(අමුතු කැමැත්ත 17)අවසාන කොටස............................දරුව ලැබුනට පස්සෙ මට මධූගේ ගෙදර නවතින්න සිද්දවුනා.මම මධූවෙලා හින්ද ඇත්තටම දැන් මේ ගෙදර මගේ ගෙදර බවට පත්වෙලා මධූගෙ අම්ම තාත්ත මගේම වෙලා එයාලත් හිතාගෙන ඉන්නෙ මම එයාලගෙම දුව කියල අපි එයාලට එහෙම හිතාගන්න ඉඩදුන්න.මාස දෙකක් විතර යනකම් මාවයි දුවවයි බලාගත්තෙ මදූගෙ අම්ම.එයා හරිම කරුනාවන්තයි කියල දැනගත්තෙ මම මෙහෙ නැවතුනාට පස්සෙ.අපි ආයෙත් ගෙදර ගියහම අපි ගෙදරවැඩට මැදිවියේ ගැහැනු කෙනෙක් හොයාගත්ත එයත් දරුවො කීප දෙනෙක්ගෙ අම්ම කෙනෙක් වෙලා හිටිය හින්ද එයාගෙනුත් උපදෙස් ගන්න පුලුවන් උනා......අපි හිටිය විදියට හිටියනම් මමනෙ මේ චූටිදුවගෙ අම්ම වෙන්නෙ........දුව හුරතල් කරනගමන් සුපුන් කිව්ව....ඇයි ඉරිසියයිද .......මම විහිලුවට ඇහුව......අම්ම කෙනෙක් වෙන එක කොච්චර වාසනාවක්ද මධූ....කිව්ව එයා.....මට උරුමවෙන්න තිබුන ඒ මව් පදවිය ඔයාට පරිත්තාග කලා......කියල හිනාවුනා.දුව හම්බවුනාට පස්සෙ මම සාප්පුවට යන එක නතරකලා ඒ හැම දෙයක්ම කලේ සුපුන්.මම දැනගෙන හිටිය එයා මධූ විදියට හිටිය කාලෙ ඉදම්ම බිස්නස් වලට දක්‍ෂයි කියල.මට ඕනැවුනේ හොද බිරිදක් අම්ම කෙනෙක් වෙන්න ඒ හින්ද ගෙදර නැවතිලා ඒ යුතුකම් ඉටුකලා.මාස කිහිපයකින් සුපුන්ට තවත් ශොප් එකක් අරින්න පුලුවන් වුනේ එයාගෙ කැප කිරීම හින්ද කියල මම දන්නව.ඒත් එයා කිව්වෙ චුටි දුවගෙයි මගෙයි වාසනාවට එහෙම උනාකියල.අව්රුදු දෙකකට විතර පස්සෙ මට තව දරුවෙක් ලැබෙන ලකුනු පහලවුනා.අම්ම කෙනෙක් වෙන එකගැන දන්න මට මේක එතරම් ගැටලුවක් උනේ නෑ. අපේ දෙවෙනි දරුව පුතෙක්වුන එකට සුපුන් ගොඩක් සතුටුවුනා.මම දැන් දරුවො දෙන්නෙ කුගෙ අම්මකෙනෙක්.මොනතරම් වාසනාවක්ද...මට හිතුනා.මම ඒ දවස්වල දැඩි කැමැත්තෙන් හිටියෙ මේ තත්වෙට පත්වෙන්න නේද? මෙහෙම උනේ නැත්නම් අදත් අපි දෙන්නට කොයිතරම් දුකෙන් කනගාටුවෙන්ද ජීවත්වෙන්න වෙන්නෙ.අපි කවදාවත් අපිට වුදව්කල දේවාලය අතහැරියෙ නෑ දැන් ඒ කපුමහත්තයත් අපේ හොද හිතවතෙක් වෙලා.ඒ දේවලෙට විතරක් නෙවෙයි. සාසනය වෙනුවෙන් සෑහෙන ආධාර කලා.මේක අපේ අමුතු පැතුමක් නෙවෙයි..........මේකයි අපේ දෛවයේ පැතුම................අවසානයි.
No comments:
Post a Comment