Tuesday, August 23, 2016

(අත්භූත වලව්ව 56)..............................අව්රුද්ද වෙනුවෙන් කරන හැම වැඩකටම මම උදවුවුන හින්ද අම්ම හුගක් සතුටින් හිටියේ....අපි හැමෝම එකතුවෙලා අව්රුද්ද සැමරුවා. මම ගෙදර බලය හින්ද මම හැමෝටම බුලත් අත් දීල වැන්ද.....ලොකු අයිය මට පාර්සලයක් දුන්න.....මම ඒකත් අරගෙන. මට ඔයාල ගොඩක් තෑගි දුන්න ඒත් මට දෙන්න කිසිදෙයක් නෑ ..මට ඔයාලට දෙන්න තියෙන්නෙ මගේ ආදරය සෙනෙහස විතරයි.....මම එහෙම කිව්වම ලොකු අයියගෙ ඇස්වල කදුලු පිරෙනව දැක්ක....නන්ගි ඉගෙනගෙන ලොකු නෝන කෙනෙක් උනාම අපිටත් තෑගි හම්බවෙයිනේ...පොඩි අයිය සිනාසෙමින් කියනව ඇහුනා.මම කාමරේට ගිහින් ලොකු අයිය දුන්න පාර්සලේ ඇරියා ඒකෙ තිබුනේ අලුත්ම ටැබ් එකක්. මට මේක අඩහාගන්නවත් බැරිවුනා. මේක ගොඩක් වටිනව ඇති.....මට හිතුනා....මේව යාලුවො ගාව තියෙනව දැක්කට මගේ අතට ගත්තෙ අද . ඒ හින්ද ඒක ගැන වැඩිය දැන්ගෙන හිටියෙ නෑ. මේක ගැන හොදට දන්නෙ පොඩි ඓය . මම පොඩි අයිය ගාවට ගිහින් ඒක ගැන අහගත්ත.....මට දැන් කරදරයක් නැතුව නෙට් යන්නත් පුලුවන් මට සතුටක් ඇතිවුනා..... තෙල් ගාන දවසේ සුදු පුන්චිලා අපේ ගෙදර ආව....එදා අම්ම මගේ අදහස සුදු පුන්චිට කිව්ව.....අනේ දුවේ එන්න..ඔයා ටික දවසක් අපේ ගෙදර ඉන්නවනම් කොච්චර දෙයක් ද...මම දන්න ඔක්කොම මගෙ දුවට කියල දෙන්නම්...පුන්චි සතුටින් කිව්ව......අපි පුන්චිලගෙ ගෙදර යනදවසෙ එහෙ නවතින්න ඇදුම් බෑක් එකක් ලෑස්ති කරගෙන ගියා......මට නවතින්න ලෑති කරල තිබුනේ නන්ගිලගෙ කාමරේ...නන්ගිලටත් මගේ ලගම නිදාගන්න ඕනැ උනා.....මාව කෙලෙක් උනාට පස්සෙ හැම තිස්සෙම කෙල්ලො එක්කමයි මට ඉන්න වුනේ කියල මම නැවත තේරුම් ගත්තා......දවස් පහක් විතර එහෙ හිටිය මම සුදු පුන්චිගෙන් ඇදුම් මහම හැටි ඉගෙන ගත්තා..මුලින් මැසිම වැඩ කරවන්න නොහැකිව සිටි මට දැන් ඒක හොදට හුරුවී ඇති බව තේරුනා. පුන්චි කියාදුන්නට පස්සෙ මට සාමාන්ය ගවුමක් මහගන්නත් පුලුවන් වුනා....දැන් ගෙදර ගිහින් ටික ටික පුරුදු වෙන්න ඕනැ...එතකොට ඕනැ එකක් මහන්න පුලුවන් වෙයි...මම හිතාගත්තා.... 
තවත් මාස කීපයක් ගතවෙනකොට මට ගැහැනු කමට අවශ්‍ය හැමදේම ඉගෙනගන්න පුලුවන් උනා.....කැම්පස් එකෙන් පස්සෙ අපේ අව්සන් විභාගෙ දින ලන්වුනා...අපි මහන්සියෙන් ඒ පාඩම් වැඩ කලා. අව්සාන්යේ අපි තුන්දෙනා විභාගෙන් සමත් වෙලා තිබුන.....නාමල්ගේ එක විසයක් පේල් කියල දැනගන්න ලැබුනා.....මොකද නාමල් උනේ ...මම හැහුවා....අවුලක් නෑ රිපීට් එක කරල ඕක ගොඩඩාගන්නව....නාමල් ගනනක් නැටිව කිව්ව......මම නාමල් කාලෙ මගේ හොදම යාලුව වෙලා හිටියෙ සරත් මට එයාව හම්බවුනා......එයාට ක්ලාස් එකක් එක්ක පාස්වෙලා කියල මට කිව්ව.....එයාට සුබ පැතුව මම ...නාමල් ගැන ඇහුව.....කියල වැඩක් නෑ නයෝමි එයා ඉස්සර නාමල් නෙවෙයි ....ඕක ඔහොමවත් පාස්වුන එක ලොකු දෙයක්....මම හිතුවෙ මුලු එක්සෑම් එකම කාගනී කියල.....මම කීපාරක් කතාකලා ද එකතු වෙලා පාඩම් කරමු කියල ...කෝ ඇහුවද....සරත් නාමල්ට බනින්න ගත්ත.....එක පාරටම එයාට මොකද වුනේ මම ඇහුව.....මට මේව ඔයාට කියන්න බෑ ඒත් ඔයා මේව දැනගන්න ඕනෑ.....කොල්ලොත් එක්ක එකතුවෙලා ගන්ජ ගහන්න ගියාම පාඩම් කරන්න පුලුවන්ද නයෝමි.....මගෙන් ඇහුව....නාමල් ඒ තරමටම පහත් තත්වෙට වැටිලද.....මට එයාගැන දුකක් ඇතිවුනා.......මම නාමල්ව හම්බවෙලා මේ ආරන්චිය ගැන ඇහුව....මොන බොරුද නයෝමි....මම කොල්ලොත් එක්ක ගියා තමයි. ඒ ඉතින් මමත් කොල්ලෙක් හින්දනෙ....ඔයත් දැන් ඉන්නෙ කෙල්ලොත් එක්ක ඒවගේ තමා ඒත් ඔය වැඩනම් කරල නෑ ....ඔයාව කවුරු හරි අන්දලා....නාමල් කිව්ව. එහෙනම් කමක් නෑ කොහොමහරි එක්සෑම් එක ගොඩ දාගන්න...මම කිව්ව. මගේ උපාදිය සමත් වුන බව දැනගත්ත අපේ ගෙදර සියලු දෙනා ගොඩක් සතුටු වුනා....එයාල මට ගොඩක් තෑගි ගෙනත් දුන්නා....මම පුන්චි අම්මටත් මේ ආරන්චිය කිව්ව එයත් ගොඩක් සතුටු වුනා......අපේ උපාධී උත්සවය තියෙනදවස ලියල එවල තිබුනා....ඒකට අපිට සහභාගිවෙන්න උනේ සාරි ඇදගෙන. මම කවදාවත් සාරියක් ඇදල තිබුනෙ නෑ.....සාරිනම් අදින්න මට තේරෙන්නෙ නෑ අම්මෙ මම අම්මට කිව්ව....බයවෙන්න එපා දුවේ මම අන්දන්නම් ලස්සනට අන්ද ගන්න ඔන්නම් සුදු පුන්චිට කියමු...අම්ම කිව්ව...ඊට ඉස්සෙල්ල සාරියක් ගන්න ...අම්ම කිව්ව.....අයියගෙ සාප්පුවෙ ඇතිනේ මම කිව්ව....අයියගෙ සාප්පුවෙන් මට ලස්සන සාරියක් ගන්න පුලුවන් වුනා .....පුන්චි ඒකට අව්ස්ය ජැකට් එක මහල දෙන්න පොරොන්දුවුනා....උපාදි උත්සවය දවසෙ මට සාරිය ඇන්දුවේ සුදු පුන්චි...තාත්ත අරන්දුන්න එල්ලෙන කරාබු දෙක මේසාරියට හොදට ගැලපෙනබව සුදු පුන්චි කිව්ව......සුදු පුන්චි මගේ මුහුනට මේකප් දාල තවත් ලස්සන කලා.....සාරිය ඇදගත්ත මාව ඉස්සරටත් වඩා රූමත්ව පෙනෙන බව මට තේරුනා.......

No comments: