ආත් අම්මාගේ පාඩම 47..............අපි නැවත ගමන ආරම්භකොට අවිස්සාවේල්ල පසුවනවිට. නිමන්තිගේ තාත්තාගේ යහලුවා ගමන් කල පැජරෝ රථය නවතා තිබුනු බව දුටු අපගේ වාහනය නතරකලේය..... මොකද.....නිමන්තිගේ තාත්තා ඔවුන්ගෙන් ඇසුවේය......අපි පරන පාරෙන් දාල යන්නෙ....ඔයගොල්ලො යන්නෙ අලුත් පාරෙන් නේද......අජිත්ගේ තාත්තා පැවසුවේය.....ඔව් අපි යන්න ඕනැ අලුත් පාරෙන්.....එහෙනම් අපි සමුගනිමු නේද.....නිමන්තිගේ තාත්තා කීවේය....ඔව්න්ට සමුදීම සඳහා අපි වාහනයෙන් බැස්සෙමු.....අපි අසලට පැමිනි අජිත් සහ සුරන්ජිත්.....එහෙනම් අපි පස්සෙ හමුවෙමු....අපිට සමුදෙමින් පැවසුවේය....මා අසලට පැමිනි සුරන්ජිත්.....මම කියපු එක මතක තියාගන්න.....මම ඔයා වෙනුවෙන් බලා ඉන්නව.....ඔව් හරි.... බෑ හරි..... කියල පනිවිඩයක් එවන්න.....කිසිවෙකුට නොඇසෙනලෙස රහසෙන් මෙන් කීවේය......අද දින ඔවුන් සමග ඇතිකරගත් සම්භන්ධතාවය අවුරුදු ගනනාවක් තිබුනු එකක් මෙන් දැනෙන්ට විය......මා සුරන්ජිත් දෙස දුකෙන් මෙන් බලා......හොදයි මම කියන්නම්.....මගේ ඇස්දෙකට කදුලු පිරෙන්ට ආවත් එය අමාරුවෙන් මැඩපවත්වා ගනිමින් කීවෙමි.......ඔහු මා දෙසට අත දිගුකලේ සමුගැනීම සදහාය......මගේ අත ඔහුට දුන් විට ඔහුඑය දෑතින් අල්ලාගනිමින් තුරුලුකර ගත් අයුරු දුටුවෙමි.....ඔහුගේ දෑත් වල උනුසුම මගේ සිනිදු අතට හොදින් දැනෙන්ට වූ අතර ආදරය මුසුවූ එම උනුසුම සිරුර පුරා පැතිරෙන්නාක් මෙන් දැනෙන්ට විය......අත අරින්න අම්මල එනව ඔහු මගේ අත අත නොහැර සිටිනවිට මා කීවෙමි....මගේ අත අතහැරිය ඔහු දැන් අත හැරියට... මම ප්‍රාර්ථනා කරනව කවද හරි දවසක ඔය අත මගේම වෙන්න කියල....ඔහු දුකෙන් මෙන් කීවේය......මේ අතර අපි අසලට පැමිනි අජිත්ද මගේ අතට අතදී සමුගත් අතර ....නිමන්තිගේ පිට අතගාමින් ඇගෙන්ද සමුගන්නා අයුරු දුටුවෙමි.....අපි දෙදෙනා අජිත්ගේ තාත්තාට සහ අම්මාට වැද ඔවුන්ගෙන්ද සමුගත්තෙමු......
අපි ගෙදරට ලගාවනවිට මධ්‍යයම රාත්‍රිය කිට්ටුවී තිබුනි.....ඔවුන් කෙලින්ම අපේ ගෙදර දෙසට යන්ට විය. ගේට්ටුව වසා තිබුනු බැවින් මා ගේට්ටුව විවුර්ත කලෙමි.....ඉන්පසු වාහනය නිවස අසලට ගෙන නලාව ශබ්ද කලේ ආත් අම්මාට ඇහැරීමටය.....එවිටම දොර විවුර්තකර ආත් අම්මා මිදුලට බසිනු දුටුවෙමි......නැන්දේ ඔන්න දුවව පරිස්සන් කරල ගෙදෙට්ටම ගෙනත් ඇරලුව......නිමන්තිගේ අම්මා වාහනයෙන් බැස පැවසුවාය.....මම මේ මග බලාගෙන හිටියෙ කොයිවෙලවෙ හරි එයි කියල.....ආත් අම්මා සතුටින් පැවසුවාය.....මගේ ඇදුන් බෑගය ගෙන නිමන්තිගේ අම්මාට සහ තාත්තාට වැද....නිමන්තිව තුරුලුකරගනිමින් ඇයගේද මුහුන සිප......බෑගය උස්සාගෙන ගෙට ගියෙමි......දුව ගේට්ටුව වහන්න ඕනැ නේද....ආත් අම්මා කියනු ඇසුනු නිමන්තිගේ මව.......අපි වහගෙන යන්නම්.....පවසා වාහනයට ගොඩවූවාය......එයට හේතුව අපේ ගේට්ටුව පිහිටා තිබුනේ නිවසේ සිට මීටර් කිහිපයක් දුරින් වීමය.
කොහොමද දුවේ ගමන.....ආත් අම්මා ඇසුවාය......ශෝක් ආත් අම්මෙ.....පැවසූ මා ආත් අම්මට කලුදොදොලුත් ගෙනාව.....මා කීවෙමි......ඒව හෙට ගම්මුකො දැන් ඔය ඇදුම් මාරුකරගෙන මූනකට හෝදගෙන නිදාගන්න......ඇය පැවසුවාය.......අපි වැවෙන් නෑව ආත් අම්මෙ...මා කීවෙමි..දවල්නෙ නාන්න ඇත්තෙ දැන් ගමන් මහසිය යන්නත් එක්ක මුහුනකට හෝදගන්න......ඇය නැවත කීවාය......ඇදුම් බෑගය කාමරයෙන් තැබූ මා නයිට් ගවුමක් ඇදගෙන මුහුන කට සෝද ගැනීම සදහා නාන කාමරයට ගියෙමි......මා නැවත කාමරයට යනතුරු සිටි ආත් අම්මා හොදට දොර වහගෙන නිදාගන්න.....පවසා ඇගේ කාමරයට ගියාය......මා ඇදේ ඇලවුනා පමනි ගොදට නින්ද ගොස් තිබුනේ ගමන් විඩාව නිසාබව තේරුනි......උදෑසන ඇහැරුනු මා කුස්සියදෙසට යනවිට ආත් අම්මා උදෑසන ආහාරය පිලියෙල කරමින් සිටිනු දුටුවෙමි......දුව ඇහැරුනාද......තේ හදල ඇති කෝප්පෙට දාගෙන බොන්න.....ඇය කීවාය.......තේ කෝප්පයක් වත්කරගත් මා කුස්සියේ තිබුනු පුටුවෙන් වාඩිවී තේ බොන අතර තුර ......මට හරි වැඩේනෙ ආත් අම්මෙ කතරගමදි වුනේ...... කීවෙමි......ඒ මොකක්ද දුවේ......ඇය ඉදි ආප්ප වත්කරන අතරතුර ඇසුවාය.....
No comments:
Post a Comment