ආත් අම්මාගේ පාඩම 56....................මා ටිකවෙලාවකින් කාමරයට පැමිනියෙමි.....දුව චතුරිකා....... මගේ දොරට ගසමින් නිමන්තිගේ අම්මා කතාකරනු ඇසුනි.....මා විගස දොර ඇරියෙමි......අම්මෝ අපි බයවුන තරමක්..... අපි ඔයාව හැමතැනම හෙවුවනෙ...නිමන්තිගේ අම්මා කීවාය.....ඇය සමග ඩොක්ට අන්කල්ගේ දුවත් බිරිදත් නිමන්තිත් සිටිනබව දුටුවෙමි.......මම මේ කාමරේනෙ හිටියෙ...... පිලිතුරු දුන්නෙමි.......අපි හිතුවෙ අපේ පුතාල මේකෙ ඉන්නෙ කියල.....අපි පනදාගෙන ඔයාව හොයනකොට තමයි....අපේ පුතා කිව්වෙ ඔයා ඉන්නෙ මේ කාමරේ කියල...ඩොක්ට අන්කල්ගේ බිරිද පැවසුවාය.....ඒ අයියල මට මේක දීල එයාල උඩකාමරේට යනව කියල ගියා......මා පැවසුවෙමි.....ඔයා හරි යාලුවෙක් තමයි මේ නංගිව දාල අම්මලගෙ කාමරවලට ගියා......සුරන්ජිත් නිමන්තිට දොස් කීවාය......නිමන්තිත් අපේ කාමරේ හිටියෙ නැති හින්ද අපි හිතුවෙ නිමන්ති චතුරිකා දුව එක්ක ඇති කියල......කොහේද මෙයා බාත්රූම් එකෙන් එලියට ආවහමයි දැක්කෙ මෙයත් අපේ කාමරේ කියල...... ඊට පස්සෙ තමයි....මෙයාගෙන් ඇහුවෙ චතුරිකා කෝ කියල....එයා කිව්ව එලියෙ ඇති කියල ඒ සැරේ එලියෙ බැලුවෙ.....පවු නැන්දෙ මෙයාට කාමරයක් නෑ කියල අඩ අඩා හිටියෙ......ජෝන් අන්කල්ගෙනෙත් ගිහින් අහල තව කාමරයක් නැද්ද කියල......උඩ කාමරේ මේ නන්ගිට තනියම ඉන්න පුලුවන්ද ඉතින් අපි දෙන්න මෙයාට මේ කාමරේ දීල උඩට ගියා......ඔහු තව දුරටත් කීවේය......මා කිසිවක් නොකියා දුකෙන් මෙන් බිම බලාගෙන සිටියෙමි.....අනේ සොරි චතූ.....මට ඒ වෙලාවෙ ඔයාව මතක් උනේ නෑ.....නිමන්ති පැවසූවිට....ඔව් ඉතින් ඔය වෙලාවට මොකුත් මතක නෑනෙ.....නිමන්තිගේ අම්මා සිනහසෙමින් කීවාය.....නංගිට මේ කාමරේ තනියම ඉන්න බෑ......මාත් එනව නංගිගෙ කාමරේට......සුරන්ජිත්ගේ අක්කා පැවසුවාය..... චතූ..... මම කොහොමත් එන්නනෙ හිටියෙ.....නිමන්තිද කීවාය.......හිටියට කමක් නෑ චතුරිකාව හොදට බලාගන්න ඕනැ ....එයාට කවුරුවත් නෑනෙ......නිමන්තිගේ අම්මා කීවාය......මොකද නැත්තෙ අපි ඉන්නවනෙ.....ඩොක්ට අන්කල්ගේ බිරිද මගේ හිස අතගාමින් පවසා......ඔයාගෙ අම්ම තාත්ත නැහැ කියල බයවෙන්න එපා දුව අපි ඔක්කොමල්ල ඔයාගෙ අම්මල තාත්තල තමයි......ඔයාගෙ ඕනැ ප්රස්නයක් තියෙනවනම් අපිට කියන්න.....ඇය කීවාය......මේ වනවිට සුරන්ජිත්ගේ අක්කා රෙදි බෑගය රැගෙන මා සිටි කාමරය තුලට ගියාය......දැන් දුව බය නැතුව අක්ක එක්ක ඉන්න.....අක්ක විතරක් නෙවෙයි මාත් ඉන්නෙ ඕකෙ තමයි.....නිමන්තීද කාමරය තුලට ඇතුලුවී ඇදේ වාඩිවුනාය.....හරි හරි....නිකන් එන්න එපා ඔයාගෙ ඇදුම් ටිකත් අරන් එන්න....නිමන්තිට පැවසූ අම්මා... ඩොක්ට අන්කල් ගේ බිරිද සමග ආපසු යන්ට විය......හරි අහිංසක ලමයෙක් නේද.....ඩොක්ට අන්කල්ගේ බිරිද නිමන්තිගේ අම්මාගෙන් අසනු යන්තමට ඇසුනි.....එහෙත් ඇයගේ පිලිතුර නොඇසුනේ....ඇය කතාකලේ මගෙන් ඈත්වෙමින් නිසාය....
