Tuesday, August 30, 2016


(නොපැතූ වාසනාව 18).......................................මගේ සැත්කමෙන් පස්සෙ මාස හයක් විතර ගතවුනාම මට අමුතු දෙයක්වුනා. මම මේ ගැන අම්මට කිව්ව. ඇය ඉක්මනට මාවත් අරගෙන ඩොක්ට විජේසුන්දර ගාවට ගියා.එයා මාව පරීක්ෂා කරල.... අම්ම දිහා බලල හිනාවුනා.... මොකද ඩොක්ට.....අම්ම ඇහුව........මෙයාට දැන් අම්ම කෙනෙක් වෙන්නත් පුලුවන්.......එහෙම වෙන්නෙ කොහොමද ඩොක්ට මෙයා තාම කිසිම පිරිමියෙක්ව ආස්සරේ කරල නෑනෙ.....ඩොක්ටගෙ කතාවෙන් කලබල වුන අම්මා ඇහුවා.........මම එහෙම කිව්වෙ දැන් මෙයාට අනිත් ගෑනුලමයිට වාගෙ මාස් සුද්දිය පටන් අරන් ඒකයි මේ ලේ ගලල තියෙන්නෙ.....ඩොක්ට එහෙම කිව්වම අම්මට හිනාවක් පහලවුනා......දුවට ඕවගැන තේරෙන්නෙ නැතුව ඇති පොඩ්ඩක් කියල දෙන්න නිරෝෂා ගෙ අම්මෙ....ඩොක්ට මෙහෙම කිව්වම......මෙයාගෙ දැන් නම නිරෝෂා නෙවෙයි. දිල්හානී ආස්චර්යා කියල උප්පැන්නෙ නම වෙනස් කලා. දැන් මෙයාට කියන්නෙ දිල්හානි කියල.ශා ලස්සන නමක්නෙ අම්මද දැම්මෙ...ඩොක්ට මගෙන් ඇහුව.......නෑ මෙයාමනෙ ඒක හොදයි කියල දාගත්තෙ.....අම්මා උත්තර දුන්නා.....දැන් දිහානි දුව කියන්න බලන්න ඔපෙරේශන් එකෙන් ඉස්සෙල්ල ද දැන්ද හොඳ කියල ....ඩොක්ට මගෙන් අතුරු ප්රශ්නයක් ඇහුව.........ඒ කරදර කාරය අයින් කලාට පස්සෙ දැන් සැහැල්ලුවක් දැනෙනව.....මම හිමින් කිව්ව.....ඒ කියන්නෙ ඔයා ගැහැනු ජීවිතේට ගොඩක් ආශ්යි....ඩොක්ට කිව්ව...ඔව් ගොඩාරියක් .....මම සතුටින් කිව්ව.....ඔයාට කවදාවත් ආයෙත් පිරිමියෙක් වුනොත් හොදයි කියල හිතෙන එකක් නැද්ද....ඩොක්ට ඇහුව........අපෝ මගෙ ජාති ජාතිවත් ආයෙ පිරිමියෙක්නම් වෙන්න එපා..මම එසේ කියනකොට ඩොක්ටට හිනාගියා...ඇයි ඔයාට ඔය තරමටම පිරිමිකම එපාවුනේ.......ඩොක්ට ඇහුව........මගෙ මේ ගැහැණු ජීවිතේ ලස්සනයි සැහැල්ලුයි සුන්දරයි ඉස්සර පිරිමි ජිවිතේ මේකට ලගින්වත් තියන්න බෑ ඒක නෝටි කිසි වැඩක් නෑ.....මම මෙහෙම කියනවිට අම්මටත් ඩොක්ටටත් දෙන්නටම හිනා ගියා.....අපි ගෙදර ගියාට පස්සෙ අම්ම මට ගැහැණු ළමයින්ගෙ මෙන්සස් ගැන කියල දුන්න ඒ දවස්වලට ඉන්න ඕනැ ආකාරයත් කියල දුන්න. මන් දැක්ක අම්ම හිනාවෙවී තාත්තට මාදිහා බලල හිමින් මොකක්ද කියනව.