ආත් අම්මාගේ පාඩම 49...................අම්ම එහෙම කිව්වට ගෑණුන්ගෙ පින තියෙන්නෙ කුනු මුල්ලෙ කියල අහල නැද්ද?......අපිටත් පින් තියෙනවනම් එයාල කොයිතරම් දනවත් බලවත් උනත් ගැටලුවක් නෑ.....අම්මා අපි අසලින් ගියවිට නිමන්ති කීවාය......අනේ මන්ද...නිමන්ති.......මා සුසුමක් පිටකරමින් පැවසුවේ නිමන්තිට කෙසේ වෙතත් සුරන්ජිත් ලබා ගැනීමට තරම් පිනක් මට තිබේදැයි කල්පනා කරමිනි. කොල්ලෙක්ව කසාද බදින්න ඉස්සෙල්ල මාව ස්ථීර වශයෙන්ම කෙල්ලෙක් බවට පත්වෙන්න ඕනැනෙ...මා තව දුරටත් කල්පනාකලෙමි.
. මට නිමල් ලෙස කවදාවත් ගැහැණු ලමෙයෙකු කෙරෙහි ආදර හැගීමක් ඇති නොවුනද.....මා ඔව්න් දෙස බැලුවේ සහ කතාකලේ අමුතු කාමුක හැගීමක් හිත දරාගෙන බව සිහිවිය. මා පමනක් නොව මා ඇසුරු කල පිරිමි යහලුවන් සියලු දෙනාම එසේ අදහස් කල අය බව පෙනීගොස් තිබුනි. අපි කතාකලේද ගැහැනුන් සමග සමඟ විනෝද වෙන ආකාරය මිස ඔව්න් සමග ආදර සම්භන්ද ගොඩනගාගන්නා පිලිවෙල නොව. අපි සිතාගෙන සිටියේ ගැහැනුන් යනු අපේ සෙල්ලන් බඩු මිස අපි වැනි මනුස්සයෙන් නොවන බවය. පිරිමියෙකු වශයෙන් මා සිතාසිටි සියලුම මත වැරදි සහගත ලෙස දැනුනේ මටද ගැහැණු ලමයෙකු ජීවත් වීමට සිදුවූ පසුය. පිරිමින් යනු මහා ගලුගල් නම් ..ගැහැනුන් යනු වටිනා මැනික් ගල්ය...මහා කලුගල් ලෝකයට ප්රයෝජනවත් වූවද.......කුඩා මැනික්ගල වටිනාකමින් ඉහලය. ඒවා ප්රවේසම් කර තබාගතයුතු වස්තු වේ...මට ගැහැණු ලමුන් එසේ වටිනා මැනික් වැනියැයි කල්පනා වූ අතර දැනට මාවද එවැනි වටිනා මැනිකක් බවට පත්වී ඇති බව සිහිවිය.
අලුත් අවුරුද්ද උදාවීමත් සමග අපේ පාසැල් නිවාඩුව අවසන් වෙමින් පැවතුනි......ආත් අම්මා නැවත මගේ පාසැල් නිල ඇදුම් රාක්කය මත තබා තිබෙනු දුටුවෙමි....එහෙත් මා ඒවා එතැනින් ඉවත් කර කිසිවෙකුට නොපෙනෙන ස්තානයකින් තැබුවෙමි. කෝ දුවේ මෙතැනින් තිබ්බ ඔයාගෙ ඉස්කෝලෙ ඇදුම් ටික.....මගේ කාමරය තුලට පැමිනි ආතම්මා ඇසුවාය......ඒව නිමල්ගෙ ඇදුම්නෙ ආත් අම්මෙ.....මම ඒ ටික හංගල තිබ්බ .....මා කීවෙමි.....ඒ මොකද....පුදුමයෙන් ඇසූ ඇය ....නිමල් වෙන්නෙත් ඔයාමනෙ....... හෙට අනිද්ද ඉස්කෝලෙට අදින්න තියෙන ඒව නේද....ආත් අම්මා ප්රස්නකලාය.......බැරි වෙලාවත් නිමන්ති එහෙම මේ කාමරේට ආවොත් කාගෙද මේ පිරිමි ඇදුම් කියල අහයි ඒ හින්ද ඒව ටික හන්ගල තිබ්බ..ඇයට ඒවා තැබූ ස්ථානය පෙන්වා.... පිලිතුරු දුන්නෙමි....ඒකනම් ඇත්ත තමා.... කී ඇය..... එහෙනම් ඔය ටික මේ කාමරේ තියන්න එපා අනිත් කාමරේ තියන්න ඒකෙ කවුරුවත් නෑනෙ....ඒකෙ තියන්න.....ඇය ඒවා යාබද කාමරේ තබන ලෙස පැවසුවාය.....එහිද ඇදුම් තබන රාක්කයක් තිබුනු බැවුන් මා ඒවා එහි තැබුවෙමි.
හෙට උදේට ආයෙත් මාව නිමල් බවට පත්වෙයි......පාසෙල් පටන්ගන්න දිනට පෙර දින රාත්රී නයිට් ගැවුම අදින අතරතුර කල්පනා කලෙමි. පාන්දර අව්දිවූ මා පෙර කලාක් මෙන් ඇද සිටි නයිට් ගවුම ඉවත් කර නිමල් බවට පත්වනතුරු සිටියෙමි.....සිරුර මහත් වන්නාක් මෙන් දැනුනු විට මගේ වෙනස්වීම ආරම්භවී ඇතිබව තේරුම්ගත්තෙමි. මසක පමන කාලයක් එක දිගට තිබුනු පියයුරු යුගල බැලුමක හුලන්යන්නාක් මෙන් ක්රමයෙන් හැකිලෙන්ට විය....දෙපා අතර පෙදෙස ඉදිමෙනවාක් මෙන් දැනුනේ පුරුෂ ලිංගය පිටතට පැමිනීමට බව තේරුනි....දිගු කෙස් වැටිය නැවතත් කොටවිය.....මුහුනේ හම ගොරෝසුවිය......මා කැඩපටත අසලට ගොස් බැලූවිට රූමත් පෙනුමෙන් සිටි චතුරිකා අතුරුදහන්වී ඇති බව දුටු මට සියුම් දුකක් ඇතිවිය.....මාව නැවත රලු පෙනුමක් ඇති නිමල් බවට පත්වී තිබුනි.....මසක් පමන කාලයක් එක දිගට ගැහැනු ලමයෙකු ලෙස සිටි මට මෙම පිරිමි සිරුර අමුත්තක් ලෙස දැනෙන්ට විය......හමදාම ගැහැනු ලමයෙකු ලෙස ජීවත් වී එකවරම පිරිමි ලමයෙකු වූ විට ගැහැනු ලමයෙකු තුල ඇතිවන ලැජ්ජා සීලී හැගීමක්ද මා තුල ඇතිවිය.....මාව මුල් වරට ගැහැනු ලමයෙකු බවට පත්වූ විට එදා මා තුල ලැජ්ජා සීලී බවක් ඇතිවිය......අද මාව පිරිමි ලමයෙකු බවට පත්වුනාමත් ඇයි ඒවගෙ ලැජ්ජාවක් ඇතිවුනේ....මටම සිතාගත නොහැකිව කල්පනා කලෙමි. වැඩිවේලාවක් මෙම කර්කස කොල්ලා දෙස බලා සිටීමට අකමැති වූ බැවින් වෙනදා මෙන් හිනවටා සාලුව ඔතාගෙන නාන කාමරය දෙසට ගියෙමි.....මාව දුටු ආතම්මා සිහින් සිනාවක් පලකල අයුරු දුටු මගේ ලැජ්ජාව තවත් වැඩිවිය.....මා කලකින් කලිසම් කමිස අදින විට ඒවාද අමුතු ඇදුම් ලෙස දැනෙන්ට විය.....පොඩ්ඩක් පුරුදු වෙනකොට හරියයි............. මා කල්පනා කලෙමි. මා පාසැල් ගියේද වෙනදා පාසැල් යනනිමල් ලෙස නොවන බව වැටහුනේ පාරේ ගමන් කරන අතර තුරදීය.....ඇයි මම චතුරිකා වගේ බිම බලාගෙන යන්නෙ මම දැන් කොල්ලෙක් නෙ..............සිතූ මා..එකවර වටපිට බැලූවෙමි. ...චතුරිකා වගේ ඉදල හරියන්නෙ නෑ ඉස්සර හිටිය කොල්ල වගේ ඉන්න උත්සාහකරන්න ඕනැ.....පන්තියට ගියමා කල්පනා කලෙමි.
උඹව නිවාඩු කාලෙ දැක්කෙවත් නෑනෙ....රන්ජිත් ඇසුවේය.....ආත් අම්ම මාව කොත්මලේ අපේ මාමගෙ ගෙදරට ඇරිය බන්....මෙහෙ හිටියොත් උඹල එක්ක ආයෙත් රස්තියාදු ගහයි කියල.....මා කීවෙමි.....ඔහු ඉන්පසු කිසිවක් කීවේ නැත.....රංචු ගැසී විහිලුතහලු කරමින් සිනහසෙන ගැහැනු ලමුන් දුටු මට මාව නැවත පිරිමි ලමයෙකු බවට පත්වීම ගැන දුකක් ඇතිවිය.....මාවත් දිගටම කෙල්ලෙක් උනානම් මාත් ඉන්නෙ මෙයාලගෙ ගොඩේනෙ......සිතූ මට නැවත ගෙදර ගොස් චතුරිකා බවට පත්වනතුරු ඉවසීමක් නොමැතිවිය.
No comments:
Post a Comment