ආත් අම්මාගේ පාඩම 88..............පසුදින උදෑසන අවදිවූ මා නානකාමරයට ගොස් ඉන් අනතුරුව ඇදගෙන සිටි නයිට් ගවුම ගලවා ගවුමක් ඇදගෙන ගෙදර පුරුද්දට මෙන් කුස්සිය දෙසට ගියෙමි. ...... චූටි බේබිට මොනවද ඕනැ .....උදෑසන ආහාරය පිලියෙල කරමින් සිටි මාගරට් ඇසුවාය......මොකුත් නෑ.....නිකන් බලන්න ආවෙ.....කී මා ඇය ඉදිආප්ප මිරිකන දෙස බලා සිටියෙමි.....මල්ලිකා මට වාඩිවීමට පුටුවක් ගෙනත්දුන්නාය......මාගරට් නැන්දෙ මටත් ආසයි ඉදිආප්ප මිරිකන්න.....මා එසේ පැවසූ විට ඇය මාදෙස පුදුමයෙන් මෙන් බලනු දුටුවෙමි.....අපෝ චූටි බේබි.....මැඩම් දැක්කොත් මටත් එක්ක බනියි .....ඇය කීවාය....මැඩම් හරි සැරයි නේද .....මා ඇසුවෙමි....මැඩම් සැර තමයි ඒ වුනාට එයා හරි හොදයි චූටි බේබි....අපිට හොදට සලකනව....ඇය කීවාය.....
කුස්සියේ වැඩ කිසිවක් මට නොදෙන බව දැනගත් මා මිදුලට බැස මල් පාත්ති දෙස බලා සිටියෙමි....වාහන සෝදන පුද්ගලයා මිදුල අතුගානු දුටුවෙමි.....ලස්සන රෝස මලක් අසලට ගිය මා එය නහයට අල්ලා සිපගත්තෙමි.....එවිටම මා අසලට පැමිනි අතුගාමින් සිටින පුද්ගලයා....ඔය මොකද කරන්නෙ ඕව කඩන්නෙ එහෙම නෑ...යනව යනව මෙතැනින්.....වැඩට ආවනම් මෙතැන ඉන්නෙ නැතුව වැඩකරනව....මා වැඩ කාරියක් ලෙස වැරදියට තේරුම්ගත් ඔහු මට බැනවදින්ටවිය.....මා ඉක්මනින් ගේ තුලට ගියෙමි....උදෙ පාන්දරම කොහේද දුවේ ගියේ.....මාව දුටු අම්මා කීවාය......පාන්දර ඇහැරිලා පුරුද්දට කුස්සිය පැත්තට ගියා එහෙ වැඩක් තිබුනෙ නැති හින්ද මිදුලට ගියා.....මා කීවෙමි....මොකද බයවෙලා වගේ ඇතුලට දිව්වෙ.....ඇය ඇසුවාය....නෑ අම්මෙ නිකන්.....එම පුද්ගලයාට දොස් කියයි යනුවෙන් සිතුනු නිසා මා අම්මාට සිදුවූ දෙය නොකීවෙමි......වේලු මොනව හරි කිව්වද.....වේලු කිව්වෙ අර අතුගාන එක්කෙනා....ඇය දිවසින් දැක්කා මෙන් ඇසුවාය....ඔය මනුස්සයට පොඩි ඔලුවෙ අමාරුවක් තියෙනව.....දුව ඕව ගනන් ගන්න එපා.....ඇය සිනාසෙමින් කීවාය.......මිදුලෙ වැඩයි වාහන ටික හෝදන වැඩයි ඔක්කොම කරන්නෙ ඔය මනුස්සය.....පොඩ්ඩක් කියවනව ඒ වුනාට කරදරයක් නෑ.....ඇය ඔහු ගැන කියාදෙන්ට වූවාය.
අක්කා ලෑස්තිවී එලියට ආවාය......නංගි මම යනව...අම්මාට වැන්ද ඇය මගේ මුහුන සිප.....වාහනය දෙසට ගියාය....සුලු වේලාවක් ගතවන විට සුරන්ජිත්ද අමාට වැඳ ඔහුගේ වාහනය දෙසට ගමන් කලත් මා දෙස නිකමටවත් බැලුවේ නැත....මොකද දුවේ පොඩි පුතා ඔයාව අදුනන්නෙ නැද්ද....නිකමටවත් කවුද ඉන්නෙ කියලවත් බැලුවෙ නෑ නේද.....ඇසුවාය.....අයියට පරක්කු වෙලා හදිස්සි ඇති අම්මෙ.....මාත් එක්ක කතාකරන්න ගියොත් තවත් පරක්කු වෙනවනෙ.....මා කීවෙමි.
ටික වේලවකින් තාත්තා සහ ලොකු අයියාද වැඩට යෑමට සූදානම් වී සිටින බව දුටුවෙමි. තාත්තා සහ අයියා අසලට ගිය මා ඔවුන්ගේ දෙපා වැද ඔවුන්ට සමුදුන්නෙමි. ඔක්කොමල්ල ගියාම පාලුයි නේද දුවේ......මා අසලසිටි අම්මා ඇසුවාය.......උදේට කාල එහෙම අපේ සංගීත පන්තිය පටන්ගම්මු.....අනතුරුව පැවසුවාය.....පන්තියට ගොඩක් ලමයි එනවද අම්මෙ....මා ඇසුවෙමි......ඒ පන්තිය තියෙන්නෙ හවස.....හවස තුනට විතර පටන් ගන්නව ....ලමයි දහදෙනෙක් විතර එනව...කී ඇය..දැන් පන්තිය තියන්නෙ මගේ චූටි දුවට.....ඇය මාව තුරුල්කරගනිමින් කීවාය. උදෑසන ආහාරයෙන් පසු අම්මා මාව පන්තිය පවත්වන ස්ථානයට එක්ක ගියාය.....ලියන පොතක් සහ පෑනක් දුන් ඇය.....සංගීතයේ මූලික ස්වර හත කියාදෙන්ට විය. ඒවා තාලයට ගායනා කරන ආකාරයද කියාදෙන්ටවිය.....දුවගෙ කටහඬ ගොඩක් ලස්සනයි හොදට ඉගෙනගත්තොත් ඔයාට ලංකාවේ ප්රසිද්ධ ගායිකාවක් වෙන්නත් බැරිකමක් නෑ.....ඇය සතුටින් කීවාය......අනේ මන්ද.... ගායිකාවක් වෙන්න ඉස්සෙල්ල මට මගේ ගැහැනුකම ස්තීරකරගන්න ඕනැනෙ....විභාගෙන් පස්සෙ මොනව වෙයිද කවුද දන්නෙ....මා කල්පනාකලෙමි. උදෑසන නවය වනවිට පටන්ගත් පන්තිය එකොලහ වනතුරු පැවැත්වූ ඇය.....දැනට ඇති.....ආයෙ හවස තුනට....ඒවෙලාවට අනිත් ලමයිනුත් එනව.....දුවත් එන්න.....ඇය කීවාය.....දැන් මම කියාදුන්න ඒව හොඳට පුරුදුවෙන්න....පුටුවෙන් නැගිට්ට ඇය කීවාය.
දුව නානවද.....දුවගෙ කොන්ඩෙ ලොකු හින්ද මේ අවුව තියෙන වෙලාවට නා ගත්තම කොන්ඩෙ හොදට වේලෙනව......අම්මා පවසන්ට විය....නාන්න ඕනැ අම්මෙ පැවසූ මා....අක්කාගේ කාමරයට ගොස් නාගත්තෙමි.......ඊයේ ඇදසිටි රෙදිටික සෝදාගත් මා ඒවා අවුවට දැමිමට රැගෙන ගියෙමි.....ඔය මොක්කද චූටි බේබි.....තන්ගච්චී මා දෙස බලා පවසනු ඇසුනි.....ඇදුම් ටිකක් තිබුන හේදුව ඒත් වේලෙන්න දාන්න තැනක් නැතුව බැලුවෙ......මා කීවෙමි....අප්.. අප්.. පෝ...චූටි බේබි....මෙහෙ බේබිල ඕවගෙ වැඩ කොරන්නෙනෙ නෑ.....රෙදිටික එක්කාතු කොරල දුන්නනම් මම ශෝදල දෙනවනෙ......නුහුරු සිංහලෙන් කතාකල ඇය....පුල්ලෙයාර් සාමි.....අපේ චූටි බේබිව පරිස්සම් කොරාල දෙන්න.....දෙවියන්ගෙන් ඉල්ලා සිටි ඇය මගේ අතේ තිබුනු ඇදුම් ටික ඇගේ අතට ගත්තාය. දැන් බලන කොට මේ ගෙදර අය කනව බොනව හැර වෙන වැඩක් කරන්නෙ නැද්ද මන්ද.....හැම දේකටම වැඩකාරයෝ.....කල්පනා කරමින් නිවස තුලට ගියෙමි.......දුත් නාගත්තද......මා මෙන්ම තෙත කොන්ඩය පිට දිගට විහිදුවාගෙන සිටි අම්මා....ඇසුවාය.....මගෙත් ඉස්සර දුවගෙ වගේ දිග කොන්ඩයක් තිබුන....දැන් ටිකක් අඩුයි.......කොන්ඩය ඉදිරියට ගෙන අතගාමින් කීවාය.
දහවල් කෑමෙන් පසු අක්කාගේ කාමරය තුලට ගිය මා අක්කාගේ කතා පොත් එකින් එක තෝරන්ට වුනෙමි.....මා නිමල් ලෙස සිටි සමයේ පොත් කියවීමට එතරම් ප්රියතාවයක් නොතිබුනි....එහෙත් අද මට .....ගැහැනු ලමයි....නවකතා පොත කියවීමට සිතුනි.....මා එය රැගෙන ඇදේ ඇලවී කියවන්ට වුනෙමි.....සවස තුනට පන්තිය පවත් වන නිසා මා සටහන් පොතද රැගෙන එම ස්ථානයට ගියෙමි....මා යනවිට අවුරුද අට දහය පමන වයස ඇති කුඩා නංගිලා හතර දෙනෙක් පැමින සිටිබව දක්නට ලැබුනි.....ඔවුන් මා දෙස අමුතු ලෙස බැලුවේ මාව මින් පෙර දැක නොතිබුනු නිසා බව තේරුනි.ඔවුන්ට සිනහවකින් සංග්රහ කල මා බංකු කොනකින් වාඩිවුනෙමි.....මාව ගැහැනු ලමයෙකු බවට පත්වූ පසු මෙවැනි කුඩා නංගිලා ඇසුරුකර නොතිබුනු බැවින් ඔවුන් සමග කතා කිරීමට ආශාවක් ඇතිවිය....
No comments:
Post a Comment