ආත් අම්මාගේ පාඩම 95.....................පසුදින මට පාසැල් යෑම සඳහා ගැගැනු නිල ඇදුමක් තිබුනේ නැත. නිමන්තිට තිබුනත් ඒවා ඉල්ලූවිට ගැටලු ඇතිවෙන බව කල්පනා කලෙමි. මා පාසැලෙන් අස්වීමට යන නිසා නිල ඇදුම ගැටලුවක් නොවනබව කල්පනා කලෙමි. මේ නිසා සුදු පැහැයට හුරු චාම් ගවුමක් තෝරාගත්තෙමි. පසුදින උදෑසන එම ගවුම ඇදගත් මා කොන්ඩය එක් කරලකට ගොතාගත්තෙමි. මේ වනවිට මට කොන්ඩය ගෙතීමට සහ වෙන්ත් මෝස්තර දැමීමට හොද පුරුද්දක් තිබුනි. සියල්ල ඇද පැලද ගත් මා අතේ ගෙනයන කාන්තා පර්ස් එක අතට ගෙන කට්ටඩි මහතා දුන් කුඩා තෙල් කුප්පිය එය තුලට දාගත්තෙමි. ආත් අම්මා ගේ කාමරය තුලට යන විට ඇය සාරියකින් සැරසී සිටියාය. ඉස්කෝලෙට යන කොට වැදගත් විදියට යන්න ඕනැනෙ දුව. ඇය පැරනි මුතු මාලයක් ගෙලේ බදිමින් කීවාය. පෑසැලට වැඩිදුරක් නොමැති නිසා පයින්ම ගියෙමු....කට්ටඩි මහත්තය කිව්ව විදියට වැඩේ සිද්දවෙලා තිබුනොත් අපේ වෙලාව හොදයි....පාසැල පෙනෙන මානයට යනවිට ආත් අම්මා කීවාය. කටඩි අන්කල් කෙසේ පැවසුවද මා තුලද මේ සම්බන්ධව යම් චකිතයක් ඇතිවිය. චතුරිකා කියන කෙනෙක් මෙහෙ නෑ කියල කිව්වොත් ආපහු එන එකයි ඇත්තෙ.....මා සිතාගත්තෙමි..... නොගිය ඉස්කෝලෙකට නම හොයන්න ආපු හින්ද මේකෙල්ලගෙ ඔලුව හොද නෑ කියයි.....මොනව කරන්නද එහෙමවත් අහගෙන ගෙදර යනවා.....සිතමින් පාසැලේ කාර්යාලය තුලට ගියෙමි.....ලොකු සර් හම්බවෙන්නද..... මා සමග සුහදව සිනාසුනු ලිපිකාර අක්කා මගෙන් ඇසුවාය.....මා නිමල් ලෙස ඇයව හොදින් හදුනන නමුත් චතුරිකා ලෙස කිසිම දැන හැදුනුම් කමක් නැත....ලොකු සර් පොඩ්ඩක් එහාට ගියා දැන් එයි.....එතකන් වාඩිවෙලා ඉන්න......ඇය කීවාය....අපි එතැන තිබුනු පුටු වලින් වාඩිවුනෙමු.....ඇයි නංගි අස්වෙන්නද.....ඇය වැඩකරන ගමන් ඇසුවාය....ඔව් අක්කෙ....මා පිලිතුරු දුන්නෙමි.....ඔයයි නන්දනයි නේද මේ සැරේ මේ ඉස්කෝලෙ හොදම රිසල්ට්......... හොදම ප්‍රතිඵල තිබුනේ මටයි නන්දනටයි පමනි. ඇය එසේ අසන විට මගේ දෙලොව රත්විය. මාව ආයෙත් නිමල් වෙලාද.....මා කලබලයෙන් හිස අතගෑවෙමි.ගොතනලද කොන්ඩය එසේම තිබුනි. පපුව අතගෑවෙමි. වර්දනය වී ඇති පියයුරු වෙනසක් නොවී තිබුනි. අත් දෙක දෙස බැලුවෙමි. සිනිදු අත් සිනිදු ඇගිලි එසේමය......මාව නිමල් වෙලා නෑ....මම තාම චතුරිකා....නිමල්නෙ පාස්වුනේ මෙයා මම කියන්නෙ කොහොමද....කල්පනා කල මා ඇයට පිලිතුරු නොදී සැකයෙන් යුතුව සිහින් සිනාවක් පලකලෙමි. සුලු වෙලාවකින් ප්‍රධාන ගුරුතුමා පැමිනියේය. මගේ පපුව බිය පත්ව ඩික් ඩික් ගා ගැහෙන්ට විය. මා ප්රස් එක ඇර තෙල් කුප්පිය තිබෙනවාදැයි බැලුවෙමි.....දැන් ඉතින් තෙල් කුප්පියෙ පිහිට තමයි....බියපත්වූ මා සිතුවෙමි.....මොකද ඔය ලමයත් මෙහෙන් යන්නද....මා දෙස බලා ඇසුවේය.....ඔව් සර්....මා බිය සගවාගෙන බැගෑපත්ව පැවසුවෙමි.....