(නොපැතූ වාසනාව 5)........................ .............මෙතන වියදම් ප්රස්නෙ නෙවෙයි නිරෝෂ ගෙ අම්මෙ තියෙන්නෙ. මෙයාට තාම අව්රුදු දහතුනයි. වයස දහ අටක් යනකම් මේ ඔපරේශන් එක කරන්න බෑ. එතකම් අපිට පුලුවන් මෙයාගෙ ඇගේ නිපදවන පිරිමි හෝමෝන නවත්වන්න. එතකොට අනිත් පිරිමි ලමයින්ට වගේ රැවුල එන්නෙ නෑ .ඇග පුරා කෙස් වැඩෙන්නෙ නෑ. කටහඩ ගොරෝසු වෙන්නෙත් නෑ.කිව්ව ඩොක්ට පුරුශ ලිංගය ලොකු වෙන්නෙත් නෑ....සිනාසෙමින් පැවසුවා.........එහෙනම් ඩොක්ට දැනට මෙයාට එහෙම වෙන්න බෙහෙත් දෙන්න.......එහෙනම් මම හෙට ඉදම් ඒ බේත් දෙන්නම් හෙට මාව හම්බවෙන....ඩොක්ට කිව්ව....වාට්ටුවෙ නවතින්න වෙයිද......අම්මා ඇහුව. නෑ බෙහෙත් අරන් යන්න පුලුවන් හැබැයි වරද්දන්නෙ නැතුව ඒ බේත් දිගට ගන්න ඕනැ.......ඩොක්ට අවවාද කලා.අපි ගෙදර ගියාට පස්සෙ අම්ම මේ ගැන තාත්තට කිව්ව.........මොනවද ලක්මිණි මේ කොල්ලට කරන්න හදන්නෙ......මේක කොල්ලෙක්නෙ ඇයි ඔයා මෙයාට කොල්ලෙක් හැටියට ජීවත් වෙන්න ඉඩදෙන්නෙ නැත්තෙ........තාත්තා අම්මට දොස් කියන්න පටන්ගත්ත...ඔයාට තේරෙන්නෙ නෑ මංජු.....මම මේක තේරුම් කරල දුන්නත් ඔයාට ඒක අහන්න ඕනැත් නෑ......අම්මා තාත්තට කියන විට තාත්තා තරහෙන් අහක බලාගෙන කල්පනා කරන්න ගත්ත....අම්මා ඔහු කියන දේවල් ගනන් නොගන්නා නිසා තාත්තා කිසිදෙයක් කියන්න ගියෙ නෑ......ඕනැ මගුලක් කරගන්නව මොකක් හරි වැරැද්දක් වුනොත් ඔන්න මමනම් දන්නෙ නෑ...කියමින් ඔහු එතනින් ඉවත්වුනා.......තාත්තා ගිය පසු අම්මා මාව තුරුල් කරගෙන.......තාත්ත තරහ වුනාට කමක් නෑ දුවේ. ඔය දොස් කියන ඔක්කොටම පේන්නත් එක්ක මම ඔයාව ගොඩක් ලස්සන කෙල්ලෙක් කරනව......මට ඔය කාගෙවත් කැමැත්ත ඕනැ නෑ මට ඕනැ ඔයාගෙ කැමැත්ත විතරයි.ඔයා කැමතියි නේද මගෙ දුවේ ඔයාගෙ ඔය පිරිමි කම සම්පූරණයෙන් අයින්කරල ගැහැනු ළමයෙක් වෙන්න.....ඇය මගේ හිස අතගාන ගමන් ඇසුව....මට ආයෙත් පිරිමි ලමයෙක් වෙන්න බෑ අම්මෙ......කිව්ව මම......ඩොක්ට අන්කල්ට කියන්නකො මාව ඉක්මනට කෙල්ලෙක් කරන්න කියල.....මම අම්මගෙන් ඉල්ලා සිටිය......