(අමුතු කැමැත්ත 16)...................................අපි ගෙදර එනකොට ටිකක් රෑ වෙලා තුබුන මගදි හෝටලයකින් රෑ කෑම ගත්ත හින්ද උයන්න ඕනැවුනේ නෑ.කන්ද නැග්ග හින්ද මගේ කකුල්දෙක රිදෙන්න ගත්ත.මම ඇදේ වාඩිවෙලා කකුල් දෙක අතගාමින් ඉන්නකොට........ඇයි මධූ.....සුපුන් ඇහුව......මගෙ කකුල් දෙක රිදෙනව අනේ....මම කිව්ව........මගෙත් ඒ දවස්වල ඔහොම තමයි......සුපුන් කිව්ව.මට ඒ දවස් වල මෙහෙම කකුල් රිදුනෙ නෑ. ඒවගෙම දැන් සුපුන්ටත් ගානක් නැතුව ඇති.ගැහනු ශරීරය කියන්නෙ සක්තිමත් සිරුරක් නෙවෙයිනෙ ඒකතමා මෙහෙම රිදෙන්නෙ...........ඕව ඉතින් ගැහැනියෙක් වුනාම විදගන්න වෙනව........... කිව්ව සුපුන් මගේ කකුල් අතගාන්න පටන්ගත්ත.මට මතක්වුනා දේවාලෙදි සුපුන්ට දුන්න අවවාදය.....දරුවට ලැබුනු පිරිමි සිරුරෙන් අයුතු ප්රයෝජන ගන්න එපා.....ඇයි එයා එහෙම කිව්වෙ.සුපුන් වැරදි වැඩවලට පෙලබෙයිද?.......මට ගැටලුවක් ඇතිවුනා.......සුපුන්.....යනුවෙන් ඇමතූ මම...ඔයා මට ආදරෙයිද?....මම ඇහුව....ඔව් කෙල්ලෙ ගොඩාක් ආදරෙයි......එයා අතගාන ගමන් කිව්ව....ඇයි එකපාරටම එහෙම ඇහුවෙ......එයා ප්රශ්නකලා......නෑ නිකම් ..මම කිව්ව......නිකම්ම වෙන්න බෑ...කිව්ව එයා....කපු මහත්තය මට කියපු එකට බයවුනා නේද.....ඇහුව.මම මොකුත් නොකිය හිනාවුනා.....ඔයා බය වෙන්න එපා මගෙ කෙල්ලෙ මම ඒවගේ ජරා වැඩ කරන්නෙ නෑ.මම දැන් ජීවත් වෙන්නෙ ඔයාට පිංසිද්දවෙන්න ඔයාගෙ සරීරයේ. ඉතින් කොහොමද? ඔයා ට ද්රෝහිවෙන්නෙ..........කිව්ව සුපුන් මාව ආදරයෙන් සිපගත්ත....ඔයාට මහන්සිද......සුපුන් මෙහෙම අහනකොට මම දැනගත්ත එයාට මාව ඕනැවෙලා කියල.ගමන් මහන්සිය තිබුනත් එයාගෙ සතුට වෙනුවෙන් කැප කිරීම මගේ යුතුකම හිනද මම......නෑ කිව්ව....එයා මාව හුරතල් කරන්න පටන්ගත්ත.ටිකවෙලාවක් යනකොට මගේ තිබුන ගමන් මහන්සිය අඩුවෙලා ඇඟට සැහැල්ලුවක් දැනෙන්න ගත්ත.ඇස්දෙක වැහුන මට දැනුනෙ මාව අහසේ පාවෙනව කියල.මට තේරුනා සුපුන් මා වෙනුවෙනුත් එයාගෙ සතුට වෙනුවෙනුත් ගොඩක් මහන්සිවෙනව.මම මගේ මුලු ගැහැණු සිරුරම එයා වෙනුවෙන් කැපකලා.මට අයිතිවෙලා තිබුන මුලු දේපොලම මට දැන් නැතිවුනත් පිරිමියෙකු වශයෙන් මට තිබුනු හැම වරප්රසාදයක්ම අහිමි වුනත් මේ ගැහැණු සිරුර කොයිතරම් සනීපද? මේ දැන් ලැබෙන සනීපයට පිරිමියෙකු වසයෙන් මට ලන්වෙන්නවත් පුලුවන්කම තිබුනද?....ආදරයත් සමග මිශ්රවුන මේ සුන්දර සුවය කාන්තාවටම උරුම ඌ දෙයක් කියල තේරුනා.සනීපය වැඩිකමට සිහිය නැතිවෙයිද කියල හිතුන වාරත් තිබුන.පිරිමියාගේ මහන්සියෙන්ම කිසි මහන්සියක් නැතුව මෙතරම් සනීපයක් ලබාගන්න පුලුවන් මේ වගේ ගැහැණියෙක් වෙන්න පුලුවන්වීම කෙතරම් වාසනාවක් ද කොයිතරම් ලොකු පිනක්ද?...මට හිතුනා...මට මේ සතුට ගෙනදුන්න දෙවියන්ට පින්දුන්න...මම දන්නව සුපුන් මන් වගේම සතුටුවෙනබව එයාට ඕනැවෙලා තිබුනෙ මහන්සිවෙලා සතුටුවෙන්න ඒකනේ එයාට පිරිමියෙක් වෙන්න ඕනැවුනේ..............................සතියක් විතර ගෙවුන මගේ යටිබඩේ කොරයක් වගේ කැක්කුමක් ආව මම ඒක සුපුන්ට කිව්ව.එයා හිනාවුනා.....ලෙඩක් හැදුනම හිනාවෙනවද...මම තරහෙන් කිව්ව.........ඕක ලෙඩක් නෙවෙයි කෙල්ලෙ....කිව්ව එයා ගෑනුන්ට වෙන දේ ඔයාටත් වෙලා.....එයා එහෙම කිව්වම මට තේරුනා මට වෙන්න යනදේ.....එයා මට ඒකට උපදෙස් දීල පාවිච්චි කරන්න පෑඩ් පැකැට් තියෙන තැනත් පෙන්නුවා.ඒ දවස් කීපය කරදර තිබුනත් මට ගැහැනු ජීවිතය සුලුවසයෙන් වත් එපාවුනේ නෑ. මාත් අනිත් අය වගේම නියම ගැහැනියක් කියල ආඩම්බරයක් ඇතිවුනා.තවත් මාස කීපයක් ගතවුනා.ඒකාලය තුල සුපුන් මට ගැහැනියෙක් වසයෙන් ලබන්න පුලුවන් උපරිම සතුට ලබාදුන්නා.මාව පිරිමියෙක් වෙලා හිටියද කියලවත් මතක නැතිවෙන තරමට ගැහැනුකමට හුරුවුනා. සුපුන් මම වගේම පිරිමිකමට හුරුවුනා.අපිට සිදුවී ඇති දෙය කිසිවෙක් දැන නොසිටිඅතර මගේ දෙමවුපියන් සුපුන් ගෙ වුන අතර මධූ ගේ දෙමවුපියන් මගේ වෙලා තිබුන.අපි ඔවුන්ට වෙනසක් නොපෙන්වා කටවුතු කිරීමට වගබලාගත්තා. මම මගේ මාස් සුද්දිය වෙන දවස් ගනන් බලාගෙන හිටියත් මාසයක් එහෙමවුනේ නෑ මම මේ බව සුපුන්ට කිව්ව.....බබෙක්ද දන්නෙ නෑ...එයා මගේ බඩ අතගාල කිව්ව......අනේ එහෙම වෙනවනම් කොච්චර දෙයක්ද...මම සතුටින් කිව්ව....ලබන මාසෙත් බලල ඩොක්ටකෙනෙක් ගාවට යමු....සුපුන් කිව්ව.මීලග මාසෙ බලා හිටිය අපි ඩොක්ට ගාවට ගියා මගේ මුත්රා පරීක්ශාකල ඩොක්ට......ඔයා අම්ම කෙනෙක් වෙන්න යනව.......කිව්ව. අපේ සතුට වැඩිවුනා. මේ පනිවිඩය අපේ ගෙවල්වලට කිව්ව. එදා ඉදන් එයාල මට සෑහෙන්න සලකන්න පටන්ගත්ත.මම ඉල්ලන ඕනැදෙයක් මට කන්න බොන්න දුන්න.නිතර වමනය ගියත් සුලු සුලු කරදර ඇතිවුනත් මාත් දැන් අම්මකෙනෙක් කියන සතුට ඇතිවුනා.මගේ කුස ලොකුවෙන්න ලොකුවෙන්න අමාරු වැඩිවුනත් කුසේ වැඩෙන දරුවා ගැන ආදරය වැඩිවුනා.පහුවෙනකොට සුපුන් කිව්ව සාප්පුවට යන්න එපා කියල ගෙදර වැඩට ගැහැනු කෙනෙක් හොයාගත්ත. එයත් ලොකු දරුවො ඉන්න අම්ම කෙනෙක් හින්ද මට එයාගෙනුත් උපදෙස් ගන්න පුලුවන් වුනා.ස්කෑන් වලින් දැනගත්ත කුසේ ඉන්නෙ දුවෙක් කියල. අපේ පවුලට ඉස්සෙල්ල එකතුවෙන්නෙ දුවෙක් හින්ද ගෙදරට වාසනාවයි කියල ඔක්කොම කිව්ව.මගෙ දින ලන්වුනා වාට්ටුවෙ නැවතුනා මාව දරුව ලැබෙන්න ලෑස්තිකලා.සැත්කම් කරන්න ඇහුවත් මට ඕනැවුනේ නියම අම්ම කෙනෙක් විදින දුක බලාගන්න.සවභාවික විදිහට දරුව ලැබෙන කොට ඇතිවුන වේදනාව කියාගන්න බැරිවොනා මම කෑගැහුව. මගෙ මුලු සරීරයම අබරනව වගේ දැනුනා. අවසානයේ මට තේරුනා දූ පැටික්කි එලියෙ කියල එයාව මට පෙන්නුවහම මා මෙතෙක් වින්ද වේදනාව නැතිවුනා. ඒ වෙලාවෙ නස් කෙනෙක් මට දුන්න කෝපි ටික අමුර්තයක් ලැබුන වගේ දැනුන දැන් මට ඕනැ දූව තුරුල් කරගන්න.එයාව ලෑස්තිකරල මගේ තුරුලෙ තිබ්බ මම එයාව තුරුල් කරගෙන සිපගත්ත.මගේ පියයුරු පුඩුව එයාගෙ මුවෙන් තිබ්බම එයා ඒව උරන්න පටන්ගත්ත මට තේරුනා මගේ මුලු ඇගෑම තියෙන ලේ ටික කිරිවෙලා එයාගෙ කුසට යනව මම හිමින් එයාගෙ හිස සිපගත්ත.අපිව බලන්න ආව සුපුන් අපි දෙන්නවම සිපගත්ත.අම්ම කෙනෙක් උනහම මේතරම් දරුවන්ට ආදරේද?...මට අම්මා කෙනෙකුගෙ සෙනෙහස දැනුනෙ අදයි.කෙතරම් දුක් වේදනාවින්දත් අම්මාකෙනෙක් වෙන එක කොයිතරම් පිනක්ද.මම කල්පනාකලා.අම්මෙක් වෙන්නනම් ගැහැනියෙක් වෙන්න ඕනැ ඒ හින්ද කෙල්ලෙක් වෙලා උපදින්න පුලුවන්නම් කොයිතරම් පිනක්ද.මා කරන පින්වලින් ඉපදෙන හැම ආත්මෙකම ගැහැනු වෙලාම ඉපදේවා කියල පැතුව ඒ වගේම සුපුන් මගේ සවාමියාම වේවායි...පැතුවා............
No comments:
Post a Comment