Wednesday, August 24, 2016


(අමුතු කැමැත්ත 12)........................................මම දැක්ක සුපුන්ට නින්දගිහින් කියල.මම දන්නව පිරිමින්ට ඒ වෙලාවට පස්සෙ නිදිමත හැදෙනව කියල.මේවගෙ ගෑණුන්ටත් නිදිමත හැදෙනවද දන්නෙ නෑ. මට ගැහැනියෙක් විදිහට ඒක බලාගන්න බැරිවුනානෙ.....කමක් නෑ කොයි වෙලාවෙහරි බලාගන්න පුලුවන්වෙයි......මම හිත හදාගත්ත.ඇදගෙන හිටිය ගවුම ආයෙත් ඇඟලාගත්ත මට බාත් රූම් යන්න ඕනැවුනා ජීවිතේ පලමුවරට මට ගැහැනියෙක් විදියට මුත්රා කරන්න ලැබුනා.දැන් ඉස්සර වගේ නෙවෙයි ඒකට වාඩිවෙන්නම ඕනැ බව තේරුනා.වෙනසකට තිබුනෙ ඊට පස්සෙ එම ස්තානය සේදීමට අවශ්‍යතාවය ඇතිවුන එකයි.මට මෙතෙක් තිබුන පුරුෂ ලිංගය නොමැතිවීමේ සැහැල්ලුව නැවත දැනෙන්න ගත්ත. එලිවුනාට පස්සෙ මම කුස්සියට ගිහින් වෙනද වගේ තේ හදන්න පටන්ගත........අද ඉදන් මට ගෑනියෙක් විදිහට වැඩට යන්න පුලුවන්.......මට ලොකු සතුටක් ඇතිවුනා.මම දැක්ක සුපුන් මා ළඟට එනව එයා ආවගමන් මාව තුරුල්කරගෙන මුහුන සිපගත්ත......මධූ අපි අද සාප්පුව වහල නිවාඩුවක් ගම්මුද?...සුපුන් ඇහුව.....ඒ ඇයි සුපුන්...මම ඇහුව.....අද අපේ වෙනස්වුන පලවෙනි දවසනෙ. ටිකක් ගෙදර ඉදන් විනෝදවෙමු....එයා කිව්ව....මම දැන ගත්ත එයාට තිබුන ඕනැකම.....එහෙත් මට එහෙම ඉක්මන් අවශයථාවයක් තිබුනෙ නෑ.....අපි නොගියොත් ලමයි ටික බලා ඉදියිනේ....ඒ හින්ද යමු..මම කිව්ව....ඔයාට එකපාරටම ගැහැනියෙක් විදිහට ගියහැකිද......එයා ඇහුව.....නා මට අවුලක් නෑ....මට දැන් ගැහැනු ජීවිතේ හොදට හුරුයි....කිව්ව මම...ඔයාට කොහොමද....මම සුපුන්ගෙන් ප්රශ්නකලා......අපෝ මටත් ප්රශ්නයක් නෑ....එයා කිව්ව....දෙන්නටම එතරම් ගැටලුවක් නැතිහින්ද වැඩට යෑමට ලැහැස්තිවුන.දැනට මාස හයකට පමන පෙර සිට මධූ ඇදගෙන ගියේ ජින්ස් වැනි කලිසම් බව මට මතක්වුනා.ඒ දවස් වල ඒව ඇන්දෙ පිරිමිබව ලබාගැනීමේ කැමැත්තෙන් බව මට තේරුනා.මට දැන් නැවත පිරිමියෙක් වීමට අව්ශ්යතාවයක් නොමැති නිසා ඒවා ඇදීමට උවමනවක් නොමැත.මා මධූ ඉස්සර ඇදගෙන ගිය ගවුම් තෝරන්ට වුනා. මම දැක්ක සුපුන් මම ඉස්සර ඇන්ද කලිසම් කමිස තෝරනව.එයාට දැන් ජින්ස් අදින්න ඕනැනෑ.කලිසම් කමිස ඇදල මහත්තයෙක් වගේ යන්න පුලුවන්.මටත් ලස්සන ගවුමක් ඇදගෙන නෝන කෙනෙක් වගේ යන්න පුලුවන්.මම ගවුම ඇදගෙන කන්නාඩියෙන් බැලුවාමයි දැක්කෙ මගේ කන්දෙක පාලුයි කියල.මදූ මේ දවස් ටිකේ කරාබු පාවිච්චි කලේ නෑ. ඒ හින්ද දැන් මගේ කන්වල කරාබු තිබුනෙ නෑ.......සුපුන් කෝ ඔයාගෙ කරාබු ජෝඩුව.....මම සුපුන්ගෙන් ඇහුව. සුපුන් ඒව තිල තිබුනු තැනින් ගෙනාව......මේව දැන් මගෙ නෙවෙයි ඔයාගේ....කිව්ව එයා මගේ කන්පෙතිවල තිබුනු සිදුරුවලට ඒවා පලදන්න පටන්ගත්ත.මේ මාලෙත් දාගන්න කිව්ව එයා රත්තරන් මාලයක් මගේ කරේ පැලදුවා....දැන්තමා මගේ ගැහනුකම සම්පූරන වුනේ....සිතුව මම කන්නාඩියෙන් හැඩ බලන්න පටන්ගත්තා.....ඔය හැඩ බැලුව ඇති මධූ කොන්ඩෙ පීරගෙන හදාගන්න....සුපුන් කිව්ව....සුපුන් නම් ඇදගෙනත් ඉවරයි මම තමා පරක්කු.....පිරිමින්ට ඇඳුම් අඳින්න එච්චර වෙලාවක් යන්නෙ නෑනෙ....මමත් දැන් ගැහැනියෙක්නෙ අනිත් ගැහැනුන්ට වගේම මටත් දැන් වෙලා යයි....මට හිතුන.ම්දූ මට උගන්නල තිබුන විදිහට කොන්ඩෙ පීරල මෝස්තරයක් දාගෙන කොන්ඩෙ හදාගත්ත. මූනට සුලු මේකප් එකක් දාගත්ත මම හෑන්ඩ් බෑක් එකත් උරහිසේ එල්ලගෙන නියම ගැහැනියෙක් විදිහට වැඩට යන්න පිටත්වුනා....සුපුන් වාහනයේ රියදුරු අසුනෙ වාඩිවෙනකොට මට මතක් වුනා මධූටත් වාහන පදවන්න ලයිසන් තියෙනබව. අද එයා මම මෙතෙක් භාවිතා කල රියදුරු බලපත පාවිච්චි කරගෙන වාහනය පදවන්න පටන්ගත්ත......සුපුන් ඔයා ටික දවසකින් ඩ්රය්වින් කලේ නෑනේද පරිස්සමින්...මම කිව්ව.....මම හිමින් යන්නම් ටික දුරක් යනකොට හරියයි.......සුපුන් කිව්ව.මම අනිත් ආසනයේ වාඩිවුනා. මම දැන් ගැහැනියෙක් හින්ද නිදහසේ ආසනයේ වාඩිවෙලා යන්න පුලුවන්....මට සතුටක් දැනුන.අපි සප්පුවට ගියහම ඒකෙ වැඩකරන ලමයි මට වෙනදට කියන ගුඩ් මෝනින් සර් කියනව වෙනුවට ගුඩ් මොනින් මැඩම් කියන්න ගත්ත.....සර් කියනවට වඩා මැඩම් කියන එක කොයිතරම් සුන්දරද.....මගේ සතුට වැඩිවුනා.මම දැක්ක සුපුන් කඩිසර ලෙස සාප්පුවට යනව එයා දැන් පිරිමියෙක් හින්ද හයියෙන් ඇවිදින්න පුලුවන්.ඒත් මම දැන් ගැහැනියෙක් ඒක හින්ද එහෙම හයියෙන් ඇවිදින්න හොදනෑ .ගැහැනියෙක්ගෙ ලස්සන පේන්නෙ එයා සන්වර විදියට ඇවිදින විටයි.මම හිමින් සාප්පුවට ගොඩවුනා........ මැඩම් අද හරි ලස්සනයි......එක සේවිකාවක් මට කිව්ව. මට සියුම් සතුටක් ඇතිවුනා.......සුපුන් වෙනදට වඩා සතුටින් ඉන්නබව මට පෙනුන.දැන් මාත් සතුටින් එයත් සතුටින්.අපිට මේ සතුට හිමිකර දුන්නෙ කන්දෙ දේවාලෙ දෙවියන් නේද?...ලබන සෙනසුරාදම එහාට ගිහින් ලොකු පූජාවක් තියල දේවාලෙටත් මොකක් හරි ලොකු ආදාරයක් කරන්න ඕනැ .........මට හිතුනා.ගැහැනු ලමයි වෙනදට වඩා මට කිට්ටුවෙලා කතාකලා..ඒ මමත් ඔවුන් වගේ කාන්තාවක් හින්දනේද......

No comments: