Friday, May 25, 2018

ආත් අම්මාගේ පාඩම 87................මෙයා මොකද මෙහෙ......ඇසූ ඔහු මේසය මත තිබුනු හැලපෙයක් අතටගෙන.....මා දෙස නොබලාම කාමරයෙන් පිටවිය.....ඇයි පුතේ තේබොන්නෙ නැද්ද.....තව කෑමත් තියෙනව.....අම්මා කීවාය....තාම තේ ගෙනත් නෑනෙ අම්මෙ ගෙනාවහම එන්නම්.....කී ඔහු අපෙන් ඈත්විය.....මොකද අද පොඩිපුතා කා එක්කවත් වැඩිය කතානොකර ගියේ.....අම්මා ඇසූවිට.....මල්ලිට හිටපු ගමන් වෙස්පෙරලෙනව කියල අම්ම දන්නෙ නැද්ද....ඇසූ අක්කා තවත් කැවුමක් ගෙන මටත් එකක් දුන්නාය....ඇති අක්කෙ...මා කීවෙමි.....ඔය අයියට කන්න බැරි උනාට අපිට කන්න පුලුවන් නංගි ....නංගිත් කන්න....කීවාය....අයියට අද මොකක් හරි ප්‍රස්නයක් ඇති අක්කෙ.....ඒකයි....මා කීවෙමි.....අපි තේ පානය කර කාමරයට ගියෙමු....
             රාත්‍රීඅට පමන වනවිට රාත්‍රී ආහාරය සූදානම් වනබව අක්කා පැවසුවාය.....තාත්තයි ලොකු අයියයි ඇවිල්ල මම ඔයාව කෑම මේසෙදි ලොකු අයියට හදුන්වල දෙන්නම්....ඔයා එයාට අයිය කියල කතාකරන්න....ඔය සුරන්ජිත් අයිය වගේ පොල් බූරුවෙක් නෙවෙයි අපේ ලොකු අයිය......එයත් එක්ක කතාකරන කොට නංගිටම තේරෙයි.....අක්කා පැවසුවාය.....අනේ සුරන්ජිත් අයියට අපහාස කරන්න එපා අක්කෙ එයා හරි හොදයි.....මා කීවෙමි.....අටවනවිට අපි කෑම මේසය දෙසට ගියෙමු.....මේ වනවිට වාඩිවී සිටි තාත්තා....දුව ආව කියල අම්ම මාත් එක්ක කිව්ව....දුවට කැමති කාලයක් මෙහෙ ඉන්න....අම්මයි අක්කයි ඉන්නවනෙ දුවව බලාගන්න.....තාත්තා කීවේය......අයිය නැද්ද අම්මෙ.....අක්කා ඇසුවාය......දැන් එයි .....දුවේ........අම්මා කීවාය..එතකොට මල්ලි......එයාට දැන්ම බෑ කියල පස්සෙ කනව කියන්නෙ......අම්මා පැවසූවිට....කෑම කන්න ඕනැ ගෙදර ඔක්කොම එකට ඉදගෙන......මොකද එයා විතරක් පස්සෙ කන්නෙ.....තාත්තා තරහෙන් මෙන් කීවේය. ස්වල්ප වේලවකින් වයස විසි පහ ඉක්මවූ හැඩි දැඩි පෙනුමක් ඇති අයියා අපි අසලට පැමිනෙනු දුටුවෙමි.....මේ ඉන්නෙ අයියෙ අර කිව්ව නංගි ....අක්කා මාව ඔහුට හදුන්වා දුන්නාය.....මොකක්ද නංගිගෙ නම කිව්වෙ....මා දෙස හොදින් බැලූ ඔහු ඇසුවේය....චතුරිකා....මා ලැජ්ජාවෙන් මෙන් බිම බලගෙන පැවසුවෙමි.......මේ සැරේ ඕ ලෙවෙල් කලා කිව්ව නේද.....ඔහු කෑම බෙදාගනිමින් ඇසුවේය.....ඔව් අයියෙ....මා පිලිතුරු දුන්නෙමි.....බෙදාගන්න නංගි .....අම්මෙ මේ නංගිට කෑම ටිකක් බෙදල දෙන්නකො......අදනෙ මෙහාට ආවෙ ටිකක් ලැජ්ජ ගතිය ඇති.....අයියා කීවේය.....පුතා කන්නකො එයාට මම කවන්නම්...මට බත් බෙදමින්.....අම්මා පැවසූවිට.....පුදුමයෙන් මෙන් අම්මා දෙස සහ මා දෙස බැලූ අයියා.....තාම චූටි බබෙක්ද කෑම කවන්න.....ඇසුවේය.....කෝ දෙන්න අම්මෙ මම කන්නම්.....ඔහුට බියවූ මා අම්මගෙන් කෑම පිගාන ඉල්ලුවෙමි.....එය ඇසුනු අයියා..... අම්මට කියල කවාගන්න නංගි..... අපේ අම්මගෙ අතින් කනකොට හරි රසයි.....සිනාසෙමින් කී ඔහු....මම විහිලුවන්නෙ කලේ....කීවේය......ඒක තමයි මගෙ පොඩි දුව බයවෙලා.....අම්මා මා අසලින් වාඩිවී මට කවන්ට වූවාය.....ඈ අම්මෙ කෝ මල්ලි....අනතුරුව ඔහු ඇසුවේය.....අනේ මන්ද ලොකු පුතේ.....දැන්ම කන්න බෑ කියන්නෙ....අම්ම කීවාය....අපේ තාත්ත කියල තියෙනවනෙ කෑම කනකොට ඔක්කොම එකට කන්න කියල.....අයියා කියන්ට වූවේය......පොඩි පුතාට කියන්න ඔය පුරුද්ද හැමදාම තියාගන්න එපා කියල.....තාත්තා අම්මාට කීවේය.....අද හවස ඉදම්ම මල්ලිට මොකක් හරි වෙලානෙ....අක්කා කීවාය......මොකක් වෙලාද.....තාත්තා ඇසුවේය.....මොනව වුනත් කමක් නෑ එකට ඉදන් කෑම කන්න ඕනැ.....තාත්තා දැඩිව පවසනු ඇසුනි.
               අම්මාගේ සහ තාත්තාගේ කාමරය තිබුනේ අපේ කාමරය මෙන් යට තට්ටුවේ වූ අතර අයියලාගේ කාමර තිබුනේ උඩුමහලේය.....කෑමෙන් පසු මාත් අක්කාත් කාමරයට ගියෙමු. අද අපේ මල්ලිට මොනව වෙලාද මන්ද....මම හිතුවෙ නංගි දැක්කම....ගොඩක් සතුටුවෙයි කියල....වෙනද වගේ නෙවෙයි ...අද එයා අපි කා එක්කවත් කතාකරන්නෙවත් නෑනෙ......අක්කා නෝක්කඩු සවරූපෙන් පවසන්ට වූවාය.....එයට මොකුත් කියන්න එපා අක්කෙ.....කැම්පස් එකේදි මොකක් හරි ප්‍රශ්නයක් වෙන්න ඇති....මා කීවෙමි.....ප්‍රශ්නයක් ද එහෙම නැත්නම් පරන ලෙඩෙ ආයෙත් හැදිලද....අක්කා සෙමින් කියනු මට ඇසුනි.....මොකක්ද පරන ලෙඩේ ....මා කල්පනා කරන්ට වුනෙමි.....ඒ කියන්නෙ සුරන්ජිත්ට මොකක් හරි ලෙඩක් තියෙනවද දන්නෙ නෑ.....මට බියක් ඇතිවිය.....අක්කා කල්පනා කරනු දුටු මා.....අක්කේ...ඕකට ඔය තරම් බයවෙන්න එපා......එයාට මොකක් හරි ලෙඩක් තියෙනවනම් තාත්තට හරි අයියට හරි කියන්නකො...මා කීවිට....ඔය ලෙඩේ තාත්තට හොද කරන්න බෑ...නංගියේ.....ඇය දුකෙන් මෙන් කීවාය......කමක් නෑ නංගි අපි ටිකක් බලමු.....අක්කා අවසානයේදී පැවසුවාය.....
                 සුරන්ජිත්ට විටින් විට සෑදෙන අසනීපය කුමක් ද මගේ සිත තුල ගැටලුවක් ඇතිවිය......එදා නුවර එලිය සංචාරයේදී ඔහුට එවැනි අසනීපයක් තිබුනු බවක් මට තේරුනේ නැත....එම ගමනේදී ඔහු ඉතාමත් සතුටින් සිටිබව  සිහිවිය. ......මූලක් ගාය යනුවෙන් හදුන්වල ලෙඩේ හැදුනු විට කේන්ති යන බව ...ආත් අම්මා  කිහිපවරක් පවසා ඇති බව සිහිවිය. කාට හරි කේන්ති ගිය විට මූලග් ගාය තදවෙලා යනුවෙන් පැවසූ වාර මට සිහිවිය....මෙයට කොහිල මාලුව හොද බවද මා අසා තිබුනි.....අක්කටත් කියන්න ඕනැ සුරන්ජිත්ට කොහිල මාලුව උයල දෙන්න කියන්න කියල......මා සිතුවෙමි. ....අක්කෙ ඔය ලෙඩේට හොද බේතක් තියෙනව.....මා කීවෙමි.....මොකක්ද නංගියේ.....අපේ ආත් අම්ම කියනව ඔය කේන්ති යන ලෙඩේ හැදුනම කොහිල මාලුව හොදයි කියල...මා පැවසූවිට...එයට හයියෙන් සිනාසුනු අක්කා....හොදට කටු තියෙන කොහිල අලයක් කටු පිටින්ම ගිල්ලවන්න ඕනැ.....කී ඇය නැවත සිනාසෙන්ට වූවාය.....
Transgender body swap ගේ ඡායාරූපය

No comments: