ආත් අම්මාගේ පාඩම 109..............මගේ ඇදුම් තබා ගැනීමේ ගැටලුව නිසා අම්මා මගේ අල්මාරිය සහ කන්නාඩි මේසය ගෙනදීමට කටයුතු කලාය.මේ නිසා ඉටි රූප දෙක අල්මාරියේ ඉහලම තට්ටුවේ සඟවා තැබීමට හැකිවිය. තාත්තා මගේ දේපලවල නීතිමය ගැටලු විසදීමට මහන්සිවිය. සුරන්ජිත් පමනක් මාසමග කතාබහ නොකලද මේ කාල සීමාව සතුටින් ගෙවා ගැනීමත හැකිවිය. ආත් අම්මාගේ තුන්මාසයේ දානය ලංවිය. මේ නිසා නිවස චීන්ත ආලේපකර පිරිසිදු කිරීමට අවශ්‍යය විය. මෙහි වගකීමද තාත්තා විසින් ගත් නිසා මට පහසුවක් විය. අම්මාත් මාත් වරින් වර එහි ගොස් කටයුතු නිරීක්ෂණය කලෙමු. ස්වාමීන් වහන්සේලා දහනමකට පමන ආරාධනා කර දාන කටයුතුද අවසන් කලෙමු.
අපේ පාසැල් නිවාඩු සමයද උදාවිය. දුවේ දැන් ඉස්කොලෙ නිවාඩු හින්ද සංගීත පන්තියත් පටන් ගම්මු නේද...ඇසූ අම්මා.. දැන් ආත් අම්මගෙ තුන්මාසෙ දානෙත් ඉවරනෙ..මෙච්චර කල් මේක ගැන අහන්නෙ නැතුව හිටියෙ තුන්මාසෙ දානෙ දෙනකන්......කීවාය.... මා කැමැත්ත ප්‍රකාශ කල බැවින් අම්මා මට සන්ගීතය කියාදෙන්ට වූවාය.
අම්මෙ මම ඉස්සර .ආත් අම්ම එක්ක උයනවනෙ.....දැන් උයන එකත් අමතක වෙනව....ඒ හින්ද මාත් උයන්න යන්නද....මේ අතරතුර දිනක් ඇසුවෙමි.....දුව කැමතිනම් උයන්න ....මම මාගරට් ට කියන්නම් කෝ.....ඇයගේ අවසරය ලැබුනි.....මා මාගරට් සමග එකතුව දහවල් ආහාරය පිලියෙල කරමින් සිටිනවිට....කුස්සියට පැමිනි අම්මා....මාගරට් මේ පුන්චි බේබිට දෙන්න..... අද හොදිවලට පහේ දාල ඒදන්න.....මට බලන්න ඕනැ දුවගෙ කෑම රහද කියල..අම්මා කීවාය.....අයියෝ සුලු දෙයක්නේ මම කරන්නම් අම්මේ....පැවසූ මා සියල්ලටම පහේ දැම්මෙමි....මා ලුනු ඇඹුල් බලමින් කෑම පිලියෙල කලෙමි.....
දුවේ.... මම හිතුවෙ නෑනෙ දුව අතින් හදන කෑම මෙච්චර රහ ඇති කියල.....අම්මා කෑම ගනිමින් කීවාය.....අම්ම ඇත්තටමද කියන්නෙ....මාව මුරුංග අත්තෙ තියන්නද....මා සිනාසෙමින් ඇසුවෙමි.....නෑ නෑ දුවේ ඇත්තටම....අනේ දුවේ මීට පස්සෙ එයාල ඕක්කොම හදල දුන්නට පස්සෙ ඔයා ගිහින් පහේ ටික දාන්න.....අපිට රහට කෑම කන්න පුලුවන්....ඇය සතුටින් කීවාය....අම්මෙ අද රෑ කෑමට අම්ම මට කියල දුන්න විදියට එලවලු බතක් හදන්නද මා ඇසුවෙමි.....හදන්නකෝ දුවේ ච්කනුත් ඇති....අම්මා කීවාය....අම්මාගේ අවසරය පරිදි සවස් වනවිට මා කුස්සියට ගොස් මාගරට් සමග කෑම පිලියෙල කිරීමට පටන් ගත්තෙමි. එලවලු බත් සමග මාලුපිලි පිලියෙල කලමු.
අක්කෙ අද රෑ කෑම කොහොමද කියයල මට කියන්න හොදේ....මා රාත්රී ආහාර ගැනීමට පෙර අක්කාට කීවෙමි.....මොකද අද විශේෂයක් අක්කා ඇසුවාය....අමුතු විශේෂයක් නෑ ...කාලම කියන්නකෝ....මා සිනසෙමින් කීවෙමි.....අද කෑමවල වෙනසක් කලා..රසද බලන්නකො...අද ඉව්වෙ අලුත් කුස්සි අම්ම කෙනෙක්...කෑම මේසයදි අම්මා පැවසූ විට.....ඇයි මාගරට් නෙවෙයිද.....තාත්තා ඇසුවේය....නෑ මගේ පොඩි දුව.....මගේ උරහිස් වලට අත තබා අම්මා කීවාය....දුවට උයන්නත් පුලුවන්ද....මා දෙස බලා කෑම කටක් ගත් තාත්තා.....ඇත්තටම අදනම් රසයි තමයි.....ඔහු සතුටින් පැවසුවේය.....මම දන්නෙ නෑනෙ.....නංගිට මෙච්චර රසට කෑම උයන්න පුලුවන් කියල.....ලොකු අයියාද රස බලමින් කීවේය.....කෑම කටක් මුවට ගත් සුරන්ජිත්....මට කන්න බෑ අම්මෙ මේව..... මොනවද මේ...සැරෙන් මෙන් පැවසූ ඔහු අත හෝදාගෙන නැගිට්ටේය....අපේ දුව මෙච්චර රහට උයල තියෙනව...මෙයා කෑම කන්න බෑ කියන්නෙ...මොකක් හරි ලෙඩක්ද......තාත්තා සැරකරන්ට විය....මොකක්ද මල්ලි අපි ඔක්කොටම රසනම් ඔයාට විතරක් රස නැතිවෙන්න බෑනෙ.....අක්කා කීවාය....කාට රස වුනත් මට රස නෑ....කෙසෙල් ඇවරියෙන් කෙසෙල් ගෙඩියක් කඩා කමින්....පැවසූ සුරන්ජිත් ආපසු ගියේය.....මොකද පොඩි පුතේ කෑම නොකා බඩගින්නෙනෙ.....අම්මා කියන්ට වූවාය....පිස්සෙක්..... ඒකට කන්න බැරිනම් අපිකමු.....නංගි... අයියාද බනින්ට විය.....සුරන්ජිත්... අයියට බනින්න එපා.... එයාට මොකක් හරි අඩුවක් දැනෙන්න ඇති.....මා ඔහුට බනිනවාට විරුද්දව කතා කලෙමි.....මල්ලි කරපුදේනම් හරි කැතයි....මේ නංගිගෙ මුහුනට ගැහුව වගේ දෙයක්....අයියා කීවිට.....කමක් නෑ අයියෙ එයා ඕනැ දෙයක් කරපුවාවෙ....මම ගනන් ගන්න නෑ.....මා කීවෙමි. කෑම සවල්පයක් ගත් මා කාමරයට ගොස් ඇදේ ඇලවී සුරන්ජිත්ගේ හැසිරීම ගැන ගැන කනගාටුවෙන් යුතුව කල්පනා කරන්ට වුනෙමි.....මෙච්චර මට වද දෙන්නෙ මම එයාට කල වරද මොකක්ද....මට සිතාගැනීමටවත් බැරිවිය...ඔයා ඕවට දුක්වෙන්න එපා නංගි. ඒ බූරුව නැති වුනාට අපි ඔක්කොම ඔයාට ආදරෙයිනේ......සුරන්ජිත් අයිය බුරුවෙක් නෙවෙයි අක්කෙ එයාට බනින්න එපා....මගේ අතේ මොකහරි වැරැද්දක් ඇති....මා හඩමින් කීවෙමි.....අක්කා කාමරයෙන් ගොස් සවල්ප වේලාවකින් මා අසලට ආවාය....මේ..... නංගි ...චුට්ටක් මෙහෙ එන්න ඔයාට බඩුවක් පෙන්වන්න.....අක්කා මාව කෑම කාමරය දෙසට කැඳවාගෙන ගියාය.....එහි දොර අසලට ගිය ඇය දොර රෙද්ද සෙමින් මෑත් කලාය.....අර ඇතුලෙ කෑම කන්නෙ කවුද කියල බලන්න....රහසින් පැවසූ ඇය මට පෙන්වූ වාය....සුරන්ජිත් කෑම පිගානක් බෙදාගෙන රසකරමින් කන අයිරු දුටුවෙමි....බලන්න නංගි මේක.. බොරුවනෙ කලේ.....නංගිත් එක්ක තියෙන තරහටමයි ඔය වැඩේ කලේ.....ඇය මාත් සමග සෙමින් බනින්ටවිය......අයියට බඩගිනි වෙන්න ඇති අක්කෙ.....බඩගිනි උනාම රස බල බලා ඉන්නෙ නෑනෙ....මා ඔහුගේ පැත්තට කතා කලෙමි.....නංගිට ඉතින් එයාගෙ වැරදි පේන්නෙ නෑනෙ....ඔක්කොම වැරදි ඔයාගෙම ඇගට දාගන්නවනෙ.....ඇය මටද දොස් කීවාය. අම්මාගේ ඉල්ලිම පරිදි මින් පසු මා කෑම පිලියෙල කලද. සුරන්ජිත්ට ඒබව සැගවීමට ක්‍රියා කලෙමු...
මේ සිදුවීමෙන් දින කිහිපයක් ගතවිය.......එදින පුද්ගලික පන්ති නොතිබුනු බැවින් පාසැල් ඇරී ගෙදර පැමිනි මා සවස් වරුවේ ගෙදර සිටියෙමි.ටික වෙලවක් කාමරයේ සිට පාඩම් කරමින් සිටි මා. අක්කාගේ නවකතා පොතක් ගෙන සාලයේ සෙටියේ වාඩිවී කියවන්ට වුනෙමි. ටික වෙලාවක් ගතවිය......මෙයා හිතාගෙන ඇති මෙයා මේගෙදර ලොක්කි කියල.....දැන්..ගෙදර කෙනෙක් ගෙට එනකොට නැගිටින්නෙවත් නෑ.....සැර කටහඩක් ඇසුනු බැවින් මා ඒදෙස බැලුවෙමි.... ඉදිරි දොර ඇර තිබුනු බැවින් මා නොදැනු වත්වම සුරන්ජිත් ගෙට පැමින මට බනින අයුරු දුටුවෙමි.....සොරි අයියෙ මම දැක්කෙ නෑ.... මා බැගෑ පත්ව කීවෙමි....දැක්කෙ නෑ....දැක්කෙ නෑ නෙවෙයි...දැකල ගනන් ගන්නෙ නැතුව හිටිය.....ඊට වඩා හොදයිනෙ ඔය බොලද පෙම් කතා....මගේ අතේ තිබුනු පොත උදුරා විසිකලේය....මොකද කෑ ගහන්නෙ දරුවෝ......සුරන්ජිත්ගේ කටහඬ ඇසුනු අම්මා අපි අසලට පැමිනියාය....මොකද වුනේ....මා සිටගෙනම අත් දෙකින් මුහුන වසාගෙන අඩමින් සිටිනවිට ඇසූ අම්මා මගේ දෙපතුල සිට හිස දක් වාම බලන්ට වූවාය......අම්මලගෙ තමයි වැරැද්ද.....අම්මල තමයි මේ කොහෝද යන අනාත එකියක් ව මේ ගෙදෙට්ට දාගෙන ලොකු කරගෙන ඉන්නෙ.....හරියට වේදේහ රජ්ජුරුවො කටුස්සගෙ කරේ රත්තරන් බැන්ද වගේ......ඔහු අම්මාටද දොස් කියන්ට වූවාය.....ඉතින් කැගහන්නෙ නැතුව මොකක්ද මෙතැන උනේ කියල කියහන්කො.....අම්මා ද ඔහු දෙස බලා සැරෙන් මෙන් ඇසුවාය....මෙයා දැන් කොච්චර ඉහල ගිහින්ද කියල කියනවනම් අපිව දැක්කට පුටුවෙන්වත් නැගිටින්නෙ නෑ.....ඔහු පැවසුවේය.....මම ඇත්තටම අයිය එනව දැක්කෙ නෑ අම්මෙ....මා හඩමින් කීවෙමි....දකින්නෙ කොහොමද මේ බලන්න මෙයා බලන පොත්... බොලද ප්‍රේම කතා මම උදුරල විසිකලා අම්මෙ....ඔහු තවදුරටත් කීවේය......දැන් ඔය ලමය කාමරේට යනව.....අම්මා මට පැවසූ නිසා හඩමින් කාමරයට ගොස් කොට්ටයේ මුහුන හොවාගෙන තව දුරටත් අඩන්ට වූවෙමි....
No comments:
Post a Comment