ආත් අම්මාගේ පාඩම 105............අර ඉන්නෙ දේවිකා .....දිනක් නිමන්තී රුමත් ගැහැණු ලමයෙකු පෙන්වා කීවාය......අපි ඇයදෙස බලා කතාකරනු දුටු දේවිකා සිනහවකින් මුවසරසාගෙන අපි අසලට පැමිණ .....ඔයාද චතුරිකා කියන්නෙ.....මගෙන් ඇසුවාය....ඔව්....මා කීවෙමි....මට ආරංචි වුනා ලස්සන ලමයෙක් අලුත් ඒ ලෙවෙල් පන්තියට ඇවිල්ල කියල.....මම මේ හෙවුවෙ කවුද ඒ කියල ඔයාව දැක්කම මට නිකමට හිතුන ඔයා කියල.....ඇය කියාගෙන ගියාය.......මටත් අපේ මිස් කිව්ව මාත් දෙවිකා වගේ ලස්සනයි කියල...මාත් මේ හොය හොයා හිටියෙ දේවිකා කවුද කියල....හදුන ගත්ත එකත් සතුටක්.......මා කීවෙමි...... මට හිතෙන්නෙ මටත් වඩා ඔයා ලසනයි කියල....ඇය මගේ අතින් අල්ලාගෙන කිවාය....මා කොල්ලෙක් ලෙස සිටියානම් මෙතරම් රූමත් ගැහැණු ලමයෙක් කුගේ අතින් අල්ලාගෙන සිටිම තබා කතා කිරීමටවත් ලැබේද. මා කල්පනා කලෙමි......නෑ අනේ ඔයාලස්සනයි මා කීවිට.....ඕකට ඉතින් දෙන්න එක්ක රන්ඩුවෙන්න ඕනැ නෑ...දෙන්නම එකවගේ ලස්සනයි.....නිමන්තී සිනාසෙමින් කීවාය.....නිමන්තිගේ අතින්ද අල්ලාගත් ඈ මේ ඔයාගෙ යාලුවද ඇසුවාය.....ඔව් අපිදෙන්න ගෙ ගෙවල් එක ලග....මා කිව්වෙමි......අනිකුත් ගැහැනු ලමුන් අපිදෙස බලමින් ගියේ පාසැලේ සිටින රූමත්ම ගැහැණු ලමුන් දෙදෙනා එක ලගසිටීම ගැන පුදුමයෙන් මෙනි. චතූ.... ඔයා නැති උනාට අනිත් ලස්සන කෙල්ලො හරිම ආඩම්බරනෙ.....ඒවුනාට වුනාට දේවිකා එහෙම නෑ නේද...නිමන්ති මගෙන් ඇසුවාය.......කෙල්ලො එහෙම නෑ අනේ.....මා කීවෙමි.....ආපෝ ඒ ගැනනම් මතක් කරන්න එපා සමහර කෙල්ලො ඉන්නව ඉරිසියාවෙ පැලෙනව....මට වඩා ගැහැනු ලමුන්ගැන අත් දැකීමෙන් දන්නා ඇය කීවාය.
පාසැලට ඇතුලත් වී දින කිහිපයක් ගතවන විට අපිට මිතුරුයන් කිහිප දෙනෙකු හදුනා ගැනීමට හැකිවිය. ගැහැනු ලමුන් වැඩිදෙනෙකු මා සමග මිතුරුවීමට පෙලබුනේ මා ලස්සන නිසාදැයි. එසේ නොමැතිනම් මා කවුරුත් සමග සුහදව කතාකරන නිසාදැයි නොදනිමි....මේ අතර දෙවිකාද මාසමග මිතුරු වීම විශේසත්වයක් විය.....මේ අනුව ගැහැනු ලමයෙකු වශයෙන් මා ඇරඹූ පාසල් ජීවිතය සුන්දරම කාල පරිච්චෙදයක් බවට පත්වෙමින් තිබුනි. අපි එකට සෙල්ලන් කෙලෙමු විහිලු තහලු කරගත්තෙමු....අම්මා සහ අක්කා නිතර මා බැලීමට පැමිනිඅතර ඔවුන්ගේ ආදරය සහ උපකාරද නොඅඩුව ලැබුනි.....එහෙත් සුරන්ජිත්ගේ වෙනස්වීම එසේම තිබුනි. එයට හේතුව තවමත් මට අබිරහසක් විය. ගැහැනු ලමයෙකු වසයෙන් වෙනස්වීමට මාගත් තීරනය කෙතරම් කාලෝචිතදැයි මට දැනෙන්ටවිය.....මගේ ගැහැනු ජීවිතය සතුටින් පිරී ඉතිරී යන්ටවිය.....එහෙත් ආත් අම්මා මා ගැහැනු ලමයෙක් බවට පත්වීම ගැන දුකින් පසුවන බව ඇගේ කතාවෙන් තේරුනි. එහෙත් ඇය මට කරන සැලකිලි නොපිරි හෙලා ඉටුකරන්ට විය. මේ අතර අපි උපකාරක පන්ති යෑමටද පටන්ගෙන තිබුනු නිසා පන්ති ගොස් පැමිනෙන විට රෑබෝවිනි....නිමන්තිගේ තාත්තාගේ වාහනය නිසා අපිට ගෙදරට පමිනීම එතරම් ගැටලුවක් නොවුනි.
මා සුපුරුදු පරිදි සිකුරාදා පන්ති ගොස් පැමිනෙන විට රාත්‍රී අට පමන විය. මා පැමිනෙන තෙක් ආත් අම්මා කෑම නොකා බලා සිටීම පුරුද්දක් වී තිබුණි. එදිනද මා ආත්තම්මා සමග රාත්‍රී ආහාරය ගෙන නින්දට ගියෙමු ......මා සෙනසුරාදා පාන්දර නැගිට සුපුරුදු පරිදි කුස්සියට ගියෙමි. වෙනදා මේවනවිට කුස්සියට පැමිණ සිටින ආත් අම්මා පැමින සිටියේ නැත.....මා ආත් අම්මාගේ කාමර දෙසට ගොස් බැලුවෙමි....ආත් අම්මා තවමත් නිදිය. අසනීපයක්දැයි නොදන්නා මා ඇයගේ ඇද අසලට ගොස්......ආත් අම්මේ යනුවෙන් කතා කලෙමි....එහෙත් ඇය ඇහෙරෙන බවක් නැත.....මා ඇගේ උරහිසෙන් අල්ලා සෙලෙවුවෙමි. ඇය කට ඇරගෙන සිහි නැති වූවාක් මෙන් සිටිනු දැක බය සිතුනි.....මා වත්තේ වැඩකරන පීතර මාමාගේ ගෙදරට දුව ගියෙමි.....ඔහු සිටියේ අපේ වත්තේම කුඩා නිවසකය.....ඔහු ගේ ගෙදර දොර ඇර තිබුනි....මා පීතර මාමාට කතාකලෙමි.....පීතර මාමෙ අපේ ආත් අම්මට මොකක්ද අසනීපය.....මා කලබලයට ගොතගසමින් කීවෙමි....පීතර මාමා සහ ඇගේ බිරිඳ සමග අපේ නිවසට දිවගිය අතර මාද ඔවුන් සමග දිව ගියේ....ඉක්මනින් රෝහලකට රැගෙන යාම සදහාය.....නිමන්තිගේ තාත්තාගේ වාහනය මතකයට නැගුනු මා....පීතර මාමෙ මම ඉක්මනට ගිහින් නිමන්තිගෙ තාත්තගෙ වාහනය අරන් එන්නම්.....කී මා ඇදගෙන සිටි ගවුම පිටින්ම ඒ දෙසට දිවයන්ට වුනෙමි.....පුංචි නෝනේ ඉන්න මාත් එන්නම් ..කී පීතර මාමාගේ බිරිදද මාපසුපසින් දිව එන්ටවිය....නිමන්තිගේ අම්මා දොර ඇරියාය....මොකද දුවේ මේ උදෙන්ම....ඇය ඇසුවාය....අපේ ආත් අම්මට මොකක්ද වෙලා ඉක්මනට ඉස්පිරිතාලෙට එක්ක යන්න ඕනැ......මා කීවිට...කලබල වූ නිමන්තිගේ තාත්තා ඇදගෙන සිටි සරමට උඩින් කමිසයක් දමාගෙන වාහනය ගත්තේය.....අපි ගෙදරට යනවිට පීතර මාමා දුකෙන් මෙන් සිටිනු දුටුවෙමි.....නිමන්තිගේ තාත්තා ඔහු අසලට ගියවිට ඉස්පිරි තාලෙ ගෙනිහින් වැඩක් නෑ මහත්තය......ඇඩුම් බරව කියනු ඇසුනි.....මා ඔහු සමග ආත් අම්මා සිටි තැනට ගියෙමි......ආත් අම්මා මියගොස් ඇති බව තේරුනු මට දුක දරාගැනීමට නොහැකිවිය...අනේ ආත් අම්මේ මම ආයෙත් තනිවුනා......මට මතක එච්චරය.....මට සිහිය එනවිට මා සැටියේ ඇලවී සිටි අතර.....නිමන්තිගේ අම්මා මට පවන්සලමින් සිටියාය......අනේ ඇන්ටී...මා ඇගේ අත අල්ලා ගත්තෙමි.....අඩන්න එපා දුවේ.....ඇය මගේ හිස අතගෑවයා.....අනේ ඇන්ටී මම තනිවුනා....මා හඩමින් කීවෙමි......ඔයා තනිවෙලා නෑ දුවේ අපි ඉන්නවනෙ.....ඔයාගෙ අම්මටයි තාත්තටයි පනිවිඩේ යැවුව දැන් එයි....ඇය කීවාය.....මා ඇගේ කාමරය තුලට නොගියේ දුක වැඩිකමටය මා අඩමින් සිටිනවිට......අම්මලා පැමිනි බව දුටුවෙමි. අම්මා සහ අක්කා මා අසලට පැමිනි විට අනේ අම්මේ අනේ අක්කේ....මම ආයෙත් තනිවුනා.....මට දැන් කවුරුවත් නෑ මා හඩන්ට වුනෙමි.....අනේ දුවේ ඔයා හනිවෙලා නෑ ඔයාට අපි ඉන්නව. අම්මා මාව ඇගේ උකුලේ ඇලකරගෙන පවසන්ටවූවාය......ආත් අම්ම නැතිවුනේ වයසටනෙ දුවේ ඔයා නාඩ ඉන්න ආතම්මගෙ අවසාන කටයුතු ටික අපි ලස්සනට කරමු ඇය කීවාය......
No comments:
Post a Comment