ඔය ලමයි මේ ඉස්කෝලෙට සම්පත්..... හොදට පාස්වුන අය මෙහෙන් යන එක ඉස්කෝලෙට සෑහෙන පාඩුවක්.....නන්දනයි ඔය ලමයයි තමයි.....අපේ ඉස්කෝලෙ මේ සැරේ හොදම ප්‍රතිඵල තියෙන්නෙ.....අපි කැමතියි ඔය ලමයි මේ ඉස්කෝලෙම තියාගන්න......ඒත් ඉතින් ඔය ලමයින්ගෙ කැමත්තනෙ......අක මැත්තෙන් තියාගත්තොත්....ඔය ලමයි කවද හරි ඉස්කෝලෙටයි අපිටයි වෛරකරයි ඒ හින්ද අකමැත්තෙන් උනත් අස්වීමේ සහතිකේ දෙන්නම්.....කී ඔහු මේසය මත තිබුනු සීනුව නාද කර ලිපිකාරිනිය කැදෙවුවාය...... මේ දුවගෙ අස්වීමේ සහතිකේ හරිගස්සල දෙන්න.....කීවේය.....එන්න නංගි කී ඇය මාව ඇගේ මේසය අසලට කැදෙවුවාය......දැන් මට නම කියන්න වෙන්නෙ චතුරිකා කියල එහෙම නමක් තියෙනවද දන්නෙ නැ....මා කල්පනා කරමින් සිටිනවිට.....අපේ පන්තියේ පැමිනීමේ සටහන් පොත පෙරලාගත් ඇය.....මගේ නම සොයන්ට විය. ඇය එය සෙවුවේ පිරිමි ලමුන්ගේ නම් ගොඩේ නොව ගැහැනු ලමුන්ගේ නම් ගොඩේය.....මේකෙ කොහේද චතුරිකා කියන නමක්..තියෙන්නෙ ..මා බියෙන් සහ චකිතයෙන් යුතුව බලා සිටියෙමි.....නම චතුරිකා නේද....එක් ස්ථානයකට ඇගිල්ල තබාගෙන ඇසුවාය......කේ. එම්. චතුරිකා සඳමාලී .....මා පුදුමයට පත්කරමින් ඇය කීවාය.....එහි තිබුනු ඇතුලත් වීමේ අන්කය බලාගත් ඇය මගේ ලිපිගොනුව සොයන්ට විය.....උපැන්න සහතිකෙත් මේවගෙ වෙනස් වෙලානම් වැඩේ හරි....මා කුතුහලයෙන් යුතුව බලා සිටියෙමි....හරිද දුවේ ආත් අම්ම මාව ලගට කැදවා ඇසුවාය....වැඩේ හරිවගේ ආත් අම්මේ මා සිනාසෙමින් කීවෙමි....ලිපිගොනුව ලග තබාගත් ඇය අස්වීමේ සහතිකය ලියන්ට විය.....නංගිගෙ අම්ම තාත්ත ආවෙ නැද්ද.....එය පුරවන අතරතුර ඇසුවාය.....මේ දුවගෙ අම්ම තාත්ත මෙයා පොඩිකාලෙම නැතිවුනා....මම තමයි බලාගන්නෙ.....ආත් අම්මා කීවාය.....සොරි නංගි ...අක්කා මගේ මුහුන දෙස අනුකම්පා සහගත ලෙස බලා කීවාය. සහතිකය සකස්කල ඇය එය ප්‍රධාන ගුරුතුමාට දුන්නාය එහි සීල් එකක් ගසා අත්සන් කල ඔහු සියලු ලියවිලි මා අතට දී කොහේ ගියත් හොදට ඉගෙන ගන්න....මට ආසීර්වාද කරමින් පැවසුවේය....මා ඔහුට වැඳ කාර්යාලයෙන් පිටවූයේ විශාල ධනයක් ලැබුනා සේ සතුටකිනි.......කට්ටඩි මහත්තය කරන වැඩක් වරදින්නෙ නෑ....අපි ගෙදරට පැමිනෙන අතර තුර ආත් අම්මා ඔහුගේ ගුන කියන්ට විය. මා කාමරයට ගිය වාහම උප්පැන්න සතිකය කියෙවුවෙමි.....ලමයාගේ නම......කීරවින්න මුදියන්සේලාගේ චතුරිකා සඳමාලී......ලිංගය....ගැහැනු......උපන්දිනය පැරනි උපන්දිනේමයි.....අම්මා තාත්තාගේ නම් පැරනි නම් මයි.....වෙනස් වෙලා තියෙන්නෙ....මගේ නමයි....ලිංගය සටහන් වෙලා තියෙන තැනයි විතරයි......මා උපැන්න සහතිකය පපුවට තදකරගෙන සතුටින් උඩපැන්නෙමි......මම දැන් කෙල්ලෙක් ඇත්තම කෙල්ලෙක්.....මට ලෝකයටම කෑගසා පැවසීමට සිතුනි..
No comments:
Post a Comment