ආත් අම්මාගේ පාඩම 94......................බලන්නකො කපු මහත්තයෝ මම කොච්චර කියනවද මෙයාට ඉස්සර හිටියවගේ පිරිමි ලමයෙක් වෙන්න කැමතිවෙන්න කියල.....ඒත් බෑමයි කියනවනෙ....ආත් අම්ම දුකෙන් මෙන් පැවසුවාය.....එයට සිනහසුනු කට්ටඩි අන්කල්......මා දෙස බලා.....අසල තිබුනු බඩික්කම අතටගෙන.....හපමින් සිටි බුලත් විටෙන් කෙලපහරක් දමා.....ඇයි මෙයාට කෙල්ලෙක් වෙලා ඉන්න එක හොදයි කියනවද......සිනහසෙමින් කීවේය......ඒකනෙ කපු මහත්තයෝ.....පිරිමියෙක් වෙන එකේ අගේ මේ ළමයට තේරෙන්නෙ නෑනෙ.....ඇය තරහෙන් මෙන්කීවාය........පිරිමියෙක් වෙන එක හොදයි තමා.... ඒත් මේ ලමය හොදලමයෙක් වෙලා තියෙන්නෙ ගැහැණු ළමයෙක් උනහින්දනෙ......කට්ටඩි අන්කල් මා දෙස බලා කීවේය.....ඒවුනාට කපු මහත්ත්යො....අපි මෙයාව ගැහැණු ලමයෙක් කලේ නරක ගතිගුණ අයින්කරගන්නනෙ......දැන් මෙයා මොකුත් නරක වැඩ කරන්නෙ නෑ....පරන නරක යාලුවොත් නෑ.....ආත් අම්මගේ කැමැත්ත මාව නැවත නිමල් බවට පත්කිරීම බව එම කතාවෙන් තේරුනි......පුතේ ඇයි ඔයා ආයෙත් හිටපු තත්වෙට යන්න අකමති.....කට්ටඩි අන්කල් මගෙන් ඇසුවේය.....මට මේ ජීවිතේ හොදයි අන්කල්....මම දැන් ඉස්සරවගේ නරක වැඩ කරන්නෙත් නෑ....ඉස්සර වගේ නෙවෙයි මට දැන් ඔක්කොමල්ල ආදරෙයි.....ඉස්සර හිටිය පිරිමි යාලුවන්ට වඩා මට දැන් ඉන්න ගෑනු යාලුවො ගොඩක් හොද අය......මා පැවසුවෙමි.....ඔහුගේ හිස අතගාමින් ටික වේලාවක් කල්පනා කල ඔහු......නැවත බුලත් කෙල පහරක් පඩික්කමට එල්ල කර.......ඒ කොහොම වෙතත් ගැහැනු ලමයෙක් වෙනවට වඩා පිරිමි ලමයෙක් වෙන එක හොදයිනෙ පුතේ....ඔයාට පුලුවන්නෙ පිරිමි ලමයෙක් විදියටත් නරක වැඩ නොකර හොදට ජීවත් වෙන්න.....එතකොට ඔයාට කවුරුත් ආදරේ වෙයි......කට්ටඩි අන්කල්ගේ උවමනාවත් මාව නැවත පිරිමි ලමයෙකු බවට පත්කිරීමට බව තේරුනු මට.....දුකක් ඇතිවිය.....අනේ අන්කල් මට බෑ මට මේ ජීවිතේ ඊටවඩා හොදයි.....මා දුකෙන් මෙන් කීවෙමි.....ආත් අම්මා දෙස බැලූ ඔහු.....මේ පුතා මේ ජීවිතේට කැමතිනම් බලෙන් පිරිමි ලමයෙක් කරන්න යන්න එපා හාමිනේ...එහෙම කලොත් ගැටලු ඇතිවෙන්න පුලුවන්......කවද හරි මේ ගැහැනු ජීවිතේ එපා වෙලා පිරිමියෙක් වෙන්න ඕනැ කිව්වොත් විතරක් කරන්න.....කට්ටඩි මහතා එසේ පැවසූ විට මගේ සිතට විශාල සතුටක් ඇතිවිය....මෙයා මේ විදියටම තියාගත්ත කියමුකො... කපුමහත්තය....මෙයාගෙ උප්පැන්න සහතිකේ තියෙන්නෙ පිරිමි ලමයෙකුගෙ නමක්....මෙයා මේ ඉස්කෝලෙන් අස්කර ගත්තත් මෙයාට පිරිමි ලමයෙකුගෙ නමක් තියාගෙන ගැහැනු ලමයෙක් විදියට වෙන ඉස්කෝලෙකට දාන්නෙ කොහොමද.....අපිට අවශ්‍යය ගැටලුව ආත් අම්මා ඔහුට ඉදිරිපත් කලාය.....එය එතරම් ගනනකට නොගත් ඔහු....සිනහවක් පලකර....ඒක ගැටලුවක් කරගන්න එපා හාමිනේ.....කී ඔහු.....ඔය පුතාගෙ දැන් නම මොකක්ද ඇසුවේය......චතුරිකා.....මා කීවෙමි.....සම්පූරණ නම කියන්න.....ඔහු නැවත ඇසුවේය.....කීරවින්න මුදියන්සේලාගේ චතුරිකා සදමාලී....මා කීවෙමි.....ලස්සන නමක්නෙ දාගෙන ඉන්නෙ.....සතුටින් පැවසූ ඔහු.....ඔයාල කිසි දේකට බයවෙන්න එපා....ඔය විදියටම ගැහැනු ලමයෙක් වෙලා ඉස්කෝලෙට යන්න.....ගිහින් ඔය කියපු නම කියල අස්වීමේ සහතිකේ ඉල්ලන්න......ඔහු කීවේය......පුදුමයට පත්වූ මා ආත් අම්මාගේ මුහුන බැලුවෙමි....ඇයද පුදුමයෙන්මෙන් මගේ මුහුන දෙස බලනු දුටුවෙමි......ඇයි පුතේ බය වුනාද.....ඔහු මගෙන් ඇසුවේය.....මා කිසිවක් නොකියා සැකෙන් මෙන් ඔහුදෙස බැලුවෙමි.....ඔයාගෙ උපැන්න සහතිකේ දැන් වෙනස්වෙලා තියෙන්න ඕනැ.....හෙටම ඉස්කෝලෙට ගිහින් ඔයාගෙ දැන් නම කියල ඉල්ලන්න......ඔහු කීවේය....මටනම් මේක විස්වාස ගන්න බෑ කපු මහත්තය.....ආත් අම්මා පුදුමයෙන් මෙන් කීවාය.....ඇය දෙස බලා හයියෙන් සිනාසුනු කට්ටඩි අන්කල්.....පිරිමියෙක් ගෑනියෙක් කරන්න බෑ කියල අපේ රටේ හිටිය ලොකු දේශපාලන නායකයෙකුත් කිව්ව ම්තක ඇතිනෙ ඔය හාමිනේට.....ඔන්න මම ඒකත් කරල පෙන්නුව.....ඒවගේම මේක ගැනත් සැකයක් හිතාගන්න එපා.....ඔහු සිනාසෙමින් පැවසුවේය. ලොකු ඉස්කෝලෙ මහත්තයගෙන් මොකක් හරි ගැටලුවක් උනොත් ඉන්න මම තෙල් ටිකක් දෙන්න .....කී ඔහු අපිත් සමග දේවාලය දෙසට ගියේය....තෙල් පෙගවූ කුඩා පුලුන් රොදක් දැමූ කුඩා කුප්පියක් දේවාලය තුලුන් ගෙන මට දුන්නේය......මේක දුවගෙ ඔය හෑන්ඩ් බෑක් එකේ හරි පර්ස් එකේ හරි දාගෙන යන්න ඔයාලට කිසිම ගැටලුවක් වෙන්නෙ නෑ.....ඔහු විශ්වාස ඇතුවම පැවසුවේය......ඔක්කොම කරගත්තට පස්සෙ මෙහාට ඇවිත් පූජාවක් තියන්න....සදුද දවසක හවස හතරට විතර එන්න....එනකොට මෙන්න මේ බඩුටික අරන් එන්න.....ඔහු අවශ්‍යය දේවල් ලියූ කොල කැබැල්ලක් ආත් අම්මා අතට දුන්නේය.
හෙටම ඉස්කෝලෙට යමු නේද ආත් අම්මෙ.....ආපසු එනගමන් මා ආත් අම්මාට කීවෙමි.....අනේ මන්ද දුවේ මටනම් බයත් හිතෙනව....ඇය කීවාය.....අපි ගිහින් බලමු ආත් අම්මෙ මොකක් හරි වුනොත් ආපහු කට්ටඩි අන්කල් හම්බවෙමු......මා කීවෙමි.....එහෙමවත් කරමු....අවසානයේදී ආත් අම්මා එකඟ වූවාය.
නිවසට ගිය මා පසුවදා එලිවන්තුරු නොඉවසිල්ලෙන් සිටියේ හෙට මගේ ඉරනම සම්පූරනයෙන් විසදෙන දිනයක් වන නිසාය....ඇත්තටම මගේ නම එහෙම වෙනස් වෙලානම් මට මේලෝකෙටම බය නැතුව කියන්න පුලුවන් මමත් දැන් අනිත් ගැහැනු ලමයි වගේ ගැහැනු ලමයෙක් කියල....මට කවදාවත් නිමල් කියන පිරිමි චරිතය හංගගෙන බයෙන් ඉන්න ඕනැ නෑ....මා කල්පනා කලෙමි.
No comments:
Post a Comment