Friday, May 18, 2018

ආත් අම්මාගේ පාඩම 79......................අපි ඇල්ල බලා නැවත පැමිනෙනවිට සවස පහ පසුවී තිබුනි.....අසල කඩයකින් තේ පානයකල අපි නැවත ගමන ආරම්භ කලෙමු. ගෙවල් බලා පැමිනෙන අතර තුර ටිකෙන් ටික රෑබෝවෙමින් තිබුනි......තව පැයකිහිපයකින් අපි වෙන්වේයැයි සිතෙන නිසාදෝ සුරන්ජිත් මගේ අත අල්ලාගෙනම සිටියේය....
          හෝටලයකින් රාත්‍රී කෑමගත් අපි කෙලින්ම පිටත්වුනෙමු......කිසිවෙකුගේ හඩක් නොමැති බැවින් වටපිට බැලූවිට දුටුවේ සැමටම නින්ද ගොස් ඇති බවය.....රියදුරු මහතා සබ්දයට ගීතයක් දමාගෙන බසය පදවමින් සිටියේය.....සුරන්ජිත් මගේ උරහිසට හේත්තුවෙමින් නිදිකිරන්ට විය....අයියේ ඔයාට නිදිමතනම් ඔහොම ඇලවෙන්න.....මා සෙමින් කීවෙමි.....කොහාටද...ඔහු නිදිමතේම ඇසුවේය....මෙතැනට.....මා මගේ උකුල පෙන්වා සෙමින් කීවෙමි.....ඔතැන.....ඔහු පුදුමයෙන් ඇසුවේය....ඔව්... ඇයි.... මා කීවෙමි.....බෑ ....ඔහු එය ප්‍රතික්ෂේප කලේය......ඇයි අයියෙ මට කැමති නැද්ද ....මා දුකෙන් මෙන් ඇසුවෙමි.....නෑ නංගි ඒක ඔයාට හොද නෑ....ඔහු පැවසුවේය.....කාටවත් පේන්නෙ නෑ ඔක්කොමල්ල නිදි.....මා කීවෙමි......ඔයාගෙන් කෙලින් වචනයක් නැතුව අපි එච්චර දුර යන්න හොද නෑ....ඔහු එසේ කීවිට මා ඔහුගෙන් එවැනි දෙයක් ඉල්ලීම ගැන ලැජාවට පත්වුනෙමි.....ඇයි මම මේවගෙ දෙයක් සුරන්ජිත්ගෙන් ඉල්ලුවෙ .මම කෙල්ලෙක් නේද.....ඒවගෙ දෙයක් කොල්ලෙක්ගෙන් ඉල්ලන එක හොද දෙයක් ද...කොල්ලෙක් වෙලත් සුරන්ජිත් මගේ යෝජනාව ප්‍රතික්ෂේප කරීමෙන් එයාගෙ හිත කොයිතරම් සන්වරකමක් ඇද්ද කියල මට හිතාගන්නවත් බෑ...සුරන්ජිත් එක්ක බලනකොට මම කොයිතරම් පහත්ද........මා කල්පනා කරන්ට වුනෙමි....මා මෙලෙස කල්පනාකරමින් යනවිට....මටද නින්ද ගොස් තිබුනි.....නිදාගෙන ඉන්න අය නැගිටින්න අපි ගමට ආව....නිමන්තිගේ තාත්තා හයියෙන් පවසනු ඇසුනු බැවින් මටද ඇහැරුනි.....ගේ ගාවටත් ආව නේද.....සුරන්ජිත් මගෙන් ඇසුවේය....ඔව්....මා කෙටි පිලිතුරක් දුන්නේ ඔහු කෙරෙහි තරහෙන් නොව එවැනි උතුම් කොල්ලෙක් සමග කතා කිරීම පවා මා නොසුදුසු යයි සිතුනු නිසාය........අපි පලමුවෙන් ගියේ අජිත්ලගේ නිවසටය.....ඔවුන් අපිට සුබපතමින් අපෙන් සමුගන්ටවිය.....ඉන්පසු සුරන්ජිත්ගේ නිවසට ලගාවුනි....අජිත් සමග සියලුම දෙනා බසයෙන් බසින්ට විය.....කෝ මගේ චතුරිකා දුව...නින්ද ගිහින්ද.....අම්මා කියනු ඇසුනු මා බසයෙන් බිමට බැස්සේ ඔවුන්ගෙන් සමුගැනීම සදහාය......අනේ මගේ දුවේ අපි ඔයාව බලන්න ලඟදි එන්නම් අම්මා මාව තුරුලට ගනිමින් කීවාය.....අක්කාද මාව තුරුලට ගෙන මගේ මුහුන සිඹින්ටවිය......තාත්තාට දන නමා වැන්ද මා අම්මාටද වැන්දෙමි.....අම්මා මගේ උරහිසෙන් අල්ලා නැගිටවා කම්මුල කිහිපවරක් සිපගන්ට විය.....මා අක්කටද දන නමා වැන්දෙමි.....සුරන්ජිත් අසලට ගිය මා.......ඔහුටද දනනමා වදින්ට සූදානම් වනවිට....ඇයි වදින්නෙ.....මට වදින්න ඕනැ නෑ බලෙන් නවතාගත් ඔහු මගේ නලල සිපගන්ටවිය.....අයිය වගේ නෙවෙයි මම මහ නරක කෙල්ලෙක්....මා හැඩුම් බරව කීවෙමි....ඇයි එහෙම කියන්නෙ....මගේ හිස අල්ලාගෙන ඇසුවේය.....මම ඔයාට මගේ උකුල උඩින් ඇලවෙන්න කිව්ව එක හොද දෙයක් නෙවෙයි.....කොලන්ට එහෙම යෝජනා කරන්නෙ නරක කෙල්ලො.....මා කීවෙමි....අයියෝ නංගි මම එහෙම එකක් හිතුවෙ නෑ....ඔයා තමයි මටනම් මේ ලෝකෙ ඉන්න හොදම කෙල්ල.....ඔහු මගේ ඇසෙන් වැටුනු කදුලු බින්දු මහපට ඇගිල්ලෙන් පිසදමමින් කීවේය. ඔහුගේ අතක් ගෙන සිපගත් මා බසයට ගොඩවුනෙමි......
            අපේ නිවසට යනවිට මැදියම් රැය පසුවී තිබුනි....වාහනයේ හඬ ඇසෙනවාත් සමගම ආත් අම්මා නිවසේ ඉදිරි දොර ඇරියාය....මම හිතුවෙ අදත් නෑ කියල.....ඇය සතුටින් පවසනු දුටුවෙමි.....මා බැගය රැගෙන බිමට බැස්සෙමි....නිමන්තිගේ අම්මාද තාත්තාද නිමන්තීද මා සමගම බිමට බසිනු දුටුවෙමි.....ඔන්න නැන්දෙ දුවව පරිස්සම් කරල ගෙදරට ගෙනත් බැස්සුවා....නිමන්තිගේ අම්මා කීවාය....මා ඇයගේ අම්මටත් තාත්තාටත් ඩනනවා වැද සමුගත්තෙමි....නිමන්තිගේ අම්මා මගේ මුහුන සිප ගත් අතර නිමන්තී මාව වැලදගෙන සමුගන්ත්තාය...
              කාමරයට ගිය මා ඇදුම් ගලවා නයිට් ගවුම ඇදගෙන නාන කාමරයට ගොස් මුහුන සෝදාගෙන නින්දට ගියෙමි. පාන්දර ඇහැරුනු මා සුපුරුදු පරිදි කුස්සියට ගියෙමි....කොහොමද දුවේ ගමන....මට ඊයෙ රෑ අහන්නත් බැරි වුනානෙ....ආතම්මා ඇසුවාය....හරි ශෝක් ආත් අම්මෙ....මම ආත් අම්මට ස්ටෝබෙරි ගෙනාව එලවලු ගෙනාව....ඔක්කොම කාමරේ මම තේබීල ගෙනත් දෙන්නම් මා කීවෙමි.....ඔයා ඇදුමක් ගත්තද ....ඇය ඇසුවාය....ශෝක් එකක් ගත්ත ආත් අම්මෙ....ඒකට සීතල දැනෙනව අඩුයි....මා කීවිට....මම ඒකනෙ කිව්වෙ එහෙ තියෙනව කියල.....ඇය කීවාය.....කීයක් උනාද...අනතුරුව ඇසුවාය...... මට කීයක්වත් ගියෙ නෑ ආත් අම්මෙ....මා කීවිට මා දෙස පුදුමයෙන් බැලූ ඇය....ඈ ලමයො මේව ඔයාට නිකන්ද දුන්නෙ.....එහෙම නැත්නම් පරන පුරුද්ද මතක් වෙලා කඩෙන් පන්නගෙනවත් ආවද....අනේ නෑ ආත් අම්මේ....කී මම කාමරයට ගොස් එය රැගෙනවිත් ඇයට පෙන්නුවෙමි.....මේක ගොඩක් වටිනවනෙ....එය අතගා බලා පැවසූ ඇය.....කොච්චර වටිනව වුනත් ඇත්ත කියනව මේක පුච්චල දාන්න ඉස්සෙල්ල.....හොරකන් කලානේද.....මා නිමල්ව සිටිකල කලකී දේ මතක් වී ඇය නැවත ඇසුවාය......අනේ නෑ ආත් අම්මෙ මම බොරු කියනවනම් නිමන්තිලගෙන් අහන්න.....මා කීවෙමි.....හරි එයාලගෙන් අහන්න ඉස්සෙල්ල....හම්බවුනේ කොහොමද කියනව.....ඇය සැරෙන් මෙන්කීවේය.....නිමන්තිගෙ තාත්තගෙ යාලුවෙක් ඉන්නව අම්මෙ....ලසන්ත කියල දොස්තර කෙනෙක්.....එයාලගෙ ගෙදර කට්ටියත් ගියා....එයාල ලොකු සල්ලි කාරයෝ...ඒ ගෙදර අය මට ගොඩක් සැලකුවා.....මා මෙලෙස ඔව්න් සැලකූ ආකාරය විස්තර කලෙමි....මේකනම් පුදුමයි....ඒත් මම දන්නෙ නෑ මේක ඇත්තක් ද බොරුවක්ද කියල.....ඇය එසේ පැවසුවේ මා නිමල් ලෙස සිටිකල බොරු කියමින් ඇයව රැවැට්ටූ වාර බොහෝ තිබුනු බැවිනි.....හරි ආත් අම්මට මාව විශ්වාස නැත්නම් නිමන්තිගෙ අම්මගෙන් අහන්න....මා පැවසූ විට......ඔහොම ඉන්නවකො....මම අහලම මේකෙ ඇත්ත නැත්ත දැනගන්නම්.....අවසානයේ ඇය පැවසුවාය.
Transgender body swap ගේ ඡායාරූපය

No comments: