ආත් අම්මාගේ පාඩම 97....................ආත් අම්මට තවත් තරහා ගියහොත් අතේ තිබෙන එකකින් මාවෙත දමා ගසන බව මා අත්දැකීමෙන් දනිමි. ඇය දැන් ලිප ලග සිටින බැවින් මට ගිනි පෙලිවලින් බැටකෑහැකි බව දන්නා නිසා නිශ්සබ්දව සිටියෙමි. කරවල බැදුම ආත් අම්මාගේ ප්‍රියතම ආහාරයක් විය. මුට්ටියේ දමා තිබුනු කට්ටා කරවල කූරියෙක් ගෙන කුඩා කැබලිවලට කපනු දුටු ආතම්මා ඔය මොකටද ඇසුවාය.....තෙල් ටිකක් දාල ගන්න ආත්තම්මෙ මා කීවෙමි......සෑහෙන වෙලාවකින් පසු ඇගේ මුහුනේ සිහින් සිනාවක් පහලවූයේ එම අවස්ථාවේදීය. ආත් අම්මාට තරහා ගිය අවස්ථාවලදී ඇය කැමති දේවල් කලහොත් ඇය සතුටු වනබව මා නිමල් ලෙස සිටින අවදියේදීද දැන සිටියත් එදා මා එසේ කලේ නැත. මගේ හිතුවක්කාර සෙල්ලක්කර අමන ජීවිතය ආත්තම්මා ගේ තරහ යෑම් තුට්ටුවකටවත් මායිම් කලේ නැත. මා එදා කලේ මට වුවමනා දේවල් මිස යැය පවසන දේවල් නොවේ.
ආත් අම්මෙ මම කෑම කාල නිමන්තිලගෙ ගෙදර යනව හොදේ.....ආත් අම්මා අසලට ගිය මා අගේ හිස අතගාමින් කීවෙමි....දුවගෙ ඔය චාටු ඕනෙ නෑ...ගිහින් එන්න...කී ඇය....මේ දවස්වල පැවිල්ල වැඩියි.....යනකොට මතක ඇතුව කුඩේ ඉහලගෙන යන්න...ඔයා හැමදාම කෙල්ලෙක්ම වෙලා ඉන්න කල්පනා කරනවනම් ඔය හම අවුවට පිච්චිලා කලුකරගන්නෙ නැතුව ලස්සනට තියාගන්න.....මගේ සිරුර දෙස බලමින් කීවාය. ආත් අම්මා පැවසූ පරිදි අවුවේ තද ගතිය දැනුනේ එලියට බැස්ස පසුය...මේ අවුවට වේලුනොත් මගේ මේ සුදුවට තියෙන සිනිදු හම කලුවෙනව තමයි කල්පනා කල මා කුඩය ඉහලා ගත්තෙමි....නිමන්තිගේ නිවසට යනවිට ඇය නිවසේ සිටියාය.....අපි අසලට පැමිනි නිමන්තිගේ මව.....දුවේ....... නිමන්තිගෙ තාත්ත කිව්ව....ඔයාලගෙ රිසාල්ට් වල හැටියට කොළඹ හොද ඉස්කෝලෙකට යන්න පුලුවන් කියල....ඔන්න ඉල්ලුම් පත්‍ර කිහිපයකුත් ගෙනාව....දුවත් පුරවල දෙන්න....මට පාසැල් වල නම් සමග ඉල්ලුම් පත් කිහිපයක් දුන්නාය.....අපි දෙන්නටම එකම ඉස්කොලෙකටම යන්න පුලුවන් වුනොත් ශෝක් නේද චතූ....නිමන්තී කීවාය.
නිමන්ති මම මේ ඔයාව හොයාගෙන ආවෙ පොඩි උදවුවක් ඉල්ලගන්න..මා ඇගේ ඇදෙන් වාඩිවී කීවිට.....මොකක්ද අනේ ඕනැ එකක් කියන්නකෝ..ඇය මගේ අසලින් වාඩිවී. මගේ අතින් අල්ලා ඇසුවාය....මට ඉක්මනට සුරන්ජිත් අයිය හම්බවෙන්න ඕනැ අනේ....මා කීවෙමි....ඒ මොකටද ....පුදුමයෙන් ඇසූ ඇය......එයා ඔයාව ගනන්වත් ගන්නෙ නෑ නේද..... ඇසුවාය....එයා මාව ගනන් ගන්නෙ නැති එක සාධාරණයි....ඒකට වැරැද්ද මගෙ අතේ....මා කීවිට.....ඒ මොකක්ද....ඇය ඇසුවාය......මම මේක ඔයාලට කිව්වෙ නැතිවුනාට.....මම එයාට පොරොන්දුවක් උනා...මා කීවිට.....අම්මෝ අපිටත් හොරෙන් මෙයා ගිහින් තියෙන දුර.....ඇය මට විහිලු කරන්ටවිය.....එහෙම එකක් නෙවෙයි අනේ....මා කීවිට.....එහෙනම් මොකක්ද ....ඇය ඇසුවාය......එදා කතරගමදි එයා මගෙන් ඇහුව කැමතිද කියල.....මම මොකුත් කිව්වෙ නෑ.....ඊට පස්සෙ නුවර එලියෙදිත් ඇහුව...මම මොකුත් කියන්නෙ නැතුව ඉදල ....අන්තිම දවසෙ කිව්ව විභාගෙන් පස්සෙ මොකක් හරි උත්තරයක් කියන්නම් කියල......මා මෙතෙක් කල් සගවාගෙන සිටි විස්තර ඇයට කීවෙමි....එහෙමනම් ඉතින් සුරන්ජිත් ඔයාව ගනන් ගන්නෙ නැතුව හිටපු එක සාධාරණයි.....කී ඇය....දැන් මොකක්ද කියන්න යන්නෙ......ආයෙත් බෑ කියන්නද....ඒවගෙ මනුස්සයෙකුට බෑකියන කෙල්ල ඉතින් කේප්ප වැස්සියෙක්ම තමා..ඊටවඩා හොදයි උම්බෑ කියකියා තණකොළ කනව.....ඇය පැවසුවාය.....බෑ කියන්න නෙවෙයි අනේ....දැන් මම විභාගෙන් පාස්වුනානෙ....ඒ හින්ද......මා කියනවිටම.....අයි ලවු යූ....කියන්න....ඇය සිනාසෙමින් ඉතුරුටික පිරෙවුවාය.....නෑ අනේ...මා ලැජ්ජාවෙන් කීවිට......මම ඔයාට ගොඩාක් ආදරෙයි කියන්න.....ඇය නැවත කීවාය....නෑ අනේ..... ඔයා ඉතින් මට කියන්න දෙන්නෙ නෑනෙ.....මා කීවෙමි.....ඉතින් මොකක්ද... ......හා ....කියන්න....මා පැවසූ විට....හයියෙන් සිනාසුනු ඇය....ඉතින් මෝඩියේ ඔය හා කියන වචනෙ ඇතුලෙමනෙ...අයි ලවු යූ කියන එකයි මම ඔයාට ආදරෙයි කියන එකයි දෙකම තියෙන්නේ.....මගේ කන සෙමින් මිරිකමින් කීවාය......ඒක නෙවෙයි නිමන්ති දැන් අපි සුරන්ජිත් අයියව හම්බවෙන්නෙ කොහොමද......මා ඇසුවෙමි.....දෙන්න එක්ක යමුද.....ඇය එක වරම ඇසුවාය.....මම වාහනේ ගිහින් තිබුනට එහාට යන පාර දන්නෙ නෑ අනේ.....මා කීවෙමි......අපි අම්මගෙන් අහගම්මු අම්මනම් දන්නව ඇති.....ඇය කීවාය....එපා අනේ මේව අම්මලට කියන්න පුලුවන්ද ....මා එයට විරුද්ධවුනෙමි.....එහෙනම් අපි මොකද කරන්නෙ... ඇය කල්පනා කරමින් ඇසුවාය.....එයාල විභාග ප්‍රතිඵල ආව කියල දන්නව ඇති කොයිවෙලාවෙ හරි අක්කයි අම්මයි මගේ ප්‍රතිඵල අහගන්න එයි....ඒ ආපුවහම ම්ම එහෙට යනව....මා කීවෙමි.......එයාල ඔක්කොම දන්නව....ඇය කීවාය.....ඒ කොහොමද මා පුදුමයෙන් ඇසුවෙමි.....අපේ තාත්ත කියල....එහෙනම් දැම්ම එන එකක් නෑ.....මා කීවෙමි......සුබපතන්න එයි....ඇය කීවාය.....කවද එයිද දන්නෙ නෑ අනේ...... මට ඉක්මනටම සුරන්ජිත් අයියව හම්බවෙන්න ඕනෙ......මා කීවිට.....ආ දැන් කෙල්ලගෙ ලවු සික් එක ඉහලටම ගහල වගේ....පැවසූ ඇය..මට කියන්න බැරිවුනානෙ පෙරෙයිද..අජිත් නම් ඇවිල්ල මට සුබපතල ගියා.....ඔයාටත් සුබපැතුව කියන්න කිව්ව...නිමන්තී පැවසුවාය.....එයා තනියමද ආවෙ....මා ඇසුවේ සුරන්ජිත් පැමිනියාදැයි දැනගැනීම සදහාය....නෑ යාලුවෙකුත් එක්ක ආවෙ....අය කීවාය....කවුද යාලුව....මා ඇසුවෙමි.....ටිකක් කල්පනා කල ඇය.....ඔයාගෙ හිත නරක් වෙයි කියල කිව්වෙ නෑ.....සුරන්ජිත් එක්ක ආවෙ.....ඇය දුකින් මෙන් කීවාය. ......කමක් නෑ නිමන්ති මගෙනෙ වැරැද්ද.....මට ඒ වැරැද්ද ඉක්මනටම හදාගන්න ඕනැ.....මා හැගුම් බරව පැවසුවෙමි.
No comments:
Post a Comment