Saturday, August 13, 2016


(අත්භූත වලව්ව 34)..............................................මම ගමන යනගමන් නාමල් ගාවට ගියා.....ඔයාට ඊයෙ මොකුත් අව්ලක් උනාද..... මම ඇහුව. ...මට අර කාමරේ තනියම ඉන්න බයහිතුන අනේ....ඔයාලගෙ කාමරේට එන්න විදියක් නැති හින්ද කොල්ලො ටික හොයාගෙන ගියා....කොල්ලොත් එක්ක ඉන්නකොට අමුතක් වගේ දැනුනත් ඒ වෙලාවෙ මට වෙන කරන්න දෙයක් තිබුනෙ නෑ....මොකද මට මේ විදියට කෙල්ලො ඉන්න කාමරවලට යන්න බෑනෙ......නාමල් කිව්ව...ඒක ඇත්ත....මම කිව්ව....ඔයාට ගැටලුවක් උනේ නැද්ද....අපෝ නෑ...කිව්ව මම. කෙල්ලො දෙන්න බයවෙලා හිටිය හින්ද මට ඒ දෙන්නව තුරුල් කරගෙන නිදාගන්න සිද්දවුනා. ශා ජොලියෙ ඉන්න ඇති නේද....නාමල් ඇහුව....මම කිසිත් නොකියා හිනාවුනා.....ඔයා කැමතිද ඔය විදියට ඉන්න....නාමල් ඇහුව....වෙන ඉතින් කරන්න දෙයක් නෑනෙ මේ විදියට ඉන්නව ඇරෙන්න....මම කිව්ව්. ...මේ නයෝමි ඔයාට මොකක් හරි අසනීපයක් තිබුනද....නාමල් හදිසියේ ඇහුව....ඒ මොකක්ද..මම ඇහුව....මට මේක ඔයාගෙන් අහන්නත් ලැජ්ජයි වගේ..උදේ මට බයත් හිතුන ටිකක් වෙලා යනකොට යන්තම් හරිගියා.....නාමල් කිව්ව...ලැජ්ජ වෙන්න එපා මොකක්හරි ගැටලුවක්නම් අහන්න.....උදේ පාන්දර පිරිමි එක ලොකු වෙලා ටිකක් වෙලා තිබුනනෙ....ඒක එහෙමම තියෙයි කියල මට බය හිතුන.....ඔහු පැවසුව දේ තේරුම් ගත්ත මට හිනාගියා....මොකද අනේ හිනවෙන්නෙ ඔහු ඇහුව....ඕක කොල්ලන්ට සිද්දවෙන සාමානය දෙයක් නෙ . බය වෙන්න එපා ටිකවෙලාවකින් අඩුවෙනව....මම කිව්ව....අපෝ ඒ වෙලාවට යටට අදින්නත් අමාරුයිනෙ අනේ...ඇය කිව්ව.....ඕක පුරුදු වෙනකොට හරියයි මම කිව්ව.....ඒක තමයි නේද....ඔහු කිව්ව...අපිට මේක වෙනස් කරගන්න බැරිද....ඔහු ඇහුව...ඒක තමා මාත් මේ කල්පනා කලේ ...ඔයාට මතකද අපිට මේ දේ උනේ කාමරේ තිබුන වතිර බිව්වට පස්සෙ කියල. ඔව් ඒකනම් මතකයි....මටත් දැන්හිතෙනව ඒ වතුර වල මොකක් හරි ගුප්ත බලයක් තියෙන්න ඇති කියල ...නාමල් කිව්ව....ඒක තමයි...අපි ආයෙත් ඒවගේ වතුර ටිකක් තියල බීල බලමු....මම කිව්ව.....ඔව් එහෙම කරමු නැත්නම් අපි කොහොමද මේ විදියට ගෙවල් වලට යන්නෙ....ඔහු කිව්ව....ඒකටනම් බයවෙන්න එපා නාමල් මම ඔයාට මගේ ගෙදර ගැන සම්පූරනයෙන් විස්තරයක් දෙන්නම් ඔයා මට ඔයාගෙ ගෙදර ගැන සම්පූරන විස්තරයක් දෙන්න....ඒත් මට බයයි නයෝමි....බයවෙන්න එපා මොනව වුනත් දැන් ඔයා කොල්ලෙක්නෙ....මාව කෙල්ලෙක් උන හින්ද මටනෙ ඔයාට වැඩිය ගැටලු එනවනම් එන්නෙ..අපි දෙන්නට පෝන් වලින් කතාකරගන්න පුලුවන්නෙ.....මම කිව්ව....ඒකනම් ඇත්ත තමා...කොයිකටත් අපි අරවිදියට වතුර බීල බලමු...නාමල් කිව්ව...එහෙනම් එහෙම කරමු..මම කිව්ව. කොහොම උනත් මට ආයෙත් මාරුවෙන්න වෙයි.සීය කැමතිනෑ මම මේ විදියට ඉන්නවට...එයාට ඕනැ මාව කොල්ලෙක් විදියට ඉන්නව බලන්න....සීය කිව්ව ගමන් මට වතුර මතුරන්න වෙනව....අපි හිමින් හිමින් කන්ද මුදුනටම නැග්ග....අවට තිබුනේ මනස්කාන්ත දර්ශනයක්. ටික වෙලාවක් එතැන හිටිය අපි නැවත පහලට එන්න පිටත්වුනා....ඉස්සරට වඩා දැන් ඇගට අමාරු දැනුනත්. ගිතානියි තාරුකායි එක්ක හිමින්සැරේ පහලට බැස්සා....පහල ඇලෙන් නාන්න කට්ටිය කැමති උනත් මගෙයි නාමල්ගෙයි අකමැත්ත ප්රකාශ කිරීම සැමගේම පුදුමයට කරුනක් උනා...මොකද බන් උඹට අද වෙලා තියෙන්නෙ....වෙනදට අපිටත් ඉස්සෙල්ල මේවගෙ තැනක් දැක්කහම දියට බහිනව....මෙච්චර කාලයක් කොල්ලෙක් හැටියට නෑව මම කෙල්ලෙක් විදියට මෙයාල ඉස්සරහ නාන්නෙ කොහොමද....නාල ඇදුම් ඇදගන්නෙ කොහොමද....මම කල්පනාකලා...ඒත් කෙල්ලො දෙන්නගෙන් මට බෙරිල්ලක් නෑ කියල තේරුනා.මම නාන ඇදුම් ගෙනාවෙ නෑ අනේ මම කිව්ව..බොරු කියන්න එපා.ඔය ගෙනාව බෑක් එකේ ඇතිනෙ ..තාරුකා කිව්ව.....ගෙනාවෙ නෑ...බොරු කියන්න එපා කිව්ව තාරුකා මගේ බෑක් එක අද්ද....මේ බලහන් මේ චීත්තෙ තියාගෙනනෙ බෑ කිව්වෙ...ඇය බෑක් එකෙන් ගත්ත චීත්තෙ අල්ලගෙන කිව්ව....දැන් මම කොහොමද මේක අදින්නෙ.....කල්පනා කල මම...එතැන තිබුන ගල්කට මුවාවුනා.....අම්ම දිය රෙද්ද අදින ආකාරය මම දැකල තිබුන හින්ද...ඒක මතක් කරගත්ත.....ඇදුම් ටික ගැලෙව්ව මම...චීත්ත්ය පපුවට වෙන්න ඇදගත්ත.....රෙද්ද කඩා වැටෙයිද දන්නෙ නෑ මම බයෙන් දොලට බැස......කොල්ලො ටික බලෙන්ම නාමල්ගෙ කලිසම ගලවනව මම දැක්ක.....නාමල් ලැජ්ජාවෙන් කෑගහනව මට ඇහුනා.....මෙයාටත් දැන් වෙලා තියෙන්නෙ මට වෙලා තියෙන දේමයි......යට ඇදුම විතරක් ඉතුරු වෙලා තිබුන නාමල් දිහා බලාගෙන මම හිතුවා.....ඔහු මා වගේම ලැජාවෙන් වතුරට බහිනව දැක්ක.....ඔහු අත්දෙකෙන් පපුව වසාගෙන සිටියේ පපුව ඇරගෙන හිටියෙ නැති පුරුද්දට කියල මට තේරුනා.....මම කෙල්ලො දෙන්න ගාවට ගිහින් දියේ ගිලිමින් නාන්න පටන්ගත්ත......ටිකක් වෙලා යනකොට මම මේ විදියට නාන්න පුරුදු වුනා. මාත් කෙල්ලෙක් වෙලා කෙල්ලො අතර නාන්න ලබුන එක සතුටක් විදියට දැනෙන්න ගත්තා.....අපි තුන්දෙනා මුකුලු කරමින් වතුර ගසමින් ටිකවෙලාවක් නාගෙන ගොඩට ගියා....අනිත් කෙල්ලො දෙන්නට වඩා මට ගැටලුවක් ඇතිවුනේ...කෙල්ලෙක් විදියට ඇදුම් මාරුකර ගැනීමට තිබුනු නොපුරුදු ගතිය නිසාය....මම අදින රෙදිටිකත් අරගෙන ගල් කුලට මුවාවෙලා යන්තම් රෙදිටික ඇදගත්ත.....මම දැක්ක නාමල් නාගෙන කලිසමයි කමිසයයි ඇදගෙන ඉන්නව....එයාටත් දැන් වැඩිය ගැටලුවක් නෑ වගේ...මම කල්පනා කලා...අපි ගෙදර යනගමන් මම කල්පනා කලේ අද රෑම නැවත හිටිය තත්වෙට පත්වීමට කලයුතු දෙය ගැන හිතමිනි. මුන්ට පේන්නෙ නැති තැනකට ගිහින් වතුරටික මතුර ගත්තොත් කාමරේ තියල නාමල්ට බොන්න දෙන්න පුලුවන්....මම හිතාගත්තා........

No comments: