(අත්භූත වලව්ව 51)..........................................පහුවදා පාන්දර ඇහැරුන මම පැන්ටිය ගලවල බලනකොට ලේගෑවිලා තියෙනව දැක්ක...නමල් කිව්ව හරි දැන් පෑඩ් පාවිච්චි කරන්න වෙනව....හෝදගත්ත මම නාමල් කිව්ව දේවල් කලා.....දුවට අමාරුද.... කුස්සියට ගිය මගෙන් අම්ම ඇහුව. ගැටලුවක් නෑ අම්මෙ මම කිව්ව.....අම්ම කෑම හදන්න ලෑස්ති වෙන හින්ද මමත් අම්මට උදවුවෙන්න පටන්ගත්තා...දුවට අමාරුනම් ගිහින් නිදාගන්න....අම්ම කිව්ව. අනේ නෑ අම්ම ඒ හැටි අමාරුවක් නෑ මම කිව්ව....වෙනදට ඔය දවස් වලට අමාරුයි කියල පැත්තකට වෙලා ඉන්න කෙල්ල අද මොකද?....අම්ම ප්රස්නකලා.....එහෙනම් නයෝමි මේ දවස් වලට මේ ගැටලුව පිටින් දාල වැඩවලින් මග අරිනව වගේ....මම කල්පනා කලා....ඒත් පොඩි බඩේ කැක්කුමක් තිබුනත් ඒ තරම් අමාරුවක් නෑ කියල මට තේරුනා.....මෙහෙම උනා කියල වැඩ නොකර ඉන්න බෑනෙ අම්මෙ.....කවද හරි මේව මම තනියම කරගන්න ඕනැනෙ....ඒකනම් ඇත්ත දුවේ....හැමදාම මටත් දුව ලගින්ම ඉන්න බෑනෙ.....අම්ම කිව්ව.....මේ නංගියේ මගේ මගේ සර්ට් එකේ බොත්තමක් ගැලවිලා අල්ලල දෙන්නකො......ලොකු අයිය මට සර්ට් එකක් දීල කිව්ව....කෝ බොත්තම මම ඇහුව....ඒක හැලිල....ඕකෙ අමතර එක අරගන්න....අයිය කිව්ව.....නන්ගි මේ දවස්වල සනීප නැතුව ඉන්නෙ ඒ ලමයට කරදර කරන්නෙ නැතුව ඉන්න.....අම්ම කියනව ඇහුන.....එහෙමත් එකක්ද.... කිව්ව අයිය....අමුතු විදියට හිනාවෙනව පෙනුන.....මට හැදී තිබුනු අසනීපය අයියා දැනගත්ත කියල තේරුනා.....මේක ලොකු වැඩක් නෙවෙයිනෙ අම්මෙ....අයිය කිව්ව.....ලොකු වැඩක් කියන්න ඉස්සෙල්ල තමා කිව්වෙ....අම්ම කිව්ව....මැහුම් ගෙතුම් ගැන නොදන්න මම කොහොමද දැන් අයියගෙ බොත්තම අල්ලල දෙන්නෙ....මම කල්පනා කලා.....මේකට නූල් ඉදිකටු ටියෙන්නෙ කොහේද දන්නෙ නෑ .....මේක දන්නෙ නාමල් එයාගෙන් අහන්න ඕනැ.....මම කාමරේට ගිහින් නාමල්ට කෝල් කලා.....කොහොමද අසනීප තත්වෙ....නාමල් ඇහුව.... අවුලක් නෑ ඔයා කිව්ව දේවල් කලා.......ඒක නෙවෙයි මට ලොකු අයිය සර්ට් එකක් දුන්න බොත්තමක් අල්ලන්න කියල....මම ඒ ගැන දන්නෙ නෑනෙ. අඩුගානෙ නූල් ඉදිකටු කොහේද කියලවත් දන්නෙ නෑ......මහන මැසින් එකේ ලාච්චුවෙ ඔය ඔක්කොම ඇති ඒකෙන් ගන්න....නාමල් කිව්ව.....ඔයාට මැචින් එකේ මහන්න පුලුවන්ද....මම ඇහුව.....ටිකක් පුලුවන්... අයි නාමල් ඇහුව...මට තේරෙන්නෙ නෑ නෙ මොනව හරි මහන්න උනොත් මොකද කරන්නෙ.....මම ඇහුව.....ඔයා හිමින් සැරේ ඉගෙනගන්න....එතකොට හරි...නාමල් කිව්ව.....ගැහැනියෙක් විදියට ජීවත් වෙනකොට දැනගන්න ඕනැ දේවල් ගොඩක් තියෙනව කියල මට තේරුම් ගියා.....නාමල් කිව්ව විදියට මැසින් එකේ ලාච්චුව ඇරියම ඒකෙ හැමදේම තියෙනව කියල දැක්ක.....ඉදිකට්ට නූල් බෝලෙ ගත්ත මම කමිසෙ මහන්න මගේ කාමරේ ජනේලෙ ගාවින් වාඩිවුනා.....මීට ඉස්සර මහල නැති වුනාට බොත්තමේ හිල් අතරින් නූල් යවන එක තියෙන්නෙ කියල තේරුම් ගත්ත මම මහන්න පටන්ගත්තා......ඇති යන්තම් ....මහල ඉවරකල මම කල්පනා කලා.මගේ රුදිර පිටවීම දින පහක් විතර තිබුන. ඒ දවස් කිහිපය ටිකක් කරදර කාරී උනත් ඒතරම් ගැටලුවක් නොවුන බව මට වැටහුනා....නාමල් හැගෙව්වෙ මේ කාලෙට මැරෙන්න තරම් අමාරු වෙනව කියලනෙ....එයාට දැන් පිරිමි කම ඔලුවට ගහල ද කොහේද. ගැහැනු පාච්චල් කරනව....මම කල්පනා කලා.....ටික වෙලාවකින් නාමල් ගෙන් කෝල් එකක් ආව කවදාවත් නැතුව එයාටත් ගැටලුවක් ඇවිත් වගේ...හිතුව මම ඔහුට කතාකලා.....ඔයට තාම අරව යනවද.....නෑ දැන් නැවතිලා....මම පිලිතුරු දුන්න....එහෙනම් හොදයි...ඒක දැනගන්න කතාකලේ.....මේ ඔයා ඕක පටන්ගත්ත දිනේ ලියල තියාගන්න . අව්සන් වෙලා දව්ස විසි අටක් ගියාට පස්සෙ තමා ඊලග එක පටන් ගන්නෙ....ඒ හින්ද ඒ දිනේට ඔයාට ලෑස්ති වෙන්න පුලුවන්.....ඒකයි කිව්වෙ.....ඒ දව්ස් ටිකේ හොදට සැප වින්ද නේද....නාමල් මට අනුම් පදයක් කියන බව මට තේරුනා....අනේ නිකන් යන්න නාමල් යන්න...ඔයා මාව බය ගන්නපු විදියට මම හිතුව ඔය දවස් වලට මැරෙන්න තරමට අමාරු වෙනව කියල....බලන කොට පොඩි කරදරයක් විතරනෙ තියෙන්නෙ....ඕකත් කරදරයක් ද නාමල්....මම ඔහුට දොස් කිව්ව....ඔයා ඕකට කැමතිනම් ඉතින් ගැටලුවක් නෑ....හැබැයි මටනම් ඕක එපාවෙලා හිටියෙ....මම දැන් පුල් ජොලියෙ ඉන්නවා......නාමල් කිව්වා....
No comments:
Post a Comment