෙ බෙල්ලෙ එල්ලිල එයාගෙ මුහුන ඉඹගෙන ඉඹගෙන ගියා. හැමදාම උදේට මාව පරීක්ෂා කරවා ගැනීම සදහා රෝහලට යන්නවුනා.මගේ සැත්කම ඉතා සාර්තක වී ඇතිබවත් ගර්භාෂය සහ බද්ධ කල අනිකුත් ඉන්ඩ්‍රියන් ඉතා හොදින් ක්‍රියාත්මක වන බවත් වෛද්‍යවරු පැවසුවා. ඔවුන් පැවසූ පරිදි මෙතෙක් කල මේවර්ගයේ සැත්කම් වල සාර්තකම සැත්කම මෙය වී ඇත.මේ අතර ඩැනියෙල් සුවවී නිවස බලා යන බව මාව හමුවෙලා පැවසුවා. ........ඇයි ඔයාට යන්න බැරිද? තාම හොද නැද්ද?...එයා ඇහුව......මගෙ වුම්බ්(womb) එක චෙක් කරන්න තියනව.....මම කිව්ව.....අපිට වගේ නෙවෙයි ගෑනියෙකුගෙ ටිකක් සන්කීරනයි......එයා කිව්ව.....කොහොමද අරක හොදද මම ලජ්ජාවෙන් හිමින් ඇහුව.......මාවලස්(නියමයි). ..කියූ එයා හයියෙන් හිනාවුනා....සුලු හිරියක් ඇතත් එය තාවකාලික එකක් බව දොස්තරල කිව්ව බව එයා කිව්ව....එයාගෙ ලිපිනය දුරකතන නොම්බර ඊමේල් අංක මට දුන්න.ආයෙත් එනකොට එයාගෙ ගෙදරට එන්න කියල එයා කිව්ව.අපෙන් සමුගන්න කොට එයාට ලොකු දුකක් තිබුනු බව මට හැගීගියා. මෙච්චර කාලයක් මගේ ළඟතියාගෙන හිටිය පුරුෂ ලිංගය එයා අරන් යනව.දැන් ඒක එයාගෙ. මන් ගෑනුකමට ආශකලාට පස්සෙ ඒක එපාවෙලා තිබුනෙ.සම්ප්‍රදායි ක්‍රමයට තායිලන්තෙ ගිහින් මේක කලානම් ඒකෙ හමයි තව පොඩි කෑලි ටිකකුයි ආපහු මට හයිකරල ඉතුරු ඔක්කොම විසිකරනවනෙ. දැන් මට ඒකෙ තිබුන කිසිම දෙයක් නෑ ඒ ඔක්කොම ඩැනියල් පාවිච්චි කරනව...අපරාදෙ විසිකරන්නෙ නැතුව ඒකත් කවුරුහරි පාවිච්චියට ගන්නව......මට ඒගැන සතුටක් ඇතිවුනා....ඩයනා කියන්නෙ කොයිතරම් ලස්සන හුරතල් පෙනුමක් තිබුන කෙල්ලෙක්ද?..අපරාදෙ එයා කොල්ලෙක් වෙලා ඒ ඔක්කොම නැතිකරගත්ත.....මට ඔහු ගැන දුකක්ද ඇතිවුනා.
No comments:
Post a Comment