(අත්භූත වලව්ව 30)....................... .............අකමත්තක් නෙවෙයි අනේ.. කෙල්ලෙක් විදියට හිටිය මට කොල්ලෙක් විදියට ඉන්නෙ කොහොමද? මට මේක හිතාගන්නවත් බෑ.... පිලිතුරු දුන් ඇය මම කොල්ලෙක් උනාකියමුකො කොල්ලෙක් විදියට ඉන්න එක එච්චර ගැටලුවක් වෙන එකක් නෑ ...ඒත් පව් අනේ ඔයා කෙල්ලෙක් උනානෙ අපරාදෙ ඔයාගෙ පිරිමි ජීවිතේ...ඇය දුක් මුසුව පැවසුවා. ඉතින් ඔයත් මෙච්චර කාලයක් හිටියෙ මේ විදියට කෙල්ලෙක් වෙලානෙ මටත් මේක ගැටලුවක් වෙන එකක් නෑ...මම කිව්ව....එතකොට ඔයා කෙල්ලෙක් වුනාට කැමතිද.....ඇය පුදුමයෙන් ඇහුව....අකමැති උනාකියල මොනව කරන්නද මම ඔයාවගේ ජීවත්වෙන්නම්....මම කිව්ව. හැබැයි නාමල්... සොරි නයෝමි...කෙල්ලෙක් උනාම කොලන්ට තියෙන නිදහස නෑ...කොල්ලන්ට නැති ගැටලුවලට කෙල්ලන්ට මුහුනදෙන්න වෙනව...ඒවගේ ගොඩක් පරිස්සම් වෙන්න වෙනව.....ඇය කිව්ව....ඒක මම දන්නව නාමල්....ගැටලුවක් උනොත් ඔයාගෙන් අහගන්න පුලුවන්නෙ.....මම කිව්ව....හරි හරි මම ඕනැ සපෝට් එකක් දෙන්නම් . ඔයත් මට උදව් කරන්න....අපිට ගටලු ආව වෙලාවට කෝල් කරමු....මම යෝජනා කලා....ඉතින් නාමල් මම දැන් ඔයාගෙ යාලුවො ඉන්න කාමරේට යන්නම්.....ඔයා මේකාමරේ මම හිටිය විදියට ඉන්න...මගෙ ඇදුම් ටික අර බෑක් එකේ ඇති.....කෙල්ලන්ටවගේ ගොඩක් ඇදුම් නම් නෑ....කලිසම් දෙකකුයි කමිස දෙකකුයි ඇති ..තව සරමකුත් ඇති....ඔයාට සරම ඇදගන්න තේරෙනවද දන්නෙ නෑ.....මම කිව්ව....ඒක මොකක් හරි කරගන්නම්කො කිව්ව ඇය...මගේ ඇදුම් බෑක් එක දන්නවනෙ......ඒක ඇදල බලන්න මොනවද තියෙන්නෙ කියල . ගෙදර යනකොට ඇදගෙන යන්න වෙනම ඇදුම් වගයක් නවල තියාගෙන ඇති. යනකොට ඒව ඇදගෙන යන්න...ඇය කිව්ව.....මම නයෝමිගේ යෙහෙලියන් හිටිය කාමරේට ගියා...හොදටම නින්දගියා බන් ඊයෙ රෑත් හරියට නින්දගියෙ නෑනෙ.කිව්ව තාරුකා..කොහේද බන් උඹ ගියෙ...මගෙන් ඇහුව...ලැට් එකට ගියා....මම කිව්ව.....මට දැන් ඉන්න වෙන්නෙ මේ කෙල්ලො දෙන්නත් එක්ක.....තවමත් නිදාගෙන ඉන්න....විස්මි...දිහා බලාගෙන මම කල්පනා කලා.....මම නාමල් වගේ හිටියනම් කීයටවත් මේ කෙල්ලො ඉන්න කාමරේට එන්නවෙන්නෙ නෑ.... ...දැන් මට යන්න වෙන්නෙ නැත්තෙ අර කොල්ලොටික ඉන්න කාමරේට....මම කල්පනා කලා....බලපන්කො මේකි තවමත් නිදි....ඕකිව ඇහැරවහන්....කිව්ව තාරුකා කාමරෙන් එලියට ගියා....මම විශ්මි ගාවින් වාඩිඋනා.....කෙල්ලෙකුගෙ ඇගට අත තියල නැති මම ඇයගේ ඇගට අත තිබ්බෙ අමුතු චකිතයක් හිතතුල තබාගෙන......මම ඇගේ උරහිස අසලින් අල්ලගත්ත....ඇගේ සිරුරේ සුමුදු බව මගේ අතට තේරුනා....කොල්ලො වගේ නෙවෙයි කෙල්ලො හරි සිනිදුයි.... මේවගේ මගෙ ඇගත් දැන් සිනිදුවෙලා.ඇගේ ඇග අල්ලන ගමන් මගේ අත අතගාමින් අපි දෙදෙනාගේ ගැහනු කම සැසදුවා...කෙල්ලො කියන්නෙ කොල්ලො වගේ නෙවෙයි හරිම සුන්දරයි....මම විශ්මී විශ්මී කියමින් කීපවරක් උරහිසෙන් අල්ලල හෙලෙව්ව....මොකද?.....ඇස් දෙක ඇරිය ඇය මාදිහා බලාගෙන ඇහුව.....උඹ දවසෙම නිදාගන්නද හදන්නෙ මම නයෝමි අහන විදියට ඇහුව......ඊයෙ රෑ මේ බූත බන්ගලාවෙ සද්දවලට නින්ද ගියෙ නෑ බන්....එලිවෙනකන් බයේ හිටියෙ.....මොකට බය වෙන්නද මමනම් හොදට නිදාගත්ත.....මම කිව්ව...උඹට මේව ගානක් නෑනෙ උඹ ඉතින් කොල්ලෙක් වගේනෙ...ඇය කිව්ව....කෝ බන් තාරුකා...ඇය ඇහුව....මම ඉන්නව තාරුකා..කාමරයට ඇතුල්වෙන ගමන් කිව්ව.....උඹත් ඇහැරුනාද.....ඇය විස්මී දිහා බලල ඇහුව.....එවිට මම දැක්ක අච්චි අපේ කාමරේට එනව.....දරුවනේ තේ ලෑස්ති කරල තියෙනව ගිහින් බොන්න....ඇය අපිට තේ බොන්න ආරාධනා කලා......අපි කාමරෙන් එලියට යනකොට නයෝමි මට තිබුන නාමල් වේසයෙන් මගේ යහලුවොත් එක්ක තේබොන්න යනව දැක්ක.....මම හිමින් සරේ නාමල් ගාවට ගියා.....මොකුත් අවුලක් තියෙනවද....මම හිමින් ඇහුව....තාම ගැටලුවක් ආවෙ නෑ....ඔයාට?...ඔහු මගෙන් ඇහුව.....මටත් අවුලක් නෑ....මම කිව්ව....එහෙනම් ගටලුවක් නෑ...කිව්ව ඔහු මාදිහා බලල සිනාසුනා.....උඹට මේව ගානක් නෑනෙ උඹ ඉතින් කොල්ලෙක් වගේනෙ....විශ්මි එහෙම කිව්ව මට මතක් කුනා.....විශ්මි මෙහෙම නයෝමි ගැන කිව්වෙ ඇගේ ගතිගුන කොල්ලෙක් වගේ හින්ද වෙන්න ඇති.එහෙම උනොත් නයෝමිට මේ පිරිමි ජීවිතේ අවුලක් වෙන එකක් නෑ....මම ඔහුදෙස බලා කල්පනා කලා....එතකොට මම මේ වැඩේට හොයාගෙන තියෙන්නෙ මේ වැඩේට ගැලපෙනම එක්කෙනා....මට සතුටක් ඇතිවුනා.....
No comments:
Post a Comment