ආත් අම්මාගේ පාඩම 76...............මට කතාකල අක්කා කැමරාව මා අතට දුන්නාය..... ඔයා අපි දෙන්නගෙ පොටෝ එකක් ගන්න පැවසූ ඇය සුරන්ජිත් අසලට යනු දුටු මා......මට පොටෝ ගන්න තේරෙන්නෙ නෑනෙ අක්කෙ.....මින් පෙර මෙවැනි වටිනා කමරාවක් අතකින්වත් අල්ලා නොමැති මා පැවසුවෙමි.......අයියෝ නංගි ඕකවත් තේරෙන්නෙ නැද්ද..... පැවසූ ඇය මා අසලට ආවාය.....නංගිට අපහාස කරන්න එපා අක්කෙ තේරෙන්නෙ නැති හින්දනෙ කියන්නෙ......සුරන්ජිත් පවසනු ඇසුනි.....මෙයාටනෙ ඩෝන් ගිහින් තියෙන්නෙ.....සුරන්ජිත් දෙස බලා පැවසූ ඇය මට කැමරාව ක්‍රියා කරවන ආකාරය කෙටියෙන් කියා දුන්නාය..මේකෙන් ඉක්මනට පොටෝ ගන්න පුලුවන් .නංගි....මම ඕනැවටයි පොටෝ එක පරක්කු කලේ...ඔය දෙනට ටිකවෙලාවක් තුරුලුවෙලා ඉන්න දෙන්න....රහසෙන් මෙන් පැවසූ ඇය සුරන්ජිත් අසලට ගොස් ඔහුගේ කරට අතදා ගත්තාය.....මා ඔව්න් දෙසට මෑනූ කැමරාවේ බොත්තම තදකලෙමි......මා කැමරාවකින් ගත් පලමුවන චයාරූපය මෙය බව කියා පාමින් ක්ලික් හඬ නැංවීය......හොදට වැටුනද දන්නෙ නෑ....නැත්නම් අපේ ඔලු නැතුව තියෙයි....ඇය සිනාසෙමින් කීවාය.....අක්ක මට හරියට කියාදුන්නනම්....වැටිල ඇති....මා කීවෙමි.....මටත් ඉතින් හරියටම කියාදෙන්න තේරෙන්නෙ නෑ නංගි.....අපේ මල්ලිනම් හොදට දන්නව.....ඔයාට ඔන්නම් අහගන්න.....කීවාය......නංගි කැමතිද ඉගෙනගන්න......අක්කාගේ කතාව අසා සිටි සුරන්ජිත් ඇසුවාය.....මාත් ආසයි අයියේ මා කීවෙමි.....මෙහෙට එන්නකෝ.....කී ඔහු කැමරවේ ක්‍රියාකාරිත්වය කෙටියෙන් කියාදෙන්ට විය......අනතුරුව කැමරාව අල්ලන නිවැරදි ආකාරයද පවසන්ටවිය.....මේ විදියට දකුනු අතේ අල්ල උඩින් කැමරාව තියාගත්තම පින්තූරෙ හෙල්ලෙන්නෙ නෑ....දබර ඇගිල්ලයි මාපට ඇගිල්ලයි පාවිච්චි කරල පෝකස් කරන්න.....ඊට පස්සෙ වම් අතේ දඹර ඇගිල්ලෙන් බොත්තම තද කරන්න.....ඔහු එය නිවැරදිව කියාදුන්නෙය......තව ගොඩක් තියෙනව දැනට ඔයටික මතක තියගෙන.....අර අතන අම්මල ඉන්නව ගන්නකො බලන්න පොටෝ එකක්...ඔව්න් දෙසට අත දුගුකර පෙන්වා ..කීවේය.....මා ඔව්න් දෙසට එල්ලකර කාචය හරහා බැලුවෙමි.....එයාල හුගක් දුරනෙ අයියෙ ඉන්නෙ චූටියට වැටෙයි....මා කීවෙමි....සූම් කරල පෝකස් කරගන්න.....ඔහු කීවේය......හරි හරි ලන්වෙනව තමයි කී මා ඔව්න්ගේ චයාරූපය ගත්තෙමි......අර අතන අක්ක ඉන්නව අක්කගෙත් ගන්නබලන්න.....මා ඇය දෙසටද කැමරාව මෑනුවෙමි.....මගේ හිස මතට කාගේදෝ අතක් පතිතවූ බව.....කැමරවේ කාචය තුලින් අක්කාදෙස බලා සිටිනවිට දැනුනි.......මා කැමරාව ඉවතට ගත් විට සුරන්ජිත්ගේ තාත්තා මා අසල සිට හිස අතගාන බව දුටුවෙමි. ....දුවටත් පුලුවන්ද පොටෝ ගන්න... ඔහු ඇසුවේය......දන්නෙ නෑ අන්කල් කැමරාවක් ඇල්ලුවෙත් අදයි......මා කීවෙමි.....දුව ආසද පොටෝගන්න ඉගෙනගන්න....ඔහු ඇසූවිට....මා කිසිවක් නොකියා මද සිනහවක් පෑවෙමි......මම දුවට කැමරාවක් අරන්දෙන්නම්......මා පුදුමයට පත්කරවමින් ඔහු කීවේය.....මා ඔහු දෙස විමතියෙන් බලා.....මේක හුගක් ගනන් ඇතිනෙ ........එපා අන්කල්...... මට අන්කල්.... ඇදුමකුත් අරන්දුන්නනේ......මා කීවෙමි......ඒකට කමක් නෑ දුවේ වියදම ගැන හිතන්න එපා.....කී ඔහු අපි අසලින් ඉවත්විය......බලන්නකො අයියෙ ඔයාගෙ තාත්ත මට මෙච්චර වියදම් කරල.... තව කැමරාවකුත් අරන්දෙන්න හදනව......මා දුකෙන් මෙන් කීවෙමි.....වියදම් ගැන හිතන්න එපා නංගි අපේ තාත්තට සල්ලි තියෙනව.....සුරන්ජිත් ගනනකට නොගෙන කීවේය.....ආ ..පුතේ.....ඔයා ගෙදර ගියාම නංගිට සුදුසු හොද කැමරාවක් බලන්න.....ගාන ගැන හිතන්න එපා....ආපසු හැරී අපි අසලට පැමිනි තාත්තා පැවසුවේය......හා තාත්තේ.....ඔහු එසේ පැවසුවේ සතුටු දායක සිතින් බව ඔහුගේ මුහුනෙන් දිස්විය.....දැන් ඉතින් පලයන්කො කැමරාත් හොයන්න ....වැඩ නැතුවට.....සුරන්ජිත් එසේ පැවසුවේ ව්‍යාජ තරහක් ගෙන බව මට දනුනි....ආ....මම ඕව ඉල්ලුවයෑ.....ඔහුමෙන් බොරු තරහක් ආරූඩකරගෙන හිස ගස්සා කී මා අහක බලාගෙන සිටියෙමි......මගෙ කෙල්ලට තරගියාද....මගේ කරට අතදමා කීවේය.....නෑ හිනාගියා.....මා තවත් තරහා ගෙන උරහිස ගස්සා කීවෙමි.....මම විහිලුවක්නේ කලේ නංගි.....මොන වැඩ තිබුනත් ඔයාගෙ වැඩේ තමයි ඉස්සෙල්ලම කරන්නෙ.....ඔහු ආදරයෙන් එසේ පවසන විට මගේ දකුනු අත ඔහුගේ පපුව මතට ගියේ ඉබේමය.....මා හිස උස්සා ඔහුගේ මුහුන දෙස බැලුවෙමි.....ඔහුගේ ආදරනීය දෑස් මගේ දෑසට එක්වීය.....අපි ගල්ගැසුනා සේ එකිනෙකා දෙස බලා සිටියේ.....අවංක ආදරය පැවසීමට වචන නොමැති බව සනාත කරමිනි. මගේ සිත ඔහු කෙරෙහි කෙතරම් තදින් බැදුනාද යත් මා මින් පෙර කවදාවත් පිරිමියෙකු වසයෙන් ජීවත්වූ බවක්ද අමතක විය....මම හැමදාම චතුරිකා අයියෙ.... මම ඔයාගෙන්ම චතුරිකා අයියේ.....මගේ සිත ඔහු ඉදිරියේ හඩාවැටෙන්ට විය.
ඔහු එකවරම මාව ඉවතට ගත්විට නැවත මෙලොවට පැමිනි මා වටපිට බැලුවෙමි....සුරන්ජිත්ගේ අම්මා සහ නිමන්තිගේ අම්මා අපි අසලට සිනාසෙමින් පැමිනෙන බව දුටු මා ඉක්මනින් ඔහුගෙන් ඈත්වුනෙමි.....මොකද දෙන්නගෙ කතාව......සුරන්ජිත්ගේ අම්මා සිනාසෙමින් ඇසුවාය.....මේ.. මේ.. න..නංගිට පොටෝ ගන්න හැටි කියාදුන්න අම්මෙ.....ඔහු දිව පටලවමින් පවසනු ඇසුනු අම්මා තවත් සිනාසී...උගන්වනව කෙසේ වෙතත්......මගේ අතේ කැමරාවක් තිබුනනම් ලස්සන පොටෝටිකක් ගන්න තිබුන නේද මිසිස් බන්ඩාර.......එසේ පවසා...අම්මලා දෙදෙනා සිනාසෙමින් අපි පසුකරන විට .....මම මොනව කලාද මන්ද.....ඔක්කොම ටික මෙයාල දැකලනෙ.....මගේ සිතතුලට විශාල ලැජ්ජාවක් ඇතිවිය.......බලන්නකො අයියෙ අම්මලත් දැකලනෙ.....මා ලැජ්ජා සහගත ලෙස කීවෙමි.....ඕකනෙ කියන්නෙ ආදරය අන්දයි කියල......අපිට වටපිටාවෙ මොකුත් පෙනුනෙ නෑනෙ......ඔහු කීවේය.
No comments:
Post a Comment