ඒකට තාත්තත් හිනාවුනා. මම හිතන්නෙ මමත් දැන් ලොකු ගෑනියෙක් කියල කියන්න ඇති. මෙයා ගෑනු ලමයෙක් උනානම් අව්රුදු දොලහ විතර වෙනකොට ඕක වෙනවනෙ එහෙම උනානම් අපිට ලොකු පාටිය ගන්න තිබුන......අම්ම කියනව ඇහුන........ඉතින් දැන් ගම්මු ......තාත්ත කිව්ව.....මෙච්චර ලොකු ලමයෙකුට බිග් ගර්ල් පාටියක් ගන්න පුලුවන්ද?...අම්ම කිව්ව...ඕක කාටවත් කියන්නෙ නැතුව පාටියක් දාමු.....තාත්ත කියන විට අම්ම ඒක අනුමත කලා.අපේ පාටියට නෑදෑයන් ටයි යාලුවන්ටයි ආරාධනා කරල තිබුන. ඒකට අම්ම්ගෙ තාත්ත(සීය)ත් ඇවිත් හිටිය......කෝ පොඩි කොලුව......සීය අම්මගෙන් ඇහුව.....අම්ම පොඩි පුතේ කියමින් පොඩි අයියට අඩගැහුව..පොඩි අයියව දැක්ක සීයා....ඔය මද්දු පුතානෙ මන් කිව්වෙ පොඩි පුතා....කිව්ව සීයා.... එයා තාම ගවුන්ද අදින්නෙ...අම්මගෙන් හිමින් ඇහුව......අම්ම හිනාවුනා...එයාට ඉතින් හැමදාම ගවුන් තමා අදින්න වෙන්නෙ....කියල අම්ම මගේ අතින් අල්ලල සීය ගාවට ගෙනල්ල......මේ ඉන්නෙ.......කිව්ව.....මා දිහා හොදට බැලුව සීය.....මෙයා වෙන්න බෑ මෙයා ගැහැනු ලමයෙක් නෙ....සීය කිව්ව.....මෙයා දැන් ගැහැනු ළමයෙක් තමා තාත්තෙ..මෙයයි වෙන ගෑනුලමයි අතර වෙනසක් නෑ......අම්ම නැවත කියන්නවුනා. අනේ මම දන්නෙ නෑ උඹලගෙ වැඩ.........කිව්ව සීයා කොහොමද කොල්ලෙක් කෙල්ලෙක් වෙන්නෙ.....කිව්ව සීයා කල්පනා කරන්න ගත්තා. ඒ පාටිය වෙලාවෙ අම්මත් තාත්තත් මට තෑගි පාර්සල් ගොඩක් දුන්න....රෑ මම ඒව ඇරල බලුව රතරන් සහ මැනික් එබ්බවූ ලස්සන මාල වලලු කරාබු තිබුනා. ඒවගේම ලස්සන සාරි කිහිපයකුත් තිබුන.අම්මල මට කොච්චර ආදරේද?...මට හිතුන.නන්ගිට තෑගි ගොඩක් හම්බවෙලා වගේ මගෙ කාමරේට ආව පොඩි අයියා ඇහුවා....අපිට තමා කිසි වාසියක් නැත්තෙ......අයිය එහෙම කියනවිට ....ඔයාල ගෑනුලමයි නෙවෙයිනෙ මේ වගෙ ගෑණු ඇඳුම් අදින්න......මම කිව්ව.....හොදයි ඉතින් අම්මට පිංසිද්දවෙන්න ඔයා ගෑනුලමයෙක් උනා........ඇයි ඔයාටත් වෙන්න ඕනැද.....මම ඇහුව....අපෝ එපා මට මගෙ පිරිමිකම හොදයි......කිව්ව ඔහු ආපහු ගියා. පිරිමි කොහොමද ගැහැනුකමේ අගය දන්නෙ කවදහරි එයාලත් කෙල්ලො වුනොත් තමා ගැහැනු කමේ අගය තේරුම් ගන්නෙ.....මටත් මුලදි ඕකතේරුම් ගන්න බැරිවුනානෙ.........මම හිතුවා............

No comments: