ආත් අම්මාගේ පාඩම 41.................අදත් සුදු ඇදුම් අඳින්න ඕනැද ......මා නිමන්තිගෙන් ඇසූවිට.....අද කොහේද දන්නෙ නෑ යන්නෙ අම්මගෙන් අහල ආවනම් හරි....... කී නිමන්ති මාවත් ඇඳගෙන අම්මා සිටින කාමරයට ගියාය. .....අද කොහේද අම්මෙ යන්නෙ....ඇය ඇසුවාය.....සෙල්ල ගිහින් ඊට පස්සෙ තිස්ස විහාරෙ වැඳගෙන ගෙදර යනව..... පිලිතුරුදුන් ඇය ....ඇයි ඇහුවෙ.....ඇසුවාය. ......අදත් සුදු ඇදුම් අදින්න ඕනැද කියල දැනගන්න ඇහුවෙ.....මා කීවෙමි......අද ඕනැනෑ.....ඇය පැවසූවිට.......නැවත කාමරයට ගිය අපි ගමනට සුදුසු ඇදුම් වලින් සැරසුනෙමු. මා ගවුමක් ඇදගත් අතර නිමන්ති සායකින් සහ බ්ලවුසයකින් සැරසුනාය.
උදෑසන ආහාරය හෝටලයකින් ගත් අපි සෙල්ල කතරගම බලා පිටත්වුනෙමි.....චතුරිකා දුවත් ගනදෙවියන්ට පූජාවට්ටියක් පූජාකරන්න...නිමන්තිගේ අම්මා පැවසුවාය.......ඇයි ඇන්ටි ඊයෙත් පූජා වට්ටියක් තිබ්බනෙ.....ඊයෙ තිබ්බෙ කතරගම දෙවියන්ටනෙ දුවේ.....මේ අද තියන්නෙ ඒ දෙවියන්ගෙ අයිය වෙන ගනද්වියන්ට.......ගනදෙවියන්ට පූජාව තියනකොට ඉගෙනගන්න හොදට මොලේපෑදෙනව.....ඔයාලට ගොඩක් හොදයි......ඇය විස්තර කරන්ට වූවාය.....ඒ එක්කම අපලත් නැතිවෙනවද ඇන්ටි......මා එසේ ඇසුවේ මා තුල ඇති ගැහැණු වීමේ මන්තර බලය බිදීමෙන් නැවත පිරිමියෙකු බවට පත්වේ යැයි සිත තුල තිබුනු බියජනක හැගීම නිසාය.........ඔයා ඕනැ දෙයක් ඉල්ලන්න දෙවියො ඔයාට කරල දෙයි.....නිමන්තිගේ අම්මා කීවාය.......ඔයාල පූජාවට්ටි ගන්නෙ නැද්ද ඔතැන කතාකර කර ඉන්නෙ.....නිමන්තිගේ තාත්තා පවසනු ඇසුනි.....ගන්නව අනේ.. මේ චතුරිකා දුවට තේරෙන්නෙ නෑනෙ පූජාවල් ගැන එයාට කියාදුන්න.....නිමන්තිගේ අම්මා පැව්සුවාය......එහෙනම් මේ දෙවියන්ට පූජාවට්ටියක් පූජා කලාට කමක් නෑ.....මගේ විභාගෙ පාස්කරල දෙන්න කියල ඉල්ලන්නත් ඕනැ......ගෙදර යනකන් මාව පිරිමි ලමයෙක් වෙන්න දෙන්න එපා කියල ඉල්ලන්නත් ඕනැ......සිතමින් නිමන්තිගේ අම්මා සමඟ පූජාවට්ටියක් සූදානම් කරගත්තෙමි.
ගණදෙවි දේවාලයට පූජාව තැබූ අපි . එම ස්ථානයේ යේ තිබුනු පන්සලට ගොස් බුදුන් ඇද තිස්සමහා රාමය බලා පිටත්වුනෙමු......දූල කැමතිද වැවේ නාන්න......විශාල වැවක් අසල කාරය නැවැත්වූ නිමන්තිගේ තාත්තා ඇසුවේය......නියමයිනෙ තාත්තේ නාමූ......නිමන්ති සතුටින් කෑගසන්ට විය.....එහෙත් මා ගැහැනු ලමයෙකු වශයෙන් මෙවැනි ප්රසිද්ධ ස්ථානයක නා පුරුදු නැති බැවින් .....බියක් සමග ලැජ්ජාසහගත බවක් ඇතිවිය.......නිමන්ති මාවත් ඇදගෙන වාහනයෙන් එලියට පැන වැව අසලට ගියාය......ශෝක් අනේ නාමු නේද.......ඇය මගේ ඇඟේ එල්ලී පැවසුවාය.....ශෝක්නම් තමයි ඒත් මම මේවගෙ තැන්වලින් නාල නෑ අනේ.....මා කීවෙමි......ඕක මහ වැඩක්ද.....ඔය ඇදුම් ගලවල දිය රෙද්දක් ඇදගෙන වැවට බහින එකනෙ තියෙන්නෙ......ඇය වැවුවලින් නා පලපුරුදු තැනැත්තියක මෙන් පැවසුවාය.......කොහේ ඉදන්ද ඇඳුන් මාරුකරන්නෙ......මා වටපිට බලමින් ඇසුවෙමි......මා අසල සිටි කාන්තාවක්......ඇදුන් මාරුකරන අයුරු දුටු මා.....මෙයාලටනම් පුරුදු හින්ද ඇදුන් මාරුකරයි ....ඒත් මම කොහොමද මේවගෙ පලපුරුදු ගෑනියෙක් වගේ ඒක කරන්නෙ......සිතුවෙමි.......මෙතැන ඉදන් මාරුකරගම්මු......නිමන්ති කීවාය....දූල නානවනම් ඇඳුන් මාරුකරගන්න.......නිමන්තිගේ අම්මාගේ කටහඩ ඇසුනි......ඇය අසලට ගිය මා......මාත් නාන්න ඕනැද ඇන්ටි......ඇසුවෙමි......මෙයා නාන්නෙ නැතුව කොහොමද.....නිමන්ති කීවාය.....ඇයි දූට මොකුත් ගැටලුවක්ද......නිමන්තිගේ අම්මා සෙමින් ඇසුවාය......ඇය එසේ ඇසූ හේතුව දැනගත් මා ......එහෙම දෙයක් නෙවෙයි ඇන්ටි ..ලැජ්ජාසහගත ලෙස ඇඹරෙමින් කී මම ... මේවගෙ තැන් වලින් නාල නෑ ඒකයි......මා කොල්ලො රන්චුවත් සමග මෙවැනි වැවුවලට බැස කෙතරම් නා ඇද්ද. එදා මට ඇඳුන් මාරුකර ගැනීමේ ගැටලුවක් නොතිබුනි. මට තිබුනේ කලිසම ගලවා යට ඇදුම පිටින් වතුරට බැසීම පමනි. එහෙත් අද මට එසේ කල නොහැක. මගේ ගැහැනු සිරුර එදාමෙන් නිරුවත් කල හැකිද?....... ගැටලුසහගතව කල්පනා කල මා නිමන්තිගේ අම්මා අසල ලැජ්ජාවෙන් ඇබරෙන්ට වුනෙමි......ලැජ්ජ වෙන්න එපා නා ගන්න අපිත් ඉන්නවනෙ.....ඇය නෑමට ගෙනා රෙදි අතට ගනිමින් කීවාය.....මොකද කරන්නෙ ඔයාගෙ ඇදුම් ටිකත් ගන්නකො චතූ.....නිමන්ති බලකරන්ට වූවාය.....ඔයානම් කියයි මම පුරුදු නැතුව මේවගෙ තැන්වල ඇදුම් මාරුකරගන්නෙ කොහොමද......මා ඇයගෙන් ඇසුවෙමි....ඕකද ප්රශ්නෙ.....කී ඇය කෝ ඔයාගෙ ඇදුම් ටික ගන්න.....ඇය කීවාය.....ඇයගේ බලකිරීම මත මා බැගය ඇද චීත්ත රෙද්ද සහ සාලුව අතට ගත්තෙමි. .......අම්මේ මෙයාට මෙතැන ඇදුම් මාරුකරගන්න තේරෙන්නෙ නැහැල්ලු......මාත් සමග නිමන්තිගේ අම්මා අසලට ගිය නිමන්ති කීවාය.......ආ ඉන්නකො මම දුවට උදවුකරන්නම්......ඇය දිය රෙද්ද ඇදගනිමින් කීවාය....ඇය එසේ පැවසූ විට මගේ හිතට යම් සහනයක් ඇතිවිය.......මේක දුව ඇදගන්න නිමන්තිට නාන ඇදුම් දුන් අම්මා මගේ ඇදුම් ගැලවීමට උදවු කිරීමට සැරසුනාය.....දුවේ මේ චීත්තෙ ගවුමෙ සායට යටින් ඇදගන්න ඊට පස්සෙ හිමින් සැරේ සාය උස්සලා චීත්තෙ පපුව වැහෙන්න ඇදගන්න.....ඊට පස්සෙ ගවුම ඔලුවෙන් ගලවන්න.......ඇය මට එහි ක්රමය කියාදෙමින් මට උද්වුකරන්ට වූවාය.....අපෝ දැන් යන්තම් දිය රෙද්ද ඇදගත්ත.......කල්පනා කරමින් වටපිට බලනවිට....නිමන්ති දියරෙද්ද ඇදගෙන මා පැමිනෙන තුරු බලාසිටිනු දක්නට ලැබුනි.......
නිමන්ති මගේ අතින් අල්ලාගෙන වැවට බසින්ට වූවාය. වැඩිය දුරට යන්න එපා පරිස්සමින්.....නිමන්තිගේ තාත්තා අපිට කියනු ඇසුනි....ජලයේ ගැඹුරට යනවිට ඇඳසිටින රෙද්ද තෙත්වී ඇගට ඇලෙන බව තේරුනි.....ඒ සමගම නිමන්ති විශාල ජල දහරාවක් මගේ ඇග පුරා විසිරයන ආකාරයට ඇතින් ගැසුවාය.....ඊ මොකක්ද අනේ.....කී මම ඇය දෙසටද ජලපහරක් ගැසුවෙමි.....
No comments:
Post a Comment