Wednesday, August 24, 2016

(අමුතු කැමැත්ත 4).........................................ටික වෙලාවකින් කපුමහත්තය දේවාලෙ පැත්තට යනව දැක්ක අපිත් ඒ පැත්තට ගියා.ඔය ළමයි එන්න ඉතුරු ටික අහගන්න....කිව්ව එයා දේවාලෙ ඇතුලට ගිහින් ගෙවියන්ට යාඥා කරන්න පටන්ගත්තා.....ටික වෙලාවකින් ඔහුට දේව ආරූඩය ආපුබව අපිට තේරුනා...ඔය දරුව ඇහුව නේද ඔයදරුව පිරිමියෙක් වෙන එක නවත්තල දෙන්න බැරිද කියල......මදූගෙන් ඇහුව....එහෙමයි සාමි.......මදූ උත්තර දුන්න....එහෙම වෙන්න බෑකියන්න ඔය දරුවට මොකක්ද තියෙන ප්‍රශ්නෙ ....ඔහු නැවත ප්‍රශ්නකලා.....මට ප්රස්නයක් නෑ ඒවුනාට මගෙ මහත්තය ගෑනියෙක් වෙනවනෙ........දෙවියො හයියෙන් හිනාවුනා.......ඊට පස්සෙ එයා.....මහත්තයට ගැටලුවක් නැත්නම් ඔය දැරිවිට ප්‍රශ්නයක් නෑනෙ....කිව්ව....මදූ මගේ මුහුන දිහා බලනව මම දැක්ක......ඔය දරුව කැමතිද ගැහැනියෙක් වෙන්න....කපු මහත්තයා මගෙන් ඇහුව.....අකමැත්තක් නෑ සාමි......සිත තුලට ආ සතුට සමග උත්තර දුන්නා.....ඒ කියන්නෙ කැමත්යිකියන එකනෙ.........ඔය දැරිවිට දැන් තේරෙනවනෙ මහත්තය මේකට කැමතිබව.ඔය දැරිවිත් කැමතිනම් මහත්තයත් කැමතිනම් මෙතන කිසිම ගැටලුවක් නෑනෙ....කිව්ව කපු මහත්තයා....අද ඉදන් මාස හයක් යනකොට ඔයදෙන්න වෙනස් වෙනව.හැබැයි එකක් මතක තියාගන්න ඔයදැරිවි අද ඉදන් පිරිමියෙක් වගේ ජීවත් වෙන්න පුරුදුවෙන්න. මහත්තය ගැහැනියෙක් වගේ ජීවත් වෙන්න පුරුදුවෙන්න.එතකොට ඔය දෙන්න වෙනස්වුනා කියල වෙනසක් තේරෙන්නෙ නෑ...තව මොකුත් අහගන්න තියනවද දරුවනේ.......අපෙන් ඇහුවා........මෙහෙමවුනාට පස්සෙ අපිට මොකුත් ගැටලුවක් වෙයිද සාමි.......මදූ ඇහුවා.......එහෙම කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ.ඔය දෙන්න දැනට ජීවත් වෙනවට වඩා ගොඩක් සතුටින් ජීවත් වෙන්න පුලුවන්වෙයි.හැබැයි මෙහෙම වෙනස්වුනා කියල කාටවත් කියන්න එපා.මම ඔය දෙන්නට ආසීර්වාද කරනව.....එයා අවසන් වතාවට කිව්ව.අපි දැක්ක කපු මහත්තය දේව ආරූඩයෙන් මිදිල එලියට එනව....කොහොමද ලමයිනේ අහගත්තද...කපු මහත්තය ඇහුව......ඔව් කපුමහත්තය.....මම කිව්ව......දේවාලෙන් මොකුත් කරගන්න කිව්වද?.....එයා ඇහුව. නෑ කපුමහත්තය අපේ ජීවිත වෙනස්වෙනව කිව්ව......මම කපු මහත්තයට කිව්ව....හොදක් ද නරකක්ද...එයා ඇහුව....හොදයි කියල කිව්ව....මම කියන විට කපුමහත්තයා...එහෙනම් කමක්නෑ....හිනාවෙලා කිව්ව. අපි කපු මහත්තයට වැදල ගෙදර යන්න පිටත්වුනා.........ඔය කිව්ව දේවල් හරියයිද සුපුන්....මධූ මගෙන් ඇහුව....හරිගියොත් හොදයිනෙ මම කියනවිට.........ඇයි සුපුන් ඔයා කෙල්ලෙක් වෙන්න කැමතිවුනේ.......මගෙන් ඇහුව.......ඔයා කොල්ලෙක් වෙන්න කැමතියි කිව්ව වගේ මාත් කෙල්ලෙක් වෙන්න කැමතියි කිව්ව........අපි ගෙදර ගියා.....හොදවෙලාවට අපි දෙන්න විතරයි මේ ගෙදර ඉන්නෙ....මට හිතුන. අපි විවාහවුනාට පස්සෙ ගෙයක් හදාගෙන දෙමවුපියන්ගෙන් වෙන්වෙලා ජීවත්වෙන්න පටන්ගත්ත. මට විශාල රෙදි සාප්පුවක් තිබුන හින්ද ආර්ථික අතින් අඩුපාඩුවක් තිබුනෙ නෑ. මාත් මධුෂානිත් හැමදාම ඒකෙ වැඩ කලා. සමහර වෙලාවට මට තේරුනා මධුෂානි මටත් වඩා හොදට සාප්පුවේ වැඩ කරනව කියල. එය මගේ සිතට ලොකු සහනයක් වුනා.අපේ ගෙදර වැඩට කෙනෙක් හිටියෙ නැතත් මධුෂානි සියලු ගෙදර වැඩ කලා. එයාට රසට කෑම උයන්නත් පුලුවන්කම තිබුන.මෙච්චර ගැහැනු ගති තියෙන මධුෂානි පිරිමියෙක්වෙන්නේ ඇයි....මට ගැටලුවක් වුනා....මම ගැහැනියෙක් උනොත් මේ ඔක්කොම වැඩ කරන්නෙ කොහොමද?..මගේ හිතට බියක් දැනුනා.......සුපුන් අපිට දේවාලෙන් කිව්ව නේද? මට පිරිමි ජීවිතේටත් ඔයාට ගැහැනු ජීවිතේටත් පුරුදුවෙන්න කියල.ඉතින් අපි කොහොමද ඒක කරන්නෙ.....මධූ ඇහුවා......ඉතින් ඕක ඒ තරම් දෙයක්ද...ඔයා මට උයන්න ගෙදර වැඩකරන්න උගන්වන්න........මම කිව්ව....ඒ විතරක් නෙවෙයි අපි හැසිරෙන විදියත් වෙනස් කරගන්න වෙනව....මධූ කිව්ව...ඒකත් ඇත්ත......මම කිව්ව....ඉතින් ඔහොම ඉදල හරියන්නෙ නෑනෙ.....මදූ කිව්වා....ඉතින් කොහොමද ඉන්න ඕනැ...මම ඇහුවා........මට දෙන්න ඔයාගෙ අදුම් ඔයා ඇදගන්න මගේ ඇදුම්....කිව්ව මධූ මාව කාමරයට එක්ක ගියා.එයා එයා ඇදන් හිටිය ගැහැනු ඇදුම් ගලවල මගේ සරමකුයි කමිසෙකුයි ඇඳගත්ත. දිගට වැවිල තිබුන කොන්ඩය හිස් මුදුනට කරල තොප්පියක් දාගත්ත....කොහොමද මම දැන් නියම කොල්ලෙක් වගේ නේද....ඇහුව. ඒ උනාට කන්වල කරාබුනේ........මම සිනාසෙමින් කිව්ව....ආනේ මට අමතක වුනා ...කිව්ව එයා ඒවා එකින් එක ගලවලා මේසෙඋඩින් තිබ්බ...දැන් කොහොමද?...මගෙන් ඇහුව.....කෙතරම් පිරිමි ඇදුම් ඇන්දත් ඇගේ සුරූපී ගැහැනු හැඩය වෙනස් කිරීමට බැරි බව මට පෙනුනත්...දැන් ඔයා ගොඩක් හැන්ඩ්සම්......මම කිව්ව. ඔයත් ඇදගන්නකෝ......මට කිව්ව......මොනවද අදින්නෙ......මම ඇහුව......ඔය මන් ඇදපු ඇදුම් තියෙන්නෙ ඕනැ එකක් අරන් ඇදගන්න.....මධූ එයාගේ ඇදුම් ගොඩ පෙන්නලා කිව්වා. මට ඇය ඉදිරියේ ගැහැණු ඇදුම් ඇදීමට ලජ්ජා හිතුනා. මම ලජ්ජාවෙන් ඇබරෙන කොට.......ලැජ්ජ වෙන්න එපා අනේ තව මාසහයකින් ඔයාට කොහොමත් මේවනෙ අදින්න වෙන්නෙ..මධූ කිව්ව......මම දැක්ක මධූ එයාගෙ ඇඳුම් වගයක් අරගෙන මාගාවට එනව.......ගලවන්න සුපුන් ඔය කමිසෙ....මට කිව්ව....මම ලැජ්ජාවෙන් කමිසෙ ගලවන්න පටන්ගත්ත....මම දැක්ක මධූ අතේ බ්රෙසියර් එකක් තියනව.මම දන්නව ඒක එයා මට අන්දන්න හදන්නෙ කියල.මා ගැහැනියෙක් වගේ කියල හැගීමක් තිබුනට කවදාවත් ගැහැනු ඇදුමක් ඇඳල තිබුනෙ නෑ.........ඇය බ්රෙසියර් එක අන්දනකොට ලජ්ජාවක් වගේම සියුම් ආශාවකුත් ආවා....එයා ඒක අන්දලා පිටිපස්සෙන් හක් කරන්න උත්සාහකලත් අමාරු බව තේරුනා...මේක පොඩියි අනේ ඔයා මටවඩා මහතනෙ ඒකනෙ ගැටලුව . ඔයාට මගෙ ඇදුම් අදින්න බෑ. අපි හෙට සාප්පුවෙන් හොඳ ඇඳුම් ටිකක් අරන් එමු. ඔයාට විග් එකකුත් අරන් එමු..........ඇය යෝජනා කලා....මගේ ශරීරයේ ප්ර්මානය හැටියට ඇයගේ ඇදුම් කිසිවක් මට නොගැලපෙන බව තේරුම් ගත් ඇය මට ගැහැනු ඇදුම් අන්දන එක පහුවදා වෙනකම් කල් දැම්මා.............

No comments: