Wednesday, August 24, 2016


(අමුතු කැමැත්ත 7).........................................ඒ මොකද වදයක් කිව්වෙ........මම මධූගෙන් ඇහුව.......ගැනියෙක් වුනාම කොයිතරම් වැඩ කරන්න ඕනැද.මට ඔයා ගැන දුක හිතෙනව...........මධූ කිව්ව....ඉතින් ඔයත් ගැනියෙක් වෙලා වැඩකලේ මේව ගෑනුකෙනෙකුට උරුම දේවල්.ගෑනියෙක් වුනාම ගෙදර වැඩ කරන එක වදයක් කියල හිතන්න හොද නෑ. මම නම් මේ වැඩ කරන්නෙ හරිම සතුටින්......මම මෙහෙම කියනවිට ඇය සිනාසුනා......ඔයානම් දැන් හිතන්නෙ පතන්නෙ නියම ගැනියෙක් වගේමයි........ඇය කිව්ව.....ඔයත් එහෙමනෙ ඔයත් දැන් හිතන්නෙ පතන්නෙ නියම පිරිමියෙක් වගේනෙ.......මම සිනාසෙමින් කියනවිට ඇයත් සිනාසුනා.මාස තුනක් විතර යනකොට මට හොදට උයන්න පුලුවන් උනා. ඒත් මම උයනකොට මදූත් ඇවිත් උදවුවුනා......මම තනියම මේ වැඩ කරන්නම් ඔයා නිකන් ඉන්න....මම කිව්ව.මට මතක් වුනා ඒ දවස් වල මධූ තනියම කුස්සියට වෙලා උයනව. ඒ වෙලාවට මම කලේ පත්තරයක් බලනව නැත්නම් පොතක් කියවනව එහෙමත් නැත්නම් ටීවී එක දාගෙන බලනව.මට ඕනැ කලා මම මධූ වගේ කුස්සියෙ උයන වෙලාවට එයා මම කල දේවල් කරවන්න. ඒත් මධූ එහෙම කරන්න අකමැතිවුනා....පව් අනේ ඔයා තනියම වැඩ කරනවනෙ......මදූ කිව්ව. මධුෂානි කියන්නෙ හිත හොඳ අහිංසක කෙල්ලෙක් එයා කැමති නෑ අනිත් අයගෙ හිත රිදෙනවට එයා නිතරම කල්පනා කලේ එයාගෙ පහසුව ගැන නෙවෙයි අනිත් අයගෙ පහසුව ඒ හින්දයි මම එපා කිව්වත් එයා මට උදවු කලේ...මමත් නියම ගැනියෙක් උනාම එයාවගේ වෙන්න ඕනැ........මට හිතුනා.....අදනම් මට තනියම උයන්න ඕනැ ඔයා කුස්සිය පැත්තටවත් එන්න එපා.....දවසක් මම මදූට කිව්ව......අයි ඒ...මාත් එක්ක තරහවෙලාද ......මධූ ඇහුව.අනේ නෑ මට තනියම මේ වැඩකරන්න ඉගෙනගන්න ඕනැ.....මම කිව්ව.එදා එයා කුස්සියට ආවෙ නෑ. ඒ දවස් වල මම කලා වගේ එයා පත්තරේ බලනව දැක්ක..මට ගොඩක් සතුටු හුතුන.මට දැන් නියම ගැනියෙක් වගේ ගෙදර ඕනැම වැඩක් කරන්න පුලුවන් බව තේරුනා...දැන් දේවාලෙට ගිහින් මාස තුනකටත් වැඩියි ...අපි ආයෙත් දවසක් ගිහින් මොනවද කියන්නෙ කියල බලමුද?....මම මෙලෙස මදූට කියනවිට ඇය එයට කැමතිවුනා. අපි නිවාඩු දවසෙ හොද පූජා වට්ටියකට අවශ්‍ය දේවල් අරගෙන ගිහින් දෙවියන්ට පූජාවට්ටිය කැප කලා.. ඒ අතරෙ කපු මහත්තය ආරූඩවුනා..දරුවනේ....අපිට කතාකලා....එහෙමයි සාමි...මම කිව්ව...දැන් ඔය දරුවො මම කියල දුන්න විදිහට වැඩ කරනවද.....ඔව් සාමි....මම උත්තර දුන්න.දැ ඔය දරුවට මේ දැරිවි කල වැඩ ටික කරන්න පුලුවන්ද.....දැන් මටත් වඩා හොදින් මෙයා ඒ ටික කරනව සාමි...........මධූ උත්තර දුන්න...ඒක හොදයි...කිව්ව කපුමහත්තයා.....ඔය දැරිවිගේ තත්වෙ කොහොමද.......ඇයගෙන් ඇහුව....දැන් මටත් ඒ ජීවිතේ හුරුයි සාමි.........ඇය කිව්ව....බොහොම හොදයි... කිව්ව කපුමහත්තය.....තව මාස තුනක්වත් නෑ.....මම කියපු දිනේට ඔය දේවල් සිද්දවෙයි..අලුත් ජීවිතයක් හින්ද ටිකක් තැතිගනී ඒත්..එදාට බයවෙන්න එපා..කිසි කලබලයක් නැතුව තමතමන්ගෙ වැඩටික කරගෙන යන්න.කිසිකෙනෙකුට මෙහෙම වුනා කියල කියන්න යන්න එපා....අපිට අවවාද දුන්න......තවත් හොදට ඒ ජීවිතයට පුරුද්ද ඇතිකරගන්න.... එච්චරයි මට කියන්න තියෙන්නෙ.....ඊට පස්සෙ කපුමහත්තයා ආරූඩයෙන් මිදුනා.අපි ගෙදර ඇවිත් කල්පනා කලේ අපිට එදාට මොනවගේ දෙයක් සිදුවේද කියාය. මම හිතන්නෙ මගේ ඇග එක පාරටම ගෑනු සරීරෙකට වෙනස්වෙයි...ඔයාගෙ ඇඟ පිරිමි විදිහට වෙනස්වෙයි....මම කිව්ව...... අපි වෙනස් වුනොත් අපිව කව්රුවත් අදුන ගන්න එකක් නෑනෙ....එත කොට ඔක්කොමල හිතයි අපි දෙන්න කව්ද වෙන දෙන්නෙක් කියල..මධූ එහෙම කියනකොට...ඒකත් ඇත්ත තමයි මට හිතුන.......සමහර විට ඔයා මම වගේ වෙයි මම ඔයා වගේ වෙයි ද දන්නෙ නෑ.....මම කිව්ව......මගෙ හිතේ එහෙම වෙයි.දෙවියො අපිට කරදරයක් වෙන දෙයක් වෙන්න දෙන එකක් නෑ....මදූ කිව්ව.......එහෙම උනොත් ඔයාගෙ ඔය සිනිදුවට තියෙන ඇග රලු වෙලා මවිල් ඇවිල්ල ඇඟ මහත්වෙලා කට්ස් ඇවිල්ල මූනෙ රැවුල ඇවිල්ල කටහඬ ගොරෝසුවෙලා ඔය ඉස්සිලා තියෙන පපුවත් තුනීවෙලා අතනත් වෙනස්වෙලා එල්ලෙන්න පටන්ගනී මම ඇගේ යටිබඩ දිහා බලාගෙන එහෙම කියන කොට ඇය ලජ්ජාවෙන් හිනාවුනා...මට විතරක් නෙවෙයිනෙ දැන් මට තියෙන දේවල් ඔක්කොම ඔයාට යනවනෙ. එතකොට ඔයා මම වගේ සුරුබුහුටි ලස්සන ගෑනියෙක්.......ඇය සිනාසෙමින් කිව්ව.අපේ දිනය දවසින් දවස ලන්වුනා.අනේ ඒ දිනේ ඉක්මනටම එනවනම්...ගැහැනියෙක් වීමට ඉවසිල්ලක් නොමැතිව සිටින මට නොයෙක් වර සිතුනා.මම දන්නව මධූත් කොල්ලෙක් වෙන්න නොයිවසිල්ලෙන් බලා ඉන්නව කියල....අපි වෙනස් වෙන්න තව දවස් කීපයයි නේද තියෙන්නෙ.....දවසක් රාත්රියේ ඇදේදී මම ඇහුව....ඔව් අනේ...කිව්ව මධූ......ඔයාට දුක නැද්ද අනේ ඔය හැඩිදැඩි කඩවසම් පිරිමි සිරුර ඔයාට නැතිවෙලා යනවට......ඇහුව......අයියෝ නෑ දැන්වුනත් මම ලැහැස්ත්යි මේක වෙනස්කරගන්න......මගේ හිතේ තියන හැගීම ඇයට කිව්ව....අනේ මන්ද අපේ අම්මනන් කියන්නෙ පිරිමියෙක් වෙන්න පින් තියෙන්න ඕනැකියල ඒත් ඔයා ආස ඒ පිනට ලැබුන දේ වෙනස් වෙනවට...කිව්ව ඇය සුසුමක් පිටකලා.........කමක් නෑ ඒ පින්වත් සිරුර ඔයාට ලැබෙනවනෙ......ඔයා කොහොමත් ගොඩක් පින් කරන හින්ද පිරිමියෙක් වෙන්න සුදුසු කම් තියෙනව.........මම කිව්ව.

No comments: