ආත් අම්මාගේ පාඩම 60...................මින් පසු මට තවත් ගීත කිහිපයක් ගැයීමට සිදුවිය. ඉන්පසු සුරන්ජිත්ගේ මෑනියන්ද ගීත කිහිපයක්ද ගැයුවාය......පසුවනවිට සියලු දෙනාම එකතුවී වේග රිද්මයේ ගීත ගැයීමට පටන්ගත් පසු මා ඉස්සර ද නිමල් ලෙස එවැනි ගීත ගයා පුරුදු මට එම ගීත ගැහැණු කටහඩෙන් ගැයීමට සිදුවිය.....මේ අතර කිහිපදෙනෙක් නැටුමට පටන්ගත් අතර සුරන්ජිත්ගේ මවද නටන්ටවිය. ඇගේ නර්තනයේ යම්කිසි රිද්මයක් ඇතිබව දුටු මා....අක්කෙ ඔයාගෙ අම්මට ලස්සනට නටන්නත් පුලුවන්නෙ.....කීවෙමි.......ඇයි නංගි එයා නැටුනුත් දන්නවනෙ.....ඉගෙනගෙන තියෙන්නෙ සවුන්දර්ය විශ්වවිද්යාලයෙනෙ......විනාඩි කිහිපයක් නැටූ ඇය.......ඉස්සර වගේ දැන් නටන්න බෑ දුවේ....කකුල් හරියට නවන්නත් බෑ.....ටිකක් වෙලා යනකොට මහන්සියි..... කියනු ඇසුනි......සින්දු කීම අවසන්කර සියලු දෙනාම කාමරවලට යන්ට වූ අතර මාත් නිමන්තිත් අක්කාත් අපේ කාමරයට ගියෙමු....මා නයිට් ගවුම ඇද ඊට උඩින් ජර්සියක්ද ඇද ඇදේ ඇලවුනෙමි........නිමන්ති මා අසලින් ඇලවී මාව තුරුලු කරගෙන දැන්නම් සීතල නෑ කීවාය......මොකද මේ දෙන්න තුරුලුකරගෙන ඇසූ අක්කා මගේ අනිත්පසින් ඇලවී මාව තුරුලුකර ගත්තාය. මා දැන් නිදාගෙන සිටියේ ගැහැනු ලමුන් දෙදෙනෙකු අතරය.....ඔවුන් මාව තුරුලු කරගෙන ඇත.....මා නිමල් ලෙස මෙලෙස සිටියානම් කුමක් වෙයිද.....මා නිමල් ලෙස මොහොතක් කල්පනා කලෙමි......එහෙනම් මගේ පුරුෂ ලිංගය රිජුවෙලා ඉන්න බැරිවෙයි...... එහෙත් මගේ කකුල්දෙක අතර තිබෙන හිස්බව මිස එදා මෙන් රිජුවීම සදහා කිසිවක් නොමැති බව වැටහුනි. මෙවැනි ගැහැනු ලමුන් දෙදෙනෙකු නොව ඊටවඩා මගේ සිරුර තුරුලු කරගෙන සිටියත් එදා හටගත් කිසිම කාමුක හැගීමක් සිත තුල හට නොගන්නා බව දැනුනි.....මා ගැහැණු ලමයෙකු බවට පත්වී දැනට අවුරුද්දකට කිට්ටුවන කාලයක් පසුවී ඇත. මේ කාලය තුල මා කෙතරම් ගැහැනු ලමුන් ඇසුරු කරන්න ඇද්ද කෙතරම් ගැහැනු සිරුරු ස්පර්ශ කරන්න ඇද්ද....එහෙත් එදා නිමල් වශයෙන් මට තිබුනු එම කාමුක හැගීම් ඇති නොවීම පුදුම සහගත විය. මා සියලු ගැහැනු ලමුන් ඇසුරු කරන්ට වූවේ සහෝදරියන් ලෙසය......එහෙත් එදා කතරගමදී සුරන්ජිත් මගේ අත තුරුලු ගත්විට දැනුනු හැගීම පුදුමාකාර විය.....එය ආදරයත් ආශාවත් මුසුවූ හැගීමක් බව මට මතක් විය.....අනේ ඒ විදියට ආයෙත් එයා මගේ අත තුරුලුකර ගන්නවනම්.....මා ඔහු ගැන සිතමින් කල්පනා කලෙමි.....චතුරිකා නංගි..ඔයා නිදිද... අක්කා මට කතාකරනු ඇසුනි.....නෑ අක්කෙ ඇයි .....මා ඇසුවෙමි.....තැන වෙනස් වෙලාද කොහෙද මටත් නින්ද යන්නෙ නෑ......අක්කා කීවාය.....නිමන්ති නන්ගිත් නිදිද....ඇය ඇසුවාය.....මේ වනවිට මට තුරුලුව සිටි ඇයට නින්ද ගොස් ඇතිබව දුටුවෙමි.....එයාට නම් වැටුන ගමන් නින්ද ගිහින් වගේ.....මා කීවෙමි.....නංගි ඔයා හරි හොදයි අනේ.....අක්කා මගේ අතේ ඇගිලි සෙමින් පිරිමදිමින් කීවාය......නිමන්ති දවසක් කිව්ව වගේ මේ අක්ක ලෙසිබියන් කෙනෙක්ද......බියපත්ව සිතූ මා.....ඇය අක්කෙ එහෙම කිව්වෙ .....ඇසුවෙමි......කොළඹ පලාතෙ ඔයාවගේ .......ලමයි හුගක් අඩුයි......ඒ කිව්වෙ අක්කෙ.....ඇය පැවසූ දේ නොතේරුනු බැවින් ඇසුවෙමි......අපේ සුරන්ජිත් මල්ලි නිත්රම කියන්නෙ ලස්සන කෙල්ලො හරිම අහංකාරයි කියල.....මාත් කෙල්ලෙක් හින්ද මමත් එයාගෙ මතය පිලිගන්නව......ඒත් නංගිව හදුන ගත්තට පස්සෙ ගොඩක් ලස්සන කෙල්ලො අතරත් හුගක් හොඳ අය ඉන්නව කියල මට තේරුනා...ඇය කීවිට.....ඒකොහොමද අක්කෙ..... මා ඇසුවෙමි......නංගි ගොඩක් ලස්සනයි..... ඒවගේම හරිම අහිංසකයි .....මට හිතෙනව ඔයාගෙ ගතිගුනත් ඒවගේම ලස්සන ඇති කියල....ඇය විස්තර කරන්ට වූවාය......අක්ක කොහොමද එහෙම කියන්නෙ.....මා ඇසුවෙමි.......නංගි නරක කෙනෙක් උනානම් ඔයාගෙ ආත් අම්ම කීයටවත් තනියම මේ ගමන එවන්නෙ නෑ.....ඔයාගෙ හැසිරීම හොද හින්ද තමයි නිමන්තිල එක්ක ඔයාව එවල තියෙන්නෙ.....ඇය කීවාය......අක්ක දන්නෙ නෑ නිමල් වෙලා ඉන්නකොට මගෙ හැටි.....ඒව දන්නවනම් මෙයාල මාව පයින් ගහල එලවන්නෙ......ඒත් දැන් මම ඒ නරක ගතිගුන අයින් කරල හින්ද මෙයාලට මාව ගොඩක් හොද ලමයෙක් විදියට පේනව ඇති......මා සිතුවෙමි......මගේ ඇගිලි අතගෑ ඇය මගේ අල්ලද ආදරයෙන් පිරිමදින්ට වූවාය......අපේ සුරන්ජිත් මල්ලිත් ඔයා වගේ තමා.......හරිම අහිංසකයි .....ඔයත් එක්ක වචනයක් කතාකලා කිව්වමත් මට පුදුම හිතුන......ඒතරම් ගෑණු ලමයි එක්ක කතාකරන්න ලැජ්ජයි....හැබැයි එයාට වැරදි වැඩ පෙන්වන්න බෑ.....ඒකක් දැක්කොත්නම් පිරිමිද ගැහැනුද කියල බලන්නෙ නෑ කියන එක මූනටම කියනව......අක්කා සුරන්ජිත්ගේ ගතිගුන පවසන්ට වූවාය......ඒකනම් මටත් අද උදේතේරුනා අක්කෙ....මට කාමරයක් නැතුව ඉන්නකොට මාව එක්ක ආව නිමන්තිලට බැන බැන එයා හිටිය කාමරේ මට දුන්න......මා එසේ පැවසුවත් කතරගමදී ඔහු මට ආඩම්බර කාරි කියමින් බැන්න ආකාරය නොකීවේ ලැජ්ජා සිතුනු නිසාය......එහෙත් අක්කා....එයා කතරගමදි ඔයාටත් බැන්නලු නේද......ඇසුවාය.....ඒ සුරන්ජිත් අයිය දන්නෙ නැති කමටනෙ අක්කෙ මා කීවෙමි.......
නංගී මම මේ නිකමට වගේ අහන්නෙ.......නංගි අපේ සුරන්ජිත් මල්ලි ගැන මොකද හිතන්නෙ......ඇසුවාය......ඇය අදහස්කලදේ තේරුම්ගත්මා.....එය නොතේරුනාක් මෙන්......එයා හරි හොදයි අක්කෙ......අක්කට එහෙම මල්ලි කෙනෙක් ඉන්න එකත් වාසනාවක්...... කීවෙමි.....
No comments:
Post a Comment