මා ඇදේ වාඩිවෙනවාත් සමගම මාව බදාගත් නිමන්ති මාත් සමග ඇදේ පෙරලුනාය......සෙල්ලම් කරන්න ගත්තෙ ඔයාලගෙ ඇදුම් මාරුකරගන්නෙ නැද්ද......අක්කා අනකරන විලාසයෙන් පැවසුවාය.....චතූ ඔයා මාරුකරගන්න මම ඇදුම් ටික අරන් එන්නම්.....නිමන්තී කාමරයෙන් පිටවුනාය......අක්කෙ හවසට කොහේ හරි යනවද ....මා ඇදුන් මාරුකර ගැනීමට සූදානම් වෙමින් ඇසුවෙමි......දවල්ට කාල වික්ටෝරියා පාක් එකට යනව......ඇය කීවාය.......මල් වත්තද මා ඇසුවෙමි......මල් වත්ත යන්නෙ හෙට....... අද යන්නෙ නුවර එලියෙ ටවුන් එකේ තියෙන පාක් එකට......ඒකෙ කානිවෙල් එහෙම තියෙනව.....බලන්න පුලුවන්.....ඇය කීවාය......එහෙනම් හොද ගවුමක් ඇදගන්න වෙනව....මා ගවුමක් අතට ගෙන කීවෙමි.....මතක ඇතුව ජසියකුත් ඇදගන්න හවසට සීතල වැඩිවෙනව...පිරිමින්ට වගේ නෙවෙයි ගෑනු අපිට සීතල උහුලන්න අමාරුයි......ඇය කීවාය....මා නිමල් ලෙස සිටි කාලය මෙන් නොව ගැහනු ලමයෙකු බවට පත්වූ පසු මටද සීතල වැඩියෙන් දැනෙන බව තේරුනු මා ඒ සම්බන්ධව වැඩිදුර දැන ගනනීම සදහා.... ඇයි අක්කෙ ඒ.....යනුවෙන් ඇසුවෙමි.....ඇයි නංගී ගෑනු අයගෙ හම හුගක් තුනීනෙ.....ඉතින් පිරිමි අයට වඩා වැඩිපුර සීතල වේදනාව දැනෙනව....ඇය විස්තර කලාය....ඒක තමා අතගාන කොටත් හුගක් සනීප දැනෙන්නෙත්.....මා එක් දවසක් ගැහැනු ලමයෙකු වසයෙන් සවයන් වින්දනයේ යෙදුනු ආකාරය මතක් වී කල්පනා කලෙමි...ඒ සතුටටනම් කවදාවත් කොල්ලෙක් වෙලානම් විදින්න බෑ...තව දුරටත් සිතුවෙමි.........
මා ගවුම ඇදගන්නා අතර තුර නිමන්තිද සායකින් සහ බ්ලවුසයකින් සැරසුනාය.......අක්ක ඔහොමද යන්නෙ.....සාමාන්‍ය ඇදුමකින් සැරසී සිටි අක්කා දෙස බලා ඇසුවෙමි......නෑ නංගි බත් කාල මේක මාරුකරගන්නව.....ඇය පිලිතුරු දුන්නාය......
No comments:
Post a Comment