අපි කියමු දුවේ කිව්ව අම්මා මාව තවත් තුරුලට ගෙන මුහුන කිහිප විටක් ආදරයෙන් සිපගන්න පටන්ගත්ත. මා කොල්ලෙක් ලෙස සිටි අවදියෙ අම්මා මට මෙතරම් ආදරය කල දිනයක් මතක නොතිබුනි. මගේ අතින් සුලු හෝ වැරද්ද සිදුවුවහොත් තද බල ලෙස සැරකරන එකත් සමහර වෙලාවට දඬුවම් කරන එකත් ඇයගේ පුරුද්දක් වෙලා තිබුන. ඒ හින්ද මා ඒ දවස්වල හිතා සිටියේ ඇය මහත් නපුරු තැනැත්තියක් ලෙසටය....එහෙත් දැන් මගේ අතින් ලොකු වැරැද්දක් වුවද.....ඔව ඔහොම තමයි දුව මීට පස්සෙ එහෙම කරන්න එපා හොදේ ......කියමින් මගෙ ඔලුව අත ගෑමට ඇය පුරුදු වුනා.... ඇගේ නපුරු ගති දිනෙන් දින අඩුවන බව මට පමනක් නොව අයියලාටද දැනෙන්ට පටන් ගත්ත......මල්ලි නංගි කෙනෙක් උනාට පස්සෙ අම්ම හරි හොදයිනෙ...දැන් එයාට ඉස්සර වගේ තරහ යන්නෙත් නෑනෙ....දිනක් ලොකු අයියා කියනව මට ඇහුන.....මා මෙන් අයියලාව ඇගේ තුරුලට නොගත්තත් ඔව්නටද කිසි අඩුපාඩුවක් නොදැනෙන ලෙසට ආදරයෙන් කතා කිරීමටත් සැලකීමටත් පටන් ගැනීම මගේද සතුටට හේතුවක් විය.......දිනක් මා කාමරයේ නින්දට යන්න සූදානම් වනවිට මගේ රෙදි රාක්කයේ අමුතු ඇදුම් වගයක් දැක ඒවා පරීක්ෂා කලා .එතැන තිබුනේ පොඩි අයියගෙ කලිසමකුයි කමිසෙකුයි තව යටට අදින බැනියමකුත් තිබුන...ඒ වා අතට ගත් මම ඉස්සර කොල්ලෙක් විදිහට හිටිය කාලෙ මම ඇන්දෙ මේවනෙ. දැන් මට අම්ම මේව අදින්න තියා අල්ලන්නවත් දෙන්නෙ නෑනෙ...හිටන්න පටන් ගත්ත....මේව කොහොමද මෙතෙන්ට ආවෙ මම කල්පනා කලා. අයියල වැඩිය මෙහාට එන්නෙත් නෑ....මට ගැටලුවක් වුනා...අම්ම ඒව අතේ තියාගෙන ඇවිත් අමතක වෙලා මෙතන දාල ගියාද දන්නෙත් නෑ...දවසක් මම පොඩි අයියගෙන් ඉල්ලගෙන මේ ඇදුන් ඇඳල නොසෑහෙන්න බැනුම් ඇහුව ආකාරය මැවී පෙනෙන්ට වුනා.....අද මේව මට කව්රුවත් දුන්නෙත් නෑ මම ගත්තෙත් නෑ....මේව මෙතැන තියනව කියල අම්මටත් මතක නැතුව ඇති. ..කාලෙකින් පිරිමි ඇදුමක් ඇදල නැති හින්ද මේව ඇදල බලන්න ඕනැ දැන් ගොඩක් රෑවෙලා හින්ද අම්ම මෙහාට එන්නෙත් නෑ.... ...ඒ උනාට දොර ලොක් කරගන්න ඕනැ...මම දොරෙහි අගුල දැම්ම. ඇදන් හිටිය නයිට් ගවුම ගලවල පැත්තකින් තියල කලිසම අතට ගත්ත..........
No comments:
Post a Comment