ආත් අම්මාගේ පාඩම 108................පසුදින සිට මා වාහනයෙන් පාසැල් ගියෙමි. පාසැලේදී නිමන්තී මුනගැසිම අපිට විශාල සතුටක් විය . මා ගිය උපකරක පන්තියට යෑම ගැටලුවක් වූයේ එය තිබුනු ස්ථානයට යෑම තරමක් දුර බැවිනි..මා පන්ති ගැටලුව අම්මාට කීවෙමි....දුවට..... ඒ පන්තියටම යන්න ඕනැද ....ඒ පන්තිය හොදයි අම්මෙ ... මා කීවෙමි......මම කියන්නද වැඩක් .....ටික වේලක් කල්පනා කල අම්මා ....ගෙදර වාහනේ තියෙනවනෙ ඒකට ඩ්රිවර් කෙනෙක් ගම්මු.....එතකොට ගෙදර ඇවිත් පන්තියන්න පුලුවන් මෙහෙ ඉදන් කිලෝමීටර් තුන හතරකට වැඩිය නෑනෙ.....අම්මා යෝජනා කලාය....එහෙත් ඇයට තවත් ගැට්ලුවක් මතුවිය...එය.මා වැනි රූමත් තරුණියක් තනියම වාහනයක යැවීමය.....මම තන්ගච්චි එවන්නම් ඒකිට ඔය වෙලාවට වැඩ අඩුයි....අනික ඒකි දෙමල වුනාට හරි හිත හොදයි....දුවව හොදට බලාගනියි....ඒ වගෙම තමයි මොක හරි උනොත් කොච්චි කරල වගේ....ඇය කියන්ටවූවාය.... අපි රාත්‍රී කෑම ගන්නා අතරතුර මේ අදහස තාත්තාට කීවිට ඔහු එයට එකගවූ අතර...... හොද වයසක මනුස්සයෙක් ඉන්නව මම එයාට කියන්නම්.....තාත්තා කීවේය.....මාගේ පන්ති ගැටලුවද විසදුනේ මේ අයිරිනි.
මසක් පමන ගතවිය.....දුවගෙ දේපොල ගැන මම ලෝය කෙනෙක් එක්ක කතා කලා.....ඒව තියෙන්නෙ ඔයාගෙ තාත්තගෙ නමට...... ඒව දැන් ඔයාගෙ නමට හරවන්න ඕනැ...දේපොල නඩුවක් දාල විසදුමක් ගන්න කොට ටිකක් කල් යනව .....ඒත් ඉතින් මේව බේරුමක් කරගන්න ඕනැනෙ.....තාත්තා කීවේය.....තව බැංකුවෙ සල්ලි වගයක් තියෙනව ඒව තියෙන්නෙ ඔයාගෙ ආත් අම්මගෙ නමට ඒවත් ගන්න පුලුවන්....ඔහු තව දුරටත් කීවේය.....මොනව හරි කරල ඔය ටික බේරුමක් කරල දෙන්න ලසන්ත....මේ අහිංසක දුවට වෙන කවුරුවත් නෑනෙ....පින්සිද්දවෙනව..... අම්මා කීවාය....මම හොද ලෝය කෙනෙක් එක්ක කතා කලා මිනිහ වැඩේ කරයි....දුවට ඉතින් නඩු දින වලට යන්න වෙනව.....ඔහු කීවේය.....ඕක මොකක්ද අපි දෙන්නට යන්න පුලුවන්නෙ..... නේද දුවේ ....අම්මා කීවාය....මේ අනුව මගේ දේපල ගැටලුව විසදීමටද තාත්තා බාරගත්තේය.
ඇත්තටම මම නිමල් වෙලා හිටියනම් මේ වෙනකොට මට මොනව වෙලා තියෙයිද.....රාත්‍රී නින්දට ගියවිට කල්පනා කරන්ට වුනෙමි.....එහෙනම් මම දැන් ඕලෙවෙල් පේල්වෙලා ආත් අම්මත් මැරිල මට යන එන මන් නැතිවෙලා.....මගේ අපාය සහායක යාලුවො ටික ඇවිල්ල වත්තෙ පොල්ටික රබර් ටික ව්කුනල එන සල්ලි වලින් මාත් එක්ක ජොලි කරනව....මාත් හිතාගෙන හිටියෙ උන්ටික තමයි මට ඉන්න හොදම යාලුවො කියල. මම පුරුදු වුන පාහර වැඩ හින්ද මේවෙන කොට කෙල්ලො කීදෙනෙක් ඔය ගෙදෙට්ට ගෙනල්ල අමරුවෙ දායිද....එහෙනම් මට මෙලහකට ඉන්න වෙන්නෙ මේවගෙ ඒ සී කරපු කාමරේක ස්ප්රීන් දාපු මෙට්ට තියෙන සුඛෝපබෝගි කාමරයක නෙවෙයි.....යකඩ පොලු දාපු පුංචි කාමරේක පැදුරු කඩමල්ලක් එලාගෙන මදුරුවො තල තලා මකුනො මර මරා තමයි ඉන්නවෙන්නෙ....කන්න වෙන්නෙ මේවගෙ පෝසිලේන් පිගන්වල දිව පිනවන ආහාර නෙවෙයි.....බෙලෙක් පිගානෙ අප්පිරිය හිතෙන ආහාර....මට අම්ම බත් කවනව වගේ කා අතින්වත් කවා ගන්න වෙන්නෙ නෑ....ගුටි තමා ඒවෙනුවට කන්න වෙන්නෙ....හැමෝම මට දැන් කොච්චර ආදරෙන්ද කතා කරන්නෙ....එහෙ ගියානම් අහන්නවෙන්නෙ අමු කුනුහරුප.....ඒ පවුකාර ජීවිතෙන් මිදිල මේවගේ ලස්සන කෙල්ලෙක් වෙලා සුන්දර ජීවිතයක් ගෙවන්න මට මොනතරම් ලොකු පිනක් තියෙන්න ඇද්ද....ඒ පින මට පාදල දුන්නෙ මගෙ ආත් අම්ම.....ඒවගේම කට්ටඩි අන්කල්....මේ සමාජෙ හිතාගෙන ඉන්න විදියට ඉස්සර මටත් හිතුනෙ කෙල්ලෙකුගෙ ජීවිතය කියන එක මහ ජරා ජීවිතයක් කියල....කෙල්ලො කියන්නෙ ජරා සත්තු ජාතියක් කියල....උන් ඉන්නෙ පිරිමින්ට ඕනැ හින්ද කියල..... මමත් කෙල්ලෙක් උනාට පස්සෙ තමයි දැනගත්තෙ ඒව ඔක්කොම පිරිමින්ගෙ ආධිපත්‍යටට යටවුනු සමාජය හදාගත්ත පුහු මත කියල.....ඒවගේම ගැහැනු හිතාගෙන ඉන්නෙත් පිරිමි කියන්නෙ සුපිරි ජාතියක් කියල.....ඒ හින්ද එයාලම එයාලගෙ ගැහැනු කම පහත් කර ගන්නව.....ආත් අම්ම මාව කෙල්ලෙක් වුන එකට අක මැති උනෙත් මගේ සුපිරි කම නැතිකර ගත්ත කියල.....මම දැන් දන්නව ආත් අම්ම මාව ගැහැනු ලමයෙක් කලේ මට හොද පාඩමක් උගන්වන්න විතරයි කියල.....ඒත් ආත් අම්මෙ ආත් අම්මට පින්සිද්ද වෙන්න ගැහැනු කම කියන්නෙ මොකක්ද කියන පාඩම මම ඉගෙන ගත්ත.....තාමත් ඉගෙන ගනිමින් ඉන්නව.....ඒක මම ඉස්සර හිතුව තරම් නරක නෑ නරක් කරගන්නෙ ගෑනු අපිමයි. පිරිසිදු සුදු රෙද්දෙ පොඩියට කුනු ටිකක් ගැවුනත් හොඳට පේනව......ඒවගෙම තමයි ගැහැනු අපිත් අපි ගොඩක් පිරිසිදුයි.... ඒත් පොඩ්ඩක් වැරදුනොත් ඒක සමාජයටම පේනව...ඒ හින්ද අපි නිතරම කල්පනා කරන්න ඕනැ ඒ පිරිසිදු කම හැමදාම තියාගන්න.....කුනු ගෑවුනු රෙද්දෙ කොයි තරම් කුනු ගෑවුනත් ගානක් නෑ පිරිමි සමාජයේ ගොඩ දෙනෙක් එහෙම තමයි උන්ගෙ කුනු ගැවෙන්න ගෑවෙන්න ඒව පේන්නෙ නෑ උන් හොයන්නෙ සුදු රෙද්දෙ පුංචි කුනු පැල්ලම....
No comments:
Post a Comment