ආත් අම්මාගේ පාඩම 90..............අපි අසලට පැමිණි ඔහු මොනවද අම්මෙ තියෙන්නෙ..... පවසා බිස්කට් කිහිපයක් අතට ගෙන අප දෙස බැලුවේය........මාව දුටු ඔහු .....මෙයා අදත් මෙහෙද ..... මාව දැකීමෙන් අපහසුවට පත්වූවාක් මෙන් පැවසූ ඔහු ඉක්මනින් අපෙන් ඉවත්වූවේය......ඇයි පුතේ තේ බොන්නෙ නැද්ද.....අම්මා අසනවිටත් ඔහු ඈතට ගොස් සිටියේය........මොකක්ද මන්ද මේ ලමයට වෙලාතියෙන්නෙ.....අම්මා දුක් මුසුව පවසනු ඇසුනි...මම කිව්වෙ අම්මෙ මෙයාට ආයෙත් අර පරන ලෙඩේ හැදිල කියල.....අක්කා තරහෙන් මෙන් පැවසුවාය.....මොකක්ද අක්කෙ පරන ලෙඩේ..... මා ඇසුවෙමි....මේ බූරුවට කෙල්ලො ඇලජික් නංගියේ ....ඇය තරහෙන් කීවාය.....එයාට එහෙම ලෙඩක් නෑ අක්කෙ....මාත් එක්ක මොකක් හරි තරහක් ඇති.....මගෙ අතින් එයාට මොකක් හරි වැරැද්දක් වෙන්න ඇති අක්කෙ.....මා මෙසේ කියනවිට මගේ දෑසට කදුලු පිරෙනබව තේරුනු මා....අතේ තිබුනු බිස්කට් කිහිපය ආපසු තබා....දෑතින් මුහුන වසාගෙන අක්කාගේ කාමරය දෙසට දිව ගියෙමි.....ඇයගේ ඇදේ ඇලවුනු මා කොට්ටයයෙන් මුහුන වසාගෙන හඬන්ට වුනෙමි.....අක්කා මා පිටුපසින් පැමිනි බව තේරුම් ගියේ ඇය මා අසලින් වාඩිවී මගේ උරහිසෙන් අල්ලා මගේ මුහුන ඇය දෙසට හරවනවිටය......අනේ නංගියේ ඔයා ඕකට දුක්වෙන්න එපා ඔය අපේ බූරුවගෙ හැටි.....අක්කා ඔහුට අපහාස කරමින් කතාකරන්ට විය......අනේ අක්කෙ සුරන්ජිත් අයියට බනින්න එපා මේ ඔක්කොම මගේ වැරදි.....මා ඉකිබිදිමින් කීවෙමි......මගේ නංගි මොන වැරැද්දක් කලාටද....ඇසූ අක්කා මගේ මුහුන සහ ඇස්වලින් නැගෙන කදුලු පිසදමමින්......අඩන්න එපා නංගියේ එයා නැතුවට අපි ඔක්කොමල්ල නංගිට ආදරේනෙ.....කීවාය......පොඩි පුතාට මොකක් වෙලාද මම දන්නෙ නෑ.....ඔයා ඕව ගනන්ගන්න එපා මගෙ දුවේ....අම්මාද මා අසලින් වාඩිවී මගේ හිස අතගාමින් කීවාය......ඇයි දුවේ මල්ලිට මේ අහිංසක කෙල්ලව පේන්න බැරි....අක්කාගෙන් ඇසූ ඇය.....නුවර එලියෙදි මේ දෙන්න හරි ලගින් නේද හිටියෙ.....මම නොදැක්ක වගේ හිටියට මාත් දැක්ක දෙන්න එක්ක තුරුලුවෙලා කුටුකුටු ගගා ඉන්නව.....මම හිතුව පොඩි පුතාගෙ ගැහැනු ලමයි පෙන්වන්න බැරි ලෙඩේ ඇරිල කියල....දැන් බලන කොට ඒක ඇරිල නෑනෙ.....අම්මා කියන්ට විය......අනේ අම්මෙ සුරන්ජිත් අයියට එහෙම ලෙඩක් නෑ....එයා ගෑණු ලමයින්ට කැමතියි.....මා පැවසුවෙමි....එහෙනම් නංගි දකිනකොට කේන්තියන්නෙ....අක්කා ඇසුවාය......මම නොදන්නව උනාට මගේ අතින් එයාට මොකක් හරි වැරැද්ද වෙන්න ඇති....මා කීවෙමි....දැන් ඇඩුව ඇති තේටික බිව්වෙත් නෑනෙ යමු තේ බොන්න....අම්මා කීවාය....එහෙත් මා එලෙසම සිටියෙමි.....ඉතින් කියන දේ අහල නැගිටින්නකෝ.....අම්මා දෙවනවර කී විට මට ඇගේ බහට කීකරු වන්ටවිය. මා ඔවුන් සමග තේ බීමට ගියෙමි. මින් පසු සුරන්ජිත් සිටින වෙලාවට ඔහුට නොපෙනෙන්නට සිටීමට ඉටාගත්තෙමි.
රාත්රී කෑම වේලාව ආසන්න විය. අක්කා මට කෑමට කතාකලාය.....අක්කල කන්න මම පස්සෙ කන්නම්.....මා කීවෙමි......ඇයි මේ.... ඔයත් එන්න.....ඇය කීවාය.....සුරන්ජිත් අයිය මම ඉන්නවට කැමති නෑනෙ....මම පස්සෙ කන්නම්......මා හේතුව පැහැදිලි කලෙමි....ඉන්නකෝ කී ඇය කාමරයෙන් පිටතට ගියාය.....ටික වෙලාවකින් ආපසු පැමිනි ඇය.....අන්න තාත්ත කියනව ඔයාට එන්නම කියල..... කීවාය.......මම පිට කෙනෙක්නෙ අක්කෙ.....ඔයාල ගෙදර අයනෙ.....ගෙදර අයගෙ සමගිය බිදින එක හොද නෑ .....මා කීවෙමි.....කවුද කියන්නෙ ඔයා පිට කෙනෙක් කියල.....ඔයා අපේමයි නංගියේ....ඇය මගේ මුහුන පපුවට තුරුලුකරගෙන කීවාය....ඇගේ කීම නිසා මා කෑම ගන්නා ස්ථානයට ගියෙමි.....සුරන්ජිත් ද පැමින සිටින බව දුටු මට මාව දුටු ගමන් ඔහු නැගිට යාවිදැයි සැකයක් ඇතිවිය.....ආ ආවද....මා දෙස බලා පැවසූ තාත්තා....මේ ගෙදර අය එකට මිසක් වෙනවෙනම කෑම ගන්නෙ නෑ.....ඔහු මට ඇසෙන ලෙස කීවේය.....නංගි කියනව එයා පිට කෙනෙක්ලු......අක්කා කීවාය.....ඈ පොඩි දුවේ..... කවුද ඔයාට කිව්වෙ ඔයා පිට කෙනෙක් කියල.....අම්මා සැම දෙනාම ඉදිරියේ ඇසුවාය...ඔයා පිට කෙනෙක් කියල අපිටනම් තේරෙන්නෙ නෑ.....ඔයා අපේ දුවේ....ඔයාට ඕනැම කාලයක් ඔයාගෙම ගෙදර වගේ ඕනැ කාලයක් මෙහෙ ඉන්න පුලුවන්.....තාත්තා දැඩි ලෙස පවසන්ට විය.....නංගිට මොකක්ද වුන ප්රශ්නෙ .....ලොකු අයියා කෑම ගන්නා අතරතුර ඇසුවේය.....නෑ අයියෙ ඒක පොඩි දෙයක් ගනන්ගන්න ඕනැ දෙයක් නෙවෙයි....අක්කා ගැටලුව යටගසමින්පැවසුවාය......සුරන්ජිත් කිසිවකු සමග කතා නොකර කෑම ගන්නා බව දුටුවෙමි.....
කෑම ගැනීමෙන් අනතුරුව කාමරයට ගිය මා....අක්කෙ මම ආපහු ගෙදර යන්නද....ඇසුවෙමි.....ඔයාව මේ ඉක්මනින්ම ගෙදර එක්ක යන්නද මෙහාට එක්කගෙන ආවෙ....පැවසූ ඇය පිස්සු නැතුව ඉන්න නංගි ....ඒ ඔල්මාද කාරය දැඟලුවට.....අපිට ඔල්මාද නෑනෙ.....ඇය කීවාය......අයියට එහෙම ගැටලුවක් නෑ අනේ.....එයාට තියෙන්නෙ මාත් එක්ක තරහක්......මම අක්කට කිව්වනෙ මොකක් හරි මගෙ අතින් වැරැද්දක් වෙන්න ඇති කියල.....මා කීවෙමි....ඉන්නවකො මම අහන්න නංගි එයාට කල වැරැද්ද මොකක්ද කියල. .....දැන් බෑ හෙටම අහනව.....ඇය කීවාය.
එක අතකට මෙහෙම වෙන එක හොදයි...මගේ මේ අවිනිශ්චිත ගැහැනු ජීවිතේ තියාගෙන සුරන්ජිත්ට බලා පොරොත්තු දෙන්න හොද නෑ....ඒ හින්ද එයාට මාව පේන්නම බරිවුනාවෙ....ඒත් මේ අනිත් අය මට ආදරේ හින්ද මෙහෙන් යන්න ඕනැ නෑ...අම්මගෙන් තව ගොඩක් දේවල් ඉගෙන ගන්නත් තියෙනව.....මාව ආයෙත් නිමල් බවට පත්වුනත් ඉගෙනගන්න දේවල් අහක යන්නෙ නෑ.....ඇදේ ඇලවී කල්පනා කල මා....මෙම සති දෙක මෙහි නැවතීමට තීරනය කර ගත්තෙමි.....
No comments:
Post a Comment