ආත් අම්මාගේ පාඩම 99................... .....ඈ දුවේ ...ඔයාට නිකමටවත් හිතෙන්නෙ නැද්ද තිබුනු පිරිමි ජීවිතේ මීටවඩා හොදයි කියල......මා නැවත නිවසට ගිය පසු ආත් අම්මා මට තිබුනු පිරිමි ජීවිතය ගැන නැවත මතක් කරන්ට වූවාය.....පිරිමි ජීවිතේ.... ඒ මොකක්ද.....මට පිරිමි ජීවිතයක් මින් පෙර නොතිබුනාක් මෙන් ඇසුවෙමි....මා දෙස පුදුමයෙන් මෙන් බැලූ ඇය....දැන් ඔයාට නිමල් ගෙ ජීවිතේ අමතකම වුනාද....ඇසුවාය....මට එහෙම ජීවිතයක් තිබුනෙ නෑ ආත් අම්මෙ මම ගැහැණු ලමයෙක්නෙ මේ පේන්නෙ නැද්ද.....මා මගේ ගැහැනු රුව පෙන්වමින් කීවෙමි......කේන්තියෙන් මෙන් මා දෙස බැලූ ආත් අම්මා පොඩ්ඩක් හිටපන්කො මම උඹව ගැහැනියෙක්ද පිරිමියෙක්ද කියල පෙන්වන්න....මට ගස්සමින් ඇගේ කාමරය තුලට ගියාය..මා මගේ කාමරය තුලට ගියෙමි......මේ තියෙන්නෙ එදා ඇදගෙන හිටිය පිරිමි ඇදුම්.....මම ඒව ඔක්කොම අයින් කලේ නෑ..... ටිකක් තියාගත්ත පස්සෙ ඕනැවෙයි කියල....දැන් මේටික තියාගන්නව ඕව ඕනැවෙයි....මා දෙසට එම ඇදුම් ටික විසිකල ඈ කේන්තියෙන් පුපුරමින්....ආපසු ගියාය....ආත් අම්මට පිස්සුද මන්ද.... මම චතුරිකා විදියට මෙච්චර සතුටින් ඉන්නව.....එයා හදන්නෙ මාව පිරිමියෙක් කරල ආයෙත් ඒ නිරාවලට ඇදල දාන්න.....මා තරහෙන් යුතුව කල්පනා කලෙමි.....සුලු වෙලාවක් ගතවිය මාව පිම්බෙන්නාක් මෙන් දැනුනි....මා ඇදගෙන සිටි ගවුම ඇගට තදවන්ටවිය.....දිගු කොන්ඩය කෙටිවන බව පෙනුනි....සුලු මොහොතකින් මාව නැවත නිමල් බවට පත්වෙන බව තේරුනි....ගවුම ඇගට තදවීමෙන් තැනින් තැන පුපුරන්ට විය. එය දැන් හිසෙන් ගැලවීමට නොහැකි ලෙස තදවී තිබුනි. මා එය ගැලවීමට නොහැකි නිසා ඉරන්ට වුනෙමි. ඇදසිටි බ්රෙසියරය හක් වලින් කැඩී දෙපසට ගියේය. මා ගවුම ඉරමින් සිරුරින් අයින් කලෙමි......පියවුරු නොපෙනීගොස් පපුවේ තැනින් තැන කෙස් මතුවිය......මුහුන රලුවිය කකුල් දෙක අතර පුරුෂ ලිංගය මතුවූ බව එහි තිබුනු සැහැල්ලු බව නැතිවීයාමෙන් දැනගත්තෙමි....අත පය මහත්වී මස්පිඩු මතුවිය.....මා දැන් නිමල් බවට පත්වී හමාර බව දැන ගත්තෙමි.....මට දැන් කාන්තා ඇදුම් ඇදීමට නොහැක...මේ කලින් සිටි නිමල්මද කියා සැක හැර දැනගැනීම සදහා කැඩපත අසලට ගියෙමි.....ඇත්තටම මා නිමල් බව දුටුවෙමි.....මගේ කන පලදා සිටි රත්ත්‍රන් කරාබු දෙක එසේම තිබුනි.....මා පිරිමියෙකු වසයෙන් ඒවා පැලදීමට නොහැකි බැවින් ඒවා ඉවත් කලෙමි.....එහෙත් කන්පෙතිවල සිදුරු එසේම තිබුනි. මා ඇද සිටි කාන්තා යට ඇඳුම් ඉවත්කර ආත් අම්මා මා දෙසට විසිකල කලිසමක් සහ ටී සර්ටයක් ඇදගත්තෙමි....මේක නම් නිකම්ම සීද්දවුන දෙයක් නෙවෙයි..... ආත් අම්මම තමයි මට මේක කලේ.....මා තරහෙන් කල්පනා කලෙමි.....මේ වනවිට සවස දෙක වී ඇතිබව ඔරලෝසුවෙන් දුටුවෙමි.....මා නිමල් ලෙස ආත් අම්මා අසලට ගියෙමි.....ආ දැන් මතක් උනාද කොල්ලෙක්ද කෙල්ලෙක්ද කියල...හොදට මතක් වෙන්නත් එක්ක දැන් ඉතින් ඔය විදියටම හිටපන් ......ආතම්මා .මගේ පිරිමි රුව දෙස උඩසිට පහලට බලමින් කීවාය..ඇය මාව නැවත චතුරිකාබවට පත් නොකරන බව ඇගේ කතාවෙන් තේරුනි ...මට දැඩි කෝපයක් සමග බියක් දැනුනි.....මට මොනවා කරන්නදැයි සිතා ගැනීමට නොහැකිවිය .......ඔව් ආත් අම්මෙ මට දැන් මගෙ පරන ජීවිතේ හොදට මතකයි ......මම දැන් අර අහිංසක චතුරිකා නෙවෙයි....මම දැන් කොල්ලෙක්.....මම දැන් නිමල්....සැරෙන් පැවසූ මා.....මට දැන් ඉතින් මේ ගේ අස්සෙ ඉන්න බෑ....මට රුපියල් දාහක් ඕනැ...මා කීවෙමි.......මොකටද දාහක්.....ඇය ඇසුවාය.....මට පිලිම් එකක් බලන්න ඕනැ....මොනව හරි කන්න ඕනැ....මා එදා නිමල් ලෙස සිටි සමයේ මෙන් ඇයට කීවෙමි.....හරි හරි මේක අරන් පලයන් රුපියල් පන්සීයක් දිගුකර කීවාය....මේක මොනව කරන්නද දාහක් ඕනැ ....මා කීවෙමි....මා ලග ඔච්චරයි තියෙන්නෙ....ආත් අම්මා කීවාය.....ම්ට දාහක් ඕනැ දුන්නෙ නැත්නම්..... කී මා අසල තිබුනු පුටුවට පයින් ඇන්නෙමි...මගේ ශක්තිමත් පා පහරින් පුටුව විසිවී ගොස් බිත්තියේ වැදී කකුලක් කැඩුනි......මොනවද බන් කරන්නෙ.... ඉදා මේක අරන් ඕනැ දිහාක පල.....ඇය තවත් පන්සීයක් දුන්නාය.....ටැන්කිවු ආත් අම්මෙ කී මා එය රැගෙන එලියට ගියෙමි.....මට දැන් ඇසුරු කිරීමට යහලුවන් නොමැත....මේ නිසා බසයට නැග නගරය දෙසට ගියෙමි......සිනමා ශාලාවේ චිත්‍රපටයක් තිබුණි .මා ටිකෙට් රැගෙන ඇතුලට ගියත් මට තිබුනු මානසික තත්වය අනුව එය නැරබිම එපාවී තිබුනි....මා එය තුලට ගියේ කාලය ගෙවා ගැනීම සදහාය.....මට නිමන්ති මතක් විය....මගේ අම්මා අක්කා මතක් විය...ඔවුන් සමඟ ගතකල ඒ සුන්දර කාලය මතක් කලෙමි. මා යෙහෙලියන් සමඟ විහිලු කරමින් සිටි අයුරු සිහිකලෙමි.... ...මගේ දෑස්වල කදුලු පිරුනි....අදුර නිසා එය කාටවත් නොපෙනීම වාසනාවක් විය...චිත්‍රපටය අවසන් විය....මා සිනමා ශාලාවෙන් එලියට ආවේ තවත් රෑවෙන තුරු කාලය ගෙවා ගැනිමේ අදසිනි......අපේ නගරයේ මත් පැන් සාලාවක් තිබුනි මා එය තුලට ගොස් වාඩිවුනෙමි.....මොනවද සර් බොන්නෙ එහි වේටර් මගෙන් ඇසුවේය.....බියර් බෝතලේකුයි චිකන් බයිට් එකකුයි ගේනව.....මා කිවෙමි.....ඔහු එය ගෙනත් තැබූ පසු මා ටික ටික බෝතලය හිස් කලෙමි.....රාත්‍රී දහය පමනවිය.....මා මින් පෙර බියර් පානය කර තිබුනත් බෝතලයක් පානය කලේ අදය.....මා නැගිටින විට විසිවන්ටවිය...බිල ගෙවූ මා විසිවෙමින් එලියට ගියෙමි....ගෙදරට යෑමට බස් නොමැති බැවින්...කුලී වාහනයකට නැග ගත්තෙමි..මොකද මල්ලි වයසෙ හැටියට නෙවෙයිනෙ බීල තියෙන්නෙ....මා අමාරුවෙන් නගිනු දුටු රියදුරු අයියා කීවේය....අයියට ඒකෙන් වැඩක් නෑනෙ.... යමු....මා කීවෙමි... කොහාටද මල්ලි යන්නෙ....රියදුරු අයියා ඇසුවේය......ඉරිබේරිය වත්තෙ වත්ත ඇතුලෙ පරන ලොකු ගෙයක් තියෙන්නෙ එතැන.....මා කීවිට....අර සිසිලිනා ආච්චිගෙ ගෙදර නේද....ඔහු අපිව අදුනන ලෙස කීවේය .ඔව් කී මා ආසනයේ වාඩිවුනෙමි. .....ඇයි මල්ලි අම්මයි තාත්තයි නැති එකේ ඔයතරම් බොන්නෙ.....ඔහු යන අතරතුර ඇසුවේය ..මේ අයියෙ අනවශ්‍ය කතා නැතුව ඕක එලවනවනම් එලවනව නැත්නම් බෙල්ලෙන් ඇදල එලියට දාල මම එලවගෙන යනව....පැවසූ මා කෙලින් සිටීමට නොහැකිය ආසනයේ ඇලවුනෙමි .මේකට දැන් අවවාද කරන්න හොද වෙලාවක් නෙවෙයි....සෙමින් මිමිනූ ඔහු කතා නොමැතිව වාහනය පැදවීය .....ඔන්න මල්ලි බහින්න..... ගේ දොරකඩට පැමිනි ඔහු කීවේය.....මා අතේ තිබුනු සියලු මුදල් ඔහුට දුන්නෙමි.....මෙතැන වැඩියෙන් තියෙනව මල්ලි..ඔහු වැඩි මුදල් මට දික්කරමින් කීවේය.....ඕව ගන්න අයියෙ.... සල්ලි කොච්චර තිබුනත් වැඩිවෙන්නෙ නෑ...ඕව අපේ ආත් අම්මගෙ සල්ලි....කී මම....අයියට දුවෙක් හරි නංගි කෙනෙක් හරි ඉන්නවනම් ඕකෙන් ගවුමක් අරන්දෙන්න....කෙල්ලො හරි ආසයි ඇදුන් වලට....අපි වගේ අමන කොල්ලො වගේ නෙවෙයි කෙල්ලො හරිහොදයි.....කියමින් නිවසේ දොර දෙසට ගියෙමි. .....මා ගෙදරට යනවිට දොරවසා තිබුනි....මා දොරට වේගයෙන් ගසමින් ආත් අම්මාට කතාකලෙමි.....දොර ඇරිය ආත් අම්මා මා දෙස පුදුමයෙන් බැලුවාය.....මා වැනෙමින් ගේතුලට යනු දුටු ආත් අම්මා උඹ කවදාවත් නැතුව බීල නේද.....ඇසුවාය....සමාවෙන්න ආත් අම්මෙ හිතේ අමාරුවටත් එක්ක පොඩ්ඩක් බිව්ව....මා අපහසුවෙන් දෑත් එකතුකර ඇයට වදිමින් කීවෙමි.....පොඩ්ඩක් හොද පොඩ්ඩ....ඇය තරහෙන් කියනු ඇසුනි.....මට මතක ඇදේ ඇලවුනා පමනි.....ඇහැරෙන විට ඉර එලිය හොදින් වැටී තිබුනි.....
No comments:
Post a Comment