Tuesday, August 23, 2016

(අත්භූත වලව්ව 58).....................................මාත් එක්ක පේරාදෙනියෙ හිටිය නාමල් කියල යාලුවෙක් එයාගෙ තාත්තගෙ ගමත් නෙලුවෙ අපි යලුවො කට්ටියක් එහෙ ගියා...එයාගෙ තාත්තගෙ නම රෝහිත විජේසිරි බන්ඩාර...මම කිව්ව......රෝහිත විජේසිරි බන්ඩාර කියන්නෙ මගේ බාප්ප . එයාගෙ පුතා තමයි නාමල් එයා මගෙ මල්ලි....මල්ලි පේරදෙනියෙ කැම්පස් එකේ ඉන්නව කියල ආරන්චි වුනා...මට ගොඩක් කාලෙකින් මල්ලිව හම්බවෙන්න බැරිවුනා....කොහේදඑයාල ඉන්නෙ කොලබනෙ. දැන් මල්ලිව අදුනන්නවත් බැරුව ඇති....විදුර කිව්ව.....මට මතක් උනා. විදුර කියන්නෙ මගේ ලොකු තාත්තගේ පුතා කියල. පොඩි කාලෙ ඉදන් දැකල නැති හින්ද විදුර අයිය මට අදුන ගන්න බැරිවුනා......එතකොට මේ ඉන්නෙ ඉස්සර මම නාමල් කාලෙ හිටිය මගේ අයිය....මට නෑකම සිහිවුනා......ඒත් මම එයගෙ නෑයෙක් කියන්නෙ කොහොමද?..මම දැන් එහෙ කෙනෙක් නෙවෙයි.......සිතූ මම....මේකනම් පුදුමාකාර හමුවීමක්...මම කල්පනාකලා...මම නාමල් වැඩකරනතැන විදුරට කිව්ව...මම මේ ගැන නාමල්ව දනුවත් කරන්න ඕනැ කියල හිතුවා....අදම නාමට මේක කියන්න ඕනැ කියල හිතගත්ත මම ...ඔය මනුස්සය රෑවෙනකොට බීල ඉන්න හින්ද රෑවෙන්න ඉස්සෙල්ල කියන්න හිතාගත්ත.....මම වැඩ ඇරුන ගමන් නාමල්ට කතාකලා....නාමල් ඔයාගෙ ලොකු තාත්තගෙ පුතා අපේ ඒරියා මැනේජර් ....මම කිව්ව....මොන ලොකු තාත්තද මට ලොකු තාත්තෙක් හිටියෙ නෑ හිටියෙ සුදු පුන්චි විතරයි.....ඔහු කිව්ව....ඒ ඔයා නයෝමි කාලෙනෙ දන් ඔයා නයෝමි නෙවෙයිනෙ ඔයා නාමල්.....මම කිව්ව...ආ සොරි....කිව්ව නාමල්...මහප්ප කෙනෙක් ඉන්නවද...මගෙන් ඇහුව....ඔව් අනේ එයගෙ නම විල්බට් විජේසිරි බන්ඩාර....අපි වැඩිය එහෙ ගිහින් නෑ ....විදුර කියන්නෙ එයාගෙ පුතා ඒකියන්නෙ ඔයාගෙ අයිය...එයා තමා අපේ ඒරියා මැනෙජ නම විදුර....ඔයාට කොයි වෙලාවෙ හරි කතාකරයි.....ඔයා ලොකු තාත්තව මතකයි කියන්න....එයා තාම ඉන්නව....ඒකියන්නෙ ඔයාගෙ දැන් තාත්තගෙ අයිය.....නම විල්බට්....හොදට මතක තියාගන්න....හරි හරි මම මතක තියාගන්නම් ...නාමල් කිව්ව.....පහුවදා විදුර මට කතාකලා....නයෝමි මම ඊයෙ රෑ නාමල් මල්ලිට කතාකලා.....මිනිහ පිස්සු කියවන්න ගත්තනෙ....ඔලුව හොදනැද්ද...මගෙන් ඇහුව....මම මිස්ට විදුරට කියන්න බැරිවුනා....එයා රෑට අරක්කු බීල ඉන්නෙ කියල මට ආරන්චිවුනා.....මිස්ට විදුරට කතාකරන්න ඕනැනම් දවල්ට කතාකරන්න....වැඩපොලේදු බොන්නෙ නැනෙ.....මම කිව්ව.....එයා ඒතරම් බේබද්දෙක්ද මගෙන් ඇහුව....ඉස්සර ඔහොම බිව්වෙ නෑ දැන් බොනවලු...යාලුවෙක් විදියට අපි කිව්ව ඒත් අහන්නෙ නෑ.....මම කිව්ව...... 
විදුරගේ ඇත්ත තත්වය දැන ගත් මම විදුර ගැන කල්පනාකලා.....එයා මම නොදන්න කෙනෙක් නෙවෙයි.....අපේ තාත්තත් විදුර ගැන කතාකරනව අහල තිබුන එයා පොඩිකාලෙ ඉදම්ම ඉගෙන ගන්න දක්ස කෙනෙක්ලු.....ලොකු තාත්තටත් තාත්තට වගේ තේවතු තියෙනවලු.....විදුර අයියගෙ අක්කකෙනෙක් ඉන්නව..මට මතකයි අම්මයි තාත්තයි එයාගෙ මගුල් ගෙදර ගියා......ඒ දවස්වල මට ඒලෙවල් විභාගෙ හින්ද මට ඒකට යන්න බැරිවුනා.....එදා මගුල් ගෙදර ගියානම් මට අද විදුර අයියව අදුරගන්න තිබුන....විදුර අයිය ගුනයහපත් කෙනෙක් කියල කීපදවසක් ආච්චි කියනව මට ඇහිල තිබුනා....එයා ගමේ ආවහම ආච්චිව බලන්න යනවලු.......එයා විදුලි බල මන්ඩලේ වැඩකරනව කිව්වට කොහේද වැඩකරන්නෙ කියල තාත්තවත් අම්මවත් දැනගෙන හිටියෙ නෑ......මේ විදුර අයිය තමා දැන් මාගැන හිතාගෙන මට නිතර කතාකරන්නෙ.....මෙයා හොද කෙනෙක්නම් දන්න කෙනෙක්නම් අයි මම මෙයාව මග හරින්නෙ....මට ගැටලුවක් ඇතිවුනා.....කොයිකටත් මේගැන මගේ අම්මට තාත්තට කියන්න ඕනැ....මම හිතාගත්ත.....මම සති අන්තයේ ගෙදරගියා.....අම්මෙ මම වැඩකරනතැන ලොක්ක මාගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නව කියල තේරෙනව....මම මොකද කරන්නෙ.....ඉතින් දුව මොකද කිව්වෙ...මම මොකුත් කිව්වෙ නෑ.....මට අමට හාත්තට පිටින් යන්න බෑනෙ......එයා කොහොම කෙනෙක්ද....අම්ම ඇහුව....මම විදුර ගැන විස්තර කිව්ව.....දුව කියන හැටියටනම් එයා හොද කෙනෙක් වගේ කොයි එකටත් තාත්තට කියමු...අම්ම කිව්ව.....තාත්ත බනීද දන්නෙ නෑ.....මම කිව්ව..මොකට බනින්නද...දුවට දැන් කලවයසත් හරිනෙ....අම්ම කිව්ව.....ඔක්කොටම ඉස්සෙල්ල එයාගෙ කේන්දරේ අරන් ආවොත් හොදයි නේද දුවේ....අම්ම ඇහුව....මම ගන්න බලන්නම් අම්මෙ ....මම කිව්ව......
නයෝමි ඔයාගෙ යාලුවට මම කතාකලා....නාමල් මල්ලිට මාව අදුනගන්න බැරිවුනාට මතකයිලු...එයා මගේ කෝටස් එකට එන්නම් කිව්ව......එතකොට අපිට කතාකරන්න පුලුවන්වෙයි.....විදුර කිව්ව.....කවද්ද එනව කිව්වෙ......හෙට අනිද්දම එන්නම් කිව්ව....රෑවෙලා ආවොත් බීල එයිද දන්නෙ නෑ....මම කිව්ව....එහෙම වෙන එකක්නෑ අපි බලමිකෝ....විදුර කිව්වා.....ඔයත් එන්න එදාට....මගේ කොවාටස් එක දන්නවනෙ....ඔව් මිස්ට විදුර....මම කිව්ව....

No comments: